අපි rep කරමුද?අපි rape වෙමුද?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි rep කරමුද?අපි rape වෙමුද?

    මුලින්ම බලමු reputation කියන්නේ මොකක්ද කියලා►

    Wikipedia-Reputation can be considered as a component of the identity as defined by others.

    ඒ කියන්නේ අනෙක් අය යම් පුද්ගලයකු වෙත දක්වන සැලකිල්ල.
    අපේ එළකිරි එකට ඒක ගලපනවානම් යම් සාමාජිකයෙක් වෙහෙසවී,කරුනු රැස් කර,නවතම දෙයක් අනිත් අය අතරේ බෙදාගන්නවාට දක්වන උපහාරයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්.
    ඕනෑම කරුණකදී +rep ගොඩක් තියෙන කෙනෙක් පිළිබඳ යම් වැඩිපුර විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්.

    rep ප්‍රමාණය ගැන පොඩ්ඩක් දැන ගමු..

    කොටු ප්‍රමාණයෙන් කියන්න පුලුවන් rep කීයක් තියෙනව්ද කියලා, rep ගාන 1000න් පස්සේ ඒක අමාරුයි. 11වන කොටුව එන්නේ rep 1000න්. කොටු 12ක් ගත්ත කට්ටිය තාම නෑ.

    ගොඩක් සාමාජිකයන් අහන්නේ rep කන්නද? කියලා..කන්න බෑ, ඒක අහන එකත් මෝඩ කථාවක් කොම්පියුටර් එකෙන් පේන දෙයක් කන්න මටනම් බෑ.
    rep system එකක් තියෙනවානේ එකට අකමැතිනම් භාවිතයෙන් වළකින්න පුළුවන්, ඒත් පවතින දෙයක් පාවිච්චි කරන එක මම හිතන විදිහට හොඳ දෙයක්.

    අපි කෙනෙකුට rep දෙන්නේ ඇයි...? ඔබ අනෙක් අයට rep දෙන්නේ ඇයි...?

    මම නම් rep දෙන්නේ වටිනා යමක් බෙදාහදාගන්නා සාමාජිකයා තව තවත් එවැනි ත්රෙඩ් පලකරමින් අප අතර රැඳී සිටීමට හා එළකිරිය ඉහළට ඔසවා තැබීම සහ සාමාජිකයන් දැනුවත් තෘප්තිමත් කිරීමට ගරු කිරීමක් වශයෙන් හා ඔහුව තවත් දිරිමත් කිරීමට.

    සිතන්න ඔබේ පිළිතුර කුමක්ද කියා..?

    rep ඉල්ලීම/ලබාදීම►

    මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මොත් rep ලැබෙන්නේ නැත්ද...?
    ඔබ එවැනි ලිපියකට rep එකක් දෙනවාද...?
    ඔබ එවැනි ලිපි පලකරනවාද...?

    තමන්ගේම ත්‍රෙඩ් දාන කට්ටිය ටිකක් අඩුයිනේ, ගොඩක් අය කරන්නේ වෙන කොහෙන්හරි එකක් හොයාගෙන/ තමන්ට එන e-mail එකක් පලකිරීම නේ. ඕනෑම දේකට rep ඉල්ලන්න පුළුවන් වරදක් නෑ. දෙන කෙනා කල්පනා කරන්න ඕනා මේකට රෙප් දෙන්න වටිනවද කියලා.
    ගොඩක් වෙලාවට දකින්න තියෙන copy-paste ත්‍රෙඩ් දවසට 10ක් දානවට වඩා තමන්ගේ කියලා නිර්මාණාත්මක එකක් දාන්න අනෙක් සාමාජිකයන් ඒකට දක්වන ප්‍රතිචාරය බලන්න.
    අනෙක් කාරනය රෙප් ගන්න ත්‍රෙඩ් දාන්නම ඕනා නෑ, වෙන අයෙකුගේ ලිපියක උනත් තමන් දක්වන අදහස ගැන පැහැදෙන සාමාජිකයන් එයට rep ලබාදෙනවා. එය + හෝ - වෙන්න පුළුවන්.

    ඔබ එසේ rep ලබාදීලා තියෙනවද...?
    ඔබට එසේ ලැබිලා තියෙනවද...?

