දඟලපු හිරිමල් විය දැන් මෙතැනින් නිමි...
තිබුන සැහැල්ලුව තමන් ගැන විතරක් හිතල අද දවසේ පමනක් ජීවත්වුන ජීවිතය අදින් පසු නිමි.....කෙල්ලෝ කීප දෙනෙක් එක්ක පෙම් පැටලිලි තියාගෙන ගහපු රවුම් හා සම්බන්ධකම් අදින් පසු නිමි....නිකමටවත් තවත් කෙල්ලෙකු දිහා බලන්නවත් ඒ කෙල්ලගේ ලස්සන නිකමටවත් කියන්න තිබුනු අවස්ථාව අදින් පසු නිමි...කට්ටිය එක්ක සෙට් වෙලා රෑ දෙගොඩ හරි ජාමේ වෙනකන් මීවිතක් තොල ගාලා පොඩි බයිට් එකක් හපලා සින්දුවක් කියලා යාලුවෙක්ගේ කර පිටින් ගෙදර ආපු කාලේ නිමි...
ඔන්න ඕවත් තව සමහර දේවල්වලටත්(ලැයිස්තුවම මෙතැන ලියන්න ඉඩ නැති හින්දා) කෙලින්ම තිත වැටෙනවා හා දිවුරුම් දෙනවා නිතිමය වශයෙන් මේ අවසර දිමෙ...මතක් කර දීමේ හා බල කිරීමේ කොල කෑල්ලට අත්සන් කලායින් පස්සේ...එදාට අපි අත්සන් කරන්නේ ඔය තුනටම එකඟ වෙන බවටයි..
එදායින් පස්සේ පිටතින් එසේ නොවූවත් ඒක මානසිකව ඇති කර ගත් දැඩි විශාල බැඳිමක්...ඒ බැඳිම තුල ඔය ඉහතින් කියපු අවස්ථා තුනම වරින් වර විවිධ ආකාරයේ භූමිකාවන්ගෙන් කරලියට එනවා...
ආදරය කරන දෙදෙනෙකු ඔය විදිහට තව දෙදෙනෙකුගේ අත්සන් මත කොල කෑල්ලකට තමන්ගේ බැඳිම සැහැල්ලු කරනවාට මං පෞද්ගලිකව එකඟ නෑ...කොල කෑල්ලෙන් බැදූනු ජීවිත කීයක් නම් අයාලේ බිඳී වැටී තිබෙනවාද??
ආධ්‍යාත්මක බැඳිම තමයි මෙතනදී බොහෝ වැදගත්....
මල්ලියා මං ඔයාගෙන් දුටු තවත් නිර්මානශීලී සාර්ථක පද පෙලක්...
සංවාදයට බදුන් වෙනවා නම් මේ පද වැල නුතන පරපුරට මෙයින් ගොඩක් දේ උකහා ගන්න පුලුවන් වෙයි..
මට කියන්න තියෙන්නේ ඔබ වැනි තරුණ නිර්මානකරුවන් අද දවසේ අප අතර සිටීම නිසා අපිට හෙට දවස ගැන අපේ තියෙන බලාපොරොත්තු සුලුවෙන් හෝ ඔසවා තැබෙන බවයි....
දිගටම මෙවන් සංවාදාත්මක හරවත් දේ අපට දෙන්න..
ඔබට ජය...