King Dutugamunu Vs Professor X

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?

    30-stone-figure-of-king-dutugemuna.jpg


    Xav-lopr.png


    ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. මොනාද මේ සුපිරි වීරයන්ගේ කාටූන්. කවුද මේ Super Heroes?

    මේ සුපිරි වීරයෝ බිහි වෙලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ මේ සුපිරි වීරයන් බිහි කරපු ආයතන දෙකක් තියනවා. ඒ Marvel Comics හා DC Comics කියන ආයතන දෙක.

    MARVEL_PR.0014.jpg


    dc-comics-logo.jpg


    මේ ආයතන දෙකට වෙන වෙනම් සුපිරි වීරයෝ ඉන්නවා. Marvel ආයතනය ගත්තොත් Spider Man, Iron Man, X-Men, The Hulk, The Fantastic Four, Captain America, Daredevil, Cat Women, Thor, The Punisher, Ghost Rider, Dr. Doom, Venom වගේ චරිත දහස් ගනනක් ඔවුන්ට අයිතියි.
    Click Here To See The Full List

    ඒ වගේම DC Comics ආයතනය ගත්තොත් Bat Man, Super Man, Robin, Bat Girl, Green Lantern, Super Girl, Red Robin, Joker වගේ චරිත සෑහෙන ගනනක් ඔවුන්ට අයිතියි.
    Click Here To See The Full List

    මේ චරිත වලින් බොහෝ ගනක් මුල් කරගෙන ඇමරිකාව විසින් චිත්‍රපට පවා නිපදවා තියෙනවා. ඒ හැම චිත්‍රපටියක්ම ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූ ඒවා. ඒ වගේම Small Ville වැනි නාට්‍ය වසර ගනනක් සුපිරි ආදායම් ලබමින් විකාෂය වෙනවා. එතරම් මේ චරිත යුරෝපා රටවල මිනිසුන්ට සමීපයි. ඔවුන් මේ චරිත හැබෑ ජීවිතයේ වීරයෝ කියා සිතනවා. මේ වීරයන්ට ඔවුන් බෝහෝ සේ ආදරය කරනවා. ගරු කරනවා.

    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?
    ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.
    වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?
    තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?
    ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?
    වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.
    කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?
    ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?
    රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?
    තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?

    ලෝකයේ කිසිම රටක නොතිබුන විදියේ බොහෝ දියුනු ශිෂ්ටාචාරයක් තමයි අපේ ලංකාවේ අතීතයේ තිබුනේ. ඒ ශීෂ්ටාචාරයට කිට්ටු කරන්න ඔය අද ධනවත් කියලා කෑගහන කිසිම රටකට ඒකාලයේ පුලුවන් කමක් තිබුනේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග මුතු ඇටය කියලා කියපු වාසනාවන්ත රටක් මේ. බටහිර රටවලට අපිට වගේ හැබෑ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. ඒක නිසා එයාලා මවා ගත්ත සුපිරි වීරයන් එයාලාගේ වීරයෝ කරගෙන තියනවා.

