මුරැගසං වර්ෂා...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මුරැගසං වර්ෂා...

ජිවිතය තුලදි අපට අපගේ මවි අවැසි වන්නේ ඇයගේ ආදරයේ පිහිට පතන්නේ අපි අන්ත අසරණ වු විටකදිය. මම මගේ මවි ගැන වචන දහයක් ලියා නැත. ඇය ගැන කිසිවිටෙකත් ලිවිමට මට ඇවැසි වි නැත. ඇය ගැන ලියන්නට මට කිසිදිනේත පාරිභාෂතයේ වචන තිබි නැත. ඉතිං මම කිසිදිනෙක මා සිත තුල ඇති මවි සෙනෙහස වචනයට නගා නැත. කිසිදිනෙක නගන්නේද නැත. එහෙත් මට මගේ මවි කෙරෙහි ඇති ආදරය අප්‍රමාණය. ඇය මගේ ජිවිතය බදු යැයි මම කිසිවිටෙකත් ඇයට පවසා නැත. නමුදු ඇය එය දන්නා බැවි මම දනිමි. එ මම ය.
මට සෙනසුරා ලබා ඇති කලේක මගේ පෙමිබරියට සිකුරා ලබා ඇති කලේක අපේ ලෝකය මතට බාහිර සාධක ඇතුඑ වු කලේක නාය ගිය මගේ කතාවයි මෙ.

332szyq.jpg


පසුගිය අවුරැදු දෙක ඇතුලතදිම මම මගේ මවි ට දුරකතන ඇමතුමක් දී නැත. ඇය මට කතා කොට මගේ දුක සැප විමසා බැලුවද මම කතා කොට ඇගේ දුක සැප විමසා බලා නැත. මම දුරකතනය ගෙන වරක් නොව සිය වරක් සිතා ඇයට දුරකතන ඇමතුමක් ගත්තෙමි.

අමිමෙ.........

ඉන් එහාට යමක් පැවසිමට මට හැකි නොවිය. මම ගොඑ විණ. මම කඑ කුහරයක් තුල සිර වුවා සේ මට දැණින.

චුටි පුතා..... ඔයා හොදින් නේද....

තමන්ගේ කුසේ දසමසක් හොවා වැදු දරැවා හුස්ම ගන්නා හඩින් පවා මවිවරැ අපව හදුනා ගනිති. ඒ මවිවරැන්ගේ හැටිය. ඇගේ හඩ මගේ නෙතග තෙත් කිරිමට සමත් වි ඇත. මම නිහඩවම දිගු සුසුමක් පිට කලේමි.

පුතේ උඹට කරදරයක්ද......??


අමිමෙ....... මට ගෙදර එන්න ඹනේ.....!!

ඉක්මනට වරෙන් මයේ පුතේ......

ඇය තවමත් නොසැලෙන ආදරයෙන් මා පිළිගැනිමට සැදී පැහැදී සිටියි.

පරිස්සමෙන් මයේ පුතේ... බුදු සරණයි....

කන පැලෙන්න බී සිටි මට ගෙදර යන මග සොයා ගැනිමටවත් හැකියාවක් නැත. අපේ අමිමා පොඩි මල්ලී අතේ කුරැලු පිහාටුවක් එවිවෙිද නැත. නමුදු ඇගේ නොසැලෙන සෙනෙහසින් මම පියාඹා ඈ සොයා ගියෙමි. මට අත් තටු ලැබුනේ කෙසේද යන්න මම නොදනිමි. ගුවන් හමුදාවට හොරෙන් කෙළඹට රිංගු කුරැමි බැටිටියක් සේ මම ඇගේ සෙනෙහස සොයා පියැඹුවෙමි. ඝණ කඑවර කපාගෙන සිහිය එන යන මනස එකග කරගෙන මම පියැඹුවෙමි. අවසන මම දුරැ කතර ගෙවා පැමිණ කුඩා කල මෙන් ඇගේ ඇකය මත ගුලි ගැහුනෙමි. මට උරැමව තිබු මගේ ප්‍රේමයේ උණුහුමි පපුතුරැල තුල විදි සුවපහසුව, සුරක්ෂිත බව, සෙනෙහස, රැකවරණය මට ඇගේ ඇකය තුල දැනෙන්නට විය. මුඑ රැයක් මම ඇගේ ඇකය තුල ගෙවිවෙමි. මුඑ රැයම පහන් කරමින් ඇය මගේ හිස අත ගාගා ම සිටියාය. අත පය හතර දික් වුණාට ඇයට තවම මම ඇගේ චුටි පුතාය. ඇය මුව වසාගෙන් සිත ඒ මෙ අත යවමින් මුවින් නොදොඩා, සිතින් තර්ක කරමින් මගේ හිස පිරිමදිමින් ම උන්නාය. මම ඇගේ ඇකය පිරෙන්න කදුඑ පිරෙවිවෙමි. මා නිසා තැඑනු ඇගේ හිත මුඑ රැයක් පුරා මම, මගේ කදුඑ වලින් දෝවනය කලේමි. ප්‍රේමය අහිමිව නන්නත්තාර වු අංගුලිමාල සිත් ඇති මම ඇය මතින් මුඑ රැය පුරා සැනසීම සෙවිවෙමි. ජිවිතය ඇතහැරැණු මම ඇය තුල මගේ සොහොන් කොත ඉදි කරමින් මුඑ රැයක් නිදි වැරැවෙමි. මොහොතකට පෙර මරණය සොයමින් ඇල්කොහොල් ගුදමක ජිවිතය දිය කරමින් සිටි මම, මගේ මවි මතින් නැවත ජිවය ලබමින් උන්නෙමි. සී සී කඩ විසිරි ඉරිතැළි කුඩු වි සිටි මා ඇය දෝතට ගෙන ඈ තුල සතපවා ගත්තාය.


නින්දත් නොනින්දත් අතර සිහියත් අසිහියත් අතර සිහින සොයා මම පිය මැන්නෙමි. මම රස්සාවට දැං කරන්නේ ද සිහින දැකිම ම පමණකි. මගේ සිහින කොහෙන්දෝ ආ සුළගක පැටලි අතුරැදහන් වු කලේක මම යථාර්තයෙන් වහං වි සිහින තුල සැරි සැරෑවෙමි. මම සිහිනෙන් ඇයව ස්පර්ශ කරමි. ඇගේ සිනහා හඩ අසමි. ඇගේ පපු තුරැලේ සැප‍ට ගුලි වෙමි. ඇයව සිප ගනිමි. යථාර්තය තුල මට සියල්ල අහිමි වෙද්දි මම ලෝකයෙන් වහං වි සිහින තුල තව තවත් ගැඹුරටම කිමිද යමි.


අපර්ණා.......


මම සිහිනයෙන් කෑ ගසා අවදි වුවෙමි. මගේ ඉහෙන් කනින් දාහදිය වැගිරෙන්නට විය. මගේ ජිවිතයේ නොමැකෙන සදාදරණිය මතකය, මගේ මුඑ ජිවිතයම ගොඩ ගසා තිබු ප්‍රේමය, නන්නත්තාරව උන් යුගයක මම දුටු ප්‍රතිහාරය.....
අපර්ණා........................
.....

ඇය සුළගක් සේ අවුත් මගේ ජිවිතය මංමත් කල අයුරැ. මගේ නපුරැ හිත, ප්‍රේම කරන්නට නොදන්නා ආත්මය විසින් ඇයව මාංශභක්ෂනය කර ඇත. රැදුමි දී රිදුමි දි ඉවසිය හැකි උපරිමයෙන් ඉවසා වැදෑරැ ඇය අවසන සිහිසන් වු සිතින් යුතුව මගෙන් වෙන් විය. මම මගේ ආත්මයත් ඇගේ ආත්මයත් ඔසවා පෙළවෙ ගසා සමතලා කොට ඇත.


