විවාහය...

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ස්තූතියි අයියේ !මේකෙ ටිකක් දිගක් පලලක් තියෙන කතාවක් තියෙනවා. පස්සෙ හිමින් සැරේ කල්පනා කරලා බලන්නකෝ..."පැන්සල තහනම් කරමි" නියම කතාව අයියේ...

ඒ හින්දා තමයි උත්තර නොලිව්වෙ, අදහස් වලින් විභාගාපේක්ෂකයින් නොමග යාම වලකන්න.

පැන්සල තහනම් කලේ මනාප වෙන්ස්වීම වලකන්න!

නිර්මාණාත්මකව හා හරයක් සේ ඉතා අගේය.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේකෙ සැඟවුණු ඉතා වැදගත් අරුතක් මට නම් පේනවා. දෙවෙනි වාක්‍යයේ ලියන්න ඕනි වචන පළමු වාක්‍යයේ ලියන සමහරුන්ට මේක හොඳ අවවාදයක් කියලයි මට හිතෙන්නේ. අපූරු අදහසක් මල්ලි...

    අයියා කියලා තියෙනවා වගේ දෙයකුත් මම මේ නිර්මාණයෙන් කියන්න අදහස් කලා අයියේ.. අපේ අය හුග දෙනෙක් වචන වරද්දගෙන ඊට පස්සෙ වැඩ වරද්දගෙන අන්තිමේදි අතරමං වෙනවා..

    ස්තූතියි අයියේ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටිකක් වෙලා කල්පනා කලා ඒත් ඒ ප්‍රශ්නයම මම දැනට අත අරිනවා.කනා ගහල වරද්ද ගන්න බැරි හින්දා...

    මොනව වුනත් අදහස නම් එල....මේව ඉතින් මින්දද උත්තර හොයල දිය යුතු ප්‍රශ්න තමයි.:lol::lol:

    ඔව් මචන්.. නිසි වයසට මම ගානට වැඩේ කරලා දෙන්නම්කො...:lol::lol:

    හැබැයි මචන් එතකන් කණා ගහන්නනම් යන්න එපා....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    නිවැරදි පිළිතුර දුන්ණොත් මොනවද දෙන්නෙ.

    මම නම් හිතන්නෙ 1

    ජීවිතයේ අලුත් පිටුවක් පෙරලීමට අවසර ලැබෙනවා.
    ජීවිතයේ නැවත ඉපදීමකට අවසර ලැබෙනවා.
    උතුම් මව් පදවිය, පිය පදවිය ලබන්න අවසර ලැබෙනවා.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවසර දෙන....
    ඔන්න ඉරක් ගැහුවා යටින්
    වීවාහය අවසරයක් තමයි
    එය බල කීරිමක් හෝ මතක් කිරිමක්
    නොවිය යුතුයි..එවිට එය හිතට වදයක් හෝ කරදරයක්
    වෙනවා... විවාහය විදින්න විදවන්න එපා :D;)

    ස්තූතියි සහෝ අදහසට.. ඔයා හැමදාමත් මගේ නිර්මාන රස විදින්නෙක්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හ්ම්ම්.....ජීවිතයේ එක් පරිජේදයක් අවසන් කරලා තවත් පරිජේදයක් ආරම්භ කරන්න අවසරදීමක් කියලයි මං නම් හිතන්නේ.....
    ඒත් සමහරුන්ට ඒ පරිජේදය ලියන්න මතක් කරලා දෙන්න වෙන....සමහරුන්ට ලියන්න බලකරන දෙයක්....

    අනේ මංදා මින්දද අයියේ.....මං මෙහෙමවත් ඉරක් අදින්නම්කො ☼ ☼ ☼
    :rofl:

    අපූරු සිතුවිල්ලක් අයියේ.....
    දිගටම ලියන්න සුභ පැතුම් අයියට.....

