ඔබේ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි
රැළිලමින්සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි...
තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
. .. . . .
හිරු නිවී මුහුදු තෙර
රාත්රිය එලඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
. . .
නා ගසක් දලු දමා
වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
. . .
යුග ගණන් පැමිණි මඟ
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
. . . ..
අහස් තල පොලෝ තල
ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
. . . ..
ප්රේමකීර්ති ද අල්විස්
වික්ටර් රත්නායක
Mei Sng eka thiyenewa nan denewada ??