Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
3.5

කොහොමෙන්හරි කියනවානම් ඕවගෙ රසවත් කතා ඕන තරම් තියෙනවා.. එත් ඉතින් අවුරුදු හතරක කතාවක් නිසා කෙටියෙන් මේ කියන්නෙ.. මොකද අර සිරස එකේ යන ''මල ගෙදර '' වගේ මේක ඇදුනොත් ඔයාට එපා වෙන නිසා..

ඔයා දන්නවද.. ? ඉස්සර එයාට හොඳට හින්දි එහෙමත් පුලුවන්.. එයාට ඇත්තටම පුලුවන් ද නැත්තම් ගූගල් ට්‍රාන්ස්ලේටර් පිහිට ද කියලා නම් හරියට දන්නෙ නෑ.. කොහොමෙන් හරි මාත් පොඩි කාලෙ එහෙම අර සිරස එකේ හැමදාම දවල්ට යන හින්දි බයිස්කෝප් එක නොවරදවාම බලනවා.. කොච්චර ශෝ බැලුවද කියනවා නම් දැන් ඉන්ගිරීසි තරම්ම හින්දිත් පුලුවන්..

ඉතින් අපේ හිත් වල හැන්ගිලා තිබ්බ හොරගෙඩි ආදරේක මහත ඇගට නොදැනීම නොකියා කිව්වෙ හරි හින්දි වල පිහිටෙන්.. දෙන්නම ඉතින් හින්දි දන්න නිසා එච්චරම ගැටලුවක් උනේ නෑ කීවෙ මොනාද කියලා තේරුම් ගන්න.. ඒ වෙද්දිත් අපි දෙන්නා චුට්ටක් චුට්ටක් දන්නවා අපේ හදවත් වලට ගිය කල ගැන.. කොච්චර සුන්දරද.. හින්ට් ගගහා ආදරේ කරද්දි අනික් එකා හොර ගෙඩියා වගේ තේරෙන්නැති ගානට ඉන්න එකෙත් අමුතු ජොලියක් තියෙනවා.. ආදරේ හැමදාමත් හරිම සුන්දරයි අපි ඒක විදින්න ලෑස්තියි නම්..

කොහොමෙන්හරි දවසක් එයා මට එයාගෙ ෆෝන් නොම්බරය දීලා කිව්ව , හදිස්සියකට ඕන උනොත් කතා කරන්න කියලා.. මන් ඉතින් ලියලා තියා ගත්තට කත කරන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ, එයා කොහොමත් ඔන්ලයින් එන නිසා.. කොහොම කොහොම හරි.. මා ගාව එදත් අදත් දුකට සැපට එකට හිටියෙ මගේ ටුටූ.. ටුටූ කියන්නෙ මෙන්න මෙයාටයි..


dqipl0.jpg





එයා මගෙ ටුටු ගැන තිබ්බෙ පුදුම ඉරිසියාවක් තමයි.. වැඩේම ටුටූට මොනා හරි කියා ගත්තු ගමන්.. ඒ පිරිමින්ගෙ හැටි වෙන්න ඕනි.. කෙල්ල පුලුන් බෝලෙකට හරි වත් ආදරේ කරනවට ආස නෑ.. එයා හදන්නේ ඔක්කොම ආදරේ එයා තනියෙන් අයිති කරගන්නම තමයි.. ඒකත් එක අතකට හොඳයි.. මොකද එහෙම ආදරේට ලෝබ කම් කරන කෙනෙකුට ආදරේ දෙන්න මා ලඟ ඇති වෙන්න ආදරේ තියෙන නිසා.. මොහොතකට හරි මට හිතුන වෙලා අනන්තයි එයාව තුරුලු කරන් දරුවෙක්ට වගේ ආදරේ කරන්න.. එයාව ඔඩෙක්කෙන් තියාගෙන පොල් කෙන්දක් අරන් කන අස්සෙ දදා කුචි කවන්න.. හෙහෙ.. අනේ.. මතක් වෙද්දිත් හිත ලනු පටවල් කඩාගෙන වගේ අතීතෙට දුවන්න හදනවා වගේ දැනෙනවා..