    ස්තූතියි නංගියා අදහසට...
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මම කැමති 1 ට
    ඒත් ඒක හැමදාටම හරිද නම් කියන්න බෑ
    වෙනස් ආකාරයේ ලස්සන නිර්මාණයට මගේ සුභ පැතුම්
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දඟලපු හිරිමල් විය දැන් මෙතැනින් නිමි...
    තිබුන සැහැල්ලුව තමන් ගැන විතරක් හිතල අද දවසේ පමනක් ජීවත්වුන ජීවිතය අදින් පසු නිමි.....කෙල්ලෝ කීප දෙනෙක් එක්ක පෙම් පැටලිලි තියාගෙන ගහපු රවුම් හා සම්බන්ධකම් අදින් පසු නිමි....නිකමටවත් තවත් කෙල්ලෙකු දිහා බලන්නවත් ඒ කෙල්ලගේ ලස්සන නිකමටවත් කියන්න තිබුනු අවස්ථාව අදින් පසු නිමි...කට්ටිය එක්ක සෙට් වෙලා රෑ දෙගොඩ හරි ජාමේ වෙනකන් මීවිතක් තොල ගාලා පොඩි බයිට් එකක් හපලා සින්දුවක් කියලා යාලුවෙක්ගේ කර පිටින් ගෙදර ආපු කාලේ නිමි...

    ඔන්න ඕවත් තව සමහර දේවල්වලටත්(ලැයිස්තුවම මෙතැන ලියන්න ඉඩ නැති හින්දා) කෙලින්ම තිත වැටෙනවා හා දිවුරුම් දෙනවා නිතිමය වශයෙන් මේ අවසර දිමෙ...මතක් කර දීමේ හා බල කිරීමේ කොල කෑල්ලට අත්සන් කලායින් පස්සේ...එදාට අපි අත්සන් කරන්නේ ඔය තුනටම එකඟ වෙන බවටයි..

    එදායින් පස්සේ පිටතින් එසේ නොවූවත් ඒක මානසිකව ඇති කර ගත් දැඩි විශාල බැඳිමක්...ඒ බැඳිම තුල ඔය ඉහතින් කියපු අවස්ථා තුනම වරින් වර විවිධ ආකාරයේ භූමිකාවන්ගෙන් කරලියට එනවා...

    ආදරය කරන දෙදෙනෙකු ඔය විදිහට තව දෙදෙනෙකුගේ අත්සන් මත කොල කෑල්ලකට තමන්ගේ බැඳිම සැහැල්ලු කරනවාට මං පෞද්ගලිකව එකඟ නෑ...කොල කෑල්ලෙන් බැදූනු ජීවිත කීයක් නම් අයාලේ බිඳී වැටී තිබෙනවාද??

    ආධ්‍යාත්මක බැඳිම තමයි මෙතනදී බොහෝ වැදගත්....

    මල්ලියා මං ඔයාගෙන් දුටු තවත් නිර්මානශීලී සාර්ථක පද පෙලක්...

    සංවාදයට බදුන් වෙනවා නම් මේ පද වැල නුතන පරපුරට මෙයින් ගොඩක් දේ උකහා ගන්න පුලුවන් වෙයි..

    මට කියන්න තියෙන්නේ ඔබ වැනි තරුණ නිර්මානකරුවන් අද දවසේ අප අතර සිටීම නිසා අපිට හෙට දවස ගැන අපේ තියෙන බලාපොරොත්තු සුලුවෙන් හෝ ඔසවා තැබෙන බවයි....

    දිගටම මෙවන් සංවාදාත්මක හරවත් දේ අපට දෙන්න..

    ඔබට ජය...

    ඔව් අයියේ.. මම දකින විදිහට අධ්‍යාත්මක බැදීමක නීතිගත කිරීමක් විතරයි අත්සන් කරනවා කියන්නෙ. අත්සන් කෙරුවත් කිසිදු බැදීමක් නැති විවාහ ජීවිත හරි සුලබව අපිට දකින්න පුළුවන්.

    මොන විදිහට කිව්වත් විවාහය කියන්නෙ අපට හැම දෙයක්ම අලුතෙන් හිතලා පටන් ගන්න ලැබෙන අවස්ථාවක්...

    හැමදාමත් වගේ කරන් විස්තරාත්මක අදහස් දැක්වීමට අයියට ගොඩක් ස්තූතියි !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිවැරදි පිළිතුර දුන්ණොත් මොනවද දෙන්නෙ.

    මම නම් හිතන්නෙ 1

    ජීවිතයේ අලුත් පිටුවක් පෙරලීමට අවසර ලැබෙනවා.
    ජීවිතයේ නැවත ඉපදීමකට අවසර ලැබෙනවා.
    උතුම් මව් පදවිය, පිය පදවිය ලබන්න අවසර ලැබෙනවා.

    තෑග්ග විදිහට ඔයාට විවාහ වෙන්න අවසර දෙනවා...!

    ස්තූතියි සහෝ...