Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
4.3

හ්ම්ම්.. මන් මේ බර කල්පනාවක.. ඇත්තටම මම බයවෙලා හිටියේ.. එයා ''ලව් යූ ටූ'' කිව්වට 'අයි ලව් යූ ටූ' කිව්වෙ නෑ නෙ.. 'අයි' නැතුව නිකන් 'ලව් යූ' කිවුවෙ බ්යිට් එකටද දන්නෙ නෑ.. මම තනියෙම හිතුවා.. මට එදා ඉදන් අද වෙනකම් තියෙන ලොකුම ලෙඩේ තමයි ඕනවට වඩා හිතන එක.. අනේ මන්දා.. මගේ මෝඩ කමට බෙහෙත් නෑ.. ඔය වෙලේට තමයි මටත් හිතෙන්නේ මගේ මොලෙත් නිකන් පොල් කටු හැන්දෙ මිට වගේ කියලා..

අනේ මන්දා.. මන් බයිට් වෙයි කියලා බයට මන් එයාට ඇත්තම කිව්වා , අක්කිට යවපු එකයි වැරදිලා එයාට එව්වෙ.. වෙරි සොරි කියලා.. එතකොට නිකන් එයාගෙ රිප්ලයි එකෙන් මට දැනුනෙ.. එයාටත් නිකන් වඩේ අප්සට් වගේ.. ඇත්තමට වැඩේ චොර නේන්නම්.. මට පස්සෙ හිතුනා මන් එහෙම නොකියා ඉන්නයි තිබ්බෙ කියලා.. දෙන දෙයියො ගෙට ගෙනැවිත් දුන්නම ඒක ගන්න මට පින නැති හැටියක්.. චික් විතරක් මම නම්..
මොනා නැති උනත් අපි දෙන්නටම අලි ඔලුව නේ.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න කැමති නෑ.. ඒකෙ ප්‍රතිපලේ හරිම නරකයි..
කොහොමෙන් හරි.. මිනිත්තු පහක්වත් යන්න කලින් එයා ආයි යාහූ එකෙන් නොපෙනී යන්න ගියා.. ෂුවර් එකට හැන්ගෙන්න ඇති..
වෙච්ච දේ ගැන මට මාර දුකයි.. ඊටත් වඩා හරිම බය හිතුනා.. අනේ.. මට බෑ.. අයි එහෙම වුනේ.. දැන් මට අඩන්නමයි හිත..


sad_woman_420jpg-420x0.jpg
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
4.4
ඕන් ඉතින් එදා දවසත් ඉවරයි.. හිතේ සතුටයි දුකයි දෙකම තිබ්බා.. සතුටු වෙන්න හේතුව එයා මට ආදරේ නිසයි.. දුක් වෙන්න හේතුව.. ඒ ආදරේට නව පණක් දෙන්න තරම් මම පින් කරලා නැති එකට..

ඕන් ඉතින් එදා දවසත් ඉවරයි.. හිතේ සතුටයි දුකයි දෙකම තිබ්බා.. සතුටු වෙන්න හේතුව එයා මට ආදරේ නිසයි.. දුක් වෙන්න හේතුව.. ඒ ආදරේට නව පණක් දෙන්න තරම් මම පින් කරලා නැති එකට.. මට හරිම දුකයි.. ඒ කොච්චෙරද කිව්වොත් මගේ හිත නිකන් වස බීලා පණ අදිනවා වගේ.. ඒ අස්සෙන් එයාගෙ හිතේ මම හිටපු බව දැන ගත්තු සතුටට පණ අදින මගේ හදවතට නිකන් කෘතිම ස්වශනය ලැබෙනවා වගේ..

