බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පටිච්ච සමුප්පාදය අපේ හාමුදුරුවෝ විස්තර කරලා දෙනවා මුලින්ම ඇහිච්ච දවසේ, නාමරූප පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං කියල කියනකොටම loop එකක් බව මට තේරුණා. පුංචි කාලෙදිම ආසාවට amplifier dsigns එක්ක හැප්පිලා ඒවා self oscillate වෙලා power components, speakers සේරම පුච්චගෙන, full load කරලා දුවනවා වගේ රත්වෙලා රත්වෙලා, පිච්චිලා යනවා මම හොඳට experience කරලා තිබුනේ. සද්ද මොකුත් නැතුව මේ සිද්ධිය සිද්ධ උනාට, මට upset එකක් උනේ නැහැ. මම 'මීටරේ' හන්ද දැක්ක ගමන් click උන, මේක audible range එකෙන් පිට වෙනදෙයක් වෙන්න ඇති කියල. ඊට පස්සේ ඉඳල amplifiers එක්ක වැඩ කරන වෙලාවට, multimeter එක set කරගෙනයි වැඩට බහින්නේ. එතෙනදි වෙන්නේ amp එකට signal මොකවත් අපි input කලේ නැතුවට, circuit design එකට අනුව තීරණය වෙන resonance frequency එකකට input output අතරේ coupling එකක් build up වෙලා, හොඳ ලොකු high frequency signal input එකක් අපි දුන්න වගේ, amp එක, පන කඩාගෙන දුවන්න ගන්නවා! output එක වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙන් input එකත් වැඩිවෙන හන්ද නවත්වගන්න බැරුව යනවා! කල්පනාවෙන් ඉඳල build-up වෙන කොටම power off කරනොගත්තොත් power rails වල උපරිම මට්ටමටම මේ output එක build-up වෙනවා. ඒවෙනකොට tweeters එහෙම sorry වෙලා ඉවරයි ගොඩක් වෙලාවට. main speaker වගේ power එක ඔරෝත්තුදෙන්න පුළුවන් ඒවා ටික වෙලාවක් යනකම් අල්ලන් ඉන්නවා, එත් deform වෙලා සවුත්තු වෙනවා. පාවිච්චිකරල තියන කෑලිත් හොඳ quality ඒවා, high capacity ඒවා නොඋනොත්, හුඟක් වෙලාවට ලොකු damage එකක් තමයි. ඒත් ඒක කවුරුවත් කරන, කරපු එකක් නෙවෙයි! ඒක nature එක! අපි safty දාල, precautions අරන් නොතිබුනොත්, කාටවත් බැනල කරලා වැඩක් නැහැ!! ආයේ අර 'හූ' කියල එන, (1KHz approx.) කන් කඩාගෙන යන සද්දේ ඕනේ තරම් අහල ඇතිනේද? ඔය mics, speakers පාවිච්චි කරලා කරන හුඟක් දේවල් වලදී සිද්ධ වෙනේ... අහල ඇති නේ... ඔයාලට ඕවට interest එකක් තියෙනවද, නැද්ද දන්නේ නැහැ ඒත් මටනම් ඕව හරි interesting. සේරම හොයල හොයල කල්පනා කරලා ඔය feedback කතන්දරෙත් සුලමුල පරතෙරටම දන්නවා. ඒහන්ද input මොකුත් නැතුව output එකක් එනවා කියන එක මම හොඳට දැනගෙන උන්නේ.

    ඊළඟට බුදුහාමුදුරුවෝ 'ගෝම පින්ඩූපම' සුත්‍රයේදී දේශනා කලා, මේ අපේ ජීවිතය කියන එකේ ඇත්තටම මොකුත්ම නැහැ! කියල, මේ මහලොකුවට පේන්න තිබුනට, ආයේ ලොකු කතන්දරයක් වගේ පෙනුනට! ඊළඟට ආයේ තව දේශනාවකදී, පටිච්චසමුප්පාද විග්‍රහයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියාදීල තිබුන අර මමත් repeat කරලා දාල තිබුන case එක, loop එක, විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං... ආයේ විඥාණ පච්චයා... විදියට! මට මේවා බැලූ බැල්මට බොහොම ලස්සනට පෙනුන මම දන්නා technical ඒවත් එක්ක තියෙන සම්බන්ධය. ඔයාල දන්නවද මේ අපේ තාක්ෂණික දියුණුවෙත් base එකේ, පදනමේ, ඉතාම වැදගත් විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං case එකක් ක්‍රියාත්මක බව? electricity & electro magnetic field! දන්නෙවත් නැද්ද? නැත්නම් හිතාගන්නවත් බැරිද?

    මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා යම් සන්නායකයක් දිගේ විද්‍යුත් ධාරාවක් ගමන් කලොත් එම සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගෙනවා. ඊළඟට තවත් ස්වභාවයක් තියෙනවා යම් චුම්බක ක්ෂේත්‍රයක් හරහා යම් සන්නායකයක් ගමන් කලොත්, සන්නයකයෙන් චුම්බක ක්ෂේත්‍රය කැපුනොත්, එම සන්නායක තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න ගන්නවා. අර fleming කියල, ගොඩක් ඉස්සර හිටපු බුද්ධිමත් මනුෂ්‍යයෙක් මේ සංසිද්ධිය සම්බන්ධයෙන් නියමයන් පවා සොයාගෙන දීල තියෙන්නේ...




    ඉතින් මේ සංසිද්ධිය භාවිතකරගෙන මිනිසුන් විසින් නිර්මාණය කරගත් ඉතාමත් වැදගත් උපකරණයක් තමයි අපි හැමෝම, හැමතැනම, හැමවෙලාවෙම, භාවිත කරන electrical generator එක. ඒවයෙන් තමයි මේ අපි හැමෝම පාවිච්චියට ගන්න විදුලිය නිෂ්පාදනය කරගන්නේ. ගලාහැලෙන ජලයේ බලයෙන්, සුලඟේ බලයෙන්, ජලවාෂ්පවල බලයෙන් නැත්නම් engine එකක ආධාරයෙන් ඒක කැරකැව්වම විදුලිය නිෂ්පාදනය වෙනවා. එක එක ප්‍රමාණවලින් පොඩි generator වල ඉඳල මහා විශාල power stations වල භාවිතාවෙන යෝධ ඒවත් තියනවා. ඒත් ඒ හැම එකකම තියෙන්නේ, යකඩ හා තඹ වැනි පොළවෙන් ලබාගත් දේවල් වලින් සකස් කරගත් roter, stator & windings etc. පමණයි! මූලිකම දේ මේකත් හදපු ගමන්, assemble කරපුගමන් කොච්චර කැරකැව්වත් විදුලිය නිපදවෙන්නෙත් නැහැ! ඇතුලේ වෙන මොකවත්ම ඇත්තෙත් නැහැ! හැබැයි වැඩකරන්න අවශ්‍ය මූලික ශක්තිය, excitation energy දීපු ගමන්, විදුලිය හැදි හැදී එන්න ගන්නවා මුළු පළාතකම තියෙන තරම් අවශ්‍යතා සේරම සම්පූර්ණ කරන්න පුළුවන්, නැත්නම් පලාතක්ම ගිනිතියල දාන්නත් පුළුවන්! ඒකෙත් තියෙන්නේ සත්ව ශරීරයක වගේම ක්‍රියාකාරීත්වයක් තමයි. හැදිලා තියෙන්නෙත් පොළවෙන් ලබාගත් දෙයින් පමණයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka


    ඒකෙ යකඩෙන් හැදිච්ච මාද්‍යය වල (stator & rotor) පරිවරණය කරපු තඹ කම්බි දඟර (insulated copper windings) ඔතල විශේෂ ආකාරයකට සකස් කරලා තියෙන්නේ. ක්‍රියාකාරීත්වයට පදනම් කරගෙන තියෙන්නේ අර මුලින් සඳහන් ආකාරයට විද්‍යුතය හා චුම්බක ක්ෂේත්‍රය සම්බන්ධ ක්‍රියාකාරීත්වය. සකස් කරපු ගමන්, නැත්නම් ගලවල නැවත සවි කලොත්, ඒකෙ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්න නම් පොඩි විදුලි බලයක් ලබා දෙන්න වෙනවා. විදුලි බලය වෙනුවට චුම්බක බලයක් ලබාදුන්නා උනත් ඇති! ඒත් සවිකලාට පසුව බාහිරින් චුම්බක බලයක් ලබාදෙන්න ක්‍රමයක් නැහැ, ඒකයි විද්‍යුතයම පාවිච්චි කරන්නේ. එහිදී සිදුවෙන්නේ මුලින් ඉතාමත් සුළු චුම්බක ක්ෂේත්‍රයක් හෝ එළියෙන් ලබාදෙන විදුලි බලයෙන් ගොඩනැගෙන කුඩා චුම්බක ක්ෂේත්‍රයක් භාවිත කරගෙන, උපද්දව ගන්න විදුලි බලය නැවත නැවතත් එහි චුම්බක බලය ගොඩනැංවෙන ආකාරයට භාවිත කරමින්, electromagnetic looping වලින්, ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නට, build-up වෙන්නට හැර, අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනුමයි. ඒත් මෙතැනදී Automatic Voltage Regulator, නැත්නම් පරිපාලක උපකරණයක් හරහා feedback එක හැම මොහොතක් මොහොතක් පාසා පාලනය කරමින් ඉතාමත් සූක්ෂ්මව තමයි වැඩගන්න වෙන්නේ. පොඩි හරි upset එකක් වෙලා, feedback වෙන එක පාලනයකින් තොරව එක මොහොතක් ගතවුනොත් ගිනි අරන්, සම්බන්ධ කරලා තිබිච්ච විදුලි උපකරණත් පිච්චිලා, engine හිරවෙලා, කැඩිලා ලොකු විනාසයක් වෙනවා. safty ගොඩක් දාල තියෙන හන්ද සාමාන්‍යයෙන් එච්චර ලොකු damages වෙන්නේ නැහැ!

    ඉතින් මේ දෙකේම, අපේ ඇඟවල් වලයි, generator එකෙයි, මේවගේම එකම 'seen එකක්' තිබුනට, විඥාණයට බුදුහාමුදුරුවෝ කියල තිබුනේ දැනගන්නවා කියන තේරුමෙන් විඥාණය කියනවා කියලයි. මට කතන්දරේ 100% පැහැදිලියි! ගලපගන්න බැරුවයි දැඟලුවේ... පස්සේ මම එක එක විදියට හිතුවා. අන්තිමට alternatives දාල දාල බැලුවා. පස්සේ හිතල හිතල විඥාණය කියන්නේ magnetic field එකයි, නාමරූප කියන්නේ ලේ-මස් වලින් හැදුනු 'පාරේ' ගමන් කරන විද්‍යුතයයි කියල ගත්තම සේරම reveal වෙන බව හොඳටම පෙනුන! එතනින් මට හොයන්න තිබුන කතන්දරේ ඉවරයි. මෙහෙම ගත්තුගමන් සේරම ගැලපෙන බව දැකල, ඊළඟට කර්ම හා කර්ම ඵල ගැන හිතුවා. ඒත් බුදුහාමුදුරුවෝ, 'කම්ම විපාකෝ අචින්තියෝ' කියපු හන්ද හිතට නම් එච්චර fit එකක් දැනුනේ නැහැ! ඒකෙන් වැඩේ පොඩ්ඩක් brake උනා. මට බුදුවදනකට පිටින් හිතන්න වත් කැමැත්තක් නොතිබිච්ච හන්ද.

    මගේ ශාස්තෘන් වහන්සේ, ගුරුවරයා, මගපෙන්වන්න, සේරම බුදුන්වහන්සේ! බුදුහාමුදුරුවෝ කිව්වට පිටින් එක වචනයක් වත් මට ඕනේ නැහැ. ඒත් මම උන්වහන්සේ සරණ ගිහින් මේ පරම සත්‍ය දැක්කට පස්සේ, මට ආවේ හැමෝටම හරි මේ වටිනාම දේ දෙන්න ඕනෙය කියන බලවත් අදහසක්. ඒත් හුඟ දෙනෙක් බණට දහමට කැමති නැහැ! වෙන වෙන විකාර කියවනවා, වැල්වටාරම් කියනවා හැරෙන්න අවශ්‍යදේ කෙරෙන්නේ නැහැ. මොන බාධා තිබුනත්, කතන්දර කොහොම උනත්, මටත් යමක් කරන්න හිතුනොත් ඉතින් මටම එපාවෙලා, නැත්නම් කරලා වැඩක් නැතිබව තේරුණොත් මිසක්, නැත්නම් අතහැරලා නැහැ!! උදව් කරපු උදවියත් ගොඩක් ඉන්නවා. උන් පව් නේද කියලත් හිතෙනවා. ඒත් හුඟක් එවුන් මාතෘකාවට එනකොටම brake ගහනවා. මම ඒක නිසා වෙනම පැත්තකින් ගිහින් අවශ්‍යදේ කරන්න ඕනෙය කියල හිතුවා. මේ ඉන්න තරමක් උගත්, බුද්ධිමත්, වැදගත් සේරම මිනිසුන්ගේ ලොකුකම් මැරෙනකම් විතරයි, ඒත් ඕක දැනගන්න වෙන්නෙත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, උන්වහන්සේව සරණ ගිහින්, අවංක උවමනාවකින්, උත්සහයකින් කටයුතු කරන කෙනෙකුට විතරයි. ඒකයි දුර්ලභ, අමාරු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ කාටවත් වෙනසක් කලේ නැහැ. කාටවත් මේක දෙන්න එපා කියලත් නැහැ. මිනිස්සු ගත්තේ නැතුව විතරයි. ඉතින් බුදුන්වහන්සේ කියපු දේ තව විදියකට එලියට දෙන්නයි මේ බලාපොරොත්තුව! ඒකත් අර අනික් බුද්ධාගමට උනන්දුවක් නැති නමුත්, හොඳ ගතිගුණ තියන, බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගැන ඇතිවෙච්ච අනුකම්පාවට. ඒත් ඉතින් තරහ, වයිරය දොරේ ගලන, පෙරේතකම ඉහවහගිය, කියන කිසිමදෙයක් අහන්නේ, පිළිගන්නේ නැති උද්ධච්ච, මෝඩ උදවියට නම් මොකක් කිව්වත්, කලත් වැඩක් වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කියපු 'කෙලෙස් අඩු සත්වයන්' කියන එකට alternatives නැහැ. ඒ අය ගැන කාටවත්, මොනවත් කරන්න දෙයක් නැහැ.
     
