භාවනා

sudunone

Member
May 23, 2009
3,781
121
0
අද පොහෝ දිනය.

අපි කතා කරමු භාවනාව ගැන.

විවිධ භාවනා ක්‍රම, භාවනා කිරීම පුහුණු කරන තැන්, භාවනාවේ ප්‍රතිඵල, ඒ ගැන කියවෙන සූත්‍ර, පොත් පත්.... මේ වගේ දේවල් ගැන තොරතුරු මේ හුයෙන් කතා කරමු.

භාවනා ක්‍රම දෙකක් අපි අහලා තියෙනවා: සමත සහ විදර්ශනා. මේ ක්‍රම දෙකම වැඩිය යුතුයි. සමතයෙන් සිහිය පවත්වා ගැනීම දියුණු කරන අතර විදර්ශනාවෙන් සසරින් එතෙර වනු පිණිස අවබෝධය දියුණු කරනවා.


මට මුළින්ම මතක් වෙන්නෙ මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රය අයත් වෙන්න් දීඝ නිකායට.
මෙහි දැක්වෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන ක්‍රමයන් ඔස්සේ මනස පුහුණු කරන අයුරු.

එහිදී ආරම්භයේදිම කියනවා, සසරින් එතෙර වීම සඳහා ඇති ඒකායන මාර්ගය මේ සතර සතිපට්ඨාන ධර්මයනුයි; කුමක්ද මේ සතර සතිපට්ඨාන ධර්මය?

සසරින් එතෙර වනු කැමති භික්ෂුව, කෙළෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව, කෙළෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව, මනාව යොමු කළ සිහියෙන් යුතුව, අනවබෝධය නිසා සැකසුණු දුක නම් ලෝකයෙහි, අනවබෝධයෙන්ම හටගත් ආශාවද, අනවබෝධයෙන්ම හටගත් දොම්නසද දුරු කරමින් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් යුතුව දකිමින් වාසය කරනවා; වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරනවා; සිත පිළිබඳ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා;ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය දකිමින් වාසය කරනවා.


මේ දේවල්වල යථා ස්වභාවය දැකිය හැකි, ඇස් අරවන භාවනා ක්‍රම ඉන් පසුව විස්තර කෙරෙනවා.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Bhawanawa kiyana deta sarala therumak api keewoth Bhawaya Nathi kereema kiyala kiyanna puluwan...

Bhawanawa dharmawabodhayata awashyama wena deyak. Piliwelin bhawanawa Wadanawanam sasarin ethera weeme maga keti wena eka aniwaryai...:cool::cool:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
භාවනාව කියන වචනය මෙහෙම පැහැදිලි වුණේ අද. ඔව්, භවය නැති කරන මග.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ සම්මා සති, සම්මා සමාධි කියන අංග වැඩෙන්නෙ භාවනාව තුළින්.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මෛත්‍රි භාවනාව

මෛත්‍රි භාවනාව මේ ලෙසට පුරුදු කළ හැකියි:

මෛත්‍රිය පටන් ගන්නෙ තමන්ගෙන්.
මම තරහ නැත්තෙක් වෙම්වා.
වෛර නැත්තෙක් වෙම්වා.
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා.
දුක්පීඩා නැත්තෙක් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා.
ශාන්ත සුවයට පත් වෙම්වා.

ඉන් පසු දශ දිසාවලට මෙත් සිත පැතිරවිය හැකියි:
උතුරු දිශාවේ සිටින්නාවූ, සියලු සත්ත්වයෝ
තරහ නැත්තෝ වෙත්වා.
වෛර නැත්තෝ වෙත්වා.....

මෙලෙසින්, උතුරු අනු දිසාව, නැගෙන හිර, නැගෙන හිර අනු දිසාව, දකුණු, දකුණු අනුදිසාව, බටහිර, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව යන දිසාවල වෙසෙන සත්ත්වයන්ට මෙත් සිත පැතිරවිය හැකියි.

