Time dilation, Twin paradox and Buddhism (must read)

Kasem

Member
Apr 29, 2010
665
52
0
මේ ලිපිය මවිසින් රචිත එකක් නෙමේ.:no: සිංහල බ්ලොග් අතර සැරිසරන විට අහම්බෙන් නෙත ගැටුන එකක්.:yes: මේ ලිපියෙ වැදගත් බවක් තියෙන බව තේරුන නිසා තමයි පෝස්ට් කරන්නෙ මෙහෙම.:D

මේ ලිපිය ලියන රචකයා ""පතිපූජිකා කථා වස්තුව" නම් බෞද්ධ සාහිත්‍යයේ සදහන් කතා වස්තුවේ ඇති විද්‍යාත්මක පැත්ත පිළිබදව තමයි මේ ලිපියෙ සදහන් කරන්නෙ.

එනම්,

අයින්ස්ටයින්ගේ නිවුන් විරුද්ධාභාෂය පිළිබඳව ඔබ හැමදෙනාම අසා ඇතැයි සිතනවා. මොකද සරලව කිව්වොත් නූතන විද්‍යාවේ තියන වඩාත්ම ජනප්‍රිය මෙන්ම වඩාත් ආකර්ශනීයම විරුද්ධාභාෂය ඒක නිසා. දන්නෙ නැති අයට දැනගන්නත් අමතක අයට මතක් වෙන්නත් එක්ක මම ඒක කෙටියෙන් කියන්නම්. ඔන්න එහෙනං අහගන්න...

එක පවුලක නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නීතීඥයෙක්. අනිත් එක්කෙනා අභ්‍යාවකාශගාමියෙක්. මේ දෙන්නම ඉන්නෙ වයස විසි ගණන් වල. දැන් මේ අභ්‍යාවකාශගාමියා අභ්‍යාවකාශ සංචාරයක් සඳහා පිටත්වෙල යනවා. ඔහු යන්නෙ එසේ මෙසේ අභ්‍යාවකාශ යානයක නෙවෙයි. ආලෝකයේ වේගයට (ප්‍රවේගය නෙවෙයි) ආසන්න වේගයකින් ගමන් කරන අභ්‍යාවකාශ යානයක..! ඔන්න ඉතින් ඔහොම ගිහිල්ල එයා එනව කියමුකෝ. දැන් ඔහු තමන්ගෙ නිවුන් සහෝදරය බලන්න යනවා. මොකක් වෙල කියලද හිතන්නෙ? දෙන්නම තාම එක වගේද? නෑ, නීතීඥය හොඳටම වයසට ගිහිල්ල. රස්සාවෙ හොඳකම නිසාද? :-) එහෙමත් නෙවෙයි. ඇත්තටම ඔලුවෙ කෙස් පැහිල කාලයත් එක්කම වයසට ගිහිල්ල. නමුත් අභ්‍යාවකාශගාමියා නම් හිටිය වගේම කොල්ල වගේ ඉන්නව. අවුරුදු කීපෙකින් වයසට ගිහිල්ල විතරයි.

ඔන්න ඕක තමයි අපේ සියවසේ මිනිසා, ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු නිවුන් විරුද්ධාභාෂය. නමුත් මොකද්ද ඇත්තටම මේකට හේතුව?

භෞතික විද්‍යාව කරපු කට්ටිය නම් දන්නව. පෘථිවියෙ වාසය කරන සහෝදරය ඉන්නෙ එක සමුද්දේශ රාමුවක (ඒක අවස්ථිති සමුද්දේශ, ඒ කියන්නෙ ත්වරිත නොවන, නැතිනම් භෞතික නියම නිවැරදිකිරීම් නොයොදා ඒ ආකාරයෙන්ම භාවිතා කල හැකි රාමුවක්). නමුත් අභ්‍යාවකාශගාමියා ඉන්නෙ තවත් අවස්ථිති සමුද්දේශ රාමුවක. පෘථිවි රාමුව ඉතා කුඩා වේගෙකින් චලනය වෙද්දි ඒක චලනය වෙන්නෙ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින්. මේ බව නිර්ණය කරන්න ඕනෙ රාමු 2ටම අයත් වෙන්නෙ නැති තුන්වන රාමුවක ඉඳල, හරියට ඉර වගේ තැනක. මොකද නිරීක්ෂකයා අභ්‍යාවකාශ යානයෙ ඉඳල බැලුවාම පේන්නෙ හරියට පෘථිවිය ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් පස්සට යනව වගේ..!


