The Story of Jesus Must Watch

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිරාජ් මේ පෝස්ට් කරලා තියෙන මේ වීඩියෝ එකේ තියෙන දේ සිංහලෙන් මෙහෙමයි.

===================================================



පුරාණ ඊජිත්තු ශිෂ්ඨාචාරය දේව වන්දනාව ඉතා බහුලව සිදු වූ තැනකි. එහි ආරම්භය ක්‍රි.පූ 3150 තරම් ඈත අතීතය දක්වා දිවයයි. පුදුමයකට මෙන් පුරාණ ජ්‍යොතිෂ්‍යයේ ආරම්භය ද සනිටුහන් වන්නේ එම කාලයේ ය. ඊජිත්තු මිථ්‍යා කතා වලට අනුව එහි හිරු දෙවියා "හෝරස්" නම් වේ. හෝරස්ගේ ප්‍රධාන විරුද්ධවාදියා සෙට් (Set) ය. සෙට් යනු අන්ධකාරයයි. මිථ්‍යා කතා ලෝකයේ අද්විතීයම අරගලය වන්නේ ආලෝකය (හිරු) ට එරෙහිව අන්ධකාරය, නැතහොත් හොඳ ට එරෙහිව නරක යි. මේ අනුව "හෝරස්" නියෝජනය කරන්නේ යහපතයි. හෝරස්ගේ චරිතයේ එන වැදගත් ලක්ෂණ කිහිපයක් මෙසේ ය.

  1. කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි.
  2. උපත ලබන්නේ දෙසැම්බර් 25ට අනුරූප දිනකදී ය.
  3. ඔහු උපත ලබන මොහොතේ නැගෙනහිර අහසේ දීප්තිමත් තරුවක් පායා තිබුණේය.
  4. උපත ලැබූ විගස රජවරු තිදෙනෙක් පැමිණ ඔහුට සත්කාර කළෝය.
  5. අවුරුදු 12ක් වන විට ඔහු ගුරුවරයෙකි.
  6. වයස 30 දී ඔහු ශුද්ධ වූ තත්ත්වයට පැමිණිනි (Baptized).
  7. ප්‍රධාන අනුගාමිකයන් ගණන 12කි.
  8. ජීවිත කාලය මුළුල්ලේ විශාල වශයෙන් අරුම පුදුම දෑ (මායා බලයෙන් ලෙඩ සුවකිරීම වැනි) කළේය.
  9. පාවාදීමකින් අනතුරුව කුරුසියේ තබා ඇණ ගසන ලදී (Crucified).
  10. මරණයෙන් අනතුරුව නැවත නැගිට සිටියේ ය (Resurrected).

මිථ්‍යා කතා වල ලක්ෂණයක් වන විවිධ අර්ථදැක්වීම් පැවතීම මෙහිදී ද දක්නට ලැබුණද ඉහත අවස්ථා, "හෝරස්"ගේ ජීවිතයේ සන්ධිස්ථාන ලෙස ගැනේ. මේ ලැයිස්තුව කියවාගෙන යන විට ඔබට මතක් වන්නේ කුමක්ද? වැරදීමකින් තොරවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. පුදුමයකට මෙන් මෙම සමානතාවන් හෝරස්ගේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයන්ට පමණක් සීමා නොවේ. ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන "ඇටිස්" නැමැති දෙවියා (ක්‍රි.පූ 1200), ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවිඳුන් (ක්‍රි.පූ. 900), ග්‍රීසියේ ඩයනයිසිස් (ක්‍රි.පූ.500), පර්සියාවේ මිත්‍රා (ක්‍රි.පූ 1200) යන චරිත ද මේවාට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වයි. නමුත් ඒ සියල්ලේ පොදු මූලය නම් ඊජිත්තුවේ "හෝරස්" ය.

දැන් මතුවන ගැටලුව නම් මේ සියල්ල මෙසේ සමානකමක් දැරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අරුම පුදුම සිදුවීම් අනුපිළිවෙලේ මේ තරමට තිබෙන වැදගත්කම කුමක්ද?