සද අල්ලන්න

උඩ පැනලා පැනලා
පස්ස බිම ඇන ගත්
මෝඩයා
මම

eb626v.jpg



ඇය සීමා විරහිතව මට ඇගේ පුපුතුරැලෙහි ජිවිතය තන්නට ඉඩ ලබා දුන්නාය. ඇගේ සිනිදු දෙකොපුලෙන් මගේ ජිවිතය අස්වසාලීය. මගේ උරහිසෙහි හිස හොවාන ඈ පුංචි පුංචි හීන අපි ගැන මැවිවාය. මගේ අතැගිල්ලක එල්ලී ඈ විශ්වයක් දුටුවාය. මගේ නෙත් තුල ඈ ආරක්ෂාවට වහං වි උන්නාය. නපුරැ මම ඈ ගැන නොසිතා ඇගේ සුන්දර හීන මත මගේ බර අඩි තබා සුනුවිසුනු කලේමි. ඇගේ සිනහාවට මගේ නපුරැ වචන මතින් ගිණි තැබුවෙමි. ඇගේ දිලිසෙන ඇස් අගට මගේ නපුරැ ක්‍රියාවන් හරහා කදුඑ එක් කලේමි. අවසාන අර්ථයෙන් මගේ ජිවිතයට පැහැයත්, හැඩයත් රැගෙන ආ අපර්ණාව මම මගේ ජිවිතයෙන් එළවාගෙන තිබිණ. ඇය බිදෙන් බිදෙන් මා මත වෙළි ඇයව විනාශ කර ගත්තාය. ඇය ආත්මීයව මියගොස් සිටියාය. මෙ සිටින්නේ ඈ නොවෙ යැයි කියමින් මැසිවිලි නගමින් මම ඇගෙන් දුරස් වුයෙමි.
මම දික්කසාද පිරිමියෙක් වි අදට හරියටම මසකි. අපර්ණාගෙන් හිස් වු හිඩැස පුරවා ගැනිමට මම සතර අත ගියෙමි. මං මාවත් පුරා ඔහේ ඇවිද ගියේමි. පොද වැස්සේ තෙත බරිත වන්නට තෙමුනෙමි. ගිණි දවල් කන පැලෙන්නට බී වෙමි. නොකා නොබී දින ගෙවිවෙමි. රෑ මැද අනාථයෙක් සේ විදි සැරැවෙමි. එහෙත් ඇගේ හිස් තැන පිරවිය නොහැකි සේ තව තවත් විශාල වන්නට විය.

1z1gwsi.jpg


සිහින
ඉපැදෙන - මියැදෙන
මළ හිරැගේ හොරාවෙ
මුඩු බිම මත බර අඩි තිය තිය
ඔබ සොයාමින්
විදි සරණ උන්මත්තක
ප්‍රේමවන්තයෙක්....

අපර්ණා සියල්ල ඉවසා දරා ගනිමින් මගේ නපුරැ හිත ඉවසු පුංචි සුරංගනාවිය. පුංචි කැබලිති වලටත් හිත කුඩු වි තිබිද්දී ඇය වැරෙන් මා සිප ගත්තාය. මැලවෙමින් තිබු ඇගේ තොල් පෙති ආයේ කිසිදිනෙක මගේ හාදු වලින් ජිවය ලැබුවෙ නැත. ඒ බව මම දුටුවෙද නැත. සයනයේ වැතිර හුන් ඇයව ඔහේ මාංෂභක්ෂනය කලා මිස ඇය ගැන සිතන්නට මට ඇවැසි වි නොතිබින. අපේ විවාහ සංස්ථාවෙ අවසන් කාළයේදි මම ඇයට කතා කිරිමට පවා බිය විමි. එතරමිම මම ඇයව මගෙන් දුරස් කොට තබා ඇත. රෑ සිහිනයක් ලෙසවත් ඈ මගේ හිතට ආවෙ නැත. පෙර දින උදේ නැගිට බලන විට මගේ පපුව මත ම, මගේ පපුව තුලම, ඈ මිය ගොස් තිබිණි. ඇගේ ආත්මය නිද්‍රාවට පත්ව තිබිණි. මම ඇයව ඝාතනක කර තිබිණි.