මගේ ටුටුවත් හැම වෙලේම අයි ලව් යූ කියා ගත්තු ගමන්මයි.. මටත් එයා වගේ හැමතිස්සෙම එයාට අයි ලව් යූ කියලා කියන්න ආසාව තිබ්බට එහෙම කරන්න බැරි උනේ මන් ගැන එයාට බොරු කියල තිබ්බ නිසයි.. මට හුගක් බය හිතුනා.. එත් ඊට වඩා මගේ හදවතෙ හොල්මන් කරපු ආදරේ බලවත්..

28a6ct0.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
3.6

ඔහොම ඔහොම හොරාට ආදරේ කරද්දි.. දවසක් මගෙ අක්කිත් යාහූ එකෙන් මා එක්ක චැට් කර කර හිටිය.. ඕන් ඉතින් හැමදාම වගේ එයත් එදා හවස යාහූ එකෙන් මතු උනා.. ඕන් ඉතින් මන් දෙන්නා එක්කම බර කතාව.. අක්කිට නම් එලිපිට ලව්.. අරයට නම් වෙන කරගන්න දෙයක් නැති නිසා හොරෙන් හිත අස්සෙන් ලව්.. ලව් දෙකම ඕන් නැගල යනවා.. වෙනදා වගේම එයා එක්ක ලස්සන මලක් නෙලන ගමන් එහෙන් මෙහෙන් අක්කිටත් රිප්ල්යි කරනවා.. ඕන් අක්කි කිව්වා එයා ඔපිස් ඇරිලා ගෙදර යනවා දැන් කියලා.. සුපුරුදු පරිදි අක්කිට 'Mwah' එකකුත් දීලා.. ටේක් කෙයාර් කියලා එන්ටොර් කරලා ආයි අරයගෙ වින්ඩෝ එක ඕපන් කරලා බැලුව රිප්ලයි කරලද කියලා.. නැති නිසා ආයි අක්කිට 'I love you ' කියල ටයිප් කරලා එන්ටොර් කෙරුවා..

මල කෙලියයි ජූලි හතයි.. ටයිප් කරලා එන්ටර් කෙරුවාට පස්සෙ ආයි ඩිලීට් කරන්නත් බෑ.. මන්ග් වෙරදිලා අයි ලව් යූ කියලා තියෙන්නෙ අරයට.. මාව හීන් දාඩිය දැම්මා.. ඒ කාලෙ ඉතින් ආදරේ කලාට මොකද මටත් තිබ්බා පොඩි උද්දච්ච කමක් මම එයාට මුලින් නොකිව යුතුයි කියලා.. එහෙම කීවොත් මම සෙකන්ඩ් වෙනවා වගේ කියල.. ඒත් අද වෙද්දි ඒ අදහස මගේ හිතින් අයින් වෙලා ඉවරයි..

දැන් මාර වැඩේ.. අර ලියපු එක මකන්නත් බෑ.. අක්කත් බලන් ඉදලා ඕෆ්ලයින් ගිහින්.. මට ඒකටත් සිහියක් තිබ්බෙ නෑ.. මාව නිකන් 'ගට ගට ගට' ගාල වෙවුලන්න වගේ ගත්තා.. මාර වඩේ.. මටත් සිහියක් නැති හටියක්.. රිප්ලයි එකත් පරක්කුයි.. ලියනවා මකනවා ලියනවා මකනවා.. මට තවත් ටිකක් හීන් දාඩිය දැම්මා.. මම නිකන් දෙගිඩියාවෙන් වගේ බලන් හිටියා.. මට පුලුවන් නම් ඒ වෙලේ ස්ක්‍රීන් එක අස්සෙන් හොම්බ දාලා බලනවා මූ මොනාද ලිය ලිය මකන්නෙ කියලා.. මැටි පැටියා !!

මගේ හිත යටිගිරියෙන් කෑ ගහනවා.. ඒ අස්සෙන් අර අඹ ඇටේ තරම් වත් ලොකු නැති මොලේ කියනව.. '' කටවහගෙන ඉන්නවකො ඕයි මල කරච්චලේ ! '' කියලා

ඒ අස්සෙන් ඒ දෙන්නා එහෙන් සණ්ඩු.. මන් මේ බයේ ගැහෙනවා..

ඕන්.. එක පාරටම රිප්ලයි එක ආවා..

" Love you too "


i_love_you_comment_35.jpg


I_Love_You_In_Japenese.jpg


කතාවේ ඉතිරි කොටස නැවතත් හෙට දිනයේදී බලාපොරොත්තු වන්න..

-මතු සම්බන්ධයි

 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Last edited: