King Dutugamunu Vs Professor X

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    kathawa aththa machan
    api ape dei agaya karanna one
    eth umbe mei comparison eka karala thiyenne patta pal moda deyak ekka
    professor x and king dutugamunu
    kohethma compare karanna ba
    umbe ekko
    Alexander the Great and King Dutugamunu compare karanam thawath widiyath...
    api supehero movies baluwata, crysis, modern warfare wage games gahawwata machan api ewala inne characters lata kamathi wunata e thiyenne sambandayay ape lankawe rajawaru athara thiyena ape sambandkamay dekak machan...e deke compare karanna ba...
    api nikan relax ekata superhero movie ekak balanawa...eth api relax ekata nemey king dutugamunu gana history eken hadaranne ..mokada eka awilla ape yuthukamak ape rate rajawaru gana danaganna eka...
    king dutugamunu wage rajawaru america we hitiye nathuwa athi
    eth ona tharam rajawaru Europe nam hitiya machan
    Richard the Lionheart, Julius Ceaser, Philip II e wage aya..
    research eke bohoma prathamika mattema karala thiyenne
    depaththatama saman widiyata karala na..anika mei wage moda widiyata cultures dekak samana karala umbe mokadda balaporoththu wenna...
    umbema thamay eka danne...
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?

    30-stone-figure-of-king-dutugemuna.jpg


    Xav-lopr.png


    ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. මොනාද මේ සුපිරි වීරයන්ගේ කාටූන්. කවුද මේ Super Heroes?

    මේ සුපිරි වීරයෝ බිහි වෙලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ මේ සුපිරි වීරයන් බිහි කරපු ආයතන දෙකක් තියනවා. ඒ Marvel Comics හා DC Comics කියන ආයතන දෙක.

    MARVEL_PR.0014.jpg


    dc-comics-logo.jpg


    මේ ආයතන දෙකට වෙන වෙනම් සුපිරි වීරයෝ ඉන්නවා. Marvel ආයතනය ගත්තොත් Spider Man, Iron Man, X-Men, The Hulk, The Fantastic Four, Captain America, Daredevil, Cat Women, Thor, The Punisher, Ghost Rider, Dr. Doom, Venom වගේ චරිත දහස් ගනනක් ඔවුන්ට අයිතියි.
    Click Here To See The Full List

    ඒ වගේම DC Comics ආයතනය ගත්තොත් Bat Man, Super Man, Robin, Bat Girl, Green Lantern, Super Girl, Red Robin, Joker වගේ චරිත සෑහෙන ගනනක් ඔවුන්ට අයිතියි.
    Click Here To See The Full List

    මේ චරිත වලින් බොහෝ ගනක් මුල් කරගෙන ඇමරිකාව විසින් චිත්‍රපට පවා නිපදවා තියෙනවා. ඒ හැම චිත්‍රපටියක්ම ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූ ඒවා. ඒ වගේම Small Ville වැනි නාට්‍ය වසර ගනනක් සුපිරි ආදායම් ලබමින් විකාෂය වෙනවා. එතරම් මේ චරිත යුරෝපා රටවල මිනිසුන්ට සමීපයි. ඔවුන් මේ චරිත හැබෑ ජීවිතයේ වීරයෝ කියා සිතනවා. මේ වීරයන්ට ඔවුන් බෝහෝ සේ ආදරය කරනවා. ගරු කරනවා.

    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?
    ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.
    වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?
    තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?
    ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?
    වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.
    කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?
    ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?
    රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?
    තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?

    ලෝකයේ කිසිම රටක නොතිබුන විදියේ බොහෝ දියුනු ශිෂ්ටාචාරයක් තමයි අපේ ලංකාවේ අතීතයේ තිබුනේ. ඒ ශීෂ්ටාචාරයට කිට්ටු කරන්න ඔය අද ධනවත් කියලා කෑගහන කිසිම රටකට ඒකාලයේ පුලුවන් කමක් තිබුනේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග මුතු ඇටය කියලා කියපු වාසනාවන්ත රටක් මේ. බටහිර රටවලට අපිට වගේ හැබෑ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. ඒක නිසා එයාලා මවා ගත්ත සුපිරි වීරයන් එයාලාගේ වීරයෝ කරගෙන තියනවා.

    අපිට එහෙම නෑ. අපේ මේ පුංචි රටට පන වගේ ආදරය කරපූ විරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා. පොත්පත් වල ඉන්නවා. එයාලා හැබෑවටම අපේ රටේ පය ගහලා ජීවත් වෙච්ච අය. මේ පුංචි රට වෙනුවෙන් යමක් කල අය. සතුරු ආක්‍රමන පිට රටවලින් අපු වෙලාවල් වලදී අපේ රට බේරා ගත්ත අය. අනාගතයට අපේ කියලා දෙයක් ඉතුරු කරපු අය. අපේ පොඩි අයත් මේ කාටූන් බලනවා. මේ සුපිරි වීරයන්ට ආදරය කරනවා. අපිත් පොඩි කාලේ එහෙමයි. ඒකට වරදක් කියන්න බෑ. ඒ පොඩි අයගේ හැටි. නමුත් දෙමවුපියන්ගේ යුතුකම ළමයින්ට හරිදේ කියලා දීම. මේ යුතුකම පාසලෙන් වෙන්නත් ඕනා. මට මතකයි පොඩි කාලේ ඉතිහාසයට මම හරි ආසයි. මම ඉස්කෝලේ 7 වසර වෙනකන් ඉතිහාසය වෙනම විශයක්. ඊට සාමාන්‍යපෙල වෙනකොට සමාජ අධ්‍ය. හා ඉතිහාසය කියලා දෙකම එකට එකතු වෙච්ච අච්චාරුවක්. ඉතිහාසය අමතර විෂයක් විදියට කැමති නමි ඉගෙන ගන්න පුලුවන්. අද වෙනකොට කොහොම වෙලාද දන්නේ නෑ. මේ ක්‍රමය හරිම වැරදී. අපේ ඉතිහාසය අපේ පොඩි උන්ට පොවන්න ඕනා. මේ දේ කරන්න නම් ඉතිහාසය අනිවාර්ය විෂයක් වෙන්නට ඕනා සාමාන්‍යපෙල විශය නිර්දේෂයේ. උසස්පෙළටත් ඉතිහාසය විෂයක් විදියට කරන පිරිස බොහෝම අඩුයි. මූලිකම හේතුව රැකියා නොමැතිවීම. උසස්පෙළට ඉතිහාසය කළ සිසුවෙකුට ලැබෙන රස්සාව මොකද්ද? ඔයාලාම හිතලා බලන්න. හිතා ගන්න අමාරුයි නේද? කරන්න තියෙන්නේ ගුරුවෘත්තිය පමනයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ අයට රැකියා ලබා දෙන්න පුලුවන්. නමුත්
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලාභලබන ආයතනයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ඉතිහාසය හා පුරාවස්තු වෙනුවෙන් ඔවුන් කරන සේවය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ සියලුම දෙනාට රැකියා ලබා දීමේ ගැටලුවට රජය මුහුණ පානවා. ඔන්න ඔය හේතුව තමයි අපේ රටේ ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ළමුන් අකමැත්තක් දැක්වීමට මූලිකම හේතුව. මේ දේවල් වෙනස් වෙන්න ඕනා.

    අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.
    :yes::yes::yes:

    හැමෝටම ත්‍රෙඩ් එක විවෘතයි සංවාදයකට.
    bump:)
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    සම්පුර්ණයෙන ්ඇත්ත... දැන් අලප් රටේ පාසල් විෂය මාලාවන් පවා හදන්න මැදිහත් වෙන්නේ පිටරටවල්වල ආයතන.. දැන් ලංකාව ඔවුන්ට අහු වෙලා ඉවරයි.. නැත්නම් ණය නැ නේ...
    ඉතිහාසය විෂය කොතරම් හොදද? ඒත් ඒක දැන් නැ..
    අතීත ඉතිහාසයේ කරපු දේවල් නේ තවමත් භුක්ති විදින්නේ...
    ඉතින් අනාගත පරපුර ඒවා දැන ගන්න ඕන නේද?
    ඉදිරියෙදි ලංකාවේ මේ වගේ විරයන් බිහි වෙන්න නම් අපේ ඉතිහාසයේ විරයන් ගැන අලුත් පරම්පරාව දැන ගෙන ඉන්න ඕන.... ඒ සිතුවිලි ආකල්ප නව විරයන් බිහි වීමට හේතු වේවි....

    විශාල මැදිහත් වීමක් අවශ්‍යයි.....
     
    • Like
    Reactions: arsehole-froce

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම තමයි අපි වගෙ වැදගත් මිත්‍රයො එක්ක දුර ඉදන් හරි අශ්රය කරද්දි
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපේ මේ රටේ ඉන්න සමහරක් මිනිස්සු දුටුගැමුණු රජතුමාටවත් ඉන්න දෙන්නේ නැහැනේ නිදහසේ. අපේ රටේ සමහර අය පල්හොරු රකින අයටත් දුටුගැමුණු කියනවානේ. එම නැත්තම් දුටුගැමුණු රජතුමාගේ නෑයෙක් කියනවානේ.

    රටේ සිද්ද වෙන සමහර දේවල් හොදයි සමහර දේවල් වැරදි. ඉතින් ඒ දේවල් වලට අපිට වැරදි කියන්න බැහැ. අපි සාමාන්‍ය මිනිස්සු අපිත් මොන දේවල් කීවත් අපිත් වැරදි කරනවා. එකයි ලෝක ස්වබාවය. අපි ඒ වැරදි කොහොම හරි නොකර ඉන්න තරමට තමයි හොද. එත් කිසිම වෙලාවක අපේ පරණ විරවරයෝ වර්තමාන චරිත වලට ඇදගන්නේ නැතුව හිටියානම් හොදයි නේද. එක අපේ පරණ මුතුන් මිත්තන්ට වගේම විරවරයන්ගේ චරිතයට හොදයි.​
     
    Last edited: