සිනාසෙන්න මට අවසර දෙනු මැන

  • Jul 4, 2009
    7,259
    462
    83
    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    මම මගේ ආදරේ ගැන එලකිරියෙ විටින් විට කවි , කතා එලකිරියෙ පෝස්ට් කරා කියල ඔයාල දන්නවනෙ. ඒත් ඒව කියවද්දි ගොඩක් අයට මගෙ කතාව තේරුම් ගන්න බැරි උනා. ඒ නිසා මම මගේ සම්පූර්ණ කතාව මෙතන පල කරනවා. මේක මගේ බ්ලොග් එකේ කලින් පල උන කතාවක්. ඒත් ගොඩ දෙනෙක්ට කියවන්න පුළුවන් වෙන්න ඒක මෙතන පල කරන්න හිතුවා.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    පළවෙනි කොටස

    බ්‍රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ
    කට හඬය.
    බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී.




    බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය.





    ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අදත් වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය.




    " ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් "




    ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. කෙල්ලෙක්
    රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත.
    ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ?

    "ඇයි නංගි දොඩන්නැත්තෙ "

    "මේ අවාරෙනෙ අයියා"

    ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත.

    අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය.




    "අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ."





    ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ...

    විහිළුවක් ගිය දුර ..

    ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි.

    "ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..."

    "මට බෑ ...."

    "අනේ ..."

    "එහෙම එන්න පුලුවන්ද ? "

    "එහෙනම් අවුරුද්දට එන්න .."

    " හ් ම් ම් ම් ......"



    ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි
    පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.



     
  • Jul 4, 2009
    7,259
    462
    83
    දෙවෙනි කොටස

    දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය.

    " ආපහු යමන් බං "



    " පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල "



    " යකෝ අපෙ අම්මල දැන ගනියි "



    " උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. "

    එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය.

    " උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය.

    මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය.

    " පුතේ එන්න ගෙට "

    " තව මොනවහරි කන්න "

    " මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි "

    " මම ගිහින් එන්නම් ඇන්ටි "

    " ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... "

    ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි.

    " සිනාසෙන්න මට අවසර දෙනු මැන

    සිනාසෙන්න ආසයි
    ඒ ඔබ වෙනුවෙන් පමණයි .... "

    " මට ආදරය කරන්නෙපා ...."

    " ඇයි ඔයා කටහරි ආදරෙයිද ? "

    " ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .."

    අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය.

    " මේ මොකෝ මේ .. "



    " ඇයි ? "



    " කෝ ඔයාගෙ අත පෙන්නන්න "



    ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි


    " අයියෝ .. පොඩි ලමයෙක් වගේ හැම තැනම
    පෑන් ඉරි "



    " ඉන්න මම මකන්නම් " මගෙන් පොඩි කට්ට කමකි


    ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි.

    " මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය.


    පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය.

    " ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...."

    " නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. "

    අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි.

    " විභාගය අත ලඟ
    අත පොත ලඟ
    පොත හිත ලඟ
    හිත ඈ ලඟ
    ඈ ඌ ලඟ
    ඌ .... "

    " ඔයා මට ආදරේ නේද ? "

    " හ් ම් ම් ම් ... "



    " කොච්චරක් .."


    " මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි


    " අනේ තව ටිකක්...."


    " බෑ ඈ ඈ ....."


    " හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    තෙවෙනි කොටස

    ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි.

    " ඉසුරු .... "

    " හ් .. ම්...ම් "

    " මම ඔයාට සුදු මහත්තයා කියන්නද ? "

    " ඒ ඇයි ? "

    " ආ...දරේටනෙ මෝඩයෝ ... "

    " එතකොට මම ඔයාට මොකක්ද කියන්නේ.... "

    " ඔයා කැමති එකක් කියන්න "

    " හ්ම්.. එහෙනම් ඔයා සුදු මැණිකෙ හොඳයිද ? "

    " ඒක ඔයාගෙ කැමැත්තක් ... "

    කෙමෙන් කෙමෙන් උසස් පෙළ විභාගයට දින ලං වෙන්නට විය. මගේ පාඩම් වැඩ ගැන මට වඩා උනන්දු වූයේ ඈය. සෑම දිනකම පාන්දර 5ට ඇහෙරෙන ඇය ඒ වෙලාවට මාවත් අවදි කරවයි. විභාගය පටන් ගත් පලමු දිනයේම ඈ මා හමුවීමට පැමිනියේය.