පුදුමයකට මෙන් ඊට හේතුව සැඟවී තිබෙන්නේ සූර්යයාගේ චලිතය තුළයි. තවත් සැකෙවින් කිවහොත් ජ්‍යොතිශාස්ත්‍රය තුළයි. ජ්‍යොතිෂ්‍යය යනු මුලුමනින්ම සූර්යයා හා ඒ වටා පිහිටි ග්‍රහයන්ගේ චලිතය මත පදනම් වූ සිද්ධාන්තයකි (සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්!). ඊජිත්තු ශිෂ්ඨාචාරය ජනිත වී හෝරස් චරිතය බිහිවන විට ඊජිත්තු ජ්‍යොතිශාස්ත්‍රඥයන් (නැතහොත් තාරකා විද්‍යාඥයන්. එම කාලය වනවිට ජ්‍යොතිශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු එකකි) අහස නිරීක්ෂණය කරමින් අගනා අධ්‍යයනයක නිරත වී සිටියහ. ඒ අනුව ඔවුනට සූර්යයාගේ හා ග්‍රහ චලිතයේ අපූරු සබඳතා රැසක් හඳුනාගත හැකිවිය.

ඔවුන් "හෝරස්" චරිතයට පණ පෙව්වේ එම ලක්ෂණ සියල්ල අන්තර්ගත කරමිනි. එනම් මෙසේ ය.

  1. ඉපදෙන මොහොතේ (දෙසැම්බර් 25) නැගෙනහිර අහසේ ඇති දීප්තිමත් තරුවක් දිස්වේ. තරුව "සීරියස්" ය. සීරියස් (Sirius) යනු අපේ අහසේ දක්නට ලැබෙන දීප්තිමත්ම තරුවයි.
  2. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.
  3. දෙසැම්බර් 25 වන දින මෙම තරු 4 ඔස්සේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලාගෙන ගිය විට ක්ෂිතිජය ඡේදනය වන ලක්ෂ්‍යය එම දිනයේ හිරු උදාවන ස්ථානයයි. රජවරුන් තිදෙනා හිරු (ජේසු බිළිඳා) සොයා එන්නේ යැයි කියන්නේ මේ නිසා ය.
  4. මේ මොහොතේ අහසේ ඇති තවත් වැදගත් රාශියක් නම් කන්‍යාවක් නිරූපණය කරන කන්‍යා (Virgo) රාශියයි. Virgo යන පදයේ තවත් අර්ථයක් නම් House of Bread ය. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම් නගරයේ තවත් අර්ථයක් ද House of Bread ය. මේරි මව් තුමිය බෙත්ලෙහෙමේදී ජේසු බිළිඳාට උපත ලබාදෙන්නේ ඒ අනුවයි.
  5. සිසිර නිවෘත්තිය (Winter Solstice) එළඹෙන්නේ දෙසැම්බර් 21-22 යන දින දෙක තුළ ය. මෙසේ එළඹුණු සිසිර නිවෘත්තිය සමඟ ඉතා වැදගත් සංසිද්ධියක් දකුණුදිග අහසේ සිදුවේ. මාස 6ක් තිස්සේ අහසේ දකුණු දෙසට ගමන් කරමින් පැවති සූර්යයා නැවතත් උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. නමුත් ඒ එක වරම නොවේ. දෙසැම්බර් 22-23-24 යන දින තුනේ දකුණු කුරුසිය (Crux හෙවත් Southern Cross) තරු රාශිය ආශ්‍රිතව නිසලව මෙන් (දෘෂ්ටි මායාවක් පමණි) පැවතී දෙසැම්බර් 25 වන දින නැවතත් අහසේ උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. ක්‍රිස්තුස් වසන්සේ "කුරුසියේ" දී මියගොස් දින 3කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි. මරණයෙන් නැගිටීම නැතහොත් සූර්යයා නැවත ඉහළට ගමන් කිරීම ඇරඹීම වසන්තයේ හෙවත් සෞභාග්‍යයේ ඇරඹුම සනිටුහන් කරයි.
  6. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සැබැවින්ම සිදුවන්නේ දෙසැම්බර් මාසයේ නොව මාර්තු මාසය ආශ්‍රිතව ය. මන්ද සැබැවින්ම වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු 21 නිසා ය. එම නිසා එම දිනය ආශ්‍රිතව Easter සමරනු ලැබේ. සශ්‍රීකත්වයේ උදාව තෙක් මරණයෙන් නැගිටීම පසුපසට ගෙන ඇත්තේ එබැවිනි.
ලිව්වේ-චමිත
 
