ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි

ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි, අධිකරණය අවසර දී තිබුණත් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නැහැ - අනෝමා ෆොන්සේකා


නාවික හමුදා මූලාස්ථානයේ රදවා තබා තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය විට ඉතා අසාධ්‍යව ඇතත් මේවන තෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නොමැති බව අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ සිය නිවසේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.

මා අද උදෑසන ජෙනරාල්තුමා බැලීමට ගියා. මේ වන තෙක්ම ඔහුව බැලීමට විශේෂඥ වෛද්‍යවරයෙක් ලැබී නැහැ. අධිකරණය පවා ඒ සදහා අවසරදී තිබුණත් කුමන හෝ බලපෑමක් යටතේ එය නවතා තිබෙනවා.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා හා රජයේ මාධ්‍යවලින් ප‍්‍රකශ වනවා ඔහුට පහසුකම් සලසා තිබෙන බව සහ වෛද්‍යවරයෙක් මුණගස්වා තිබෙන බව. මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හමුදා ප‍්‍රකාශකවරයා‘‘ ලක්බිම ’’පුවත්පතට කර තිබූ කරුණු දැක්වීමකින් කියා තිබුනා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වුවා කියා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මමත් එතන හිටියා කියා තිබුනා. එයත් අසත්‍යයක්.

ඔහුගේ පපුවේ බෝම්බ ප‍්‍රහාරයෙන් අතුළු වූ යකඩ කෑලි තිබෙනවා. ඒ බව මීට පෙර වෛද්‍යවරු කියා තිබුනා. ඒ නිසා ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව ද කියා තිබුනා. මේ තත්ත්වය උඩ සාමාන්‍ය සිරකරුවෙකුට වඩා ඔහු විශේෂයි. ආණ්ඩුවේ ඇමැතිවරු වායු සමීකරණ ඉල්ලා සිටීම ගැන හැගුම්බරව කතා කළා. නමුත් ඔහුට එය අවශ්‍ය බව වෛද්‍යවරු පවසනවා. ඔහු සුවිශේෂී සිරකරකරුවෙක් . නාවුක හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් සුවදුක් බැලූ බව කියා තිබුනා. නමුත් එසේ වුනේ නැහැ. මේ වන විට ඔහු අශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ අපහසුතාවයෙන් පෙලෙන්නේ. ඉන්හේලර් 2ක් පාවිච්චි කරනවා . නමුත් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියා ව්‍යායාම කළ යුතුයි කියා. මම ඉල්ලා සිටියා පිරිසිදු වාතය අවශ්‍යයි කියා. එයට පිළිතුරු වශයෙන් ඔහු සිටින කාමරයේ ලෑලි ගලවා දැලක් දමා තිබෙනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. මොකද ඊට එහා පැත්තේ උස් තාප්ප තිබෙනවා වාතය එන්නේ නැහැ.

මම ඉල්ලා සිටින්නේ මේ තත්වය දැකගන්න වෙනත් මාධ්‍යවේදීන්ට යන්න දෙන්න කියා. පවුලේ උදවියට යන්න දෙන්න කියා. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයක් ද ලැබී තිබෙනවා. නමුත් අධිකරණයට වඩා ඉහලින් වන බලපෑමක් නිසා ඒ තත්ත්වය මග හැරී තිබෙනවා. රජයේ පුවත්පත් පමණයි ඔහුට බැලීමට දෙන්නේ. .මොවුන් බලාපොරොත්තු වන්නේ ඒ තුළින් ඔහුගේ මානසික මට්ටම බිඳ දැමීමටයි. නමුත් ඔහු එක් අරමුණක ඉන්නවා. වෙනස් වෙනවා නම් බිඳවැටෙනවා නම් මේ කාලය තුළ එය වෙන්න පුළුවන්. නමුත් ඔහු එසේ වෙන කෙනෙක් නොවේ. මේ අය මෙතන ඉන්නේ ඔහු නිසයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳ ආයතන දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී ඒවායින් යහපත් ප‍්‍රතිචාර ලැබේ කියා අපි විශ්වාස කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය, ජෙනරාල්වරයාගේ රෝගී තත්ත්වය එන්න එන්න උත්සන්න වන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු කළ යුතු බවයි. එමෙන්ම 30 වසරක සාපලත් යුද්ධයෙන් මවුබිම බේරාගත් විරුවා ජීවත් කරවීම සදහා පෙරට එන ලෙස ඇය ජනතාවගෙන් ආයාචනා කළේය.

Anomapress.jpg

 
  • Like
Reactions: amithpeiris

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
අනුකම්පාව ලබා ගන්න නටන නාඩගමක්........

Hamadaama hamoma karanawa wage, wenna puluwani machan.

But personally uba mokada hithenne? Ratata monawaama hari deyak oya manussaya kala neda? Ehema minihek hira karan inna eka harida oya wage asaadaarana neethi reethi daala?
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Hamadaama hamoma karanawa wage, wenna puluwani machan.

But personally uba mokada hithenne? Ratata monawaama hari deyak oya manussaya kala neda? Ehema minihek hira karan inna eka harida oya wage asaadaarana neethi reethi daala?

මචං මමත් අදටත් පිළිගන්නවා ලෝකයේ හොඳම හමුදාපති සරත් ෆොන්සේකා කියලා.........

හැබැයි දැන් එතුමා කියන කතා වලින් අපේ රටට හොඳක් නෙමෙයි සිද්ද වෙන්නේ.......

ඒ කාගේ හරි ලණු කාලා වෙන්න පුලුවන්... නමුත් හොඳ නරක වටහා ගන්න එතුමාටත් පුලුවන් කමක් තියෙන්න ඕනේ.....
 

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    මචං මමත් අදටත් පිළිගන්නවා ලෝකයේ හොඳම හමුදාපති සරත් ෆොන්සේකා කියලා.........

    හැබැයි දැන් එතුමා කියන කතා වලින් අපේ රටට හොඳක් නෙමෙයි සිද්ද වෙන්නේ.......

    ඒ කාගේ හරි ලණු කාලා වෙන්න පුලුවන්... නමුත් හොඳ නරක වටහා ගන්න එතුමාටත් පුලුවන් කමක් තියෙන්න ඕනේ.....

    :yes::yes::yes::yes::yes::yes:
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Hamadaama hamoma karanawa wage, wenna puluwani machan.

    But personally uba mokada hithenne? Ratata monawaama hari deyak oya manussaya kala neda? Ehema minihek hira karan inna eka harida oya wage asaadaarana neethi reethi daala?

    Asaadharane tharama umbta threi ekliyata daala lakawe army eka international courts walata ekkan giyama

    Eyawa hire daanna wechchai immediate reason eka maragena marenna kiyala yuda rahas elikaranna hadapu eka nemeida
    miniha deweni kathawa kiyanakam mahinda dial ekata eliye inna dunna neda.

    General issara kochachra pora unath dan hadanne
    mahindage paliya mahindage rataen hari ganna.
    ethakota api umba wage ewunta wena dewal walin eyata aulak na

    Loku buuru wade karanna kalin hire daapu eka e minihatath karapu udawwak.
    General uda aparaada case addanam mewa jara wada kiyana umbath generalge amma thaththa mathak karai
    Eth e wenakota wadak na.

    Generalta eliyata awoth lankawata kela karanne nathuwa indi kiyala umba athhtatama hitahnawada ?
    E manussaya ehema reverse gear yana ekekda?

    Athule inna eka eyata weswalagath ashirwadayak.