~ නොදැක පා සටහන ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
[FONT=&quot]

හිමි නැති මුත් පා යුග[/FONT]

[FONT=&quot]ඔබ මෙන් මා හට[/FONT]
[FONT=&quot]නැත අඩුවක් බිඳකුදු[/FONT]
[FONT=&quot]සිතේ ඇති සවිය[/FONT]


[FONT=&quot]ගලපා ගනු නොහැකිව[/FONT]
[FONT=&quot]ඇදගෙන යමි ජීවය[/FONT]
[FONT=&quot]කුමට තැවෙනු තව[/FONT]
[FONT=&quot]නොදැක පා සටහන[/FONT]


[FONT=&quot]පියෙන් පිය දුරටම[/FONT]
[FONT=&quot]යනෙන කල මහ මග[/FONT]
[FONT=&quot]අත පා වුව කාටහෝ [/FONT]
[FONT=&quot]අත් නොහැර ජීවිත සටන[/FONT]


[FONT=&quot]අත් වාරුව දී කරත්තයට[/FONT]
[FONT=&quot]සොයා සොච්චම ඇවිද්ද[/FONT]
[FONT=&quot]ගමනට විරාමය දැන්[/FONT]
[FONT=&quot]අහෝ වෙහෙසයි දෑත් යුග


දිල්
[/FONT]
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම ලස්සන නිර්මානයක් දිල්. හරිම සංවෙදියි. ධෙර්්‍යය වන්තබව, අබාධිතබව නොසලකා ඉදිරියට යාම, ජීවිතය ජයගන්නට දරන උත්සාහය , අවසන නිසල බව කදිමට නිරෑපනය වෙනව දිල්. මෙහෙම ගෙවෙන ජීවිත අපෙ සමාජයෙත් කොපමනද? කදිම පනිවිඩයක් කම්මැලියන්ටත්. සුබ පැතුම් ඔයාට.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම ලස්සන නිර්මානයක් දිල්. හරිම සංවෙදියි. ධෙර්්‍යය වන්තබව, අබාධිතබව නොසලකා ඉදිරියට යාම, ජීවිතය ජයගන්නට දරන උත්සාහය , අවසන නිසල බව කදිමට නිරෑපනය වෙනව දිල්. මෙහෙම ගෙවෙන ජීවිත අපෙ සමාජයෙත් කොපමනද? කදිම පනිවිඩයක් කම්මැලියන්ටත්. සුබ පැතුම් ඔයාට.


ස්තුතියි සහෝදරී
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නැතෙයි කියන්න හිතක් නැති...

දිරිය, පැතුම, ශක්තිය හැමදෙයම කැටිකර අගනා නිර්මාණයක් සොයුරිය.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මීටත් වඩා දිරිමත් මිනිසුන් වෙසෙන ලොවක් මේක.... අපි මහ අමනයන්... එහෙමත් හිතෙනවා වෙලාවකට...

මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි පායුග නැති වුන් වෙසෙන රටේ.....

අපූරුයි නංගී...
රෙප්++++
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නැතෙයි කියන්න හිතක් නැති...

දිරිය, පැතුම, ශක්තිය හැමදෙයම කැටිකර අගනා නිර්මාණයක් සොයුරිය.

බොහොම ස්තුතියි සහෝ
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අන්තිම හුස්ම පොද වෙනකම්ම ජීවිතය සටනක්.මොනදේ නැති වුනත් අත්හල නොහැකි.
    සංවේදී නිර්මාණයක් දිල්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දෙපා අහිමි වුනත් හදවත ලොකුවට ඇරගෙන ජීවිතයට මුහුණ දෙන අපේ කාලයේ දූක් විඳින අභීත එවුන් ගැන ලියු පදපෙලට මගේ හිස්වැසුම ගලවා ඔබට ප්‍රථමයෙන් මෙසේ ආචාර කරමි..

    දුක් විඳින්නන්ගේ ලෝකය අත පය නැති කමින් විරැකියාවෙන් හා අත මිට කාසි පනම්වලින් සරු නොවූවත් හිතේ ධෛර්යෙන් හා තිරසාර අදිටනින් කිසිවකට දෙවැනි නොවන බව මේ විශිෂ්ඨ නිර්මානයෙන් සක් සුදක් සේ පැහැදිලි කොට ඇත.....


    නංගියට ජය..දුක් විඳින අපේ ජනතාවට ජය....
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    me wage jeewitha api nitharama asa gatenawaa maawatheedi..

    wena ratawalanam mee wage ayata udawu karana wadapiliwelawal tiyenawa..

    godanagili pawa design karanne disable acess atuwa..

    apith office eke me dawas wala ee wage deewal promote karana wada piliwelawal hadanawa..eeka godak sathutu wenna puluwan kaaranayak..

    saarthaka nirmanayak dil....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මීටත් වඩා දිරිමත් මිනිසුන් වෙසෙන ලොවක් මේක.... අපි මහ අමනයන්... එහෙමත් හිතෙනවා වෙලාවකට...

    මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි පායුග නැති වුන් වෙසෙන රටේ.....

    අපූරුයි නංගී...
    රෙප්++++


    ස්තුතියි චතුර
     
    • Like
    Reactions: ZurieL

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    දෑත් දෙපා සියල්ලත් යහතින් තියෙද්දි, වුවමනාවටත් වඩා ධනයත් තියෙද්දි, තව තවත් අාසාවන් පස්සෙ දුවමින් ජිවිතෙ විදවන අය මෙවැනි ජීවිත ගැනත් මදකි නැවතිල හිතල බලන්න ඔ්නෙ

    අගනා නිර්මාණයක්
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ස්ංවේදි නිර්මාණයක්.
    දෑත් දෙපා නො අඩුව ලැබුණ අපට ඒ ගැන අගයක් දැනෙනේ මේ වගේ මිනිසුන් දකින විටයි.
    එහෙත් ඔවුන්ගේ උත්සහය අපට වඩා ඉහළයි.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    harima lassana liyala tiyenawa Dil,
    meka kiyawanakota mage aghe heegadu pipuna.
    attatama siyalu de himiwela tiyena apata ai echchara diryayak naththe kiyala.

    meka e wage diwigewana ayata upaharayakma wewa.

    tawath mewani de liyannata oyata hadawathinma subha pathanawa.