‘වෙරි’හයිය

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
‘වෙරි’ හයිය
images




එක් අවන්හලකට ගොඩ වූ, නගරයට අලුත් පුද්ගලයෙක් එහි බාර් කවුන්ටරයේ එල්ලා තිබූ දැන්වීමක් කියවන්නට විය. “නොමිලේ බියර් ! පරීක්ෂණය සමත් වීමට හැකි පුද්ගලයාට බියර් නොමිලේ” යනුවෙන් දැන්වීමෙන් කියැවිණි.
දැන්වීම කියැවූ, නගරයට අලුත් පුද්ගලයා බාර්කීපර්ගෙන් පරීක්ෂණය කුමක්දැයි විමසා සිටියේය.
බාර්කීපර් මෙසේ පිළිතුරු දුන්නේය. “පළමුව ඔබ අර තිත්ත රසැති මෙක්සිකානු මද්‍යසාර ගැලුම බොන්න ඕන. මුළු ගැලුම ම එක හුස්මට බොන්න ඕන. එසේ බොද්දී මුහුණෙන් අප්පිරියාව පෙන්නන්න බැහැ. දෙවනුව, පිටිපස්ස කාමරයේ ඉන්න, දතක් නරක් වෙච්ච කිඹුලාගේ ඒ නරක් වූ දත ඔබේ අත් දෙකෙන් ගැලවිය යුතුයි. තෙවැනුව, උඩු මහලේ කාන්තාවක් ඉන්නවා....ඇයට හාද්දක් දීමට කිසිම පිරිමියෙක් මෙතෙක් සමත් වී නැහැ... ඔබ ඇයට හාද්දක් දිය යුතුයි.”
සියල්ල අසා සිටි, නගරයට අලුත් පුද්ගලයා තම තීරණය ප්‍රකාශ කළේය. “ ආ....., නොමිලේ බියර් බොන්න මම කොච්චර ආස වුණත් මම ඒක කරන්නේ නැහැ. මෙක්සිකානු මද්‍යසාර ගැලුමක් බීලා ඊට පස්සෙ තවත් විකාර වැඩ කරන්න ඒ මිනිහා අමු පිස්සෙක් විය යුතුයි.” එසේ කී එම පුද්ගලයා විස්කි ඇණවුම් කොට පානය කරන්නට විය. කාලය ගෙවී යද්දී ඔහුට හොඳට ම වෙරි වන්නට විය. වෙරි මරගාතේ ඔහු “කෝ....කෝ...අර මොකක්ද තියෙනවා කියපු ගැලුම?” කියා ඇසුවේය.
බාර්කීපර් ඔහුට එය පෙන්වීය. අත් දෙකෙන්ම ගැලුම අල්ලා ගත් ඔහු ඇස් දෙකෙන් කඳුළු ගලද්දී එය බීගෙන බීගෙන ගියේය. ඉන්පසු වැටි වැටී පිටුපස කාමරයට ගියේය.
ගතවූයේ මොහොතකි. කාමරය දෙසින් ගොරවන සහ හැප්පෙන බියකරු ශබ්ද අවන්හලේ සිටින පිරිසට ඇසෙන්නට විය. අනතුරුව පැවතියේ නිශ්ශබ්දතාවයකි.
කාමරයට ගිය පුද්ගලයා වැනි වැනී නැවත බාර් කවුන්ටරයට පැමිණියේය. ඔහුගේ කමිසය කීතු කීතුවලට ඉරී තිබිණි. ශරීරය පුරා ලොකු සීරීම් තුවාල පෙනෙන්නට තිබිණි.
“දැන්” ඔහු ඇසුවේය. “අර නරක් වෙච්ච දතක් තියෙන කාන්තාව ඉන්නේ කොහේද ?”


:D :D :D :D :D :D :D :D

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න.......
 
Last edited: