මාස්ටර් ප්‍රේමසිරි කේමදාස යනු හුදෙක් සංගීතඥයෙකු නොව ලාංකීය ස්වතන්ත්‍ර සංගීත කලාවේ මුල් පුරුක ලෙස අවිවාදයෙන් නම් කල හැකි පුද්ගලයෙකි.ඔහුගේ නිර්මාණ සිනමා සංගීතය සිට නවීන ආරයන් දක්වා විසල් පරාසයකට විහිදුණු සියලුම ආරයන් වාගේ ස්පර්ශ කල අසමසම සංගීත සන්කලනයන් විය.බුහුමන් ලද , විශිෂ්ට යැයි කවුරුත් පිලිගන්නා අග්‍ර ගනයේ සම්පතක් විය.ඔහුගේ පහස ලද නිර්මාණ ඇසූ පමනින් මේ ඔහුගෙ නිර්මාණයක් යැයි අනුමාන කලහැකි මට්ටමට අපේ හදවත් ඔහුගේ නිර්මාණ වලට සමීප වී ඇත.ඔහුගේ අඩිපාරේ ගමන් කරන්නට උත්සාහ කරනු මිස ඔහු හා සම නිර්මාණකරණයකට එලඹෙන්නට තරම් ඥානයක් හැකියාවක් සහජ දක්ශතාවයක් ඇති කෙනෙකු නැති තරම්.එය ලාංකීය සංගීත කලාවට විශාල පාඩුවකි.ඔහුගේ දැනුමින් පෝෂණය වී දැනට කලා ලොවේ හොඳ අඩිතාලමක් ඇතිව ඉදිරියට යන කාලාකරුවන් ලෙස ඉන්දිකා උපමාලි, ක්‍රිශාන් වික්‍රමසිංහ,සුබුද්දි ලක්මාලි, සුමුදු පතිරාජ, වගීශ,තිසරි ,අමරසිරි පීරිස්,සමන්ත පෙරේරා නම් කල හැකියි.
Daily News 29 . 10 . 2008
කාගේත් අවදානයට යොමු වුනු මාතෘකාවක්....
රූපය දුටු පමණින් ප්‍රේමසිරි කේමදාස මාස්ටර් මතක් වෙනව නේද? මාස්ටර් ගෙ සංගීතය නොවේද ඇහෙන්නේ..?
ගොලු හදවත - තවත් එක් සංදිස්ථානයක්
කෘතියක ඇති සියුමැලි බවත් ගැඹුරු බවත්..මනාව වෙන්කොට...එහෙමත් නැත්තනම් භයන්කාර බව සංගීතයෙන් ප්‍රකාශ කරන්නට කේමදාසයන් දක්වා ඇත්තේ මනා ප්‍රාගූඥයකි.වෙනත් කෙනෙකුගේ නිර්මාණයකට තමන්ගේ හැකියාවෙන් උපරිම සාධාරනයක් ඉටුකොට එම නිර්මාණයට වටිනාකමක් එකතු කරන්නට සමත් විය.
කේමදාසයන් තරුණ අවදියේදී...
බිරිඳ : සෝමලතා පෙරේරා
උපන් දිනය : ජනවාරි 25, 1937
සම්පූර්ණ නම : ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා
උපන් පෙදෙස : වාද්දූව-තල්පිටිය
පාසල් ගියේ : ශ්‍රි සුමංගල පාසල / ශාන්ත ජෝන් විද්‍යාලය , පානදුර
දූවරුන් : අනූපමා කේමදාස / ගයාත්‍රි කේමදාස
කේමදාසයන් ප්‍රකට චරිතයක් වුනේ ඔපෙරා කලාව සම්බන්ධයෙනි.එය ශ්‍රි ලාංකිකයන්ට නවමු අත්දැකීමක් විය."අග්නි" ඒ අතර ප්‍රසිද්ධියට පත් වු නිර්මාණයකි.මෙය පෙර ශිෂ්ඨාචාරගත වීම පිළිබඳ කියවෙන ඔපෙරාවකි.විවිධ රටවල් වලදී සිංහලෙන් ඔපෙරාවන් ඉදිරිපත් කිරීමට වරම් ලද , අවස්ථාව ලාබාගත් පුලුද්ගලයේ කේදාසයන්.ඔහුගේ ගෝලයන් ඔහු විසින් මනාව පුහුණු කොට ඔපෙරා මාවතට රැගෙන ස්ථාවර අදිතාලමක් ලබා දුන්නේය.වෙසෙසින්ම කටහඬ පුහුණු කිරීම කැපී පෙනුණු අංගයක් විය.