Twin+Paradox.jpg


ඉතින් ඔය විදියට විශාල වේගෙකින් වස්තුවක් ගමන්ගනිද්දි ඒ මත කාලය ගතවීමේ වේගය අඩු වෙනව. ඒක අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙ එක් අතුරුඵලයක්. ඒක නිසා පෘථිවියෙ ඉන්න සහෝදරය පෘථිවිය මත යම් අවුරුදු ගානක් ජීවත් වෙද්දි ඔහුට යම් කාලයක් ගතවුණාද ඒකෙන් ඉතා අඩු කාලයක් තමයි අභ්‍යාවකාශගාමියට ගතවෙල තියෙන්නෙ. ලොරෙන්ට්ස් පරිණාමන සමීකරණයක් භාවිතා කරල ගණනයක් කරනව නම් මෙහෙමයි. පෘථිවිය මත ඉන්න සහෝදරය අවුරුදු t ගානකින් වයසට ගියා නම් අභ්‍යාවකාශයට ගිය සහෝදරයට ගතවෙච්ච කාලය t' වෙන්නෙ අවුරුදු

t' = t x √(1-v²/c²)

මේකෙ v කියන්නෙ පෘථිවියට සාපේක්ෂව යානයේ වේගය, c කියන්නෙ ආලෝකයේ වේගය.



ඕකෙ අපි දකින විද්‍යාත්මක පැත්ත ඒකයි. නමුත් මම අද ඔයගොල්ලන්ට කියන්න ගියේ වෙනස්ම දෙයක් ගැන. ඒක තමයි 1905දි ඇල්බට් අයින්ස්ටයින් ඔය කතාව කියන්න අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල ඉඳන් ඔය කතාව ඔයවිදියටම බෞද්ධ සාහිත්‍යයෙ තිබිල තියනව. මම ඒක දැක්කෙ අද මම කියවපු පොතක. ඒක දැක්ක ගමන් තමයි දඩි බිඩි ගාල මේ බ්ලොග් සටහන ලියන්න පටන්ගත්තෙ.

බෞද්ධ සාහිත්‍යය තුල මේ කතාව එන්නෙ පැරණි පාලි ධම්මපදට්ඨ කතාවෙ. මම දන්න තරමින් අටුවා කියන්නෙ ත්‍රිපිටක අභිධර්මයට අයත් ග්‍රන්ථ නෙවෙයි. ඒ කියන්නෙ බුදුරජණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය නෙවෙයි (වැරදි නම් මාව නිවැරදි කරන්න). කොහොම වුණත් කතාව මෙන්න මෙහෙමයි..

ඒකෙ නම, "පතිපූජිකා කථා වස්තුව"

පූජිත කුමාරි නම් දෙවඟනක් එක්තරා දෙව් ලොවක වාසය කළා. මේ අතර එක් අවස්ථාවක ඇය තම දිව්‍ය විමානයෙන් මඳක් පිටතට පැමිණියා. නමුත් ඒ මොහොතේම ඇය එම දෙව් ලොවින් චුත වී මිනිස් ලොව උපත ලැබුවා. ඊට පස්සෙ ඇය එහි හැදී වැඩී, ළමා විය පසුකර, වැඩි වියට පත්ව, විවාහ වී, දූ දරුවන් ද පෝෂණය කර, මුණුපුරු මිණිපිරියන්ගේ ද සෙනෙහස ලබා 80 හැවිරිදි වියේදී කලුරිය කළා. ඒ කාලයේදි ඇය ප්‍රගුණ කළ පින නිසා ඇය නැවතත් කලින් සිටි දෙව් ලොවටම ප්‍රවිශ්ඨ වුණා. එතකොට එහි සිටි දෙවිවරු ඇයගෙන් ඇසුවේ මොකක්ද දන්නවද? "පැය 3ක් තිස්සේ කොහේ ගිහින් හිටියාද?" කියලා...!!

මේක තරමක් හිනා යන කතාවක් වුණත් ඒකෙ ගැබ්වෙලා තියන අදහස නම් කොහොමටවත්ම සරල නැහැ. මේ තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ නිවුන් විරුද්ධාභාෂයෙම වෙනත් අර්ථකතනයක් නෙවෙයිද? ඇත්තටම කිව්වොත් නිවුන් විරුද්ධාභාෂය කියන්නෙ පතිපූජිකා කථාවස්තුවේ වෙනත් 'වර්ෂන්' එකක් නෙවෙයිද?

මගේ අදහස මේකයි. වෙනස් වේග වලින් චලනය වන අවස්ථිති සමුද්දේශ රාමු වල විවිධ කාල මානයන් තිබෙනව නම් අර කිව්ව දිව්‍යලෝකයත් ඒ වගේ එකක් නෙවෙයිද? විවිධ ලෝකයන් වල විවිධ කාල රාමු තියන බව බෞද්ධ සාහිත්‍යයෙ කියවෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයක් පොළොවේ අවුරුදු 100ක් බවත් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ එක් අයෙකුගේ ආයු කාලය මහා කල්ප 8ක් බවත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 1600ක් බවත් කියවෙනවා. ඉතින් ඒ සියල්ල එකිනෙකට වෙනස් අවස්ථිති සමුද්දේශ රාමු ලෙස සලකන්න බැරිකමක් නෑ නේද?

නමුත් මේකත් කියන්න ඕනෙ. බෞද්ධ දර්ශනයේ එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක්. මොකද නූතන විද්‍යාව ස්ථිර පදනමක් මත පිහිටා නැති නිසා. එහිදී යම් නියමයක් සත්‍ය වෙන්නෙ ඊට වඩා දියුණු නියමයක් ඉදිරිපත් නොවනකන් විතරයි. හරියට සාපේක්ෂතාවාදය ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ල හැමෝටම නිව්ටන් නියම සත්‍ය වුණා වගේ. නමුත් බෞද්ධ දර්ශනය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක පදනම් වෙලා තියෙන්නෙ ස්ථිර දර්ශනයක් මත නිසා කාලයත් සමඟ එය වැරදියි කියල ඔප්පු කරන්න හැකියාවක් නැහැ.

මගේ ඉහත නිගමනය පදනම් වුනේ බුදු දහමත් නූතන විද්‍යාවත් අතර මා දුටු එක් සමානතාවක් මත. ඒක සියයට සියයක්ම හරිද කියල නම් මට කියන්න බැහැ.

http://chamithar.blogspot.com/2009/05/blog-post.html
 

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
ඔව් මෙය සත්‍යයක් විය හැකියි ඇත්තටම මගෙ අදහස නම් දිව්‍යලෝක කියන්නෙ මෙ විශ්වයෙ තියෙන වෙනත් PLANETS කියලා ඒ අනුව ගත්තොත් මෙ අදහස මරුවට ගැලපෙනවා

නමුත් බුදු දහමෙ
එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක් නම් තමා මොකද අයින්ස්ටයින්ගේ සමහර Theoryවල අඩුපාඩු දැන් හොයා ගෙන තියෙනවා!!:nerd::baffled:
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
ඔව් මෙය සත්‍යයක් විය හැකියි ඇත්තටම මගෙ අදහස නම් දිව්‍යලෝක කියන්නෙ මෙ විශ්වයෙ තියෙන වෙනත් PLANETS කියලා ඒ අනුව ගත්තොත් මෙ අදහස මරුවට ගැලපෙනවා

නමුත් බුදු දහමෙ
එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක් නම් තමා මොකද අයින්ස්ටයින්ගේ සමහර Theoryවල අඩුපාඩු දැන් හොයා ගෙන තියෙනවා!!:nerd::baffled:

ඔඔඔඔ...ඒ කතාව හරි...!
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇත්තටම කථාව නිවැරදි වෙන්න පුලුවන් , බුදු දහම කියන්නේ සදාකාලික ධර්මයක්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හරියටම හරි කතාව.. ඔය කතන්දරේ අහලා නොතිබුනාට දිව්යලෝකවල කාලය ගමන් කරන්නෙ හෙමින් කියන කතාව මම අහලා තිබුනා, වෙන විදිහකට කීවොත් "කාලය සාපේක්ෂයි" කියන එකම තමයි ;)

    ඔය එක දෙයක් විතරයි.. අද ලෝකෙ විද්යාවට ගැටළු වෙලා තියෙන තව දේවල් වලට උත්තර බුදුදහමේ තියෙනවා! ඒත් විද්යාව කියන්නෙ අලුත් සොයාගැනීම් එක්ක වෙනස් වෙන දෙයක්, බුදුදහම සදාකාලික ධර්මයක්.. ඒ නිසා බුදුදහම තියෙන්නෙ ඉදිරියෙන් :yes: ඒ නිසා "නිවන" වගේ ගැඹුරු දේවල් විද්යාවෙන් කවදාවත් පැහැදිලි කරන්න බෑ

    බෞද්ධ නොවන උනත් බුද්ධිමත් විද්යාඟයන් මේ වගේ දේවල් පිලිගන්නවා, ඒත් ඉතින් අර තමන් විතරයි හරි කියලා එයාම කියාගන්නා ඩොක්ටර් පට්ටම දාගෙන ලෝකෙ වටේ ගිහින් දේශන පවත්තන සමහර අයට නම් ඕව හීනෙන්වත් හිතාගන්න බැරිවෙයි :rofl:

    11.gif
    rep+
     
    • Like
    Reactions: Kasem

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව් මෙය සත්‍යයක් විය හැකියි ඇත්තටම මගෙ අදහස නම් දිව්‍යලෝක කියන්නෙ මෙ විශ්වයෙ තියෙන වෙනත් PLANETS කියලා ඒ අනුව ගත්තොත් මෙ අදහස මරුවට ගැලපෙනවා

    aliens ලා ගැනත් මගෙ තියෙන පෞද්ගලික අදහස මීට තරමක් දුරට සමානයි :)