    මිතුරු/සතුරු කල්ලි►

    -rep දෙන එක වැරදි නෑ
    මිතුරු කල්ලි-ඕනම තැනක කාලයක් ඉන්නකොට ඉබේම මිතුරු කල්ලි හැදෙනවා. ඒකට ගොඩක් හේතු පවතින්න පුළුවන්,
    ඇත්තටම දන්නා හැදුනුම්කම්
    එකම පාසල/පන්තිය
    එකම දේශපාලන මතය එයින් කිහිපයක්, බොහෝවිට මෙම මිතුරන් අතරේ රෙප් හුවමාරු වනවා. සමහරුන් රෙප් හුවමාරුව පමණක් තකාම තම මිතුරු ප්‍රමාණය වැඩිකරගන්නවා.
    නමුත් මිතුරන් අතර රෙප් බෙදාගැනීම සපුරාම වැරදි-පහත් වැඩක්.මොකද රෙප් තියෙන්නේ වටිනාකම් අගය කිරීමට මිස ඥාති සංග්‍රහ/මිත්‍ර දාන සඳහා නොවේ නේද?

    ඔබම සිතන්න

    reps, gangs and fights►

    අනෙක් පැත්ත වන්නේ යම් ප්‍රශ්නයක්දී මෙම මිතුරන් සාධාරණය නොබලා එක් පැත්තක් ගැනීම,
    සරලව වලියක් ඇතිවූවිට තම මිතුරාගේ සතුරාට -rep දැමීම, ඔහුට අපහාස කිරීම වැනිදේ සිදුවනවා. මෙයින් ඒ වටිනා සාමාජිකයා එළකිරියට අහිමිවෙන්න පවා පුලුවන් සහ එසේ වෙලත් තිබෙනවා.
    සමහරුන් නොදන්නවා වුවත් අපි හැමෝම සිංහල ටයිප් කරන්නේ යම් කෙනෙක් නිසාද ඔහුට වූවෙත් මෙවැන්නක්.....
    තවද කලින් සිටි වැඩිම reps සහිත සාමාජිකයාගේ ත්‍රෙඩ් දැන් දක්නට නැත්තේත් මෙවැන්නක් නිසා.....

    යම් ප්‍රශ්නයකදී අසාධාරණ නොවී සිටීමට ඔබට හැකිද...?

    reps නිසි ලෙස භාවිතා නොකරනවා නම් අන් සාමාජිකයන්ද අපහසුවට පත්වෙනවා මොකද සාමාජිකයාගේ ත්රෙඩ්වල විශ්වාසනීයත්වය හා වටිනාකම පිලිබද නිසි අදහසක් ගන්න බැරි වෙන නිසා.

    ඔබම බලන්න, ඔබට තිබෙන reps ප්‍රමාණය අනෙක් අයට තිබෙන රෙප් තියෙන්නේ නිසි ලෙස ගත් ඒවාද?

    රෙප් කොටු ගොඩක් තිබෙන සාමාජිකයන්ගෙන් කීයක් ඔබ දන්නවාද...?
    ඔවුන් මතක ඇති ත්‍රෙඩ් එකක්/වැඩක් කරලා තිබෙනවාද...?

    මම දැක්කා ගොඩක් සාමාජිකයන් rep system එක ගැන නොදැනුවත්ව හෝ හිතාමතාම වැරදි ලෙස rep භාවිතා කරනවා, ඒකයි මෙම මතක් කිරීම කරන්නේ..

    ඔබත් රෙප් වෙනවද රේප් වෙනවද කියලා තීරණය කරන්න.

    කාලෙකින් reps ඉල්ලුවෙනම් නෑ,
    -රෙප් නම් එපා....:P

    සංවාදයට විවෘතයි....
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    රෙප් කන්නද කියල අහන්නෙ තමන්ගෙ ත්රෙඩ් එකක් දාගන්න බැරි copy paste කරන අය
    තමන් මහන්සි වෙල post කරන ත්රෙඩ් එකක්ට රෙප් ලැබෙනකොට හිතට දැනෙන සතුට දන්නෙ ත්රෙඩ් එක හදන්න මහන්සි වෙන කෙනා විතරයි.රෙප් system එක ගොඩක් වැදගත්.හේතුව රෙප් system එක හින්ද ගොඩක් අලුත් නිර්මාන බිහි වෙනව.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැනුයි කියවලා ඉවර උනේ...මගේ හිතෙත් මේ අදහස තිබුනත් මන් සිංහල ටයිප් කරන්න දක්ශයෙක් නෙවේ...කොහොම හරි අද මගෙ අදහස මිගරම්කේ කියල තියනවා පැහැදිලිවම්...අර අන්තිමට කිඋව

    "රෙප් කොටු ගොඩක් තිබෙන සාමාජිකයන්ගෙන් කීයක් ඔබ දන්නවාද...?
    ඔවුන් මතක ඇති ත්‍රෙඩ් එකක්/වැඩක් කරලා තිබෙනවාද...?"

    මේක වටිනා කතාවක්,..රෙප් අඩු අයත් ඉන්නවා ගොඩක් හොන්ද..බලන්න මන් 2007 ආවේ..එත් මගෙ රෙප් ගාන..

    බොහොම ස්තුතියි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට...

