අද සිටින විශිෂ්ඨතම නායකයා සරත් ෆොන්සේකාය

එකඟද ????

  • Yes

    Votes: 26 47.3%
  • No

    Votes: 29 52.7%

  • Total voters
    55

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113


    චන්ද ගැන නෙමෙයි
    මම කියන්නෙ.

    SFගෙ නායකත්වයෙ තියන
    මිනිසුන් සටනකට මෙහෙයවීමට තියන
    දක්ෂතාවය ගැන.

    පහුගිය කාලෙ SF මිනිස්සු
    අවුස්සල ගත්ත විදිය බැලුවම
    SF යුද්ධෙ දිනුවෙ කොහොමද කියල
    හිතාගන්න පුලුවන්.

    රනිල්ලා පඹයො වගෙයි
    SF එක්ක තියලා බැලුවම.



    එතකොට SF ට නායකත්වය දුන්නෙ කවුද......?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    SF එළියෙ හිටිය නම්
    අදත් මහින්දයි,
    පක්ෂ විපක්ෂ අපේක්ෂකයොයි
    වෙඩි කාපු ඌරො වගේ චන්ද වැඩ.





    එදා මහින්ද විතරක් නෙවේ ජනතාවත් වෙඩිකාපු ඌරො වගේ ඡන්ද පොල‍ට ගියේ රට පාවාදෙන SF, Ranil,Mano, Mangala, Hakeem, Some කුමන්ත්‍රණයෙන් රට බේර ගන්න ඕනේ නිසා මිසක් මොකාගෙවත් රණකාමී ශක්තියට නොවේ. කවදාවත් ඡන්දෙ ‍නොදෙන කම්මැලියො පවා එදා ඡන්දෙ දෙන්න ගියේ වෙඩිකාපු ඌරෝ වගේ තමයි. ඒ තමයි මහින්ද ගත්ත වැඩි ඡන්ද 18 ලක්ෂෙ.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සරත් වැරදි මිනිස්සුත් එක්ක දේශපාලනය කරල නිකන් ඇනගත්ත, එයත් රනිල් වගේ මෝඩ කතා කිව්ව නිසා තමයි අද මේ කල ගියෙ, කොච්චර නම්බුවක් පිටින් ඉන්න තිබුන මනුස්සයෙක්ද, අන්තිමට මහින්ද දින්න සරත් පැරදුනා, සරත්ට ඔය කල උදාකරපු රනිල් අද හන්සයාට/කුසලානෙට පයින් ගහල අලියගෙන් චන්ද්ට යනව, හොරිකඩ ජෙප්පො ටික අර මනුස්සයෙගෙ නම විකුනගෙන කුසලානයක් අරගෙන කැම්පේන් යනව, එදා UNP කාරයො ලක්ශ 30ක් 35ක් සරත්ට චන්ද් දුන්නෙ එයාට UNP එකේ සහය තියෙන නිසා, ඒත් මේ පාර ඒ මිනිස්සු චන්දෙ දෙන්නෙ UNP එකට මිසක් කුසලානෙට නෙවෙයි, අන්තිමට සරත් ෆොන්සේකට සුලුතර මන්ත්‍රී ගානක් එක්ක පාර්ලිමේන්තුවට යන්නයි වෙන්නෙ, කවදත් මිනිස්සු චන්දෙ දෙන්නෙ UNP ය හරි ඔවුන් හදාගන්න සන්දානෙට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ශෙට හරි ඔවුන් හදා ගන්න සන්දානෙට. "සරත් අති දක්ශ යුද නායකයෙක්, ඒත් ඔහු අන්තිම දුර්වල දේශපාලන නායකයෙක්"
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අරම උණා නම්,
    මෙහෙම උණානම් කියල
    ප්‍රශ්න වලට උත්තර හොයන එක
    කිතුලෙ තණකොළ තිබුනා නම් වගේ උත්තරයක්.

    මහින්දත් දේශපාලනයට නොආවානම්
    පුංචිකාලෙ කළා වගේ
    ගමේ රස්තියාදු කාර කොල්ලො එක්ක
    රස්තියාදු ගහ ගහ ඉඳීවි.

    මට කියන්න බලන්න එදා තිබුණ ගැම්ම
    මේ මැතිවරණෙදි දකින්න නැත්තෙ ඇයි කියල.

    ada mmahinnda rasthiyadu gagaha hitiyanam ada tho nugegoda bombeta ahuwela merila:angry::angry:

    amanaya

    deshadrohiya

    SF ge hira kuuduwata gihin uge tools lewakakaa hitu:angry::angry:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එතකොට SF ට නායකත්වය දුන්නෙ කවුද......?

    SFට යුද්ධ කරන්න නායකත්වය දෙන්න තරම්
    SFට වැඩිය යුද්ධ කරන්න දන්න කෙනෙක්
    SFට ඉහළින් හිටිය බවක් අපි නම් දන්නෙ නැහැ.

