හරි අපි මෙතන තවත් වාද කරල වැඩක් නැහැනෙ, අවසාන නිගමනය ගැසලි අහින්සකයි,
කවුද එහෙම කියුවෙ? එයා කළේ වරදක්. මගේ මතය අනුව එයා බෑන් වෙන්න තරම් සුදුසු වරදක් කරල තියනව. හැබැයි ඉතින් එයාට හැදෙන්න අවස්ථාවක් දෙන එක වැරදි නෑ නේද? මොකෝ අපේ අයත් එයාලගෙ ශ්‍රාස්තූන්ට ඉන්සල්ට කළානෙ? ඒක නෑ කියන්න බැහැනෙ නේද? දෙගොල්ලන් ම සයිට් එකේ නීති කැඩුවනෙ. දෙගොල්ලන්ම බෑන් කරනව ද හැදෙන්න අවස්ථාවක් දෙනවද කියන එකෙන් හැදෙන්න අවස්ථාවක් දීපු එක වැරදියි ද?
මගේ මතය අනුවනම් කුණුහරුප කියන අය හා ඉන්සල්ට් කරන අයට අවවාද කිරීම හා බෑන් කිරීම කළ යුතුයි. හැදෙන්න අවස්ථාවක් දෙන්න දේකුත් නෑ දැන දැන වැරදි කරණ අයටනම්. ඔයා මගේ යාලුවෙක් වුණත් ඔයා කුණුහරුප කියුවත් ඔයාවත් බෑන් කළ යුතුයි. මං කුණුහරුප කියුවත්, ඉන්සල්ට් කරත් මාවත් බෑන් කළ යුතුයි. සයිට් එකේ විනය පවත්වාගැනීමට එවැනි දේ කරන එක හොඳයි කියලයි මගේ පවුද්ගලික අදහස. හැබැයි ඉතින් අපි සිංහලයො හැටියට ගොඩක් අයට හැදෙන්න අවස්ථාව දෙනවනෙ.