    අපිට එහෙම නෑ. අපේ මේ පුංචි රටට පන වගේ ආදරය කරපූ විරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා. පොත්පත් වල ඉන්නවා. එයාලා හැබෑවටම අපේ රටේ පය ගහලා ජීවත් වෙච්ච අය. මේ පුංචි රට වෙනුවෙන් යමක් කල අය. සතුරු ආක්‍රමන පිට රටවලින් අපු වෙලාවල් වලදී අපේ රට බේරා ගත්ත අය. අනාගතයට අපේ කියලා දෙයක් ඉතුරු කරපු අය. අපේ පොඩි අයත් මේ කාටූන් බලනවා. මේ සුපිරි වීරයන්ට ආදරය කරනවා. අපිත් පොඩි කාලේ එහෙමයි. ඒකට වරදක් කියන්න බෑ. ඒ පොඩි අයගේ හැටි. නමුත් දෙමවුපියන්ගේ යුතුකම ළමයින්ට හරිදේ කියලා දීම. මේ යුතුකම පාසලෙන් වෙන්නත් ඕනා. මට මතකයි පොඩි කාලේ ඉතිහාසයට මම හරි ආසයි. මම ඉස්කෝලේ 7 වසර වෙනකන් ඉතිහාසය වෙනම විශයක්. ඊට සාමාන්‍යපෙල වෙනකොට සමාජ අධ්‍ය. හා ඉතිහාසය කියලා දෙකම එකට එකතු වෙච්ච අච්චාරුවක්. ඉතිහාසය අමතර විෂයක් විදියට කැමති නමි ඉගෙන ගන්න පුලුවන්. අද වෙනකොට කොහොම වෙලාද දන්නේ නෑ. මේ ක්‍රමය හරිම වැරදී. අපේ ඉතිහාසය අපේ පොඩි උන්ට පොවන්න ඕනා. මේ දේ කරන්න නම් ඉතිහාසය අනිවාර්ය විෂයක් වෙන්නට ඕනා සාමාන්‍යපෙල විශය නිර්දේෂයේ. උසස්පෙළටත් ඉතිහාසය විෂයක් විදියට කරන පිරිස බොහෝම අඩුයි. මූලිකම හේතුව රැකියා නොමැතිවීම. උසස්පෙළට ඉතිහාසය කළ සිසුවෙකුට ලැබෙන රස්සාව මොකද්ද? ඔයාලාම හිතලා බලන්න. හිතා ගන්න අමාරුයි නේද? කරන්න තියෙන්නේ ගුරුවෘත්තිය පමනයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ අයට රැකියා ලබා දෙන්න පුලුවන්. නමුත්
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලාභලබන ආයතනයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ඉතිහාසය හා පුරාවස්තු වෙනුවෙන් ඔවුන් කරන සේවය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ සියලුම දෙනාට රැකියා ලබා දීමේ ගැටලුවට රජය මුහුණ පානවා. ඔන්න ඔය හේතුව තමයි අපේ රටේ ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ළමුන් අකමැත්තක් දැක්වීමට මූලිකම හේතුව. මේ දේවල් වෙනස් වෙන්න ඕනා.

    අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.
    :yes::yes::yes:

    හැමෝටම ත්‍රෙඩ් එක විවෘතයි සංවාදයකට.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්ත කතාව අයියා
    බොහොම හොද පණිවිඩයක්
    බොහොම ස්තුති
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    maxxa machoooo.....sirwatama math AL wenakn ithihase gana saahenan hewwa,iskoole nm kare na,ape iskoole thibbeth na,AL walata passe wada wadi nisa mukuth karanna bari una......podi unta kiyanan tiyenne ape ithihase gana dana ganna eken mara dewal igena ganna puluwan......
    rep nm dila wadilu umbata ;)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?
    ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.
    වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?
    තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?
    ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?
    වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.
    කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?
    ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?
    රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?
    තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?


    ඇත්ත...මචන්...මමත් එකඟයි...ඒ වගේම ඔය වීරයොත් ඉන්න ඕනේ....එතකොට තමා.... අන්තිමට හැබැ වීරයෝ කව්ද කියලා මිනිස්සු තේරුම් ගන්නේ.... තව පැත්තකින් බලනවා නම්.... අපේ දෙමව්පියෝ කොච්චර ලොකු වීරයොද.....සුපිරි වීරයන්ට තියෙන අසමසම බලයෙන් ඒ අය වීර කම් කරනවා. ඒත් අපේ දෙමව්පියෝ.....තියෙන දෙයින්...උපරිම ප්‍රයෝජන අරගෙන...කොහොම හරි අපිට කන්න බොන්න දෙනවා. ඒක කොච්චර වීර කමක්ද?

