මෙන්න තව දෙකක්:
1. ලොතරැය්යක පළවෙනි තෑග්ග ලෙස ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් හරමානිස්ට උදාවිය. ඕස්ට්‍රේලියාවෙන් ෆ්‍රිජ් එකක් ගත් හෙතෙම එහි නිලධාරීන්ට යාප්පු වී කෙසේ හෝ ෆ්‍රිජ් එක ගුවන් යානයේ මගීන් ගමන් ගන්නා කොටසට දමා ගත්තේය. බහිනවිට ගැනීමේ පහසුවට දොර අසලින් ෆ්‍රිජ් එක තබා හරමානිස් තම පුටුවට වී එදෙස ඇහැ ගහගෙන සිටී.
එහා මෙහා යන ගුවන් සේවිකාවන්ට මෙය මහත් ඉසරදයක් විය. තුන් හතරවරක් කකුලේ හැප්පුණවිට තවත් තරහව ඉවසාගත නුහුණු සේවිකාවක් ක්ෂණික පියවරක් මගින් ෆ්‍රිජ් එකේ කරදරයෙන් යානය නිදහස් කළාය.
මොකද එයා කළේ?
2. සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ සුදු වැලි මත පා තබමින් මුදු රළ රස විඳිමින් විවේක සුවයෙන් සිටි වයස 32ක් පමණ වූ නීරෝගී අමෙරිකන් ජාතිකයෙක් හිටි අඩියේ මැරී වැටුණි.
මරණයට හේතුව කුමක්ද?