පබ්ලික් ෆෝරම් එකක මේ මනස්ගාත දොඩවන එකාමයි නිවන් දැක්ක කියලා අඬ බෙර ගහන්නෙත්.ඔයයි මායි දෙන්නෙක් නේ... ඔයා හිතල එක එක ඒවා කියනවා, මම කරලා experiences වලින් කියනවා. අනික මම මේවා කලේ මේ ඔයාටවත් වෙනින් කාටවත් පෙන්නන්න නෙවෙයි. අද එද්දී නිකම් කල්පනා උනා මගේ අතීතය. '85 දී තමයි මට මුලින්ම electronic කෑලි ටිකකුයි wonder 30w soldering iron එකකුයි aiwa 4"/8ohms/4w speaker එකකුයි වගේ ටිකක් ගෙනත් දුන්නේ. අපේ අය එච්චර සල්ලිකාරයෝ නෙවෙයි අමාරුවෙන් තමයි ඕව කරලා දුන්නේ. වෙනින් හිතවත් අයිය කෙනෙක් තමයි මට හුඟක් ඒවාට උදව් කලේ. මේ කියන කාලේ computer තිය, direct coupled amplifiers, ICs වගේ මොකවත් අහන්න දකින්න වත් තිබුනේ නැහැ. මම මුලින්ම හදපු radio එක වැඩකලේ නැහැ. ඊළඟට ඒක ආයේ හදන්න ගිහින් 47k resistor එකක් නැතුව ගේ පෙරලගෙන හෙව්වා. පස්සේ දොරමුල්ලේ තිබිල අහුලා ගත්ත, ඊළඟට හැදුව... වැඩ! ඊට පස්සේ ඉතින් ආයේ මොනවද කොල්ල වැඩකාරයා!! (grade 6) පස්සේ ඉතින් rocket එක වගේ ගිය. අපිට setup මොකවත් තිබුනේ නැහැ. සින්දු පිස්සුව ඉස්කෝලෙන් ආව. පස්සේ තාත්ත interval එකට මොනවහරි කන්න කියල දෙන 10 ඒවයෙන් එකතු කරලා, kri amp kit එකකුයි jvc 8"/30w woofer එකක් එහෙම ගෙනාව. ඒ හැදුවත් හරියට වැඩකලේ නැහැ, cct එක upset. පස්සේ කෑලි නැතිහන්ද හදාගන්න බැරුව හිටපු pioneer 30+30w amp එකක් මට හම්බවෙලා, original එක, ගන්න තිබුණු කෑලිවලින් modify කරලා හදලත් දීල, ඒක එහෙමපිටින් trace කරලා හදාගත්තු, ගොඩාක් කල් පාවිච්චි කරපු amp එක තාම තියෙනවා. ඒකත් original එකට වඩා හොඳට දුවන්න modify කරලා තියෙන්නේ! අද ඊයේ නෙවෙයි, around '86. ටික කාලෙකින් මාගේ development එක හිතාගන්නවත් බැරිතරම් උනා. පස්සේ වැඩියෙන් සද්දේ අහන්න උවමනාවට ගියපු ගමන, අද මට මේ කරන දේට ලොකු උපකාරයක් උනා. direct coupled amp එක්ක වැඩ හරි risky. trial කාලේ jude කියල christian pen friend කෙනෙක් උදව් කරලයි මම මුලින්ම 100+100 buffal දෙකකට බඩු ගත්තේ. මේ නාමරූප විඥාණ case එක වගේම එකක් amp වල තියෙනවා. බලන් ඉන්දැද්දී හඳුන් කූරු පත්තුවෙනවා වගේ resistors දුන්දාළ පිච්චිලා යනවා, speakers කොළ එලියට පැනල roast වෙලා යනවා. මම අමාරුවෙන් ගත්තු ඒවා ඔයවිදියට වෙලා හූල්ල හූල්ල ඉඳල තියෙනවා අනන්තවත්. (දැන් නම් මට 2kw 5kw amps කියල ගණනක් වත් නැහැ. කාට බැරිඋනත් මම හදනවා) speaker protection circuit එකක් මමම design කරලා හදල දාගත්තේ එහෙම ඒවා දකින්නවත් කලින්! මුලින්ම standard OS දුවන DOS/win3.1 computer කියල දැක්කේ accmt එකේදී 286/386 machines. power on/off කරන්නත් බයයි ඒදවස් වල! ඒත් පස්සේ PCB designs එහෙමත් කලා ඒවායින්. win98 කාලේ internet explorer එකේ back button එක, ආපහු යන්නේ කොහොමද කියලවත් දන්නේ නැතුව හිටිය එකෙක් මම! පස්සේ කාලෙක මුලින්ම මගේම කියල පාවිච්චි කලෙත් අයින් කරලා දාපු 486/133MHz PC එකක් pavement එකේ විකුනන්න දාල තිබිච්ච motherboard එකකින් කෑලි අරන් repair කරගෙනයි. මට computer ගන්න සල්ලි තිබුනෙත් නැහැ. එකතු කරලා... එකතුකරලා මුලින්ම ගත්තේ se440bx-2 board එකක්. ඒක හැඩ බල බල ඉන්න උනා මාස ගණනක්. පස්සේ අම්ම retire වෙනකොට හම්බවෙච්ච compensation එකෙන් තමයි ඉතුරුවට සල්ලි හම්බ උනේ. එදා පටන් ගත්තු IT field එකේ ගමන කියල වැඩක් නැහැ. දැන් ගොඩක් ඒවා master කරලා... දැන් නම් ඉතින් හිතල බැලුවම මාර ගමනක් මම ඇවිල්ල තියෙන්නේ. කල්පනකලාම සතුටුයි. ඒත් ඔය ඔක්කොම මැරෙනකම් විතරයි!


පිස්සුද, හැටිද නැත්තම් ඒ දෙකමද කියලා නුවණැත්තෝ නුවණින් විමසා බලත්වා!


කොච්චර නම් හීනමානයක් තියෙන්න ඔනේද Grade 6 සෙටප් එකක් හැදුව එක මෙකේ කියවන්න?? පවු බං, Education සයිඩ් එකේ වෙන මොනවත් කියන්න තරම් දෙයක් නැතුව ඇති.