Last edited:
  • Like
Reactions: llrajitha

suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    hey siraj,being a die hard muslim,why are you so much concerned about jesus...:oo:????i know for many catholics,jesus "IS" God(infact the son of God)....so what's you problem??why do you take so much tension about it:baffled:...this attitude of muslims cause their own religion to be insulted by others......:nerd::dull:
     
    මෙහෙම බැලුවම බුදු බණේ කියවෙන උප්පාද-ඨිති-භංග කියන චක්‍රය සනාථ වෙනවා නේ?කල්ප ගනනක් පවතින මේ හිරු ඇතුළු සියළු ග්‍රහ වස්තූන් සහ ජීවීන් සියල්ලම නැවත නැවතත් ඉපදීම පැවතීම විනාශය යන ධර්මතාවයට ගොදුරු වෙනවා.අනාත්ම ලක්ෂණ හැර.
    බුදුවරුන්ද ඒ ඒ යුගවල නොනැවතීම පහළ වෙනවා.අනෙකුත් සාමාන්‍ය ආගමික නායකයින් ලෙස ගැනෙන අයත් එහෙමයි.මුස්ලිම් ආගමේ නායකයා ගැන පමණක් වෙනස් මතයක්ද?
    ජේසුතුමා යනු යුගයක මිනිසෙක්(ගාන්ධි වැනි)කියන මතය සනාථ වෙලා තියෙන්නේ.

    (කිසි ආගමකට ගැරහීමේ චේතනාවක් නැත.මට හැඟෙන දේ පමණි)
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මෙහෙම බැලුවම බුදු බණේ කියවෙන උප්පාද-ඨිති-භංග කියන චක්‍රය සනාථ වෙනවා නේ?කල්ප ගනනක් පවතින මේ හිරු ඇතුළු සියළු ග්‍රහ වස්තූන් සහ ජීවීන් සියල්ලම නැවත නැවතත් ඉපදීම පැවතීම විනාශය යන ධර්මතාවයට ගොදුරු වෙනවා.අනාත්ම ලක්ෂණ හැර.
    බුදුවරුන්ද ඒ ඒ යුගවල නොනැවතීම පහළ වෙනවා.අනෙකුත් සාමාන්‍ය ආගමික නායකයින් ලෙස ගැනෙන අයත් එහෙමයි.මුස්ලිම් ආගමේ නායකයා ගැන පමණක් වෙනස් මතයක්ද?
    ජේසුතුමා යනු යුගයක මිනිසෙක්(ගාන්ධි වැනි)කියන මතය සනාථ වෙලා තියෙන්නේ.

    (කිසි ආගමකට ගැරහීමේ චේතනාවක් නැත.මට හැඟෙන දේ පමණි)

    මුහම්මද් නබි(PBUH) කියන්නේ අපේ ආගමට අනුව පහල වුන අවසාන ශාස්තෲවරයා
    ජේසු කියන්නෙත් අපේ ආගමික ශාස්තෘවරයෙක්, අපි කියන්නේ නබි ඊසා(PBUH) කියලා
    මෝසස්(PBUH) කියන්නෙත් ජේසු(PBUH) ට කලින් මෙලොවට පහල වුන කෙනෙක් අපි කියන්නේ නබි මූසා(PBUH) කියලා.
    තව ගොඩක් අය ඉන්නවා

    මේ හැමෝම එයාලව දෙවියන් වහන්සේ වශයෙන් හදුන්වා ගත්තේ නැහැ, නමුත් දෙවියන් විසින් එවනු ලැබූ බවටයි ප්‍රකාශ කලේ, බයිබලයට අනුව ලෝක ව්නාශය ලං වෙනකොට ජේසු තුමන්ගේ පැමිනීම ගැන සඳන් වෙලා තියෙනවා ඒ වගේම අපේ අල්-කුරාණයෙත් ඒක තියෙනවා.

    හුඟක් අය මේ ආගම් වල තියෙන වෙනස් කම් ගැන කථා කරනවා ඇරෙන්න තියෙන සමාන කම් ගැන කථා කරන්නේ නැහැ, ඒකයි මෙතන තියෙන එකම අවුල:)


    එළුවා සහෝදරයා ගේ පැහැදිලි කිරීම නෙමෙයි වීඩීයෝ එකේ තියෙන්නේ, පුළුවන් නම් එඩිට් කරන්න:)