...සමන්ත පෙරේරා සමඟ දීපිකා ප්‍රියදර්ශිනී - ඇලුයම අරුණලු...
ඇලුයම අරුණලු දහරක් සේ ඔබ සිත්සර විකසිත කරනා..
මේ කුළගෙය මනරම්..
තුන්යම දුක්බර සිහින දමේ ඔබ උණුකඳුලැලි පිසදමනා..
මේ කුළගෙය මනරම්..
පෙම්වතියක සඳ කල කී හුරතල් අමතක සේ..
නලළත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ
ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්..
මුල් දින හිනැහුනු සේ නොවෙනස් ලෙස දිවි ගමනේ..
තරු එලියක් දී මඟ කියනා ඔබ පතිඳු නොවේ..
ඔබ පතිඳු නොවේ මට පියෙකි උතුම්..
දල රළ ඉවසන වෙරළක් සේ නිති මා සෙවනේ
ලබන ගැහැට නිහඬව දරනා ඔබ මහිම කියන්නට..
ඔබ මහිම කියන්නට නොමත උවම්..
අනන්ත රූ මැද දුටුව අරුම මිනිසා හමුවේ
කැදැළි සදා පෙරුමන් පුරනා ඔබ පතිනිය වන්නට..
ඔබ පතිනිය වන්නට පෙරූ පිරුම්..
සාමකාමී යුග දිවියක මිහිර..හැමෝම රසවිඳින්න..
රෝහණ වීරසිංහ සමඟ අනූශා නාණායක්කාර- ඈත සංසාරේ..
ඈත සංසාරේ.. නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..
ඈත සංසාරේ.. සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..
දුකට හඬා වැටෙනා බොල් අහසට..
තනිය මකන ඉරබට තරුවක් ලෙස..
වැසි යදිනා ගිණිනල වැලි කතරට..
සිහිළ ගෙනා මද නළ රැල්ලක් ලෙස..
ඈත සංසාරේ..
නිබඳ බැඳී ආ සබඳකමක් විය..
ඈත සංසාරේ..
භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව..
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව..
තොලින් තොලඟ නැඟි හසරැල්ලක් නොව..
අනන්තයක නැඟි දේදුන්නක් නොව..
ඈත සංසාරේ..
සබඳ කමක් නැත හමු වීමක් මිස..
ඈත සංසාරේ..
හැමෝම හොඳින් ඉන්න..
හැමෝටම තුනුරුවන්ගෙ සරණයි..!
" හී සර වැදුණු පසුව
නෑ රඟ මඩල උරුම
කිදුරු කුමාරියනි
මට යන්න අවසරයි..."
"හී සර වැදුණු පසුව..."
ගුණදාස කපුගේ සමගින් මාලිනී බුලත්සිංහල
" සුදු සිනහා කුසුම් නොපිපේවි මනරම්
මේ උයන් බිමේ කිසිදාක ඉතින්
ඔබ යනවානම් යලි නොඑන සිතින්
මල් නගන වසන්තේ යතුර අරන්..."
"සුදු සිනහා කුසුම්..."
ගුණදාස කපුගේ
MAMA ME TIKA GANNAWA HEMOTAMA THANKZZZZZZZZZ




