මහමෙවුනා අසපුව කියන්නේ බොහෝම උතුම් තැනක්. අපේකම බෞද්ධකම ඒ විදියටම රකිනවාට කිරිබත්ගොඩ අපේ ලොකු ස්වාමින් වහන්සේට ගොඩක් පින්. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා එහේ. ඔලුබක්කෝ නටන එක නැවතිලා. ඒක ගොඩක් ලොකු දෙයක්. ඒත් මේ වෙන දේවල් බලන් ඉන්නේ කොහොමද බන්?
බලන් ඉන්න අමාරු බව මං පිළි ගන්නවා
ඒත් අපේ ආගම අනිත් ආගම් වගේ
මෙහෙම හිටිපිය මෙහෙම ඇදපිය මේ සතාව කාපිය මේ සතාව නොකාපිය කියලා අණ කරන ආගමක් නෙමේ
හොදින් හිටියොත්හොද දේවල් ලැබෙනවා
නරක දේවල් කලොත් නරක දේවල් ලැබෙනවා
ඒක හින්දා හොද දේවල් කරන්න හැම තිස්සේම උත්සාහ කරන්න කියලා කියන්නේ
ඔන්න පුජනීය ස්ථානයක පන්සලක වගේ වෙනවා නම් අපිට විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා
තමන්ගේ පුද්ගලික ස්ථානයක තමන් හැසිරෙන විදිය තමන් දැන ගන්න ඕනේ
ඒක තමන්ම හැදෙන්න ඕනේ
ඒකට කරන්න තියෙන පුලුවන් හොදම දේ තමයි අපි හොදම දේ කිරිමත් ඒ හොදම දේ ප්රචලිත කිරිමයි
මිනිස්සු වර්ග 3ක් ඉන්නවා( වැරදිමක් නම් නිවැරිදි කරන්න)
1යමක් ඇසු පමණින් අවබෝධ වන
2තුන් හතර වතාවක් කියු විට අවබෝධ වන
3කිසිදා අවබෝධ නොවන
අපිට 1,2 අය විතරයි හදන්න පුලුවන්