තවත් ක්‍රමයක් තමයි, තමා කේන්ද්‍ර කරගෙන කෙමෙන් පුළුල් වෙන පරාසයකට මෙත් සිත පැතිරවීම.
මේ නිවසේ සිටින්නා වූ සියලුම සත්ත්වයෝ..
මේ ගමේ සිටින්නා වූ,
මේ ප්‍රදේශයේ,
මේ රටේ,
මේ ලෝකයේ,
මේ විශ්වයේ...

ඒ වගේම වෙන වෙන පුද්ගල කොට්ඨාශවලට:

මගේ දෙමවුපියන්
මගේ සහෝදර සහෝදරියන්
මගේ යහළුයෙහෙළියන්,
මගේ ගුරුවර වැඩිහිටියන්,
මගේ ඥාතීන්
මගේ අසල්වැසියන්
මට හිතවත් අය,
මා කෙරෙහි මැදහත් අය,
මාකෙරෙහි තරහ, සතුරු සිත් ඇති අය

ඔන්න ඔය විදිහට.

ඒ වගේම සියලු සත්ත්වයන් වෙන වෙනම සිහි කළ හැකියි:

කුඩා සිරුරු ඇති සත්ත්වයන්
මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇති සත්ත්වයන්
විශාල සිරුරු ඇති සත්ත්වයන්
පාද නැති සතුන්
දෙපා සතුන්
සිවුපා සතුන්
බහුපා සතුන්
දුර සිටින්නා වූ සතුන්
ළඟ සිටින්නා වූ සතුන්
අහසේ වෙසෙන්නා වූ සතුන්
පොළොවේ වෙසෙන්නා වූ සතුන්
ජලයේ වෙසෙන්නා වූ සතුන්
උස් තැන්වල වෙසෙන්නා වූ සතුන්...
දෙවියන්, බඹුන්, මිනිසුන්, තිරිසනුන්,නිරිසතුන්, ප්‍රේතයින්, වෙනත් ජීවීන්..


මහමෙවුනා අසපුවල මේ භාවනාව නිතර ඇසෙන්නට ලැබෙනවා. සිත බොහොම පහන් වෙනවා. :)
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මෛත්‍රී භාවනාව කොටස් දෙකක් තියෙනවා, එකක් ලෝකොත්තර මෛත්‍රී භාවනාව (නිවන් දකින භාවනාව) අනික ලෞකික මෛත්‍රී භාවනාව (සසර ගමන තියෙන සුගතියට හේතුවෙන)

ඉතින් බුද්ධ දේශණාවේ මෙහෙම කියළා තියෙනවා,

"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, මේ මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ."

ඉතින් මේ ලින්ක් එකටත් ගිහින් බලන්න හරියටමමෛත්‍රී භාවනාව වඩන අයුරු දැනගන්න පුළුවන්

http://www.hiddendhamma.net/index.php/2010-02-20-06-18-15
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
භාවනාව කියන වචනය මෙහෙම පැහැදිලි වුණේ අද. ඔව්, භවය නැති කරන මග.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ සම්මා සති, සම්මා සමාධි කියන අංග වැඩෙන්නෙ භාවනාව තුළින්.

හ්ම්ම්ම්...ඇත්තටම භාවනාව කියන වචනයේ අර්ථය "ගොඩනැගීම" කියන එක..එතකොට මොකක්ද ගොඩනගන්නේ..??? සිහිය එහෙමත් නැත්නං සතිය..සතිය කීවේ කුමන ආකාරයේ සතිය ද..කුමන ආකාරයේ සිහියක් ද....සම්මා සතිය..ඒ කියන්නේ තණ්හාව අඩුකිරීම පිණිස තණ්හාව නැති කිරීම පිණිස ඉවහල් වන්නා වූ සතිය..තමයි සම්මා සතිය..

දැන් යම් කෙනෙක් චිත්‍රපටියක් බලනවා..ඒකට අවධානය යොමුකරලා..එතකොට එතනත් සතියක් තියනවා..නමුත් එතන සිද්ධ වෙන්නේ තණ්හාව වැඩිවීමක්..ඒක නිසා එතන සම්මා සතියක් නෑ..මිච්ඡා සතියක් තියෙන්නෙ..
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මෛත්‍රී භාවනාව කොටස් දෙකක් තියෙනවා, එකක් ලෝකොත්තර මෛත්‍රී භාවනාව (නිවන් දකින භාවනාව) අනික ලෞකික මෛත්‍රී භාවනාව (සසර ගමන තියෙන සුගතියට හේතුවෙන)

ඉතින් බුද්ධ දේශණාවේ මෙහෙම කියළා තියෙනවා,

"මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, මේ මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ."

ඉතින් මේ ලින්ක් එකටත් ගිහින් බලන්න හරියටමමෛත්‍රී භාවනාව වඩන අයුරු දැනගන්න පුළුවන්

http://www.hiddendhamma.net/index.php/2010-02-20-06-18-15

මෙතන විස්තර කෙරෙන විදිහ මම අහල තියෙන විදිහට වඩා ටිකක් වෙනස්. පුළුවන්නම් ස්වාමීන්වහන්සේ ගෙ දේශනයෙ දැක්වෙන අදහස් පැහැදිලි කරල පෝස්ට් එකක් දාන්නකො. කාටත් ප්‍රයෝජනවත් වෙයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0


අර ඉහත දැක්වූ ආකාරයට මෛත්‍රිය වඩනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්: මේ නිකම්ම වචන ගොඩක් නේද? මේක කිව්වයි කියල මෙත් සිත් පහළ වෙනවද කියල. මේ විදිහට පුහුණු කරන අය දන්නව ඇති මේකෙන් සිත තැන්පත් වෙන බව. ඒ වගේම, අපි දන්නවා, නිතර සින්දු අහන කෙනෙකුට, වරින් වර වෙන වැඩවල නියැළිලා ඉන්න අතරතුරත් ඒ ගී පද එකවරම සිහියට එනවා. අන්න ඒ වගේ මේ මෙත් සහගත වචනත් වරින් වර සිහියට එන ගතියක් තියෙනවා. නමුත් ඇත්තටම මෙත් සහගත සිතක් ඇති වීමටනම් මේ ඔස්සේ සිත මෙහෙයවන්න ඕනෙ. තරහ සිත් ඇති නොවෙන විදිහට කටයුතු කරන්න ඕනෙ. මේ මගේ අදහස. වැඩි දුරට මේ ගැන ඉගෙනගත් අය අදහස් දක්වන්න.

අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන් වහන්සේ භාවනාවට පිවිසෙන අයුරු පැහැදිලි කරල තියෙන ආකාරය මම හිතන්නෙ තායි සම්ප්‍රදාය.
එතනදි උන්වහන්සෙ විස්තර කරනවා අපේ සිතේ ස්වභාවය. අපි හැම වෙලේම ඉන්නෙ මොකක් හරි හිත හිත. එක්කො අතීතය. (මේ අතීතය, මේ දැන් මොහොතකට පෙර ගෙවුණු තත්ත්පරය විය හැකියි.) එක්කො අනාගතය. එක්කො වෙන සිහිනවල. ආයතනවලින් එන අරමුණු ඔස්සේ අප හිතන එකමයි කරන්නෙ. මෙන්න මේ නිසා අප ජීවත්වන්නෙ වර්තමානයෙ නෙවෙයි. වර්තමානයෙ ජීවත් වෙන්නනම් මේ මොහොතෙ සිත තියෙන්න ඕනෙ. සිත මේ මොහොතෙනම් අපි එක එක ඒව හිත හිත ඉන්න බැහැ. සිත විවෘත වෙලා තියෙන්න ඕනෙ.
ඉතින් උන්වහන්සෙ පුහුණු කරන හැටියට මුළින්ම කළයුත්තෙ, අතීතය සහ අනාගතය කියන මේ බර මළු දෙක බිමින් තියල, වර්තමානයේ, මේ මොහොතෙ සිත පිහිටුවා ගැනීම. හිතන්නෙ නැතුව, සිතට එන සිතුවිලි දිහා බලා හිඳීම. කරන්නෙක් නොවී බලා සිටින්නෙක් වීම. වෙනත් විදිහකට කිව්වොත් සිතේ නිශ්ශබ්දතාවය ඇති කර ගැනීම.

