අද පොහෝ දිනය.
අපි කතා කරමු භාවනාව ගැන.
විවිධ භාවනා ක්රම, භාවනා කිරීම පුහුණු කරන තැන්, භාවනාවේ ප්රතිඵල, ඒ ගැන කියවෙන සූත්ර, පොත් පත්.... මේ වගේ දේවල් ගැන තොරතුරු මේ හුයෙන් කතා කරමු.
භාවනා ක්රම දෙකක් අපි අහලා තියෙනවා: සමත සහ විදර්ශනා. මේ ක්රම දෙකම වැඩිය යුතුයි. සමතයෙන් සිහිය පවත්වා ගැනීම දියුණු කරන අතර විදර්ශනාවෙන් සසරින් එතෙර වනු පිණිස අවබෝධය දියුණු කරනවා.
මට මුළින්ම මතක් වෙන්නෙ මහා සතිපට්ඨාන සූත්රය. මේ සූත්රය අයත් වෙන්න් දීඝ නිකායට.
මෙහි දැක්වෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන ක්රමයන් ඔස්සේ මනස පුහුණු කරන අයුරු.
එහිදී ආරම්භයේදිම කියනවා, සසරින් එතෙර වීම සඳහා ඇති ඒකායන මාර්ගය මේ සතර සතිපට්ඨාන ධර්මයනුයි; කුමක්ද මේ සතර සතිපට්ඨාන ධර්මය?
සසරින් එතෙර වනු කැමති භික්ෂුව, කෙළෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව, කෙළෙසුන් ප්රහාණය කිරීමේ නුවණින් යුතුව, මනාව යොමු කළ සිහියෙන් යුතුව, අනවබෝධය නිසා සැකසුණු දුක නම් ලෝකයෙහි, අනවබෝධයෙන්ම හටගත් ආශාවද, අනවබෝධයෙන්ම හටගත් දොම්නසද දුරු කරමින් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් යුතුව දකිමින් වාසය කරනවා; වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරනවා; සිත පිළිබඳ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා;ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය දකිමින් වාසය කරනවා.
මේ දේවල්වල යථා ස්වභාවය දැකිය හැකි, ඇස් අරවන භාවනා ක්රම ඉන් පසුව විස්තර කෙරෙනවා.