වයස විසි එකයි
කෙල්ලො තිස් එකයි
අන්තිමේට කරපු කෙල්ල
වයස දහ අටයි
බදින්නට අසයි
කේන්තියි තමයි
ඒ හින්දම ඒකි දාල
ගියේ මම තමයි
ෆන් එකේම ඉන්න කාලෙ
ඉවරවෙයි බයයි
සුසී නම් සැරයි
ඒකි මහ වසයි
බෑ කිව්වොත් ඒකි
මගේ බෙල්ලම මිරිකයි
මමත් ඉතිං මේ ලෝකෙන්
චුත වෙලාම යයි
අඩන්නට හිතයි
ලෝකෙ උන් දකියි
මේකි මරල හිරේ ගිහින්
ඉන්නවා සැපයි
කිව්ව නම් තමයි
ඒත් මං අහිංසකයි
සුසීගෙ අයියයි
තවත් හතර පස් දෙනයි
බලෙන් මාව අරං ගිහින්
බැන්දෙ ඒකිමයි
ජීවිතේ දුකයි
පරණ කෙල්ලො මතක්වෙයි
මේකිගෙ රෙදි හෝදලාම
අතේ ඉරි මැකෙයි
පැනල ගියේ සුසී දාල
තවත් බැරි නිසයි
සුසීගෙ අයියයි
තවත් හතර පස් දෙනයි
ආයෙත් ආවයි
මගේ අඩු දෙක කැඩුවයි
තුන් මාසෙත් ඉවරඋනා
තාම ඇදේමයි
අන්තිමේට අහපු කෙල්ල
බැන්ද නම් හොදයි
සුසී දැකල වෙවුලන්නේ
බයකටම නෙමෙයි
තිස් දෙවැනිය ඕකි උනේ
මගේ කරුමෙටයි
පැනල පැනල ජීවිතෙන්ම
දුවන්නට හිතයි
කිව්ව වගේ තාමත් මං
හරි අහිංසකයි





~#ඨාකුර්Z#~ විසිනි.