1159718055_SadAnimeGirl.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
4.5

කොහොමෙන් හරි ඔහොම ඔහොම සුපුරුදු පරිද්දෙන් අපි දිගටම හැන්දෑවට මල් කඩ කඩ හිටියා.. ඔය අතරේ ඉතින් දවස් දෙකක් තුනක් එහෙම ගිහින් එයා මට කීවා '' අයි නෝ දැට් යෝ ආන්ස්සර් ඉස් ෂුවර්ලි අ 'බිග් නෝ' .. ඒත් ඔයා කැමති නම් මට ඔයාගෙ ෆොටෝ එකක් බලන්න පුලුවන්ද? ''

ඇත්තටම මගේ පීසී එකේ මගේ ෆොටෝ එකක් තිබ්බෙ නෑ.. ඇරත් ඉස්සර මම අව්වෙ සෙල්ලම් කරන නිසා මම කලුයි දැන් පාට වැටිලා තිබ්බට.. ඒ නිසා මන් කවදාවත් මගේ ෆොටෝ එකක්වත් පීසී එකේ දාලා තිබ්බෙ නෑ.. ඇරත් ඉතින් එයා මාව දැකලා මට අකමැති උනොත්.. මන් දන්නවා.. මම ඒ වෙලේ හරිම අසාදාරණයි කියලා.. ඒත් ඉතින් ගෙදරින් මට තහන්චි දාල තිබ්බෙ මගේ ඩීටේල්ස් කාටත් දෙන්න එපා කියලා..

ඒ කොහොම උනත් මන් එයාව දැකලත් නෑ එයා මාව දැකලත් නෑ මේ ඊයෙ පෙරේදා වෙනකම්.. මාරයි නේද ??

මම කීවම මගේ පීසී එකේ ෆොටෝ එකක් නෑ කියලා.. එයා අනිවාර්යෙන්ම හිතන්න ඇති මන් බොරු කියන්නෙ කියලා.. එයා හිතන්න ඇති මන් බොරු කියන්නෙ මම එයා එක්ක සෙල්ලමක් කරන හින්දා කියලා..
අනේ නෑ.. මන් කවදාවත් එහෙම කලේ නෑ ඔයාට.. ඔයාගෙ ආදරේ ඉදිරි පිට මම අසරණ උනා.. ගොඩාරියක්..

හිතා ගන්නත් බැරි තරමටම.. ඔයාට ඒක තේරුනේ නෑ නේද ?? ඔයා මාව තේරුම් ගත්තෙ නෑ නේද ?? ඔයාගෙ වැරැද්දක් නෙවෙයි.. මමයි ඔයාට මාව තේරුම් ගන්න අවස්තාවක් නොදුන්නෙ.. ඔයා ඉස්සරහා මම අවුරුදු තුනක්ම බොරු කාරියෙක් උනා.. බොරු කාරියෙක්ට කොහොමද නේද ඔයාගෙ ආදරේ දෙන්නෙ ?? මම අසරණ උන තරම් මම විතරයි දන්නෙ.. මම දුක් විදපු තරම් මම විතරයි දන්නෙ.. මම හිතින් මැරි මැරි ඉපදිච්ච තරම් මම විතරයි දන්නෙ.. කොච්චර උනත් මට මමිගෙ විශ්වාසෙ කඩන්න බෑ.. ඔයා තුල මා ගැන විශ්වාසයක් ඇති කරන්නත් බෑ.. එහෙම ඇති කරන්න ගියොත් වෙන්නෙ තවත් විශ්වාසය පළුදු වෙන එක විතරයි..

Sad%20Woman.jpg

 
May 18, 2010
6,978
210
0
Los Angeles
Code:
4.6

ඔහොම ඉතින් ටික දවසක් යද්දි අපි කතා කර කර ඉදිද්දි ඔය එහෙන් මෙහෙන් මෙන්න මේ එමෝ එක දැම්මා '' :* '' එයත් ඉතින් එහෙම්මම ඒ ජාතියෙ එමෝ එකකින්ම රිප්ලයි කලා.. ඔහොම ටිකක් කතා කර කර ඉදිද්දි එයා මට කීවා.. ඔයාට මට කියන්න දෙයක් තියෙනවා නම් හිතේ හිර කරන් ඉන්නැතුව කියන්න කියලා.. ''

ඕක අහපු මම නිකන් පුම්බලා අත ඇරපු බැලුමක් වගේ උඩ ගියා අයියෝ.. මාර සීන් එක.. මෙයා මට කියනවා හිතේ හිර වෙලා තියෙන එව්වා එයාට කියන්නලු.. මැට්ටා !! නිකන් දන්නෑ වගේ නෙ කතාව.. බලන්නකො අයියෝ.. මගෙ කටින් ගන්න හදන්නෙ.. එයාට ආදරේ බව ඇත්ත ඒත් ඉතින් එයාට මම ඇත්ත කිව්වොත් මේ දැන් තියෙන ආදරෙත් මට නැති වෙයිද කියලා මට බය හිතුනා..

dh7teh.jpg


මෙම කතාවේ ඉතිරි කොටස තව සුළු මොහොතකින් ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙමි..