    Aug 29, 2010
    55
    2
    0
    .............කාටවත් මේක දෙන්න එපා කියලත් නැහැ. මිනිස්සු ගත්තේ නැතුව විතරයි. ......... ඒත් ඉතින් තරහ, වයිරය දොරේ ගලන, පෙරේතකම ඉහවහගිය, කියන කිසිමදෙයක් අහන්නේ, පිළිගන්නේ නැති උද්ධච්ච, මෝඩ උදවියට නම් මොකක් කිව්වත්, කලත් වැඩක් වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කියපු 'කෙලෙස් අඩු සත්වයන්' කියන එකට alternatives නැහැ. ඒ අය ගැන කාටවත්, මොනවත් කරන්න දෙයක් නැහැ.
    :(:yes:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඉසුරුසිරි;8218708 said:
    .............කාටවත් මේක දෙන්න එපා කියලත් නැහැ. මිනිස්සු ගත්තේ නැතුව විතරයි. ......... ඒත් ඉතින් තරහ, වයිරය දොරේ ගලන, පෙරේතකම ඉහවහගිය, කියන කිසිමදෙයක් අහන්නේ, පිළිගන්නේ නැති උද්ධච්ච, මෝඩ උදවියට නම් මොකක් කිව්වත්, කලත් වැඩක් වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කියපු 'කෙලෙස් අඩු සත්වයන්' කියන එකට alternatives නැහැ. ඒ අය ගැන කාටවත්, මොනවත් කරන්න දෙයක් නැහැ.
    :(:yes:
    අනේද කියන්නේ ඉසුරුසිරි අයියෙ, මං ඒත් බැලුව උඹ නිවන් දැකල ගේම් එක ඉවරයක්ම කරලද කියල.
    බන අහනවා කියලත් ඉතින් මේ වගේ මැන්ටල් කේස් වලින් බන අහන මීහරක් නැහැනේ අයියේ.:D:D
    ෆ්ලෙමින්ගෙ නියමය ඕ ලෙවල් සයන්ස් නෙ බං, ඕකෙන් කොහොමෙයි බුදු බන පහදන්නේ? පිස්සු පීකුදු කියන්නේ ඕවට තමයි. උඹ ඉතිං දමිත පිස්සගේ අවතාරයක් බව නොදන්නව නොවෙයි.
    :lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාටවත්ම ප්‍රශ්නයක් මතු උනේ නැද්ද, සත්වය භ්‍රමණය වෙන්නේ නැහැනේ? නැත්නම් සත්වයින්ගෙන් current එක ගන්න බැහැනේ එහෙම කියල? හි... හී... කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා වගෙයි නේද? ඔහොම යන්කෝ... තව යනකොට roller coaster එක වගේ වෙයි!!

    මෙහෙමයි, මෙතනත් විඥාණ, නාමරූප කතන්දරේම උනාට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියනවා! දැන් generator එක මනුස්සය විසින්, ජීවිතේ පහසු කරගන්න, උවමනාවෙන් හදාගත්තු එකක්. එත් මේ කෙහෙල්මල් ජීවිත කියන්නේ වැරදිලා හැදිච්ච උලව්වක්. ඉපදුන සත්වයාට ජරාවට පත්වෙලා, ලෙඩ වෙලා, මැරිලා යන්න වෙනවා. ඉන්න ටිකෙත් ප්‍රියයන්ගෙන්, ප්‍රියදේවල් වලින් වෙන්වෙලා දුක්වෙන්න වෙනවා, අප්‍රියයන්, අප්‍රියදේවල් සමග එකතුවෙලා දුක්වෙන්න වෙනවා. පෙනුනේ නැතුවට, තේරුණේ නැතුවට, මේකේ ගන්න කියල කිසිම දෙයක් නැහැ! විඳවිල්ලක් විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වේ පෙර කරපු කර්මයක් කියලනේ... මතකද? "නායස්ස භික්ඛවේ කායෝ තුම්වාහකන්, නාපි අඥ්ඥේසං, අභිසන්ඛතන්, අභිසන් චේතයිතන්, වේදනීයන් දට්ඨබ්භන්, පුරාණ මිදන් භික්ඛවේ කම්මං" කියල කිව්වේ...

    මටනම් මේක පෙන්නේ දැන්, මේ නිකම් පාඩුවේ ඉන්නකොට, උස්සල කුදලාගෙන ගිහිල්ල කබල්, brake නැති වාහනේකට දාල වහල, තල්ලුකරලා යවනවා වගේ වැඩක්. ඊට පස්සේ ඒක ගිහිල්ල කොහේ හරි හැප්පිලා කුඩු උනාම, ඇදල අරගෙන punishment දෙනවා හරියට අපි කළා වගේ. ඊළඟට ආයේ ඇදගෙන ගිහින් තව එකකට ඔබනවා, බැලුවම ඒකත් කලින් එක වගේමයි. ගිහිල්ල හැප්පිලා කුඩුවෙනවා! දඬුවම් කරලා තව එකකට ඔබනවා... ඒකත්... ආයෙත්... ආයෙත්... ඉවරයක් නැහැ. මේ සත්වය කියන එකා හදල එවල තියෙන්නේ විඳවන්න මයි! මේක හදල තියෙන්නේ AVR එකක් නැතුව! ඒ මදිවට paths 3 කින්, රාග, ද්වේශ, මෝහ කියන ක්‍රම 3 කින් feedback වෙන්න දාල! වැඩක් ගන්න පුළුවන් current එකක් වෙනුවට, වැඩක් ගන්න බැරි, ආයේ ආයෙත් තව එකකටම අමුණන්න පුළුවන් වෙන්න, වැඩකට නැති magnetic field එකක් හැදෙන්න දාල! භ්‍රමණය නොවුනට, ඇතුලේ එක්දාස් ගණනට දුවන කචල් program එකකුත් දාල! දැන් බලන්න generator එකනම්, යකඩ, තඹ වලින් හන්ද කුණුවෙලා විනාස වෙලා ගියේ නැහැ. ඕනේ නම් උණුකරලා වෙන වැඩකට ගත්ත හැකියි. මේකේ 'මෝල' හිටපු ගමන් සේරම කුණුවෙලා, ගඳ ගහන්න ගන්නවා. සත්තුන්ට කන්න දාන්න වගේ දෙයක් ඇරෙන්න වෙන ගන්න වැඩක් ඇත්තෙත් නැහැ. කොහොමද ඒ උනාට හිතාගෙන හිටියේ...

    කොහොමද බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන කිව්වේ? බැඳිලා ගියොත් මාරයට අත හැරියොත් නිදහස් කියල කිව්වා, අනිත්‍ය මෙනෙහි කලොත් ගොඩාක් පින් රැස් වෙනවා කිව්වා, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට කියල කිව්වා. මොකද්ද මේ සන්සාරේ කිව්වේ? සංසාරේ කිව්වේ, කෙලෙස් සහිත සිත!. නිකෙලෙස් පුද්ගලයෝ, අරහත් පුද්ගලයෝ, සංසාරේ යනවා කියල කතාවක් නැහැ නේ... එයාල පිරිනිවන් පානවා. ඇයි තව එකක් excite වෙන්න, කරන්න අවශ්‍ය field එක නැහැනේ! එතනින් ඉවරයි! කෙලෙස් සහිත සිතක් තිබුනොත් වෙන්නේ මොකද්ද අන්තිමට? විඥාණය, field එක හටගන්නවා, කොහේ හරි පැල වෙනවා. මේකේ තව දෙයක් තේරුණේ නැද්ද එහෙමපිටින් ඉවරයක් වෙනකන්ම තියෙන්නේ දුක. රූප ධාතු තිබුනට ඒවා නාමරූප කරගෙන, පැල කරගෙන යන්න විඥාණයක් ඇවිල්ල excite කරන්නම ඕනේ! එහෙම හැදුන ගමන් අන්න සත්වයෙක්! ඒකියන්නේ, බ්‍රහ්ම, දිව්‍ය, මනුස්ස, තිරිසන්, පෙරේත, නිරය ඕනේ තැනක ඉන්නවනම් ඉන්නේ සත්වයෙක්! පෙනුනේ නැද්ද මේක නිකම් වලකට බැස්ස වගේ වැඩක් බව? බ්‍රහ්ම කියන්නේ වලේ ගැට්ටේ වගේ... උඩම. ඒත් හැබැයි වලේ! දෙවිවරු ඊට පහල, එයාලත් වලේ. අපි ඊටත් පහල. නිරය කියන්නේ පතුල. පතුලටම බැස්ස කෙනෙකුට ආයේ මේ ගණනට උඩට එන්න තියෙන අවස්ථාව, කණකැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් කියලනේ බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ.