    " ඉසුරු මේ ටික තියාගන්න එක්සෑම් ලියන්න "

    ඈ මා හට පෑනක් , පැන්සලයක් , මකනයක් හා පැන්සල් උල් කරනයක් තෑගි කලාය. පෑන හැරෙන්නට අනෙකුත් සියළු දෑ තවමත් මගේ අල්මාරියේ සුරැකිව ඇත.

    " අපිට දැන් ඉස්සර වගේ හැමදාම හම්බෙන්න බැරිවෙයි .... "

    " ඔයා එහෙනම් මට ලියුම් ලියන්න.මාත් ඔයාට එවන්නම් .... "

    මෙලෙසින් අප අතර ලියුම් ගණුදෙනු කිරීම ආරම්භ විය. පංති යන කාලයේ මෙන් නිතරම හමුවීමට අවස්ථාවක් නොලද බැවින් දින දෙක තුනකට වතාවක් ලැබෙන ලියුම අප අතර ආදරය වර්ධනය කිරීමට සමත් විය. මේ අතර දිනක්.....

    " ඉසුරු අපි කොහේ හරි යමුද දවසක "

    " කොහෙද ? "

    " කොහෙ හරි.. ඔයයි මමයි විතරක් ඉන්න තැනකට ... "

    " කොහෙද ඉතින් එහෙම තැනක් තියෙන්නෙ .... "

    " අනේ ඔයා හිතන්නකො. ඔයා ඉතින් මට වඩා දන්නවනෙ "

    " එහෙනම් අපි බීච් යමු... "

    " ම්ම්ම්ම් මට බයයි ... "

    " බයවෙන්නෙපා අපි කලින් හිටියෙ ඉඳුරුවෙනෙ. අපි එහෙ යමු. මම දන්නවනෙ ඒ පැත්ත ගැන ..... "

    එදා අපි මුහුදු වෙරලේදී හමු උන ඒ උදෑසන දෙදෙනාගේම (?) ජීවිතයට කිසිදා අමතක නොවන දිනයක් වූවාට සැකයක් නැත. පලමු වතාවට ඈ මගේ උණුහුමට තුරුළු විය. ඉන් අනතුරුව වෙනදා මෙන්ම තොර තෝරංචියක් නැතිව අප අතර ඇරඹෙන කතා බහ ආරම්භ විය.

    " ඉසුරු අපි යන ගමන් කන්දෙවිහාරෙත් ගිහින් යමු.... "

    " හ් ම් .. "

    " ඔයා මොනවද බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ". මම ඇගෙන් විමසුවෙමි.

    " ඔයාව.. " ඈ සුරතල් තාලයකින් පැවසුවාය.

    " ලෝකය කොච්චර විශාලද
    මොනතරම් සංකීර්ණද
    ඒත් මං පතන්නෙ ඔයාව විතරයි
    ඒක මොනතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද
    ලෝකයක් අමතක කරලා මං ඔයාව පතනවා
    ඇත්තටම ඔයා කියන්නෙ මගේ ලෝකය .... "
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    හතරවෙනි කොටස

    අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය.

    ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි.

    මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි.

    " ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු."

    " අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.."

    " ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... "

    ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු.
    යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත.

    " අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි.

    ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි.

    " ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? "

    " ම් හු... "

    " අදත් ඔළුව රිදෙනවද ? "

    " ඔව් අප්පා..."

    " මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? "

    " මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? "

    " අව්ලක් නෑ. ඉන්න ... "

    ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි.

    අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ?

    " ඉසුරු මාව අමතක කරන්න.......
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    පස්වෙනි කොටස

    ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය.

    " ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය

    " හ් ... ම් කියන්න "

    " ඔයා තරහවෙන්නෙපා ඉසුරු මේක කලින් නොකිව්වට මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. සත්තයි " ඈ බැගෑපත් හඬින් පැවසුවාය

    " අයියෝ පිස්සුද? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයා එක්ක තරහවෙලා ඉන්න බැරි බව "

    " ඉසුරු ඔයාට අපේ සුදු අයියව මතකද ? "

    " මොකද නැත්තේ . ඉස්සර මම ඔයාට ආදරෙයි කියනකොට ඔයා මට කිව්වෙ ඔයා එයා එක්ක යාළුයි කියලනෙ " මා ඇනුම් පදයක ස්වරයෙන් කීවෙ ඈ ඉස්සර මට රිදවූ අයුරු මතක් වීමෙනි.

    " ඒක බොරුවක් නෙමෙයි ඉසුරු. ඇත්තටම එහෙම එකක් තිබුන. මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. ඒත් මට බය හිතුන. "

    " හ්..ම් කමක් නෑ. පරක්කුවෙලා හරි ඇත්ත කිව්වනෙ ..."

    " අනේ මට සමාවෙන්න ඉසුරු .... "

    " බෑ..... සමාව දෙන්නෙ නෑ...... "

    ඈ තරමක් විශ්මයෙන් මෙන් මා දෙස බැළුවාය.

    " ඇයි මෝඩියෙ ඔයාමනෙ කිව්වෙ ආදරේ කරන අය අතරෙ සමාව නෑ තියෙන්න ආදරේ විතරයි කියල.... " මා ඇගේ කනින් අදිමින් පැවසුවෙමි.

    " ඌ...යි: කියාගෙන පැමිනි ඈ නතර ඌයේ මාගෙ තුරුලේය. මෙතරම් නොවැදගත් දෙයක් නිසා මා හා කතා නොකර සිටීම ගැන මට ඈ ගැන තරමක කේන්තියක්ද නැගුණි. එහෙත් ඈ වෙනදා මෙන් මා සමග හැසිරුනේ නැත.

    විභාගය ආරම්භ වූයේ මේ අතරතුරදීය. ඈ ගියවර මෙන් මෙවර මා හමුවීමට පැමිනියේ නැත. දෙදෙනාටම එකම විට විභාගය ඉවරවෙන දවස් වලදී උවද අප හමුවූයේ පුරුද්දකට මෙනි. එහි කිසිදු ලෙංගතු කමක් නොවීය. ඈ කුමක් හෝ ප්‍රශ්නයකින් පෙලෙන බව දක්නට ලැබුනද එවැන්නක් ගැන විමසූ විට ඇගෙන් කිසිදු පිළිතුරක් නොවීය. විභාගය අවසාන දින අපි කලින් වතාවක කතිකා කර ගත් පරිදි ඇගේ යෙහෙලියකගේ ගෙදර ගියෙමු. ආපසු එන අතර මගදී ඈ මා හා සුපුරුදු ලෙස කතාවට වැටුනාය

    " ඉසුරු අයිය කියල එයා මාව කසාද බඳින්න කැමතියි කියල.... "

    මට තරමක සිනහවක්ද පහල විය.

    " ඉතින් ලමයො දැන්ම බඳින්න වයසක්ද ? "

    " ඒ උනාට ඉසුරු ........"

    " ඉතින් අම්මල මොකද මේ ගැන කියන්නෙ...? "

    " අම්මනම් මොකුත් කිව්වෙ නෑ. එයාල දන්නවනෙ අපි ගැන. තාත්ත තාම දන්නෙ නෑ. එයානම් කොහොමත් කැමති වෙන්නෙ නෑ ඕකට... "

    " මටත් අකමැති වෙයිද දන්නෙ නෑ කවදහරි..."

    " නෑ ඉසුරු. එයා ඔයාට කැමතියි..."

    " ඒ උනාට අම්ම කැමති නෑ නෙ. එයා ඉතින් එදා ඉඳන්ම ඔයාට කියනවනෙ එක වයසෙ දෙන්නෙක් කවදාවත් හරියන්නෙ නෑ කියල...."

    තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඉතුරු වී තිබියදී වෙන්ව යන්නට අපිට සිදුවිය. අම්මලා දඹදිව ගොස් සිටි බැවින් නිවසේ තනිවම සිටි මා ගැන ඈ හැකි සෑමවිටම සොයා බැළුවාය.

    " ඉසුරු මට ඔයාව හම්බෙන්න ඕන. අම්මල දැන්ම එයිද ? "

    " ඔව් මටත් ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. හුඟ දවසකින් කොහෙවත් යන්නත් බැරි උනා ......."

    " ඉසුරු අපි අර හැමදාම නිදහසේ ඉන්න වෙරලට යමු.. මට ඔයත් එක්ක ටිකක් තනි වෙන්න ඕනා......."

    " ඉතින් නුඹ නෑවිත් ඉන්නනම් එපා
    පෙරුම් පුරමින් මම ඉන්නවා බලා
    මුදු අතින් ගෙන නුඹගේ
    සෙමින් ඇවිදින්නට සුදු වෙරල දිගේ ....."

    එහෙත් එය වචනවල පමනක් සීමාවූ හමුවීමක් විය. ඈ නැවතත් සුපුරුදු ලෙස මා මග හරින්නට විය. මේ අතර ඈ පරිගනක පංතියකට සහභාගී වූ නමුදු මට එවැන්නක අවශ්‍යතාවයක් පැන නැංගේ නැත. එහෙත් ඈ හොඳයැයි පැවසූ නිසාවෙන් හා ගෙදරට වී නිකරුනේ කාලය කා දැමීම අපරාදයක් වූ බැවිනුත් මා ද ඉංග්‍රීසි පංතියකට සහභාගී වූයෙමි. ඈට හා මට එකම වෙලාවට පංති අවසාන වූ නමුදු ඇයට මා හට පෙර බස් නැවතුම් පොල වෙත ලඟාවිය හැකි විය. ඈ කිසි දිනෙක මා එනතුරු ටවුමට වී සිටියේ නැත. හැමවිටම මා මග හැර ගියාය. එක් දිනක් කෙසේ හෝ ඈ සිටි බස් රියට නැග ගැනීමට මා හට හැකිවූ නමුදු ඈ එකදු වචනයක්වත් මා හා කතා කලේ නැත.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    හයවෙනි කොටස ( අවසාන කොටස )

    අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය.

    " ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු මොනව හිතයිද ? "

    " මොනව හිතන්නද ? හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ... "

    " මට යන්න දෙන්න ඉසුරු. පරක්කු වෙනවා...."

    " බෑ.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන "

    " මොනවද ? "

    " හැමදෙයක් ගැනම .... "

    " හ්...ම්. එහෙනම් ලබන බදාදට එන්න. මම ඉන්නම් ඔයා එනකම්... "

    එහෙත් එම බදාදාව උදා වූයේ නැත. මෙම හමුවීමට පසුදිනම අපගේ විභාගයේ ප්‍රතිපල නිකුත් විය.දෙමව්පියන්ගේ මෙන්ම ඇයගේද බලාපොරොත්තු ඉටුකරමින් මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉහල ප්‍රතිපලයක් මට ලැබී තිබුණි.එහෙත් ඇයට මාගේ ප්‍රතිපලය ගැන එතරම් ගනනක් නැතිවා සේය. එදිනට පසුදින මා ඇගේ නිවසට ගියෙමි. නිවසේ වූයේ ඇයත් මල්ලිත් පමනි. මල්ලී අප දෙදෙනා සාලයේ තනිකර කාමරයට ගියේ ඈ විසින් කලින්ම කියා තිබුන පරිද්දෙනැයි මට සිතුනි. නැත්නම් වෙනදාට ඔහුද අපේ කතා බහට හවුල් වීම සිරිතයි. ඈ කුමක් හෝ දෙයක් කීමට උත්සාහ ගන්නා බව පෙනුනද ඒ කුමක්දැයි මා විමසුවේ නැත.

    " ඉසුරු මාව තවත් ඔයාට අයිති නෑ.... " ඈ තරමක දුබල හඬකින් පැවසුවාය.

    " ඒ කිව්වෙ ....."

    " මම දැන් වෙන කෙනෙක්ගෙ ඉසුරු ........"

    " කව්ද ඒ. මම දන්න කෙනෙක්ද ? "

    " ඔව් ඉසුරු..... ඔයා දන්නවා "

    " ඒ කිව්වෙ ඔයා අයියට ......"

    " ඔව් ඉසුරු ........."

    පළමුව දෑසට කඳුලක් නැගුනේ ඇයගේද මගේද යන්න මට මතකයක් නැත. මගේ පපුවට තුරුලු වූ ඇ‍ය මගේ කමිසය ඇගේ කඳුලින් තෙත් වනතුරුම හැඳුවේය......

    " ඉසුරු කවදාවත් මට සමාව දෙන්නෙපා. සමාවටවත් සුදුසු කෙනෙක් නෙමෙයි මම "

    " සමාව ගන්න ඔයා නෙමෙයිනෙ මමනෙ වැරදි. ඒකනෙ ඔයා මාව දාල ගියේ ......"

    " පිලිගන්න ඉසුරු ඔයා නෙමෙයි වැරදි කරේ. මගෙ චපල හිතයි වැරදි කලේ ... "

    " ඔයා ගැන වැරදියට හිතන්නෙපා. ප්ලීස් එහෙම හිතන්නෙපා. පුලුවන්නම් මාව දාල ගියේ ඇයි කියනවද ? "

    " කියන්නම් ඉසුරු. ඒත් දැන්ම නෙමෙයි. කවදහරි මම ඒකට උත්තරේ දෙන්නම් ......."

    " අම්මත් මට බැන්න ඉසුරු ඔයාට මෙහෙම කරපු එකට......"

    " ඒ කියන්නෙ අම්මත් හැමදේම දන්නව..."

    " එයාට දැනෙන්න ඇති ඉසුරු "

    " ඒ කියන්නෙ ඔයා මාව දාල ගියා කියල නොදැන හිටපු එකම කෙනා මමද ? "

    " එහෙම කියන්නෙපා ඉසුරු. මම පුලුවන්තරම් උත්සහ කරා ඉසුරු.ඒත් මට ඔයාව තේරුම් ගන්න බැරි උනා ඉසුරු.මම ඔයාට හැම දේම කියල ලියුමක් ලිව්ව. ඒත් ඒක ඔයාට දෙන්න මට හිත දුන්නෑ ඉසුරු මගෙ පවට ..... "

    " මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉසුරු ......."

    " ඒ කියන්නෙ ඔබහට පෙම් කල යුගය නිමාකොට වෙන්වීයන්න දවස පැමිණ ඇත... එහෙමද ? "

    " දෙයියනේ ඉසුරු මාව තවත් අඬවන්නෙපා. මම ඔයාව මට නැතිවෙයි කියල මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඇඬුවෙ මෙහෙමයි. ඒත් දෙයියනේ අද ඇත්තටම මට ඔයාව නෑ ........."

    " මම දන්නෙ නෑ මොනව කරන්නද කියල.. මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ........"

    " ඉසුරු ඔයා කවදහරි හොඳ තැනකට එන්න. මගෙ සතුට ඒකයි. ප්ලීස් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නෙප. එහෙම උනොත් පව් පිරෙන්නෙ මට. කවදහරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න. "

    අප අතර නැවතත් දිගු නිහැඬියාවක් හට ගැනුනි. ඇගේ දෙමාපියන් මේ වන විට නිවසට පැමින තිබුනත් කිසිවෙකු සාලයට පැමිනියේ නැත.

    " ඉසුරු දැන් ගොඩක් රෑ උනා. ඔයා ගෙදර යන්න ...."

    " හ්..ම් මම යන්නම් එහෙනම් "

    " ඉසුරු ගෙදර ගිහින් ඔයාගෙ එකෙන් නෙමෙයි. ගෙදර එකෙන් මට මිස් කෝල් එකක් දෙන්න....."

    " ඒ තරමට මාව සැකද ? "

    " සැක නෙමෙයි. මට බයයි ඉසුරු. මගදි ඔයාට මොකුත් උනොත්..."