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එදා මහින්ද විතරක් නෙවේ ජනතාවත් වෙඩිකාපු ඌරො වගේ ඡන්ද පොල‍ට ගියේ රට පාවාදෙන SF, Ranil,Mano, Mangala, Hakeem, Some කුමන්ත්‍රණයෙන් රට බේර ගන්න ඕනේ නිසා මිසක් මොකාගෙවත් රණකාමී ශක්තියට නොවේ. කවදාවත් ඡන්දෙ ‍නොදෙන කම්මැලියො පවා එදා ඡන්දෙ දෙන්න ගියේ වෙඩිකාපු ඌරෝ වගේ තමයි. ඒ තමයි මහින්ද ගත්ත වැඩි ඡන්ද 18 ලක්ෂෙ.

    ඒ 18 ලක්ෂෙ කඩදාසි වල ලියපු
    ඉලක්කම් ටිකක් විතරයි.


    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg


     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සරත් ෆොන්සේකා
    අප හමුදාවෙහි සිටි
    විශිෂ්ඨතම නායකයාය.
    අද දේශපාලන කරලියෙහිත් සිටින
    විශිෂ්ඨතම නායකයා ඔහුය.
    ඒ පිළිබඳව විවාදයක් නැත.

    එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු
    රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග
    අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන
    ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන්
    සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට
    ඔහු තුල ඇති කෞශල්‍යය
    අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ.

    එදා ජනපතිවරණ සටන තුළ
    මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ
    වෙඩි කෑ ඌරන් මෙන්ය.
    ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා
    " මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්
    විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට
    ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ
    සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.
    උද්‍යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව
    පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය.
    රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම
    අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන
    වියරුවෙන් මෙන් සටනට වන්හ.
    කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ.
    අවසානයේ රාජ්‍ය බලය යොදවා
    අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය.

    චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ
    සරත් ෆොන්සේකා වෙනුවෙන්
    ලක්ෂ ගණනක් වීදි බැස්සේ
    රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය.
    ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක්
    එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ
    රජයෙහි වාසනාවටය.
    සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග
    ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය
    මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම
    අරුමයක් නොවන්නේ
    එබඳු ප්‍රබල නායකත්වයක්
    මෙවැනි රටක පහළවන්නේ
    ඉතාම කලාතුරකින් බැවිනි.

    අද මහින්ද තුළත්
    රනිල්, සෝමවංශ ඇතුලු
    පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්,
    රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්,
    පොදුවේ සමස්ත මහා ජනතාව තුලත්
    දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට
    එකම හේතුව
    රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා
    අන් කිසිවක් නොවේ.
    මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ
    ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය
    අප දන්නා ඉතිහාසය තුළ
    අන් කිසිදු නායකයෙක් කර නැත.
    අප දන්නා අනාගතය තුළද
    එවන් සුවිශේෂී නායකයෙකු
    යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත.

    තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්,
    ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත්
    හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්,
    උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන්
    ඔබ මොබ හසිරෙමින් සිටියි.
    ජනතාවද වගේ වගක් නැතිව
    එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි.

    මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම
    මෙම මැතිවර්ණ දෙක සඳහා
    සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල
    සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම
    මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ
    එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය.
    ඔහු අත් අඩංගුවට ගැනීම
    ඉතා උපක්‍රමශීලීව කළ දෙයක් බව
    මතුපිටින් පෙනුණද
    සැබෑ හේතුව නම්
    ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට
    නැවත වරක් මුහුණ දෙන්නට
    මහින්ද ප්‍රමුඛ රජයට
    තවදුරටත් ශක්තියක් නොමැතිවීමය.

    මහින්ද අද කළාක් මෙන්
    මේ රණවිරුවා
    තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට
    එදා ප්‍රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය.
    එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ
    සරත් ෆොන්සේකා
    යුද්ධය ජයග්‍රහණය කළේ ය.
    දේශපාලන රණබිමෙහි
    ඔහු සටන් වැදුනු
    ජනපතිවරණයේදී අප දුටු
    රණකාමී ශ්‍රී ලංකාව
    අද අතුරුදහන්ව ඇත.
    ඒ රණකාමී ල\කාව සමග
    ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු
    අපට දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම
    යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි
    නියම වටිනාකම
    තක්සේරු කරගන්නටද ප්‍රමාණවත්ය.
    ඔහු නායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.
    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.
    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    මේ අනුව සරත් ෆොන්සේකා
    අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත්
    ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන්
    අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට
    ඔබ මහා ප්‍රාඥයෙකු විය යුතු නොවේ.
    Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ
    රණකාමී ජනපතිවරණයත්
    අද අප ඉදිරියේ ඇති
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත්
    සංසන්දනය කිරීමට ඔබට හැකිනම්
    එය පමණක්ම ප්‍රමාණවත්ය.

    අද නායකයෝ
    මහින්ද, රනිල් සහ සෝමවංශය.
    එදා නායකයා
    අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක
    රණවිරු සරත් ෆොන්සේකාය.

    dude!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    I really mean it.