ndu43p.jpg




<අරවින්ද>
2010මාර්තු17


~සමාප්තයි~
 
  • Like
Reactions: BiN_KuNdA

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කියන්න වචන නම් නෑ මචන්.
    කවියක්,කෙටි කතාවක්,දිග කතාවක්,හරියටම මොකක්ද කියල හිතන්න බෑ.වින්ඳා උපරිමයෙන්ම.
    හරිම අපූරුයි.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ෙම්ක අැත්තක්ද? අැත්තටම අරවින්ද. මට නම් හිතාගන්නවත් බැහැ. මොනව උනත් මව් සෙනෙහසක අගය! කොපමනද? . ඒ දෙය ඔබට පසක්වෙලා. ඒ දෙයට සමාන සෙනෙහසක් ලොව තවත් අැතිද? ...... දිරි අරන් ජීවිතය දිනන්න. ඔබට සුබ අනාගතයක්.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ෙම්ක අැත්තක්ද? අැත්තටම අරවින්ද. මට නම් හිතාගන්නවත් බැහැ. මොනව උනත් මව් සෙනෙහසක අගය! කොපමනද? . ඒ දෙය ඔබට පසක්වෙලා. ඒ දෙයට සමාන සෙනෙහසක් ලොව තවත් අැතිද? බීමතින් වැනසෙන්නෙ ඔබමයි . ජීවිතය විනාස කරගන්න ඒපා. මිනිසෙක් වෙලා ඉපදීමම මහත්වූ ලාබයක්!. දිරි අරන් ජීවිතය දිනන්න. ඔබට සුබ අනාගතයක්.
     

    nwnbs

    Member
    බොහොමත්ම ස්තුතියි යාළුවා කතාවක් ලියපු එකට... :D මම ගොඩක් කල් ඉඳල බලං හිටියෙ... :)
    පටන් ගැන්මෙන්ම අපේ නෙතඟට කඳුළු ගේන්න පුලුවන් වෙලා ඔබට... මව් සෙනෙහස අපූරුවට ලියල... හිතට ගොඩක් දැනුන යාළුවා...හැමදාමත් ඔබේ නිර්මාණ අපේ හිත්වලට ගොඩක් දැනෙන්නව...
    සුබ පතනව ඔබට... ඔබේ අනාගතයට... ඔබේ නිර්මාණකරණය තව තවත් දියුණු වෙන්න පතනව...!!!
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ෙම්ක අැත්තක්ද? අැත්තටම අරවින්ද. මට නම් හිතාගන්නවත් බැහැ. මොනව උනත් මව් සෙනෙහසක අගය! කොපමනද? . ඒ දෙය ඔබට පසක්වෙලා. ඒ දෙයට සමාන සෙනෙහසක් ලොව තවත් අැතිද? ...... දිරි අරන් ජීවිතය දිනන්න. ඔබට සුබ අනාගතයක්.


    ;););)
    Thankx dude
     

    teapot

    Member
    Mar 19, 2010
    37
    2
    0
    ]
    ;);)
    samaharavita meka eththak wennath puluwan....

    thankx dear


    මචං උඹ ඇත්තටම මෙහෙම කරානම් උඹ අමු චාටර් පොරක්. අවුරුදු දෙකක් අම්මට ඇත්තටම කතා කරේ නැතිනම් උඹ මහ ආත්මාර්ථක්කමී කුහක පාහර ගස් බල්ලෙක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වහින්න වහින්න ලස්සන වෙන්නේ
    ගහකොල මල් පිබීදී එන්නේ
    ලොකෙම සුන්දර වී හිනහෙන්නේ
    අපිත් ඉතින් සතුටින් ඉන්නේ
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    kiyanna wachan naa saho, apoorui meka kiyawala as walata kadulu awa.
    attatama api jeewithe hoyagena gihilla walmath una dawasata api ammawa thamai hoyagena enne. edata api mona mattamaka hitiyath eda wagema eya apiwa piligannawa,apita adaraya karanawa.

    mawu senehasa gana kiyanna wachana naa saho.....

    monawa unath jeewithe dinannna uthsaha karanna.obata jaya
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කාලෙකින් අරවින්ද අයියගේ නිර්මාණයක් කියෙව්වේ.ගොඩක් රස විංඳා මම.අයියට පින්!