    ඊළඟට බුදුන්වහන්සේ පිළිඅරන්, තමන් හැදිලා තියෙන ස්වභාවය වෙනස් කරගන්න කම්, සම්මා සංකප්පයට එනකම්, සත්වය ඉන්නේ පහලටම බහින්න බලාගෙන. (දැක්කනේ නිකම් හිටියත් 'මේක' charge වෙවී තියෙන්නේ... අපි නොදැන හිටියට) මොකක් හරි කෙරිච්ච ලොකු පුණ්‍යකර්මයක විපාක හැටියට, බ්‍රහ්ම ආත්මයක් ලබල, වලේ ගැට්ටටම ඇවිල්ල හිටියත්, ඉන්නේ ඊළඟට පතුල බලා යන ගමනක!! ඉතින් සත්වය ඉපදුන ගමන් දුක හම්බවෙනවා. සර්වබලධාරී උනත් ඒත් සත්වයෙක්! එයාටත් මේ ධර්මතාවය පොදුයි! ඒ කියන්නේ මේ අපිත් ඕනේ කෙනෙක් හිටියොත්, දෙවියෙක් කාගෙහරි ගාවට ගිහිල්ල දුකෙන් නිදහස් වෙන්න, මෝක්ෂය ලබාගන්න හිතාගෙන, ඒක හරියන්නේ නැහැ! දෙවියත් ඉන්නේ දුකේ!! දුකෙන් නිදහස් වෙන්න, දුක ඉවර වෙන්න, නැතිවෙන්නම ඕනේ!!! {අනික ඔය දෙයියෝ ගාවට ගියපු එකෙක් වත් මෙච්චර කාලෙකට ගිහින් call එකක් වත් දුන්නද? දැන් හැම කොල්ලට, බල්ලටම hand phone, internet සේරමත් තියෙන එකේ... ආයේ නම් තව එහෙකට යනවා කියල හිතන්න එපා! යනවනම් කලිසමක් ඇඳගෙන යන්නත් එපා... ලැජ්ජාවේ බෑ!}

    දැන් ඉතින් අපි හැදිලා නේ ඉන්නේ. තව දුරටත් වැඩේ වල්වෙන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕනේ, මේකට හොඳට වැඩකරන AVR එකක් දාගන්න එක! රාගය කියන පාර, feedback path එක වහන්න, බුදුහාමුදුරුවෝ 'නෙක්කම්ම සංකප්ප' කාම ආසාවල් වලට බැඳෙන්නේ නැතුව ඉන්න අධිෂ්ඪාන කරගන්න කිව්වා! කන්න බොන්න එපා කියල නෙවෙයි, බැහැගන්න එපා කියල! ඊළඟට, ද්වේශය කියන පාර වහන්න, block කරන්න, 'අව්‍යාපාද සංකප්ප' කවුරු මොනවා කිව්වත් කලත් කේන්ති ගන්නේ නැතුව, ඉවසන් ඉන්න අධිෂ්ඨාන කරගන්නය කිව්වා. මෝහය හන්ද තමන් ඉහලින් වැජඹෙන්න, කැපිල පෙනෙන්න, අනුන්ට කරපු නින්දා, අපහාස, හිරිහැර කිරීම් මතුවට නොවෙන්න, 'අවිහිංසා සංකප්ප' අධිෂ්ඨාන කරගන්න කිව්වා. කොහොමද? බුදුහාමුදුරුවෝ full technical විදියට නේද AVR නැතුව ආපු සත්වයාට, ඒක හදාගන්න කියල දුන්නේ... මෙහෙම හිතුනේ නැහැනේද මීට කලින්?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... දැන් එතකොට, ඔහොම සම්මා සංකප්පයට ආවම හරියාවිද? නෑ නෑ. මතකනැද්ද මේ 'අපි' කියන්නේ අර දුවන OS එකෙන්, මතකයේ ගබඩා වෙච්ච දේවල් වලට අනුව ඇතුලේ සිද්ධවෙන ක්‍රියාවලියෙන්, ඇතිවෙච්ච ඵලයක් නේ! මේ කරන්නේ ඒකෙ තියන අඩුපාඩු, ලෙඩ සේරම එහෙමම තියාගෙන, කැලේ නොගිහින් ඉන්න දරන උත්සහයක් විතරයි. හරියටම වැඩේ ඉවරයක් වෙන්න නම් අපේ operating system එක එහෙමපිටින් update වෙන්න ඕනේ, විසංඛාර ගතන් චිත්තන්!, අරහත්වයට පත්වෙන්න ඕනේ! ඕක කරන්න බැරිවෙන්න මේ system එකේම තියෙන upset ටිකක්, ඒකෙන්ම එන 'අබල් බබල්' ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ OS එක හෙමපිටින් අවුස්සලා බලල සේරම හොයාගෙන තියෙන්නේ. කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්චා කියල 5 ක් තියනවා. කාම ආසාවල් මතුවෙලා එනවා, කේන්තියනවා, නිදිමතයි, හිත එකඟ නැහැ විසිරිලා ඊළඟට සැකයි කියල. පංච නීවරණ කියන ඔය ටික, හිත වහගෙන ඉන්නවා කියලයි කියල තියෙන්නේ. ඕව හැබැයි හුඟක් වෙලාවට බලපාන්නේ සන්සුන්ව, සංවරව, වාඩිවෙලා බණ අහන්න වගේ ගත්තමයි. ඒ නැතුව තමන්ට ආස, තමන් කැමති දේවල් වලදී දන්නෙම නැතුව ඔය ටික යට කරන් හිත හොඳට දුවන්න, වැඩකරන්න ගන්නවා. එහෙම වෙලාවට අවශ්‍ය කරුණු, ටික ටික හරි ඇතුලට ගියානම් එච්චර තමයි. results ගන්න පුළුවන්.

    ඊළඟට තව තියෙනවා දස සංයෝජන කියල 10 ක්. ඒ අපේ live state එක! තමන්ගේ කැමැත්ත තියෙන්නේ, හිත ආස කරන්නේ කන්න/බොන්න, සින්දු අහන්න/film බලන්න වගේ දේවල් වලට, එක්කෝ එක එක්කෙනාගේ වැරදි අඩුපාඩු හොයා හොයා බැණ බැණ ඉන්න, නිදාගන්න, බලි කුරුටුගාන වගේ විකාර වැඩ කරකර ඉන්න, හැමෝම හැම එකම සැකකරන්න වගේ ඒවාට නම් ඒ කියන්නේ ඕරම්භාගීය සංයෝජන වලට අහුවෙලා. තව තියෙනවා උද්ධම්භාගීය සංයෝජන කියලත්. ඕවයෙන් හිත නිකම් හරියට alignment out වාහන වගේ කරනවා. කෙලින් යන්න, හරි ඉලක්කයකට යන්න බැරිකරනවා. එතකොට නිකම් නැවිච්ච ඇණයක් වගේ, කෙලින් ගහන්න හැදුවට ඇදවෙලා, නැවිලම යනවා. ඊළඟට නැවිච්ච ඊතලයක් වගේ, කොච්චර ඉලක්කය අරන් විද්දත් නැවිච්ච පැත්තටම හැරිලා යනවා. හැබැයි ඉතින් තමන්ට දිරවන, අල්ලලා යන දේවල් වලදී, දන්නෙම නැතුව ඔය නැවිච්ච ඒවා දිගහැරිලා එනවා! එතකොට අවශ්‍ය කරුණු හොඳට දැනෙන්න feed කළා නම්, පෙන්වල දුන්න නම්, සේරම හරියනවා. ඊට පස්සේ ආයේ upset වෙනවා කියල කතාවක් නැහැ. ඇයි දන්නේනැති දෙයක් දැනගත්තයින් පස්සේ දන්නේ නැහැ කියන්න බැහැනේ... ඊට පස්සේ දන්නවා නේ!

    දැන් අපි සත්වය කියන එකාගේ, අපේ ඇතුලේ වැඩ කෑල්ල සැහෙන දුරට දැක්කනේ නේද? ඊළඟට මේකේ මතකය කියන එක හැදිලා ඇත්තේ කොහොමද කියල බලනකොට සේරම කතන්දර ටික එළිවෙයි! ඒ වගේම තමයි කර්ම විපාක කොයි වගේද කියල දැනගත්තම සෑහෙන upset වෙයි! ඒත් ඉතින් මේක තමයි ජීවිතේ කියල අපි දැකපු බොරුවේ ඇත්ත කතාන්දරය, තිත්ත යතාර්ථය!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි එකක් මතක් උනා... කියන්න හිතුන... දැන් මේ thread එක මුල ඉඳලම බලාගෙන ආව අය ඉන්නවද? සේරම හොඳට කියෙව්වා, වචන ටිකත් සේරම දැක්ක, ඒත් කිසිම අමුත්තක් නැහැ! upset එකකුත් නැහැ! තව දාන තරමක් එකහුස්මට උනත් කියවන් යන්න පුළුවන් උදවිය?
    ඒ අය 'පොල් බූරුවෝ' දැකල තියනවද? පටස් ගාල කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න, එකෙක්ව බලාගන්න පුළුවන්!!
    ඔය විදියට වචන විතරක් දකින, තේරුම නොදකින අයට කියන්න වෙන්නේ බුද්ධිමත් මෝඩයෝ කියල. ඇයි දන්නවද බුද්ධිමත් කියන්නේ, වචන ටික බලන එකට නෙවෙයි. ඒ වචනවලින් කියල තියෙන්නේ මොකද්ද කියල හිත හිත, කල්පනා කර කර, තේරුම හරි ආකාරව වටහා ගනිමින් කියවන උදවියට. එහෙම නුවණින් මෙනෙහිකිරීමට තමයි 'යෝනිසෝ මනසිකාරය' කියල ටිකක් ලොකු වචනයකින් කියන්නේ. මෙච්චර දවසක් ඒක හරියට කෙරුනේ නැත්නම් දැන් ඉඳල, ආයේ මුල ඉඳල හරියට ආවනම් ඒක තමයි වඩාත් වටින්නේ... එහෙම හරියට යනවනම්, ඔය අමාරුයි කියල හිතන ඒවා ඇත්තටම අමාරු නැහැ!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Man me thread eka ada dekke.Thavama beluve nehe visthara kiyavala comment ekak dennam. Monava unath Budu dahamane .Thiyana vatinama dahama. Apith ennada? Bauddhayeku veema tharam vasanavantha deyak thavath thiyanavada
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන් වහන්සේ, කෙනෙක් නිවන් අවබෝධය කරා යන මාර්ග දෙකක් කිව්වා. එකක් සමත භාවනාව මූලික කරගෙන, අනික විදර්ශනා භාවනාව මූලික කරගෙන. දැන් ඔයාල දන්නවද භාවනාව කියන්නේ මොකද්ද කියල හරියටම? මේ දෙකම, තනිකරම හිතත් එක්ක කරන්න තියෙන වැඩක්. අර අපි මුලින් timing diagram එකක් අරන් බැලුවේ, සාමාන්‍ය තත්වයන් යටතේ ආයතන සේරම සමසමව කාලය බෙදා ගන වැඩ කරන හැටියි, එකකම එල්ලුනාම වෙන විදියයි... හරියටම කියනවා නම් ආයතන 6 න් 5 ක්ම අතහැරලා දාල මනස එක්ක විතරක් කරන්න තියෙන කාර්යයක් මේ භාවනාව කියන එක! ඒත් සාමාන්‍යයෙන් අපිට වෙච්ච විදියට හිතත් එක්ක පැටලුනාම, නාමරූප විඥාණ ක්‍රියාකාරීත්වය හන්ද නවත්වා ගන්න, ගැලවෙන්න බැරුව ගිය විදිය ගමනක් නෙවෙයි මේ. එතකොට උනේ මේ ඇතුලේ වැඩකෑල්ල ගැන මොකුත්ම නොදැන මේ 'මම', මේ 'මම' විඳින, හඳුනාගන්න දේවල් කියල හිතාගෙන ගිහිල්ල රාග, ද්වේශ, මෝහ කරුණු හන්ද සංස්ඛාර ඇතිවෙලා, loop එකකට, නැවත නැවත සිදුවෙන ක්‍රියාවලියකට අහුවෙච්ච එක නේ... දැන් ඒ දේවල් ගැන දන්න හන්ද පැටලෙන්න යන්නේ නැහැ. පැටලෙනවා වගේ තේරුණාම ගැලවෙන්න පුළුවන් කම ලැබෙනවා. දැන් තියෙන්නේ අපි හිතට අහුවෙනවා වෙනුවට අපි, හිත අපිට ඕනේ විදියට නටවන එකක්. එතකොට සංස්ඛාර හැදීමක් නැහැ, අපි ප්‍රශ්ණ අහනවා, හිත උත්තර දෙනව වගේ වැඩක් එතකොට වෙන්නේ.

    මේ මාර්ග දෙකටම හැබැයි ආරම්භක තත්වයක් තියනව. ඒකට කියන්නේ පළමුවැනි ධ්‍යානය කියල. සාමාන්‍යයෙන් හුඟදෙනෙකුගේ හිත නිකම් හරියට කැලැත්තිච්ච මඩ වතුර එකක් වගේ. පැහැදිලි නැහැ! ඇවිස්සිලා තියෙන්නේ. ඒත් ඕක හෙලවෙන්නේ නැතුව වෙලාවක් තියල තිබ්බම, රොන්මඩ පහලට බැහැල, වතුර පැහැදිලි වෙනවා නේ... අන්න ඒ විදියටම මේ හිතටත් සැනසිල්ලේ ඉන්න දීල, ඒක පුරුදු කලාම හිතාගන්න බැරි තරම් වැඩගන්න පුළුවන්! මුලදී කිසිම control එකක් නැති හිතක් එක්ක නම් හරිම අමාරුයි තමයි! ඒත් ඒ අයට බුදුහාමුදුරුවෝ ගොඩක් උපදෙස් දීල තියෙනවා හිත සන්සුන් කරගන්න. තනියම, නිදහස්, හිස් තැනකට ගිහින් ඇස් පියාගෙන, වාඩිවෙලා ආනාපානසති භාවනාවේ වගේ යෙදිලා පටන් ගන්න කිව්වේ... ඒත් මම දන්නා විදියට, මේ computers, electronics වගේ fields වල වැඩකරන, නැත්නම් හිතල කල්පනා කරලා යමක් කරන්න පුළුවන් තත්වයේ ඕනේ කෙනෙකුට මේවැඩේට අවශ්‍ය ප්‍රමාණයට හිත දියුණුයි, තැන්පත්. මම කියන්නම් දැන් කාලෙට ගැලපෙන ලේසි trick එකක් හිත අවුල්වෙලා පීඩාවෙන් ඉන්න අයට, ඒක තරමකට හරි settle කරගන්න. මුලින් ඔරලෝසුවේ තත්පර ගතවෙන හැටි බලාගෙන හිතෙන් ගනින්න. ටික දවසක් ඉඩ තියෙන තියෙන වෙලාවට ඕක කරන් යනකොට, හරියට වෙලාවට හිතෙන් count වෙන්න ගන්නවා ඔරලෝසුවක් නැතත්. ඊට පස්සේ නිකම් ඉන්න හැමවෙලේම ඕක practice කලාම සැහෙන සහනයක් දැනේවි. අනික ඕක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි event timer එකක් හැටියට හිතේ setup උනාම. එතකොට තමන්ටත් නොදනී හිත එක එක ඒවායේ බැහැගත්තට, ඉබේම අතහැරෙන ගතිය එනවා! (මේ මම පාවිච්චි කරන trick එකක්)

    ඔය දැන් කිව්වේ අමතර කරුණු ටිකක්. ඇත්තටම මට එන්න ඕනේ තැන මෙතැනයි. බුදුරජානන්වහන්සේ ප්‍රකාශ කළා, හතරවෙනි ධ්‍යානයටම හිත දියුණු කරගත් කෙනෙකුට, තමන්ගේ පෙර ආත්ම ගැන සිහිකරන්න හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානය උපද්දව ගන්න පුළුවන් කියල. එහෙම හැකියාව දියුණු කරගත් ඕනෙම කෙනෙකුට තමන් පෙර විසු ජීවිත පිළිබඳව අතීත කතාව එහෙම්පිටින්ම දකින්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු සේරම මේ දැන් වගේ නැවත මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේ... ඒ කියන්නේ අසීමිත, ලොකූ මතකයක් තියෙන්න ඕනේ. ඇත්තටම, අපි හැමෝටම ඒ මතකය එහෙම්පිටින්ම තියෙනවා! ඒත් මතක් කරගැනීමේ හැකියාව නැහැ!! ඕනෙම කෙනෙකුට උත්සහ කරලා, ධ්‍යාන වඩවාගෙන උත්සාහයක යෙදුනොත්, මේ දැන් උනත් ඕකේ සත්‍යතාවය පෙනේවි! ඒත් සත්වය කියන්නේ තනි එක්කෙනෙක්, සංසාරේ යනවා කියන්නේ තනියම යන ගමනක්, ඒහන්ද නිකම් external storage එකක්, බාහිර කොහේ හරි ගබඩාකරලා පස්සේ ගන්න එකක් වගේ මොකවත් නම් වෙන්නම බැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ කිව්වා මෙතනින් යනකොට අරන්යන මොකවත්ම නැහැ, භවයෙන් භවයට යන විඥාණයක්, කොහෙත්ම නැහැ කියල!! මට ඕක එක පාරටම ලොකූ 'කොස්සක්' හැටියට හිතේ set උනා!

    ඒත්, 'භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා' කතන්දර සේරම by heart තිබුණු හන්ද, 'සද්දහති තතාගතස්ස බෝධින්' උපරිමයෙන් තිබුණු හන්ද, ඒ 'කොස්ස' මට කිසිම අවුලක් උනේ නැහැ! ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා සමත භාවනාව දියුණු කරමින් නිවන් අවබෝධකරන කෙනා, අතීතය දැකල, විඳපු දුක් කන්දරාව දැකලම කලකිරිලා, ගැලවීම සොයන්න ගන්නවා කියල. එතකොට එයාට නිවන අරමුණු වෙනවා! විදර්ශනා භාවනාව මූලික කරගෙන ප්‍රඥාවෙන් ඉදිරියට යනකෙනා ටික කලකින්ම දැනගන්නවා කොච්චර ගියත් ඔච්චරනේ, කොයිතරම් උත්සාහ දරල සිහිකලත්, සිහිකරන්න වෙන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු දෙයක්ම විතරයිනේ කියල. ඒ කලකිරීමෙන්ම එයා ගැලවීම සොයනවා, එයාටත් නිවන අරමුණු වෙනවා කියල. මාත් ඔය දෙවැනි කාණ්ඩයේ කෙනෙක්, ඒකයි bullet වගේ ගියේ. ඉතින් සේරම ඉවරයිනේද, දැන් තව කරන්න දෙයක් නැහැ නේද කියල තේරුනයින් පස්සේ, මනෝගහගෙන වෙන කරන්න වැඩක් තිබුනේ නැහැ! මගේ ගැන කියල ඇතිනේ... තියන ධ්‍යාන හොඳටම ඇති, ඊට හොඳයි පාන් කෑල්ලක් කාල නිදාගන්න එක කියල හිතල නිකම් ඉන්න කොට තමයි අර 'කොස්ස' මතක් උනේ... ඒපාර ඉතින් ඒක අරන් කරකවන්න ගත්ත! මොකද මේ අලුතෙන් ඉගෙන ගත්තුදේ කොච්චර වැදගත් දෙයක්ද කියල අනික් අයට කියන්න ගිහිල්ලත් ලැබිච්ච ප්‍රතිචාරය එච්චර යහපත් උනෙත් නැතිනිසා, වෙන කියන්න විදියක් හිත හිතනේ උන්නේ.

    ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වනේ ඕනේ කෙනෙකුට, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම, කොච්චර පරණ උනත්, කල්ප කෝටි ගණන් පරණ උනත්, නැවත නැවතත් මතක් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ ඔය කියපු සේරම data, තොරතුරු, එක්රැස් වෙන තැනකදී recording එක, ගබඩා වීම, සිද්ධවෙනවා වෙන්න ඕනේ අනිවාර්යයෙන්! අන්න ඒක කල්පනා කරලා කරලා කරලා තමයි මම අර 'පියාඹන පීරිසිය' වගේ model එක develop කලේ! අපිට සත්වය කියන එක්කෙනාගේ බාහිර පෙනුම වැඩක් නැහැ, බුදුහාමුදුරුවෝ කිව්වේ උපත කියන්නේ ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, ඛන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ කියලනේ. මුල 4 ඇවිල්ල උපත සිදුවන ආකාරය, ඉතිරි දෙක තමයි උපත, සකස් වීම. ඉතින් model එකේ ආයතන 6 represent කළා, 'නාම' කොටසේ ක්‍රියාකාරීත්වයෙන් 6 way switching action එක derive කරගත්ත. එතන common point එකක් තියෙනවනේ... එතනින් තමයි මතකයේ ගබඩාවීම සිදුවෙන්න ඕනේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට මේ record කෙරෙන දේවල් ඔය අපි සාමාන්‍යයෙන් දන්නා විදිවලට magnetic media එකක නැත්නම් optical media එකක දැම්මොත් අනිවාර්යයෙන් යනකොට ගලවාගෙන යන්න වෙනවා! ඇත්තටම ගලවන් යනවද දන්නේ නැහැනේ... දන්නවද වැඩක්, ඕක හොයන්න scientists ල හිටන් try කරලා තියෙනවා! එයාල බර හිටන් මැනල තියෙනවා මැරුනයින් පස්සෙයි, මැරෙන්න කලිනුයි. ඒත් එහෙම හොයාගන්න වෙන්නේ නැහැ! බුදුහාමුදුරුවොන් ගෙන් අහගත්තනම් හොය හොයා ඉන්න වෙන්නෙත් නැහැ! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා එහෙම මොකවත්ම ගෙනියන්නේ නැහැ කියල!!! හැබැයි පස්සේ මතක් කරන්න පුළුවන් වෙන්නෙත් මතකය, store කරගත්තු data තිබුනොත් විතරයි! ඊළඟට මේවා digitize කරලා, ඒකියන්නේ 1&0 වලට පරිවර්තනය කරන් කලානම් එහෙම, එච්චර data තොගයක් තියන්න ඇඟෙන් එළියේ වෙනම මොකක් හරි තියෙයි, ඇයි size එක කොච්චරක් කියලද. size එක අඩුකරන්න sample කලොත් එන්න එන්නම data loss වෙනවා. එහෙම එහෙකුත් නැහැනේ, ඕනේ දෙයක්, අවුරුදු බරගනනකට කලින් දෙයක් උනත් මේ දැන් වගේ පෙනෙනවා, දැනෙනවනේ... මාත් ඔතන හිරවෙලා හිටිය සෑහෙන කල්! ඔහොම යනකොට යනකොට එක පාරටම මතක් උනා මේක analog delay line එකක් උනා නම් සේරම හරි නේද කියල!! echo, දෝංකාරය මතකයි නේද?