    He inspired the whole lot of politicians
    and voters too.

    If he won
    Sri Lanka would have been inspired
    to much better standards.

    They preferred the culprit
    who sings the lullaby
    and pick their pocket.

    This lazy, weak, lethargic, backwardly nation
    is not yet ready for a real leader.

    :yes::yes::yes::yes::yes:

    But it is hinted now.
    Just wait and see.

    :D
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    Got to agree with what Athula says. SF inspired a lot of people who were just going through the motions and accepted corruption as part of society. Nepotism, back handed deals, back money, favoritism and a phone book list of all sorts of other bull shit. Why should we accept such corrupt practices and pretend it's OK? SF is a disciplinarian and it's time we had a man who had some balls to put an end to it. Rather than suck or swing off Mahinda's you know what.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජනරාල් නිදහස් කරන්නැයි බල කරමින් පිළියන්දලදී අත්සන් කෙරුණු පෙත්සමට පොලිසියෙන් බාධා ප්‍රධාන පුවත 2010 මාර්තු 06 වෙනි සෙනසුරාදා, 17:47 ත්‍රස්තවාදයෙන් රට මුදාගත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කරන පෙත්සමක් අද පිළියන්දල නගරයේදී අත්සන් කෙරිණි. පිළියන්දල ඔරලෝසු කනුව ඉදිරිපිටදී පැවැත්වුණු මෙම පෙත්සම අත්සන් කිරීමේ අවස්ථාව ආරම්භයේදී එම ස්ථානය පැමිණි පිළියන්දල පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් මේ අවස්ථාව වෙනුවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව පවසා මෙම ක්‍රියාකාරකමට බාධා එල්ල කර ඇත.
    නමුත් මෙහිදී සංවිධායකයින් විසින් මෙම අවස්ථාව වෙනුවෙන් වූ ස්ථාන අවසරය හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ අවසර පත්‍රය පෙන්වා සිටියද, ශබ්දවාහීනි යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව පවසමින් පොලිසිය දිගින් දිගටම බාධා කර ඇත. පසුව සංවිධායකයින් විසින් කුඩා ශබ්දවාහිනී යන්ත්‍රයක් (Mega Phone) භාවිත කරමින් අදාල කටයුත්ත සිදු කර ඇත.
    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රිනී හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා වසන්තා මාලනී, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා මෙවර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, උදෑසන 10 ට ආරම්භ වූ මෙම පෙත්සමට දහවල් 1.00 වන විට අත්සන් 1500 කට අධික පිරිසක් සිය අත්සන යොදා තිබිණි.

    P.jpg


    P06.jpg


    P05.jpg


    P04.jpg


    P07.jpg


    P08.jpg



    අදාල අවස්ථාව සඳහා ලබා දී තිබූ බලපත්‍ර

    P03.jpg


    P02.jpg


    P01.jpg


     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    සරත් වැරදි මිනිස්සුත් එක්ක දේශපාලනය කරල නිකන් ඇනගත්ත, එයත් රනිල් වගේ මෝඩ කතා කිව්ව නිසා තමයි අද මේ කල ගියෙ, කොච්චර නම්බුවක් පිටින් ඉන්න තිබුන මනුස්සයෙක්ද, අන්තිමට මහින්ද දින්න සරත් පැරදුනා, සරත්ට ඔය කල උදාකරපු රනිල් අද හන්සයාට/කුසලානෙට පයින් ගහල අලියගෙන් චන්ද්ට යනව, හොරිකඩ ජෙප්පො ටික අර මනුස්සයෙගෙ නම විකුනගෙන කුසලානයක් අරගෙන කැම්පේන් යනව, එදා UNP කාරයො ලක්ශ 30ක් 35ක් සරත්ට චන්ද් දුන්නෙ එයාට UNP එකේ සහය තියෙන නිසා, ඒත් මේ පාර ඒ මිනිස්සු චන්දෙ දෙන්නෙ UNP එකට මිසක් කුසලානෙට නෙවෙයි, අන්තිමට සරත් ෆොන්සේකට සුලුතර මන්ත්‍රී ගානක් එක්ක පාර්ලිමේන්තුවට යන්නයි වෙන්නෙ, කවදත් මිනිස්සු චන්දෙ දෙන්නෙ UNP ය හරි ඔවුන් හදාගන්න සන්දානෙට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ශෙට හරි ඔවුන් හදා ගන්න සන්දානෙට. "සරත් අති දක්ශ යුද නායකයෙක්, ඒත් ඔහු අන්තිම දුර්වල දේශපාලන නායකයෙක්"

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    SFට යුද්ධ කරන්න නායකත්වය දෙන්න තරම්
    SFට වැඩිය යුද්ධ කරන්න දන්න කෙනෙක්
    SFට ඉහළින් හිටිය බවක් අපි නම් දන්නෙ නැහැ.


    Hari hari kawada q we eyata udda karanna ba kiyala