ලොක්කයියේ

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2efkf8m.jpg


වසර ගනනාවක් මැදපෙරදිග දේශවල රැකියාව කරමින් ඉන්න මට නොයෙක් පුද්ගලයින් හමුවී ඇත. තම පවුල්ව බර කරපිට පටවාගෙන තම යව්වනය උගසට තබා මේ කර්කෂ පරිසරය සමඟ ඔට්ටු අල්ලන ඔවුන් අයියලා, අක්කලා, නංගිලා හෝ මල්ලිලා කියා වෙනසක් නැත. උත්සාහයෙන් ජීවිත සටන තරණය කර පවුල් නවුකාව එතර කරන්න සටන් වදින ඔවුන් සැබෑ විරයන්ය. එහෙත් ඒ වන විට ඔවුන්ගේ ජීවිත හෙම්බත්වී අසරණ වෙලා...​

එවන් සොයුරන්, සොයුරියන් ගැන විමසන නිර්මාණ කිරීමට ම සිත බලපෑම් කරද කතාවස්තුව හා ඔවුන්ගේ අනන්‍යතවය තුළනය කරගෙන එවැන්නක් කිරීමෙ අභියෝගය සුළු පටු නොවේ.​

ලොක්කයියේ නිර්මාණය එවන් යෝධ චරිතයක් ඇති සරළ මිනිසෙකු වටා ගෙතුන සත්‍ය කථාවකි. මාස ගනනාවකට පෙර පටන් ගත් මෙ නිර්මාණයේ කටයුතු විවිධ හේතූන් නිසා පමාවට බඳුන් විය. එහෙත්, සොයුරියක් පියගුණ විදහා පාන පදවැලක් (මෙතැනින් බලන්න) ගෙනෙමින් කල ආයාචනය "පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්... සොයුරු පෙම ගැන නව කව් ගී පවසන්" ලොක්කයියේ නිර්මාණයට නැවත ප්‍රමුඛත්වයක් දෙන්න හේතු විය.​

මෙ පිදුම සෙනෙහසින් සෙනෙහස අකුරු කරන සොයුරු සොයුරියන් සැමට.​
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම සංෙව්දී අරුත්බර කවි පෙලක්. මම දන්න ගොඩක් සහේදරයන් ඉන්නව මල්ලි මෙවැනිම අය. ඒක අයිය කෙනෙක් මුළු දිවියම බාල මල්ලිල වෙනුවෙන්ම කැප කලා. මගෙ මාම, මගෙ තාත්ත ඒ වගෙ අය. ඒ උනත් හුගක් දෙනෙකුට ඒ කැපවීම අමතක වෙනව ඉහලට ගියාම. ඊට පස්සෙ හිතන්නෙ තමන් ගැනම විතරයි. ඒක ලේක ස්වභාවය කියල සමහරු කීවට අධම කමයි කියල මට හිතෙන්නෙ. අද ඉන්න නංගිල මල්ලිලට ඉතාම අරුත්බර ඔවදනක් දෙන මෙම නිර්මානය අගයකිරීම කරන්නෙ හදවතෙ නැගෙන කදුලකුත් සමගින්. තව තවත් ෙම් සමාජ සත්කාරයට ඔබට දිරි ලැබෙවා!
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,519
    5,983
    113
    thanx machan ...as dekata kandulutha awa umba man gana liyala thiyana widiha dakkahama :p
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අගේ ඇති නිර්මාණයක් ඩීන් සොයුර.... ඔබ අද තාක්ෂණයෙන් මඳක් බැහැර වුණත් එහි සුව්ඳත් මිනිස්කමේ සුවඳත් කැටිවුණු අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ නිර්මාණය දකින්නේ. ජය පතමි...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය වගේ මිනිසුන් මමත් දැක තිබෙනවා දකිමින් ඉන්නවා.
    ඇත්තටම ඔවුන් අපෙ කාලයෙ වීරයන්.

    හැමදාමත් වගේ සහෝගෙන් කාලයට ගැලපෙන අපුරු නිර්මානයක්
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මේ වගේ නොසැලෙන චරිත ඇති ම්නිසුන් තව කොතරම් ඇත්ද....හැමදාමත් වගේ අයියාගේ හැගුම්බර අර්ථවත් නිර්මාණයක්.
    ඇත්ත නංගී, මොනතරම් වේගයෙන් සමාජය ඉදිරියට ගියත් බැඳීම දුර්වල වෙමින් පැවතුනත් අපේ සමාජයේ මෙවන් උතුම් සොයුරු සොයුරියන් - අයියලා, අක්කලා, නංගිලා හා මල්ලිලා ඕනෑතරම් ඉන්නවා, ඒත් පැසසුම් නොලත් විරුවෝ. ඒ මහත් සිත් ඇත්තන් ගැන අදහසක් ඇති කිරීමයි මගේ අරමුණ වූයේ.

    බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීම හා වටිනා අදහසට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තමන් ගැන නොසිතා මුලු දිවියම කැපකොට ජීවිතයකට හෝ පවුලකට යෝධ හයිය ගෙනෙනා නොසැලෙන සිත් ඇති මෙවන් උදාර චරිත වන්දනා මාන කල යුතු වෙමු..

    නොපෙනෙනා දෙවියන් යදිනා මිනිසුන් උදේ හවා දෙපා නැමඳ වන්දනා මාන කල යුත්තේ මෙවන් දිරිය සොයුරන්මය..


    ඔබේ තාක්ෂණය හා බැඳි වෙනත්ම ආරක් ගත් නිර්මාන අතරේ ඔබ විසින් සමාජයට මුදා හල මේ යථාර්තවාදී සැබෑ දිරිය සොයුරාගේ නිර්මානය ඔබ කවි මගේ නිම්වලලු පුළුල් කල ප්‍රබල සන්ධිස්ථානයක්ම බව නොකියාම බැරිය..


    ඔබට ජය සොයුර...