ඔයාලට මේ වෙලාවේ හිතට එන හොද කවියක් කියන්න බලමු
කාටද හොදට කවි කියන්න පුලුන් කියලා බලමු කෝ
කාටද හොදට කවි කියන්න පුලුන් කියලා බලමු කෝ
ela ela ලස්සනයිමල් සුපිපී පුෂ්පයන් පිපී
හිරු බැසලා සූර්යයා දිලී
අහසයි ගගනයි මැද තනිවූ
සද තනියට චන්ද්රයා ඇවිත්













හිතට දැනෙන සිතුවිලි සිහියට ආවා
වචන වලට පෙරලුනු කවි පද මේවා
කවි කියනා හැම් හට සෙත් සිරි වේවා
කවියට කවියකින් පිලිතුරු පැමි නේවා![]()



කවි තියා මෙලෝ මගුලක්
ඔලුවට එන්නෙ නැති මෙහෙම වෙලාවක්
තිබුනා කියා මට නැත කිසිම මතකයක්
කවි සිතුවිලි ගැලපෙන ගතියක්
දැනුන ගමන්, එන්නන් මේ පැත්තේ යන්න රවුමක්



වෙලාව පහු වෙලා
තරහ නොම වනු නුඹලා
සිවු පදය ගොතලා
දැම්මා මෙතනට මඳක් සිතලා
කම්කරු දිනය දා
මෙය පටන් ගත් හින්දා
හැමෝවම කැන්දා
ගන්න පුළුවන් වෙයිද මන්දා
කවි ලියනු ආසයි
කියවනු තවත් ආසයි
කාලය විසේසයි
ගියේ නැත්නම් මං විනාසයි


සිතා සිත තුල රොද බැඳ
ගොතා මී වැනි කවි පද
කියන්නට රස කවි බැඳ
ගෙනෙමි ඇරයුම් වැඳ වැඳ
කවිය ගෙනෙනා අලංකාරය
දුරු කරයි හද භයංකාරය
වඩා හිත් තුල ප්රියංකාරය
කවිය ලොවටම චමත්කාරය