20-20 ලෝක කුසලාන සංචිතය තේරිම
වීරයාට තැනක් නෑ!
ඇමැති තවමත් නිහඬයි
පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්‌ඩායම තේරීමේ පෙරහුරු තරගාවලිය වූ අන්තර් පළාත් 20 - 20 ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ වයඹ කණ්‌ඩායමේ ජීවන්ත කුලතුංග ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට නම් නොකිරීම නිසා දැන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.
පසුගිය සතියේ ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ 30 දෙනකුගෙන් සමන්විත සංචිතයට ජීවන්ත කුලතුංග ඇතුළත් නොවූ අතර ඔහු දිගින් දිගටම ලකුණු රැස්‌කරමින් තරගාවලියේ වීරයා බවට පත්වීමත් සමගම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අවසන් 15 දෙනාගේ කණ්‌ඩායම නම් කර ක්‍රීඩා ඇමැතිවරයාට යොමුකර ඇතත් තවම ඊට අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.
30 දෙනාගේ සංචිතය මේ වන විටත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයට යවා ඇති අතර ඊට ජීවන්ත කුලතුංගගේ නම ඇතුළත් කිරීමට ක්‍රිකට් පාලක මණ්‌ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලීම් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එම අනුමැතිය ලැබුණහොත් ඉන් පසුව ඔහු අවසන් 15 දෙනා අතරට පැමිණීමට තීරණය වන බැවින් ඊයේ (8 වැනිදා) නම් කරන ලද කණ්‌ඩායමට ඇමැති අනුමැතිය හිමිවීම පමා වී ඇත.
මේ පිළිබඳ ඊයේ සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර අද අවසන් තීරණයකට එළඹීමට ක්‍රිකට් බලධාරීන් හා තේරීම් කමිටුව අපේක්‍ෂා කරයි.
මේ අතර ජීවන්ත කුලතුංග නොමැති 30 දෙනාගේ ක්‍රිකට් සංචිතය ඇමැති අනුමැතියෙන් පසුව ඊයේ දහවල් මාධ්‍ය වෙත නිකුත් කළ ද ඊට 20-20 තරගාවලියේ දක්‍ෂතම පිතිකරු වූ දිනේෂ් චන්දිමාල්ගේ නම පමණක් ඇතුළත් නමුත් ජීවන්ත කුලතුංගගේ හා දක්‍ෂතම පන්දු යවන්නා වූ ජනක ගුණරත්නගේ නම් ඇතුළත් නොවීය.
ඇමැති අනුමැතිය ලද ශ්‍රී ලංකා සංචිතය
කුමාර සංගක්‌කාර (නායක), තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, චින්තක ජයසිංහ, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරාඡ් රන්දිව්, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු, නුවන් කුලසේකර, තිලාන් තුෂාර, චානක වෙලගෙදර, සුරංග ලක්‌මාල්, ෆර්වීස් මහරුෆ්, ඉසුරු උදාන, මාලිංග බණ්‌ඩාර, මහේල උඩවත්ත, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, මුතුමුදලිගේ පුෂ්පකුමාර, කෞෂල්‍ය වීරරත්න, චාමර සිල්වා, කෞෂල් සිල්වා, ඡ්වන් මෙන්ඩිස් සහ නුවන් සොයිසා

අලුත් කොල්ලෝන්ට ඇටබෝල් ගහන්න තමයි වෙන්නේ. 