ප්‍රදර්ශන කාමය කියන එක විවිධ ආකාර වලින් පිටතට එනවා... ලිංගේන්ද්‍රය ප්‍රදර්ශනය කිරීම පමණක් නෙමෙයි.. කාන්තාවන්ට පහත් අසභ්‍ය විහිලු කිරීමත්.. කාන්තාව දිහා කාමුක ආකාරයට බලා ඉඳීමත් මම හිතන්නේ ඕකෙම කොටසක්. අපේ ගොඩක් තරුණියන් මේ දේවල් නිසා අපහසු තාවයට පත් වෙනවා.. ඇතැම් වෙලාවට තමන් කැමති ඇඳුමක් (ශරීරය නිරාවරණය වෙන එකක්ම වෙන්න ඕනේ නෑ.. ) අඳින්නවත් බෑ. ඒ වගේම තනියෙන් බස් රථයක යන්නත් බෑ.. ඇතැම් පිරිමි හිතන් ඉන්නේ කාන්තාව කියන්නේ ඕනම වෙලාවක තම්න්ගේ යහනට කැන්දන් එන්න පුලුවන් භාණ්ඩයක් කියලා. අපේ ඇතැම් කාන්තාවන්ගේ ක්‍රියා කලාපයත් මේකට බලපාලා තියෙනවා තමයි. නමුත් කීප දෙනෙක් එහම කරා කියලා සියලුම කාන්තාවන් ගැන එහෙම හිතන එක පිරිමින්බගේ පහත් මානසික තත්වය ප්‍රදර්ශනය කිරීමක්. ඒ වගේ පුද්ගලයින් පිරිමි සංහතියටම නින්දාවක්. ඒවාට දුටු තැන විරුද්ද විය යුතුයි.