    bucket brigade delay line කියල දෙයක් තියෙනවා. මිනිස්සු කට්ටියක් පෙලට ඉඳන් වතුර පනිට්ටුවක් වගේ මොකක් හරි දෙයක් අතින් අතට යැව්වොත්, ඒක කෙළවරටම යන්න කාලයක් ගතවෙනවනේ. ඔන්න ඔය විදියට electronically dellay කරන්න තියන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇඟ ඇතුලෙත් සෛල ගොඩක්, billion, trillion වලින්, chain එකක්, මාලයක්, වගේ හැදුනොත් මේකම කෙරෙනවා. ඊළඟට මොලේ ඇතුලේ මෙහෙම arrangement එකක් තියෙන එකත් possible. delay line එකක් කියන්නේ, ඒකට වැටෙන්නේ මොනවද ඒ සේරම, අලියෙක්, කොටියෙක් උනත් කමක් නැහැ, ඒ විදියටම ඉස්සරහට ඉස්සරහට යනවා. යනකොට යනකොට වටේට යැවෙනවා මිසක් කෙළවරකට ගිහිල්ල ඉවරවෙනවා කියලත් නැහැ! මෙතැනදී ආවේ, chop වෙච්ච, කෑලි කෑලි වෙන්වෙච්ච, 6 ආකාර signal කොටස් අඩංගු වෙන data stream එකක්! ඒ කියන්නේ, එක එක ජාතිවල විද්‍යුත් තරංග කොටස් වශයෙන් එක පෙළකට පෙළ ගැහිලා හැදිච්ච අලුත් විද්‍යුත් තරංගයක් නේ, පලවෙනි පාරට වැටෙන වැටෙන ඒවා ඔන්න වටේට record වේගන එනවා. ඊළඟට ඒවත් යද්දී, තව අලුතෙනුත් ඒවා එනවා, ඊළඟට ඒවත් තියෙද්දී තවත් ඒවා එනවා... ඔහොම යනකොට යනකොට, එන එන ඒවා මේකේ පැලපදියම් වෙනවා මිසක්, අයින් වීමක් නැහැ! audio signal එකක් උපයෝගී කරන example එකක් කල, උදාහරණයක් හැදුව. අහල බලන්න...

    http://rapidshare.com/files/417558957/Sample.mp3

    මේ clip එකේ 15 වෙනි තත්පරේදී විතර record වෙන්න, echo වෙන්න පටන් ගන්නවා. ඊළඟට විනාඩි 1,1/2 කින් පස්සේ විතර අලුතෙන් data in වෙන එක නැවැත්තුව. ඒත් record වෙච්ච දිගට දිගට යනවා... පේනවද? මේකෙදි limitations තියනවා. මේ audio application එකකින් කරපු වැඩක්. ඒවායේදී unlimited විදියට echo වෙන්න හදන්න බැහැ. කොහොමත් digitized signals හන්ද යන්න යන්න quality (data) අඩුවෙනවා, ඊළඟට signal level එකත් අඩුවෙනවා. length එකත් අපිට ඕනේ ගනනට set කරන්න ක්‍රමයක් නැහැ.

    ඒත් real life එකේදී, sample කිරිල්ලක් නැහැ (මම sample කරන එක ගැන විස්තර කරන්න යන්නෙත් නැහැ, ඒ හන්ද) එන එන එක, ඒ විදියටම එකතුවෙන්න ගන්නවා විතරයි. ඊළඟට දාන දාන, වැදිච්ච කිසිම එකක්, නාමරූප පච්චයා විඥාණං විඥාණ පච්චයා නාමරූපං සංසිද්ධිය හන්ද ආයේ අයින්වීමක් නැහැ. අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආකාරය හන්ද, විද්‍යුත් තරංගයක් යද්දී, ඒකෙන් හැදෙන චුම්බක ක්ෂේත්‍රයම, ඒ තරංගය දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා උපකාර වෙනවා! ඉතින් ඔන්න ඔය විදියට, මනසට කල්ප කෝටි ගණනක් තිස්සේ වැටිච්ච සේරම, මේ හැම එකාගෙම ඔළුගෙඩි අස්සේ තියෙනවා!! අවුස්සලා අවුස්සලා, පෙලගස්වල ගනිද්දී, අලුත්, හොඳට sharply වැදිලා තියෙන තියෙන ඒවා එක්ක හැප්පෙන්න විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන්! ධ්‍යාන වඩල, මනස දියුණු කරපු උදවියට හාරගෙන... හාරගෙන... යන්න පුළුවන් කෙළවරක් නැතුව!! යන්න යන්න තව යන්න පුළුවන්!!! ඇයි බුදුනෙතට වත් පෙන්නේ නැති තරම් දිග... කාලෙක ඉඳල එන ගමනක් නේ. ආයේ, තව ඉතින් original signals ressemble කරල ගන්න ඕනේ වෙන index marks වගේ දේවල් සේරමත් ඕවයේම ඇති. මට හිතෙන්නේ මේ mixture එක නිකම් 'White Noise' වගේ ඇත්තේ. අර TV වල channel එකක් නැතිවෙලවට 'ශෝ' ගාල සද්දේ එන්නේ, අන්න ඒ වගේ! අපිට ඕනේ එකක් තෝරාගන්න ගියාම චේතනා පහලකරලා, සෛල උත්තේජනය කිරීමෙන් resonance වෙනස් කරලා, තෝරලා, අවශ්‍ය එක boost කරලා ගත්තහැකියි. අර කලින් මම කිව්වේ මොලේ store වෙන්නේ මෙහෙමයි, ඔන්චිලි පදිනවා වගේ ක්‍රමයකින් අවශ්‍ය එක උලුප්පල ගන්නවා ඇති කියල... ඒ මේ අනුව හිතල තමයි. ඒත් මේ ඇත්තටම තියන විදියද නැද්ද කියන එක seriously ගන්න දෙයක් නැහැ! අපි යන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේට අනුව. ධර්මයත් එක්ක tally වෙනකම් all OK! දැන් ඔන්න ඒ කතාව හරි.

    දැන් මෙහෙම delay line එකක දිග, length එක, ගොඩායි උනොත් නම් ඉතින් එක දිගට ගොඩක් data වැදීගන, වැදීගන යන්න පුළුවන් නේද? තෝර තෝර දඟලන්න වෙනවා අඩුවෙයි. data ගොඩක්, ගොඩාක් පැහැදිලිව තියෙනවා කියන්නේ ඉතින් ධාරණ ශක්තියට කෙලින්ම සම්බන්ධයි. ඒක හරියට memory එක වගේ. ඊළඟට ඔය memory එක පුරාම දුවන්න පුළුවන් වේගය, පට පට ගාල අවශ්‍ය දේවල් තෝරලා ගන්න, compare කරන්න හැකියාව තමයි ඉතින් බුද්ධිමත්කම හැටියට සලකන්න වෙන්නේ. හරියටම CPU එකක speed එක වගේ. basically computer කියන්නෙත් CPU එකයි RAM එකයි දෙකටනේ. මේ දෙකම හොඳයි කියන්නේ high resolution, හොඳ වැඩකරුවෙක් තමයි නේ...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආ දැන් නිවන් දැකපු අය අත උස්සන්න? :shocked::shocked:

    කෝ එකෙක්වත් මගෙ කොම්පීතර බන අහල නිවන් ගියේ නැද්ද බොලව්??:angry::angry:
    තූ නොදකින්! දැන් ඉතින් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මම පොලොස් බූරුවෙක් කියලා කියපල්ල.
    :rofl::rofl::rofl:
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    කිඹුලා බනිස්;8236490 said:
    ආ දැන් නිවන් දැකපු අය අත උස්සන්න? :shocked::shocked:

    කෝ එකෙක්වත් මගෙ කොම්පීතර බන අහල නිවන් ගියේ නැද්ද බොලව්??:angry::angry:
    තූ නොදකින්! දැන් ඉතින් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මම පොලොස් බූරුවෙක් කියලා කියපල්ල.
    :rofl::rofl::rofl:

