බෞද්ධයිනි ,
තව දින කිහිපයකින් අප බෞද්ධ අපට වටිනාම ආගමික උත්සවය වන වෙසක් මංගල්‍යය සමරන්නෙමු. ඔබ එදිනට සිල් සමාදන් වෙනවාද? වෙසක් සිරි නරබන්නට යනවාද? එසේ නම් ඔබට බීමත් මත් රකුසන්ගේ අශීලාචාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ ඔබගේ මව, සහෝදරිය සමඟ වෙසක් සිරි නරබන්නට යනවා නම්, ඔබට වෙසක් සිරි නැරබීම පසෙක තබා ඔවුන්ව ප්‍රවේසම් කිරීමට සිදුවනු ඇත.
එයට හේතුව නම් වත්මන් රජය තම මතට තිත ප්‍රතිපත්තිය අකුරට ක්‍රියාත්මක කිරීමය. මීට පෙර පැවති රජයක ජනාධිපති ලෙස සිටි ජනාධිපතිවරයෙකු වෙසක් සතියක් නම් කොට සතියක් පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ කිසිම තිතක් ක්‍රියාත්මක නොවූ කාලයකය.
අද පාර්ලිමේන්තුවේ සිටින ලාබාලතම මන්ත්‍රී තුමන්ටවත් මේ සඳහා උනන්දුවක් නැතිද? අප ඔබව පාර්ලිමේන්තුවට යැවුයේ ඔබගෙන් මෙවන් මුනිවත රකින්නෙකු දැකීමට නම් නොවේ...
27, 28 යන දෙදින තුල පමණක් සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ මතට තිත දැන් අවසන් බව පෙන්වීමටද? වෙනත් පොහෝ දිනයන් මෙන් නොව අප සම්බුදු බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පොහෝ දිනයේදී හෝ ඔබගේ මතට තිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබදව දෙවරක් සිතන්න.
ELAKIRI සහෝදර සහෝදරියනි, මේ පිළිබද ජනතා මතයක් ඇති කර හෝ අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සිහියෙන් සිහි කිරීමට අපට වචනයෙන් හෝ කිරීමට හැකි දෙයක් කිරීමට එක් වෙමු.
සම්මා සම්බුදු සරණයි !