ඉලක්කය......

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අගේ නිර්මාණයක් සොයුර.

ඉලක්කය - සමාජ රැල්ල, ප්‍රවණතාවය අපූරුවට විමසන අතරම පුද්ගල හිතේ උපදවන ආත්මාථය සීරුවෙන් මතුකරලා තියෙනවා.

හිතන්න නොකියා හිතාපල්ලා කියන්න සමත් වචන පෙලක්, අපූරුයි.

දිගු ගමනක් තටුනගා පියාසර කරන්න පැතුම්. ඔබට ජය.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට 100% ක්ම මචන් උඹත් එක්ක මෙතැනදි එකඟ වෙන්න බැහැ. අපි කැමති උනත් අකැමැති උනත් අපි හැමෝම එකම තරගයක තරග කරුවෝ. ඒක වෙනස් කරන්න අපි කාටවත් තනි තනියෙන් බැහැ. තනි තනියෙන් කරන්න පුළුවන් අපිම පරාජය භාර අරගෙන පැත්තකට වෙන එක විතරයි. නමුත් දැන් පරාජය භාරාගෙන දැන් "මම සතුටටෙන්" කියලා හිත හදා ගත්තට, කාලයක් යනකොට අපි අපි ගැනම පසු තැවෙනවා ඇයි මම එහෙම කලේ කියලා. ඒක මම උනත් පුද්ගලිකව අත්විදලා තියෙනවා.

    මොනවා උනත් හිතන්න යමක් දීපු නිර්මාණයක්.. උබට ජය !
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අගේ නිර්මාණයක් සොයුර.

    ඉලක්කය - සමාජ රැල්ල, ප්‍රවණතාවය අපූරුවට විමසන අතරම පුද්ගල හිතේ උපදවන ආත්මාථය සීරුවෙන් මතුකරලා තියෙනවා.

    හිතන්න නොකියා හිතාපල්ලා කියන්න සමත් වචන පෙලක්, අපූරුයි.

    දිගු ගමනක් තටුනගා පියාසර කරන්න පැතුම්. ඔබට ජය.

    බොහොමත්ම ස්තුතියි සහෝ
     

    Mandhahaasini

    Member
    Mar 3, 2010
    28
    8
    0
    ow cspmaxx, jeewithaya thiyenne rasawidhinna. ay api boru tharagayaka patalila ae sathuta nathi karaganne....
    nice creation...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඉලක්කයක් තියෙනවා නම්
    බොහො බලාපොරොත්තු ඉටු කර ගන්න හරිම පහසුයි.

    ඒ වගේම අපි ඒ ඉලක්කය කරා යන්නෙ තව කෙනෙක් යට කර ගෙන නම්
    ඒ ජයග්‍රහණයෙන් වැඩක් නැහැ නේද?

    ඔයා කියලා තියෙනවා වගේ හෙමිහිට වට පිට බලමින් ගියොත් අපේ වැරදි හදාගෙනම ඉදිරියට යන්න පුළුවන්.

    අගනා නිර්මාණයක් සහො
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම හිතන්නේ අන්තීම වචනය " රැකගෙන " වෙන්න ඕනා
    ජීවිතේට ඉලක්කයක් ඕනමයි. මොකද එතකොට අපිට ඒ ඉලක්කය දිහා බලාගෙන යන්න පුළුවන්
    හැබැයි අපිට තරගකාරිත්වයක් අවශ්‍යමයි ....එතකොට අපිට අපේ ඉලක්කෙට යන්න ලේසියි
    තව කෙනෙක් පාගගෙන නොවුනත් තරගයක් අවශ්‍යමයි....


    අපූරු නිර්මාණයක් සහෝ...හදවතින්ම සුබ පතනවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇස් වහගෙන යන්නන් වාලේ යන සමාජ ප්‍රවණතාවයට වඩා වැදගත් වෙන්නේ ඇස් ඇරගෙන රැල්ලේ නොදුවා ගමන් කරනා ප්‍රවණතාවය හා එක්වීමයි..

    එතනදී අපි කල යුතු දේවල් කීපයක් තියෙනවා..මුල්ම දේ හෙමින් හෝ වේගයෙන් ලබා ගන්න වෙර දරන දෙයට බලාපොරොත්තුවලට වඩා ඉලක්ක අනුගත කිරීමයි..අනිත් කරුණ තමයි අපි ලබා ගන්න වෙර දරනා දෙය ලබා ගන්න වෙර දරනා ක්‍රමය හා සබැඳිව සමාජයට කෙතරම් දුරට අවැඩක් හා අසාධාරණයක් ඉන් සිදුවෙනවාද යන්න ගැන නුවණැසින් විමසා බැලීමයි.........

    සාමාන්‍යයෙන් බලාපොරොත්තුව(hope) ඔහේ අත් පොරවන් ලැබෙනකන් ඇස් දල්වා සිටින දෙයක්නේ..උත්සාහයක් දැරුවත් එය අල්ප වශයෙන්..නමුත් ඉලක්ක(targets) එහෙම නෙවෙයි ඒවාට පුළුල් දැක්මක් හා විශ්වසනීයත්වයක් තියෙනවා ලබා ගන්නවාමයි කියල.

    විශේෂය මුලින්ම ඉලක්ක ලුහුබඳින්නේ ක්‍රමවත් සැලැස්මකට.. එයට නිශ්චිත කාල පරාසයක් තියෙනවා(deadline) මේ කාල පරාසය තුල මෙය ඉටුකර ගත හෝ ලබා ගත යුතුමයි කියලා...ඔය දෙකේ සැබෑ වෙනස තියෙන්නේ ඔතනයි...

    කාලීන මාතෘකාවක් නිර්මානයෙන් සමාජයට එලි දක්වලා...සංවාදයට හොඳ නිමිත්තක්..අපුරු නිර්මානයක් මල්ලියා...දිගටම ලියන්න...

    ඔබට ජය...
     
    Last edited:

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඉලක්කයකට ඉගිලෙන එක තමයි කලයුතු. කෙනෙක්ව පාගගෙන ලබන ජය කුමන ඵලක්ද. හිමින් ගමන තමයි හොදම. තරගයට දරුවන් යොමු කරන දෙමාපියන්ටත් මෙය ෙහාද අාදර්ශයක්. ඔබට ජය පතනව.