මං නම් ඕවා විශ්වාස කරන් නෑ. කාව හරි වශී කරගන්න ඕනෙ නම් කතාවෙන් ක්‍රියාවෙන් පුලුවන් ඒක කරන්න. සමහර විට (සමහර විට කියලා කිව්වේ ඒ ගැන වැඩි විශ්වාසයක් නැති නිසා) ඉස්සරම කාලෙ ඇත්ත ගුරුකම් තියෙන්න ඇති. දැන් නම් ඇති කියලා හිතන්නේ නෑ. දැන් තියෙන්නේ ලොකු ව්‍යාපාරයක්.හැබැයි සහෝ මෙහෙම දෙයක් තියනවා.
හිතමුකො මට තරහ කාරයෙක් ඉන්නවා කියලා. එයා ගුරුකම් වගේ දේවල් ගොඩක් විශ්වාස කරනවා නම් මං එයාට ආරංචි වෙන විදියට කාට හරි කිව්වොත් මං හොද කට්ටඩියෙකුට කියලා අරයාට හූනියමක් කලා හැදි ගෑවිලාම යන්න. ඒ ගුරුකම් කවදාවත් වරදින්නෙ නෑ, කපලා අයින් කරන්නත් බෑ කියලා අර මනුස්සයා ඕකම හිතලා, මානසිකව වැටිලා, හූනියම කපන්නයි කට්ටඩි හොයන්නයි සේසතම වියදම් කරලා, තමන්ගෙ වැඩත් පාඩු කරගෙන නිකම්ම නැති නාස්ති වෙනවා.
වශී ගුරුකමුත් ඒ වගේ තමයි ඉතිං. කොයි දේටත් මුල හිත. ඕවා විශ්වාස කරන්නෙ නැති කෙනෙක්ට නම් කොච්චර ගුරුතම් කලත් වැඩක් වෙන එකක් නෑ.
(comment එක දිග වැඩි වුනා නම් sorry වේවා)