    ්‍යොඋ මුස්ට් ස්ප්‍රේඩ් සොමෙ ර්‍එපුටටිඔන් අරොඋන්ඩ් බෙෆොරෙ ගිවින්ග් ඉට් ටො මිගරම්ක් අගෛන්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    IMHO, rep is nice as long as someone doesn't take it too seriously.

    MY ADVICE:

    * Forget Rep and tell what you have to tell
    * Dont suck-up others for reps
    * Dot give reps to others and think they should give you reps too

    REP IS LIKE MONEY IN YOUR WALLET

    - Dont waste it by giving it out, just like you dont waste money
    - Dont ask from others, just like you will not ask for money from your friends
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    රෙප් කන්නද කියල අහන්නෙ තමන්ගෙ ත්රෙඩ් එකක් දාගන්න බැරි copy paste කරන අය
    තමන් මහන්සි වෙල post කරන ත්රෙඩ් එකක්ට රෙප් ලැබෙනකොට හිතට දැනෙන සතුට දන්නෙ ත්රෙඩ් එක හදන්න මහන්සි වෙන කෙනා විතරයි.රෙප් system එක ගොඩක් වැදගත්.හේතුව රෙප් system එක හින්ද ගොඩක් අලුත් නිර්මාන බිහි වෙනව.

    එකගයි කතාවට....මගේ සංචාරකයා ත්‍රෙඩ් එක ගැන මන් සතු‍ටු වෙන්නේ ඒක කොච්චර ලොකු උදවුව්ක්ද කියලයි...ලැබෙන මානසික තුප්තිය කියල නිම කරන්න බැහැ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැනුයි කියවලා ඉවර උනේ...මගේ හිතෙත් මේ අදහස තිබුනත් මන් සිංහල ටයිප් කරන්න දක්ශයෙක් නෙවේ...කොහොම හරි අද මගෙ අදහස මිගරම්කේ කියල තියනවා පැහැදිලිවම්...අර අන්තිමට කිඋව

    "රෙප් කොටු ගොඩක් තිබෙන සාමාජිකයන්ගෙන් කීයක් ඔබ දන්නවාද...?
    ඔවුන් මතක ඇති ත්‍රෙඩ් එකක්/වැඩක් කරලා තිබෙනවාද...?"

    මේක වටිනා කතාවක්,..රෙප් අඩු අයත් ඉන්නවා ගොඩක් හොන්ද..බලන්න මන් 2007 ආවේ..එත් මගෙ රෙප් ගාන..

    බොහොම ස්තුතියි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට...

    ්‍යොඋ මුස්ට් ස්ප්‍රේඩ් සොමෙ ර්‍එපුටටිඔන් අරොඋන්ඩ් බෙෆොරෙ ගිවින්ග් ඉට් ටො මිගරම්ක් අගෛන්.

    ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
    අපි අදුනනවා නේද?(online)

    හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?
     
    IMHO, rep is nice as long as someone doesn't take it too seriously.

    MY ADVICE:

    * Forget Rep and tell what you have to tell
    * Dont suck-up others for reps
    * Dot give reps to others and think they should give you reps too

    REP IS LIKE MONEY IN YOUR WALLET

    - Dont waste it by giving it out, just like you dont waste money
    - Dont ask from others, just like you will not ask for money from your friends
    අපේ යාලුවා නං එක පැත්තයි නේ හැමදාම කතා කරන්නේ.:Dඒත් දේශපානය කියන මාතෘකාවත් කොමන් දෙයක්වගේම රටට වැදගත්.මමත් රෙප් 500ක්විතර අහිමි කරගත්තා ඔය ගැන කතා කරන්න ගිහින්.:yes:
    ඔයා වගේම ඇඩ්මින් කියන්නෙත් ධන, රින රෙප් දෙකම සමානයි කියන එක.මොකද වැඩක් කරන අයටයි පහර වදින්නේ.ඒත් මේ ක්‍රමය භාවිත කරන විදිහේ ලොකු වැරද්දක් තියනවා.(කියවන්න උඩ පෝස්ට් එක)සාමාජිකයෙක් මනින්න-එයාගේ වටිනාකම අගය කරන්න තියන සිස්ටම් එකක් දැන් බල්ලට ගිහිල්ලා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    IMHO, rep is nice as long as someone doesn't take it too seriously.

    MY ADVICE:

    * Forget Rep and tell what you have to tell
    * Dont suck-up others for reps
    * Dot give reps to others and think they should give you reps too

    REP IS LIKE MONEY IN YOUR WALLET

    - Dont waste it by giving it out, just like you dont waste money
    - Dont ask from others, just like you will not ask for money from your friends

    Forget Rep and tell what you have to tell-agreed
    Dont suck-up others for reps-agreed

    Dot give reps to others and think they should give you reps too-we must give reps if it's a usefull post. and others also to us. that's why reps are for.