ආයුබෝවේවා මහා රජාණනි-Emperor’s New Clothes

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
ආයුබෝවේවා මහා රජාණනි-Emperor’s New Clothes

ආයුබෝවේවා මහා රජාණනි-Emperor’s New Clothes

emperors-new-clothes.jpg



විමල් වීරවංශ ගේ තුම්මුල්ලේ නාඩගම අවසන් වූ විකාර රූපී ලෙසින්ම මර්වින් සිල්වාගේ කැළණි නාඩගමද හමාර විය.

මර්වින් සිල්වා ඇමති කමිනුත් පහ කර ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. හරිම අපූරුය. සුන්දරය.

මහා රජාණන්ගේ අභීත නායකත්වය ගැන , සියල්ලන්ටම සම ව සලකන ධාර්මික බව ගැන කව් ගී පබැඳිමට දැන් අපට හැකිය.

හරියටම කිවහොත් තම පැටියා රිය සකට යට කර මරා දැමීමට එරෙහිව පැමිණිලි කල එළ දෙනට සාධාරණත්වය ඉටු කර එම රිය සකටම තම පුත් කුමරුන් යට කර මරා දැමු එළාර රජුන් මෙනි. ( අප මහ රජුන් එළාරට සම කිරීම ගැන සියලු සිංහල දේශප්‍රේමියෝ අප කමත්වා)

මෙතරම් සාධාරණ ධර්මිෂ්ට සමාජයක් මෙලක මින් පෙර නොතිබූ බව සැක හැර කීමට මහින්ද අබේසුන්දරට , ජැක්සන් ඇන්තනි ට ,ජේ. ආර්.පී සූරියප්පෙරුම ට , විමල් වීරවංශට හා අතුරලියේ රතන ට දැන් හැකිය.

මර්වින් තුමාණන්ට එරෙහිව , අපරාධ නීතිය යටතේ ක්‍රියා නොකරන්නේ මන්දැයි අසන්නේ බෑන් කී මූන් ගේ ඒජන්තයින්ය. ඒ මේ කරන ලද්දා වූ ශ්‍රේෂ්ට ක්‍රියාවේ රැස් බාල කිරීමටය. උන්ට ශාප විය යුතුය.

අති ගරු උතුමාණන් විසින් කල මේ අතිධර්මිෂ්ට , සාධාරණ ක්‍රියාව නිසා වඩාත්ම ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ස්වර්ණ වාහිනී ප්‍රේක්ෂක ජනතාවය. මක් නිසාද යත් මර්වින් සිල්වා ගරුතර මැතිඳුන්ගේ සාධාරණ විනිශ්චයට බඳුන් වනු වස් එතුමා ඉදිරියේ රංගනයේ යෙදෙන දයාසිරි ජයසේකරට , රන්ජන් රාමනායකට හා පබා කුමරියට දැන් තම ඇඳුම් උනා තබා නිරුවතින්ම නැටුමෙහි යෙදීමට හැකි නිසාය. මොවුනට යම්තම් හෝ විලි ලැජ්ජාවක් ඉතුරුව තිබුණා නම් මේ සිදු වීමත් සමග ඒ සුඟද අහෝසි වී යන බැවිනි. රෝසි සේනානායක මැතිනියටද අවැසි නම් එලෙසම නග්නව, සිල්වා මැතිදුන් පසෙකින් අසුන් ගෙන තම විනිසුරු කාර්යයේ යෙදිය හැක.

මෙතරම් ධාර්මික රජෙක් පහලව සිටින රටක දැන් ඉතින් අපට කුමන ප්‍රශ්නද?

මරා දමන ලද සුසන්ත බණ්ඩාර සිසුවාත්, අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ ත් දැන් අපට ප්‍රශ්න නොවේ.

බඩු මිල අහස උසට ගියත් අපට කම් නැත.

පඩි වැඩි වීම් අපට අවැසි නැත.
ඩෙංගු රෝගය වැළඳී රටේ ජනගහනයෙන් භාගයක් මියැදුනත් අපට කීම.

අම්පාරේ මෝඩ ගොවීන් විකුණාගත නොහැකි වන වී ගිනි තබනු නොහැකිනම් මුහුදට දැමුවාවේ.

අපට සාධාරණ රජෙක් පහලව ඇතේ.

ආයු බෝ වේවා මහ රජාණනි.

සටහන-1 ඇත්තෙන්ම අපට ප්‍රශ්න නැතිවා නෙවේ. අපට ඇති එක ප්‍රශ්නයක් නම් මර්වින් සිල්වා මැතිඳුන්ට සමෘධි ඇමති කම දෙන්නේ කවදාද යන්නයි. හැකි ඉක්මනින් එය වෙනවා නම් අප කැමතිය.

සටහන-2 අප රජාණෝ මෙතරම් යුක්ති ගරුක අයෙකු නම් මෙට පෙර ආචාරියානෝ රූපවාහිනී සංස්ථා වට කඩා වැදුණු වෙලේ හෝ සිරසට පහර දුන් වෙලේ හෝ මේ ක්‍රියා මාර්ගය නොගත්තේ මන්දැයි කියා දේශ ද්‍රෝහීන් අපෙන් අසනු ඇත. අප උන්ගෙන් අසන්නේ මෙයයි .

” මොකද ගහක බැඳිලා ඉන්න ඕනෙද? “


;);););););)

උපුටාගැනීමකි

http://gadflyzone.wordpress.com/2010/08/11/ආයුබෝවේවා-මහා-රජාණනි-emperors-new-clothes/
 
Last edited:
  • Like
Reactions: rajith84

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අනුන්ගෙ තැනකින් ගත්තා නං ඒ ගත්තු තැන ලින්ක් එකත් දාන්න
    එහෙම නැතුව අර එක්කෙනෙක් වගේ ඉස්සුවේ බ්ලොග් එකකින්,ගත්තෙ බ්ලොග් එකකින් කියලා දාන්න එපා
    අන්තිමට ප්‍රශ්න ඇතිවෙන්නෙ එලකිරි එකට

     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    අනුන්ගෙ තැනකින් ගත්තා නං ඒ ගත්තු තැන ලින්ක් එකත් දාන්න
    එහෙම නැතුව අර එක්කෙනෙක් වගේ ඉස්සුවේ බ්ලොග් එකකින්,ගත්තෙ බ්ලොග් එකකින් කියලා දාන්න එපා
    අන්තිමට ප්‍රශ්න ඇතිවෙන්නෙ එලකිරි එකට


    link eka hyaaganna baa banz eekai ohoma damme

    mama gaththa thana thibbe uputaa ganiimak kiyala