    ඒ වගේම... මම දකින විදිහට Fantasy ලමා චිත්‍රපටත් තියෙන්න ඕනේ. ඒකෙන් පුංචි ලමයින්ගේ පරිකල්පනය සැහෙන්න දියුණු වෙනවා. ලොකේ දිහා වෙන වෙන විදිහට දකින්න. අබා වගේ චිත්‍රපට ලංකාවේ තව තව බිහි වෙන්න ඕනේ. එතකොට තමා මේ දේවල් සමාජගත කරන්න පුළුවන්. :)

    Rep +
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,050
    689
    113
    Here we go again,man America got their own culture,we got our own,Don't mix them up,Be honest and answer me,
    Would like to watch a srilankan movie made out of our culture over Iron man 2?
    Well I go for iron man 2,becuase this culture stuffs are boring men,We live in 21st centuary for god sake, Get a life,Face the reality.
    Sorry If I offended you.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Kathawa atha machan ape godak podi kattiya asa oya mawa gatha charitha walata...lankawe hitiya rajawaru gana dasamaha yodayo gana kawurut ada danne na katha karanet na...mama nam hithane ea wage charitha dala ada kaaleta hari yanna teledramas or films hadanna one..

    Good thread machan :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත කතාව .. +රෙප්

    Thanks

    ah.....maxxa...

    :yes:

    ඇත්ත කතාව අයියා
    බොහොම හොද පණිවිඩයක්
    බොහොම ස්තුති

    Thanks

    maxxa machoooo.....sirwatama math AL wenakn ithihase gana saahenan hewwa,iskoole nm kare na,ape iskoole thibbeth na,AL walata passe wada wadi nisa mukuth karanna bari una......podi unta kiyanan tiyenne ape ithihase gana dana ganna eken mara dewal igena ganna puluwan......
    rep nm dila wadilu umbata ;)

    ස්තුතියි. පස්සේ දෙන්නකෝ. හැමදාම දෙනවානේ. :yes:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Very well said.:yes:

    We hear crap like 'Everyone wants to be a superhero' when we see Hollywood movies. This is exactly what Americans think.


    And see how these movies have deteriorated. In "Kick Ass" for an example a murderous psychopathic 10year old(?) is portrayed as a heroine! These are the virtues they tend to cultivate.


    There was a time when we thought that "cowboys" were heroes. Now we are matured enough to know that they were thieves and murderers.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ......

    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
    ........


    මේ මේ කරුණ ඇරෙන්න අනික් හැම දේකටම මං එකඟයි:yes:
    උඹම මේ කියපු කාරණාව බලපං


    ......කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. ....

    බොහොම පැහැදිළියි අතීතයේ වීරයෝ හිටපු අපේ රටෙ අපිත් මේ වීරයොන්ට කැමතියි ඇමරිකාවෙ අය විතරක් නෙවෙයි උඹම එක පිළි අරන් තියෙනවා :)

    හොඳ Thread එකක් මොනව උනත් මචං :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Here we go again,man America got their own culture,we got our own,Don't mix them up,Be honest and answer me,
    Would like to watch a srilankan movie made out of our culture over Iron man 2?
    Well I go for iron man 2,becuase this culture stuffs are boring men,We live in 21st centuary for god sake, Get a life,Face the reality.
    Sorry If I offended you.

    Ohh really. No worries. Let me seeeee. I'll ans you with සිංහල.

    අනේ පුතේ මට උඹ ගැන දුකයි. යකෝ I have watched all Marvel and DC Movies. Iron Man. Spider Man, Bat Man, Punisher, Daredevil etc etc etc....... මම කියන්නේ අපි 21 ජීවත් වෙන එක ගැන නෙමෙයි. මොක බලුවත් කොහොම හිටියත් අපි අපේ දේ අගය කරන්න ඕනා. අපේ දේ අමතක කරන්න නරකයි. උඹට අපේ Culture එක අරහං නම් you better leave this country :no::no::growl::growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම මාතෘකාවක් ගෙනාවා කතා කරන්න..... :yes:

    විදේශ රටවල් වල ඇත්තටම ඔහොම වීර චරිත නැහැ.. ඉන්නේ මංකොල්ලකාර මදාවියෝ නේ.. හි..හි.. වැඩිපුරම ප්‍රසිද්ද ඒ අයව.. නැත්නම් මහා මිනිස් සංහාර කරපු අය... ඉතින් ඒ අඩුව වහගන්න එයාලා චරිත නිර්මාණය කරනවා දරු පරපුරට යම්කිසි වීරත්වයක් අරෝපණය කරන්න.. ඒකට ඉතින් ඒ අයට වැරදි කියන්න බෑ.. ඒක ගොඩාක් හොඳයි.
    අපේ රටේ වීරයෝ නෑ.. නෑ නෙමයි.. ඉන්න අයව මරලා දාල තියෙන්නේ.. මරලා දාල කියලා අදහස් කරේ ,ඇත්තටම වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය යටපත් කරලා දාල තියෙන එක... මේ දේ අපි යටත් විජිතයක් වෙලා තියෙන කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්... පර දේශක්කාරයින්ට ඕනේ වුනා අපේ රටේ ඉතිහාසමය වටිනාකම නැතිකරලා දාන්න... හැම විදේශ ආක්‍රමනයකදීම අපේ ඉතිහාසයෙ සලකුණු ගොඩාක් විනාශ වුනා.. ඒ නිසාම අපේ වීරයන් ද්‍රෝහියන් හැටියට ඔවුන් හදුන්වන්න ගත්තා...
    ඒතකොට දසමහ යෝදයෝ ගැන කතා කරනවා නම් ඒ අය ගැන හරියටම අධ‍යනයක් වෙලා නෑ මෙතුවක් කල්.. දැනට දන්න දේවල් වුනත් හරියට මිනිස්සු අතරට ගිහිල්ලා නෑ.. මේවා ඉතිහාස පොත් වල විතරක් තිබුනට මදි.. ජනතාව අතරට යන්න ඕනේ ජනතාවගේ හිතට වදින මාධ්‍යයකින්. අපේ පාසල් විශය ක්ශේත්‍රයෙන් ඉතිහාසය පැත්තකට කරලා දාල.. අපේ ඒ වීරවරුන් ගැන දැන් කියවෙන්නෙම නැති තරම්.. අඩුම ගනේ සාර්ථක ච්ත්‍රපටයක් වත් ඒ ගැන හදලා නෑ.. මේ වගේ දේවල් නිසා අසූව දශකයේ අග භාගයේ ඉදන් ඉපදුන දරුවන්ට ඉතිහාසය ගැන එච්චර හැඟීමක් නෑ.. මොකද කවුරුවත් ඒ හැඟීම හිතට දැනෙන්න ඒ ලමයින්ව ඒ ගැන දැනුවත් කරලා නෑ.. ඉතින් මේ වලට පාලකයින් වගේම ජනතාව වන අපිත් වගකියන්න ඕනේ.. දෙමව්පියෝ ඉන්නේ සල්ලි පස්සෙ දුවන රටාවක සහ ලමයින්ව තරඟ කරන්න දාපු සමාජෙක.. ඉතිහාසය තියා යහපත් ගුණධර්ම වත් ලමයින්ට කියාදීලා නෑ.. අපේ කාලේවත් අපි ආච්චිලා සීයලාගන් ඉතිහාස කතා අහල නෑ. අතීතයේ තිබුනු ඒ සම්බන්ධය බිඳිලා ගිහිල්ලා දැන් අවුරුදු 40ක් විතර වෙනවා.. මේවා ගැන ඉතින් දැන්වත් අපි හැමෝම හිතන්න ඕනේ... :yes:
     
    Last edited:
    • Like
    Reactions: mdrc111 and Zeus

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් එක්ස් මෑන් කියන්නෙ කාටූන් එකක් නේද සැබෑ පුද්ගලයන් නෙවෙයි නේද දුටුගැමුණු එක්ක හැප්පෙන්න කලින් සැබෑ මිනිස්සු වෙන්න ඕනා නේද බන්