ගීත කලාවේ තවමත් රසවින්දනයට බඳුන් වන නිර්මාණ ගනණාවකටම සංගීතය සන්කලනය කල බුද්ගලයා මොහුයි.ලෝකෙ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ,ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ,සුලන් කුරුල්ලෝ,ලඳුනේ,අඳුරු කුටිය තුල,විකසිත පෙම් පොකුරු පියුම්,අම්මාවරුනේ,ආදර නිල් දෑසේ...එවැනි නිර්මාණ ගනණාවක්ම අදටත් අප හදවත් සනසන ගීත...එනම්...තවමත් අප අතරින් වෙන්වුණු කේමදාසයන් තවමත් අප අතර ජීවමාන බවයි.
ඔහුගේ ජීවිතයේ මතක සටහන් ස්වල්පයක් අපි රසවිඳිමු....
ඉහත රූප වල වම් පැත්තේ සිටින්නේ කේමදාස මාස්ටර් ගීතයක් පටිගත කරන මොහොතක පුහුණු කිරීම් අතර...
පුහුණු කිරීම් අතරතුරදි...
විවිධ අවස්ථා වලදි මොහු විවිධ සම්මානයන්ට පාත්‍ර විය.හැම සම්මානයකටම වඩා වටින ජනතාවගේ සම්මනය ඔහුගේ මුල් නිර්මාන වලින්ම ලබාගත් ඔහු එය රැකගෙන දිගටම ලාංකීය සංගීත කලාව වෙනුවෙන් කැපවුණි.
පිදුම් ලද සම්මාන අතර......
හොඳම සංගීත අධ්‍යක්ෂක - ගොලු හදවත
6 වැනි සරසවි සම්මානය 1969
හොඳම සංගීත අධ්‍යක්ෂක - නාරිලතා
7 වැනි සරසවි සම්මානය 1970
හොඳම සංගීත අධ්‍යක්ෂක - බඹරු ඇවිත්
ජනාධිපති සම්මානය 1978
හොඳම සංගීත අධ්‍යක්ෂක - වසන්තයේ දවසක්
ජනාධිපති සම්මානය 1979
හොඳම සංගීත අධ්‍යක්ෂක - සොල්දාදු උන්නැහේ
ජනාධිපති සම්මානය 1981
හොඳම සංගීත අධ්‍යක්ෂක - අග්නිදාහය
28 වැනි සරසවි සම්මානය 2003
හොඳම සංගීත අධ්‍යක්ෂක - ගරිල්ලා මාකටින්
31 වැනි සරසවි සම්මානය 2006
ස්වර්ණ සිංහ සම්මානය 2004
සංගීත කලවට පිරිමැහිය නොහෙකි පුද්ගලයෙක් අප අතරින් මෙසේ වෙන් වී ගියමුත් මතකයක් කිසිදා නොමැකෙන බව නොඅනුමානයි.ඔහු සංගීතය සැපයූ නාට්‍ය , චිත්‍රපට , ගීත තවමත් ජනප්‍රියයි.ඔහුගේ ගෝලයන් ලාංකීය සංගීත කලාවෙ මුල් බැසගත් කලාකරුවන්.ඉදිරියට ඔහු මෙන් සේවයක් කිරිමට ඒ අයට ශක්තිය ලැබේවා... !
අප අතරින් වෙන්වුනේ : ඔක්ටෝබර් 24, 2008
එවිට වයස : අවුරුදු 71
එවිට වයස : අවුරුදු 71
මේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් වෙනුවෙන් ලියැවුනු චරිතාපදානයයි.
උපුටාගැනීමක් නොවේ..පින්තූර ගොඩක් තියෙනව..පෙනෙයිද දන්නේ නෑ...ලිපිය කියැවූ ඔබ සැමට ස්තූතියි..!