    ඇය මේ පවසන්නේ මීට පෙර දිනයක මා ඇක්සිඩන්ට් වීමට ගොස් අනූනමයෙන් බේරුනු අවස්ථාවක් සිහියට නැගීමෙන් විය යුතුය...

    නිවසට පැමිනෙන විට රෑ නමය පසුවී තිබුනි. නිදාගන්නට ගිය නමුත් නින්ද අහලකවත් නොවීය. ඈ මැදියම් රැය වනතුරුම කෙටි පණිවිඩ එවනින් මා සැනසීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක මා හැර යාමට හේතුවක් සඳහන් නොවීය. මගේ ආදරය ඈට තේරුම් ගත නොහැකිවීයැයි ඈ පවසන්නේ ඇයි ...."

    " ඔයා මං වෙනුවෙන් නිදි මරන්නෙපා. ඔයා පව්නෙ පැටී ..."

    ගෙදර අය මට ආමන්ත්‍රනය කරන නමින් ඈ මා ඇමතූ මුල්ම වතාව එය විය.

    " ඉසුරු ඔයා වගෙ යාළුවෙක් මේ ආත්මෙදි හම්බෙන්නෙ නෑ. සත්තයි ඉසුරු ඔයා දෙවි කෙනෙක්. ඔයාව තේරුම් ගන්න බැරි උනේ මගේ පවට. මම අම්මෙක් සහෝදරියෙක් වගේ ඔයා ගැන හැමදාම ඔයා ගැන බලනවා. ඒක මගෙ යුතුකම. පිං නොකරපු පවට අපි වෙන්වෙමු ....."

    " දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක
    පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
    මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර
    ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... "

    ඈ මට තිලින කල රෝස අතු සියල්ල මල් පිපීමටත් පෙරම මැරී වියැලී ගියේ අපේ ආදරයේ මල් පිපෙනු දැක ගන්නට තරම් අපට වාසනාවක් නොමැති බව පසක් කිරීමට මෙනි. එහෙත් තවමත් ඉතිරී වී ඇති වියැළී ගිය රෝස අතු නටඹුන් වූ අප අතීතය අදත් මාහට මතක් කර දෙයි. දෙල්ලව බස් රිය අදත් සුපුරුදු ලෙස කොළඹ බලා ගමන් කලත් අප ගෙවල් පාරෙන් නොපැමිනෙන්නේ වෙනදා මෙන් එයට වැලිපැන්නෙන් ගොඩවී ආදරයෙන් හමුවීමට දෙදෙනෙකු නොමැති දුකට විය හැක. එහෙත් අවසානය මෙයම වෙයිද ......
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මෙතන තියෙන ගොඩාක් දේ මටත් හරිම සමීපයි.ඔයා කියන දෙල්ලව බස් එක ඉස්සර අළුත්ගම පැත්තෙන් ගිහින් දැන් මතුගම පැත්තෙන් යන එක නේද...
    එතකොට ප්‍රසන්න සර් ගෙ[බද්දයාගෙ]ක්ලාස් එක.කළුතර ටවුන් එක මේ ඔක්කොම මටත් හරිම සමීපයි.

    මේ ඔයාගෙ ඇත්තම කතාව හින්දා කතාව ගැන හොද නරක කියල වැඩක් නෑනේ.
    මම නම් හිතන්නේ ජීවිතය ඔහොම තමයි.අපි ජීවිතයට එන විදිහට මුහුණ දෙන්න ඕනා.
    ඒක තියෙන්නේ උඹගෙ අතේ.මොනව වුනත් ජීවිතයට අතහැරෙන්න දෙන්න එපා.ජීවිතයට මුහුණ දීපන් මට කියන්න තියෙන්නේ එච්චරයි.....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මෙතන තියෙන ගොඩාක් දේ මටත් හරිම සමීපයි.ඔයා කියන දෙල්ලව බස් එක ඉස්සර අළුත්ගම පැත්තෙන් ගිහින් දැන් මතුගම පැත්තෙන් යන එක නේද...
    එතකොට ප්‍රසන්න සර් ගෙ[බද්දයාගෙ]ක්ලාස් එක.කළුතර ටවුන් එක මේ ඔක්කොම මටත් හරිම සමීපයි.

    මේ ඔයාගෙ ඇත්තම කතාව හින්දා කතාව ගැන හොද නරක කියල වැඩක් නෑනේ.
    මම නම් හිතන්නේ ජීවිතය ඔහොම තමයි.අපි ජීවිතයට එන විදිහට මුහුණ දෙන්න ඕනා.
    ඒක තියෙන්නේ උඹගෙ අතේ.මොනව වුනත් ජීවිතයට අතහැරෙන්න දෙන්න එපා.ජීවිතයට මුහුණ දීපන් මට කියන්න තියෙන්නේ එච්චරයි.....

    ඔයත් මේ පැත්තෙද ? ඔව් බස් එකනම් ඒක තමයි. දැන් ඒක යන්නෙ එන්නෙ මතුගම පාරෙන්. අපේ පාරෙන් එන්නෙ නෑ.

    ඔව් මචන් මොනදේ උනත් ජීවිතේ ඉස්සරහට යන්න ඕන.
     

    _mahasona_

    Member
    May 8, 2010
    80
    2
    0
    Collombo
    මට ඇඩෙන්න ආවා.. !! ඇත්තටම හරි සංවේදී විදියට කතාව ගලාගෙන ගියා...!!!
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    යාළුවා අද උදේ ඔයාගෙ බ්ලොග් එකෙන් කතාව කියෙව්වා මම.දුකයි තමා.ඒත් ඉතින් මොනවා කරන්නද නේද.ජීවිතේට උරුම වෙන දේ වළක්වන්න බෑනේ නේද.ආදරේ කියන දේ බලෙන් ලබා ගන්නත් බෑනේ.ඇත්තටම ගොඩක් දුක හිතුනා කියවද්දී මට.හැමදේම වෙන්නෙ හොඳටනේ කියනවනේ.එහෙම හිතල ඉමු ඉතින්:)
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    හරිම සංවේදි කතාවක් මචං. හැබැයි එන දේට හොදින් මුහුන දෙන්න. ඒකට උඹට ශක්තිය තියනවා....
    Thilan කිව්වා වගේ “හැමදේම වෙන්නේ හොදටලු“ ඒක ගොඩක් ඇත්ත කථාවක්....
    ජය..!!
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    harima dukai bt mona karannada okata thamai jeevithe kiyanne api hithana pathana hama dema apita labbenne naha...... hitha hadaganin......
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    යාළුවා අද උදේ ඔයාගෙ බ්ලොග් එකෙන් කතාව කියෙව්වා මම.දුකයි තමා.ඒත් ඉතින් මොනවා කරන්නද නේද.ජීවිතේට උරුම වෙන දේ වළක්වන්න බෑනේ නේද.ආදරේ කියන දේ බලෙන් ලබා ගන්නත් බෑනේ.ඇත්තටම ගොඩක් දුක හිතුනා කියවද්දී මට.හැමදේම වෙන්නෙ හොඳටනේ කියනවනේ.එහෙම හිතල ඉමු ඉතින්:)

    හරිම සංවේදි කතාවක් මචං. හැබැයි එන දේට හොදින් මුහුන දෙන්න. ඒකට උඹට ශක්තිය තියනවා....
    Thilan කිව්වා වගේ “හැමදේම වෙන්නේ හොදටලු“ ඒක ගොඩක් ඇත්ත කථාවක්....
    ජය..!!

    ඔව් මචන් හිත හදා ගන්නව ඇරුනම මට වෙන විකල්පයක් නෑ :yes:
     
    • Like
    Reactions: Diego97

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    සුදු මහත්තයා;7865553 said:
    ඔව් මචන් හිත හදා ගන්නව ඇරුනම මට වෙන විකල්පයක් නෑ :yes:
    attatama hita hada ganna bro..oyata tawa godak dura yanna tiyenawa...:yes:
    hmadama sathutin inna
    1.gif

    Budusaranay:love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඇත්තටම සහො මගේ ඇස් 2 කදුලු ආවා..ජිවිතේට ගොඩක් සමීප කතාවක්..සහො හිත හදාගන්න..හැමදේම වෙන්නේ හොදටනේ...