අද බුදු දහම වල් වැදිල..
ඒක ප්‍රචාරය කරන්න ඉන්න උදවිය ඊට එහා රාජකාරියකට බැහැලා කඩි මුඩියේ කසාවත් කරට අරන් වේදිකාවල එක එක දේශපාලුවා වෙනුවෙන් ජනතාව අතර වයිරය..ක්‍රෝධය පතුරුවමින් බෙන්ස් කාර්වල යමින් සුර සැප භුක්ති විඳිනවා....
බණක් අහන්න කෙනෙක් පංසල්වල බෙහෙතකටවත් හොයා ගන්න නෑ..ඇයි ඔක්කොම කටවල් ඇරගෙන අපේ පින්බිමේ රූප පෙට්ටිය ඉස්සරහට වෙලා අත්පුඩි තලමින් විසිල් ගහමින් ජන්ද බණ අහනවා...
බණක් කියන්න හාමුදුරුකෙනෙක් හොයාගන්නත් අමාරුයි...මොකද ඒ ගොල්ලොත් එක්තරා විදිහක ධර්ම චාරිකාවක වැඩලා ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් මන්ත්‍රීතුමා එක්ක ගමක් ගමක් ගානේ... ගෙයක් ගෙයක් ගානේ...
බුදුන් වැඩි දේශයකට ගිය කල....
කාලීන අන්තර්ගතයකින් ජනතාව පිබිදීම ගැන හා ඔවුන්ට අඩු තරමින් අපි බොද්ධයෝ නේද මේ මරාගන්නේ කියල හිතන්න පෙලඹවීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...
දිගටම මෙවැනි දෑ ලියන්න...මෙය ජනතාවගේ ඇස්, කන් ඇරවිය යුතු හා පපුවලට තට්ටු කොට කථා කල යුතු කාලයයි...
මල්ලිට ජය!!