 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මෙතන විස්තර කෙරෙන විදිහ මම අහල තියෙන විදිහට වඩා ටිකක් වෙනස්. පුළුවන්නම් ස්වාමීන්වහන්සේ ගෙ දේශනයෙ දැක්වෙන අදහස් පැහැදිලි කරල පෝස්ට් එකක් දාන්නකො. කාටත් ප්‍රයෝජනවත් වෙයි.

මෙහෙමයි .. මෙත් වැඩීම කියලා අපි සාමානයෙන්

මම නිදුක් වෙත්වා
මම නීරෝගි වෙත්වා
මම සුවපත් වෙත්වා
මම දුකින් මිදෙත්වා

කියලා තමයි කියන්නේ (ඒ වගේම මා මෙන්ම කියලත් කියන්න පුළුවන්). මම කිව්ව විදිහට ඔය භාවනාව ලෞකික, ලෝකොත්තර වශයෙන් දෙවිදිහකට

වඩන්න පුළුවන්.


මුලින් බලමු ලෞකික පැත්ත. ඒ කියන්නෙ කෙලෙස් සහිත (සසර ගමන තියෙන) සුගතියට හේතු වෙන කොටස. (මම එක පදයක් අරගෙන විග්‍රහ කරන්නම්)


මම නිදුක් වෙත්වා - මට කිසිම දුකක් කරදරයක් ඇති නොවෙවා කියන හැඟීම (ඒ වගේම කාටවත් දුකක් කරදරයක් නොවි ජීවත් වෙන්න ලැබේවා කියන හැඟීම). ඇත්තටම බැලුවම මේකෙන් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා (හරියට දෙව්ලොව සැපක් වගේ).

දැන් ලෝකොත්තර පැත්ත (නිවන් දකින මග)

මම නිදුක් වෙත්වා - ලෝක සත්වයා විඳවන ලොකුම දුක තමයි සතර අපාගත දුක (තිරිසන්, අසුර, ප්‍රේත සහා නරකය). ධර්මාවබෝධය ලබාගත් අර්‍ය ශ්‍රාවකයා ඒ කියන්නේ සෝවාන් ඵල ලාභියා සදහටම මේ දුකින් නිදහස්. ඉතින් ලෝකොත්තර මගේදි පතන්නෙ මෙන්න මේ දුකින් නිදහස් වෙන්න කියලා.

අර කලින් කියපු ක්‍රමය බුදුපියාණන්වහන්සේටත් කලින් බමුණන් ගෙන ආපු ක්‍රමයක් (බමුණන්ගේ වේදයට ආවෙත් ඊට කලින් බුදුපියාණන්වහන්සේ නමක් දේශණා කල ධර්මයේ ලෝකෝත්තර අර්ථය වැහිල ලෞකික අර්ථය) ඒකෙ පැවත්මක්/හටගැනීමක් තියෙනවා. යම් තැනක පැවත්මක්/හටගැනීමක් තියෙනවද ඒකේ විනාශවීමක්/විපරිණාමයක් තියෙනවා. ඉතින් අපි මොන සැප ප්‍රාර්ථනා කලත්, උදහරණයක් විදිහට දෙවියෙක් වුණත් , බ්‍රහ්මයෙක් වුණත් එතනත් කවදහරි ජාති, ජරා, මරණ කියන එක ඇති වෙනවා.

මට හිතෙන්නෙ දැන් පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා ???
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්, ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයටම ප්‍රයෝජනවත් වන පරිදි මෙත් සිත වැඩිය හැකියි. බොහොම පින්.
මට හිතෙන්නෙ මෛත්‍රී භාවනාවෙන් නිසි ඵල ලැබීමටනම්, නිතර සිහි කරන මේ දුකින් මිදීමට ගත යුතු පියවර ගැනීමට උනන්දු විය යුතුයි; වෙනත් අයට දුකින් මිදීමට උපකාර විය යුතුයි. තරහ, වෛරය නැති කරගැනීමට කළ යුතු දෙය කළ යුතුයි; අන් අයගේ තරහ වෛරය නැති කර ගැනීමට උපකාර විය යුතුයි.