-මතු සම්බන්ධයි


 

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Machan I suggest you write an Ebook too, inclusive of this story....1 Sinhala Ebook Novel....Btw Nice story....keep up the goood Work Bro..Spirits Up!... :)
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    දෙයියෝ සාක්කි.. මගෙ හිත 'ඩොකොස්' ගාල හිට්ටා.. අර හිර වෙච්ච සීඩී එකක් වගේ එක තැන හිර වෙච්ච සින්දුවක් වගේ.. නිකන් භූ කම්පනයක් ඇවිත් මගෙ හිත හොල්ලලා හොල්ලලා 'ඩෝන් පටෝන්' ගාල පොලේ ගැහුවා වගේ.. ඒක දැකපු මන් නිකන් බ්ලොක් ගලක් වගේ හයි වුනා වගේ දැනුනා..

    මෙන්න බොලේ මෙයා මට ආදරෙයි ලු.. 'ඩිගිරි ඩිගාරේ ආලේ පොල් කටු මාලේ.. අන්න බලන් ජේසනයා ලව් යූ කිව්වේ.. ඩිගිරි ඩිගාරේ.. ටින් ටින් ඩිගිරි ඩිගාරේ.. ටන් ටන් ඩිගිරි ඩිගාරේ..'' මගේ හිත නිකන් ඩිස්කො ගිහින් වගේ..


    :lol: :lol:

    anyway it ws a gud ending to 4th part :D meda hariyedi huthune wena deyak hehe :D

    nice nice :D :yes:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    unexpected end 2 da 5th part :baffled:


    ඒකත් කොරොස් කොරොස් ගානව.. කොයි වෙලේ කඩන් යයි ද දන්නෙ නෑ.. දිය ඇල්ලක අවසාන ස්ථානය වගේ.. අර උඩ ඉදන් කඩා වැටෙන තැන තියෙන්නෙ.. අන්න එතන වගේ.. බිම බලන්න බෑ බයයි.. බැලුවොත් මාව තව බයේ ගැහෙයි.. වැඩිය ගැහුනොත් අත්ත කඩන් මන් පල්ලට වැටෙයි.. පල්ලට වැටුනොත් මාව නාස්ති වෙයි..

    othanin ehata mokakda une kiyala balamu :)
    so far so gud :D :yes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    දෙයියෝ සාක්කි.. මගෙ හිත 'ඩොකොස්' ගාල හිට්ටා.. අර හිර වෙච්ච සීඩී එකක් වගේ එක තැන හිර වෙච්ච සින්දුවක් වගේ.. නිකන් භූ කම්පනයක් ඇවිත් මගෙ හිත හොල්ලලා හොල්ලලා 'ඩෝන් පටෝන්' ගාල පොලේ ගැහුවා වගේ.. ඒක දැකපු මන් නිකන් බ්ලොක් ගලක් වගේ හයි වුනා වගේ දැනුනා..

    මෙන්න බොලේ මෙයා මට ආදරෙයි ලු.. 'ඩිගිරි ඩිගාරේ ආලේ පොල් කටු මාලේ.. අන්න බලන් ජේසනයා ලව් යූ කිව්වේ.. ඩිගිරි ඩිගාර ටින් ටින් ඩිගිරි ඩිගාරේ.. ටන් ටන් ඩිගිරි ඩිගාරේ..'' මගේ හිත නිකන් ඩිස්කො ගිහින් වගේ..


    :lol: :lol:

    anyway it ws a gud ending to 4th part :D meda hariyedi huthune wena deyak hehe :D

    nice nice :D :yes:

    Hehe.. thanks sweetz :) meda hariyedi monaada hithuna wena dea ?? :oo::baffled: