බස් රස පේළි...

kingdewi

Well-known member
  • ලංකාවේ පුද්ගලික බස් ව්‍යාපාරය ජනතාව අතර පුවත් මවන තවත් එක් ප්‍රධානතම ව්‍යාපාරයකි.පුද්ගලික බස් රථ සේවකයින්ද පොදු ජනතා ප්‍රසාදයක් නොමැතිවූවත් තැලෙමින් පොඩිවෙමින් ජාතියෙහි දියුණ උදෙසා දහඩිය මුගුරු හෙළති. නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැප විඳිමින් හෝ විඳවමින් සැබෑ ලෙසම ඇඟට දැනෙන වැඩවසම් ක්‍රමයෙහි පහලම ස්ථරයේ අයවලුන් වන මොවුන් තමාගේම පන්තියෙහි වූ මගී ජනතාවගෙන් ම යැපෙති.
    අප කවුරුත් දන්නා පරිදි වෙනමම උප සංස්කෘතියකට පවා හිමිකම් කියන මෙම රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ ජීවිතවල තවත් එක් පැතිකඩක් නිරාවරනය කෙරෙතැයි හැඟෙන, ඔබ මා කවුරුත් පාහේ දැක ඇති, බස්රථවල ප්‍රදර්ශනය කෙරෙන පැදි පෙළ දෙස මාගේ මනැස යොමුවූයේ කාලයක සිටය. එවන් මාගේ මතකයෙහි රැඳි පැදි කිහිපයක් එළකිරි සොයුරු සොයුරියන් හා බෙදාගන්නට සිතූවෙමි.

    (මේවා බොහෝමයක් විල්බට් අඹතලාව නම් කවියෙකුගේ නිර්මාන බවද සඳහන් කරනු කැමැත්තෙමි)

    ලංගම මගම පණගිය විට අතරමඟ
    දුන් මුදලටද ගමනට කියනවද වග
    යලි ලංගමක් සිටියත් එනතුරුම ලැග
    යන්නට වෙන්නෙ ප්‍රයිවෙට් බස් වලම නැග


    අඩුවැඩි වේගයෙන් යනතැන් හැඳින දැන
    නියමිත වෙලාවට නියමිත තැනට යන
    රථයත් ජීවිතත් සළකන පනට පන
    රියදුරු තැනට සෙත්මිස දොස් නොදෙනු මැණ


    ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ
    මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද
    දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
    සුලු වරදකට දොස් පැවරුම වටිනවද


    රියදුරු තැනද කොන්දොස්තර මඟියෙක්ය
    මවුපිය දෙපළකගෙ අප මෙන් දරුවෙක්ය
    ඇතිමුත් වැරදි පැති සේවක දෙපළක්ය
    සුලු වරදටත් දොස් පැවරුම වරදක්ය


    හැඳුනුම් කමට නිළයට ඇති බලය පිට
    බස්වල පිනට යන්නෝ ඇත විටින් විට
    දැන් අදකාලෙ විය හියදම බලන විට
    බස් හිමි ගෙනුත් අයකළයුතු වනව හෙට


    අඩු වැටුපකට වැඩි සේවය ඉටු කරන
    වැඩි වගකීම නිතරම හිස මත දරන
    රියදුරු වරුද කොන්දොස්තර වරු සිටින
    සේවක පිරිස ඇත ප්‍රයිවෙට් බර අදින


    යන්නට මරුවගේ කරේ
    වවුලෝ නැගයතී දොරේ
    අසරණ රියදුරු හිරේ
    මගියො වැටෙති අමාරුවේ


    දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
    දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
    හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
    එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව


    ඔබගේ මතකයන් වලටද ඉඩ ඇත...
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Nice post machan

    ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ
    මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද
    දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
    සුලු වරදකට දොස් පැවරුම වටිනවද

    :yes:
     

    kingdewi

    Well-known member
  • good post machan.

    ela ela machan rep+

    Nice post machan

    ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ
    මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද
    දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
    සුලු වරදකට දොස් පැවරුම වටිනවද

    :yes:

    Ela Ela.......Maxxa.....:D:D

    ස්තුතියි යාලුවනේ
     
    • Like
    Reactions: prageeth119lk