    නමුත් බුදු දහමෙ එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක් නම් තමා මොකද අයින්ස්ටයින්ගේ සමහර Theoryවල අඩුපාඩු දැන් හොයා ගෙන තියෙනවා!!:nerd::baffled:

    :yes:

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියම පෝස්ට් එක සහෝ.මමත් අර කතාව අහලා තිබ්බට අර සමීකරනේ දැක්කේ අද.
    11.gif
    .+
    ඇත්තටම කථාව නිවැරදි වෙන්න පුලුවන් , බුදු දහම කියන්නේ සදාකාලික ධර්මයක්
    මේ කතාවට මාත් 100% එකඟයි:)
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ඇත්තටම කථාව නිවැරදි වෙන්න පුලුවන් , බුදු දහම කියන්නේ සදාකාලික ධර්මයක්

    "අකාලික" කියන වචනෙ වඩාත් ගැලපෙනවා...:yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ow me kathawa niwaradi wenna puluwan godak welawata :)
    e wagema widyawe mona adupadu thibunath Budu dahama sadakalikayi :yes::yes:

    godak sthuhtiyi apith ekka bedagaththata :)
     

    kingrawana

    Member
    Jan 17, 2009
    100
    15
    0
    සිංහලේ
    එළ ලිපියක්, සමහර විට එහෙම වෙන්නත් පුළුවන්නේ.
    කොහොම උණත් අයින්ස්ටයින්ගෙ නියම සමිබන්ධයෙන් අවසන් නිගමනවලට ඇවිල්ලා නෑ. එහෙම වෙයිද දන්නෙත් නෑ.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒ වගේම, සෘධි ප්‍රාතිහාර්යයේදි වෙන්නෙ ස්කන්ධයක් ශක්තියක් බවට පත්වීම වෙන්න බැරිද?? ( E=mc^2 )
    ස්කන්ධය >> චිත්ත ශක්තිය
    මගෙ පෞද්ගලික අදහසක් පමණයි ;)
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ඒ වගේම, සෘධි ප්‍රාතිහාර්යයේදි වෙන්නෙ ස්කන්ධයක් ශක්තියක් බවට පත්වීම වෙන්න බැරිද?? ( E=mc^2 )
    ස්කන්ධය >> චිත්ත ශක්තිය
    මගෙ පෞද්ගලික අදහසක් පමණයි ;)


    ඔව් සෘධියෙන් වැඩම කරා කියන්නෙ ඒතනදී ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය කරලා අවශ්‍ය තැනදි නැවතත් ශක්තිය ස්කන්ධය බවට පරිවර්තනය කිරීම වෙන්න පුලුවන්:baffled::)
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    වැදගත් ලිපියක්.. තව දුරටත් හිතලා බලන්න අවශ්‍යයි.. අපි මේ කාල වෙනස වෙන හැටි ගැන ලොකු සාකච්චාවක් කලා education එකෙනම්..
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ඒ වගේම, සෘධි ප්‍රාතිහාර්යයේදි වෙන්නෙ ස්කන්ධයක් ශක්තියක් බවට පත්වීම වෙන්න බැරිද?? ( E=mc^2 )
    ස්කන්ධය >> චිත්ත ශක්තිය
    මගෙ පෞද්ගලික අදහසක් පමණයි ;)

    ඔව් සෘධියෙන් වැඩම කරා කියන්නෙ ඒතනදී ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය කරලා අවශ්‍ය තැනදි නැවතත් ශක්තිය ස්කන්ධය බවට පරිවර්තනය කිරීම වෙන්න පුලුවන්:baffled::)

    හෝව් හෝව් මචං...E=mc^2 කියන තැන ශක්තියයි චිත්ත ශක්තියයි වෙනස් මචං...
    හැබැයි බුදුහාමුදුරුවො එකම වෙලාවෙ ස්ථාන දෙක තුනක හිටියෙ ඍද්ධි බලෙන් කාලය හරහා ගමන් කරලා වෙන්න ඕනි...:rolleyes:
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    නියම පෝස්ට් එක සහෝ.මමත් අර කතාව අහලා තිබ්බට අර සමීකරනේ දැක්කේ අද.
    11.gif
    .+

    මේ කතාවට මාත් 100% එකඟයි:)
    :):)
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    වැදගත් ලිපියක්.. තව දුරටත් හිතලා බලන්න අවශ්‍යයි.. අපි මේ කාල වෙනස වෙන හැටි ගැන ලොකු සාකච්චාවක් කලා education එකෙනම්..
    education සෙක්ෂන් එකේ මේ ගැන කතාවුන එකනං හුගක් වටිනවා!:)