    :lol::lol::lol: මට නින්ද ගියා.... ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම කියන්නේ මොනවද? අර පංච උපාදානස්කන්ධය කියල දෙයක් ගැන කිව්වේ... අන්න ඒ මේක තමයි. මෙතන තියෙනවා හතරමහා ධාතුත්, ඒවයෙන් හටගත් රූප, සද්ද, ගඳ-සුවඳ, රස, පහස සහ අරමුණු කියන සේරමත්, ඊළඟට ඒ එක එකක් ගනනේ විඳපු, හඳුනගත්තු, චේතනා පහලකරලා කරපු, කියපු, හිතපු හැමදේමත් හා දැනගත්තුවත්, ඊ.. ඊ.. ඊළඟට ඔය හැම ආකාරයකින්ම එක එකක් ගනනේ, තමා තුල හෝ බාහිර, හීන හෝ ප්‍රනීත, කුඩා හෝ මහත්, දුර හෝ ළඟ, අතීත හෝ වර්තමාන කියල හිතා ගන්න පුළුවන් ඕනෙම ආකාරයකින් ගන්න පුළුවන් ඔක්කොම ටික! ඒ කියන්නේ... කුට්ටිය පිටින් 'සත්වය'! ඔය 'හිත' කියන එකේ සම්පූර්ණ කොපියක්! computer එකක නම්, hard disk එකේ save වෙලා තියන සේරම files ටිකයි, memory වල තියන open files (live state) සේරමටිකයි වගේ. ඒ කියන්නේ Exact Copy එකක්. එතකොට ඔය සේරම දැන් තිබුනේ කොහොමද? විද්‍යුත් තරංග ආකාරයෙන්! නේ...

    ඊළඟට... මතක ඇතිනේ, මේ ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නේ. ඒකනේ මේ අපිට ඔය සේරම එකට, එකසැරේ වෙනවා වගේ තේරෙන්නේ. ඉතින් දැන් මෙහෙම එකක් 'click' උනේ, අහුවුනේ නැද්ද? ඔය වේගවත්, high frequency, electromagnetic waves කියන්නේ, ඒවා අවකාශයේ ඈතට ඈතට ගමන් කරනවනේ... radiate, transmit වෙනවනේ... ඒ කියන්නේ මේ ඇතුලේ තියන කුණු කන්දල් සේරම එලියට transmit වෙනවා! ඔය අපිට radio, TV broadcastings සේරම ඕනේ තැනක ඉඳල අහන්න, බලන්න පුළුවන් කම ලැබිල තියෙන්නේ ඒකෙන් තමයි. අනික ඔය mobile telephones, internet connection සේරමත් පදනම් කරගෙන තියෙන්නේ ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ ගමන්කරන සංසිද්ධිය තමයි. දැන් බලන්න ඔය radio එක අහන කොට, TV එක බලනකොට කොච්චර සියුම් සද්ද, සෙවනැලි පවා ඒවායේ තියෙනවද? කොච්චර දුර ඉඳල එන ඒවාද ඊටත් වඩා? අන්න එකයි ධර්මතාවය! ඊළඟට ඒ transmission එකේ ප්‍රභලතාවය මත ගමන්කරන දුරත් අඩු වැඩි වෙනවා. ඒකනේ ඔය දුර පළාත් වලට සමහර radio, TV, mobile phones මොකුත් වැඩ කරන්නේ නැත්තේ.

    හැබැයි ඉතින් මේක, අපේ ඇඟවල් සම්බන්ධයෙන් බලනකොට නම්, නිකම් කෑමක් හදන කොට සුවඳ විහිදෙනවා වගේ දෙයක් විතරයි නේද? කෑම හදද්දී සුවඳ හැමතැනම පැතිරුණ කියල කවුරුවත් සුවඳට අයිතිවාසිකම් කියන්න යන්නේ නැහැනේ. නිකම් බලු, බළල් G ටිකකිනුත් ඔච්චරණේ... අනික, අවකාශයට විහිදිච්ච දෙයක් කියන්නේ ආයේ අල්ලගන්න, ඔහේ යන්න එපා මෙහෙට යන්න වගේ ඒවා හරියන්නෙත් නැහැනේ නේද? ඒක තමයි.

    ඉතින් ඊළඟට, අර අලුතෙන්ම assemble කරපු dynamo එකක් වගේනේ නැවත උපතක් සකස්වීම කිව්වේ. එතකොට ඒක first-time energize කරන්න ඕනේ නේ වැඩ කරන්න. දැන් dynamo එක ඉතින් යකඩ කුට්ටියක් වගේ නිසා එළියෙන් magnetic field එකක් දුන්නට ඒක energize කරන්න බැහැ, current එකක් දෙන්න ඕනේ. ඒත් මේ සත්ව ශරීරය එහෙම එකක් නෙවෙයි නේ... ඒකකට වැඩ පටන්ගන්න අර එලියට transmit වෙන field එකක්, හොඳටම ඇති!! බුදුහාමුදුරුවෝ දේශනාකළේ, විඥාණයක් බැසගන්න ඕනේ කියල නේ!!!

    ඉතින් මෙතැනදී වෙන්නේ දැන්, බුදුන්වහන්සේ සොයා දැනගෙන අපට කියාදුන් විදියට, 'යායං තණ්හා පෝණෝ භවිකා' {යම්කිසි තණ්හාවක් ඇත්ද, එය පුනර්භවයක් ඇතිකරයි (තණ්හා -> උපාදාන -> භවය -> උපත)} කියල ධර්මතාවයක් තියෙනවනේ මේ ලෝකයේ. ඉතින් කොයිම හරි ආකාරයක තණ්හාවක් ඇතුව සිටි කෙනෙකුට, මෙතන තියන 'මැෂිම' කැඩෙන කොටම, ස්වභාවධර්මයෙන්, කර්ම විපාක වලට අනුරූපව, එයාට හරියන තව 'මැෂිමක්' හදල දෙනවා!!! ඒත් ඒක රූප ධාතු වලින් සකස්වෙන එකක් නිසා, විඥාණයක් නැතුව සක්‍රිය (නාමරූප) වෙන්නේ නැහැ, සක්‍රිය නැත්නම් පවතින්න බැහැ, විනාස වෙලා යනවා! කලින් විඥාණයක් බැහැගත්තු එකක් වෙන්නත් බැහැ! එහෙම උනොත් වෙන කෙනෙකුගේ... අලුතෙන්ම හැදෙන එකක් වෙන්නම ඕනේ (ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති) ඉතින් එහෙම එකක්, මෙයාගේ field එකෙන් energize වෙනවා. විඥාණය බැසගන්නවා! ඒ විඥාණය කිව්වේ, අර magnetic field එකනේ! ඒ field එක උනේ පංචුපාදානස්කන්ධය නේ... ඉතින් හරි, උපත සිදුවෙනවා! 'කන්දානං පාතුභාවෝ' වෙනවා, ආයතනානං පටිලාභෝ වෙනවා. ඒත් හැබැයි කලින් එකේ 'මම'ය, 'මගේ'ය, කියල හිතන්හිටපු මොකක්වත්ම, අඩු ගනනේ ඒකෙන් ගෙනාපු එක මයිල් ගහක්වත් අලුත් එකේ නැහැ! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වනේ මොකුත්ම ගෙනියන්නේ නැහැ!! කියල. ඒත් මුළු data set එකම (මතකය) අලුත් එකේ!! ඉතින් හරි! ඔය හැමෝමල මේ ජීවිතයට ආවෙත් ඔය විදියට තමයි! කවුරුවත් මැව්වත් නෙවෙයි! කලින් ඒවා මොකවත් ගෙනල්ලත් නැහැ! ගෙනියන්න වෙනෙත් නැහැ! ඒත් දැන් බලනකොට, පේනවද මේ පොළවෙන් ගත්තු දේවල් ටිකක්, magnetic field එකකින් සක්‍රිය වෙලා පෙන්වන 'තොරණක්' කියල මේක? ආයි තව එකකට ගියත් ඔච්චරම තමයි! ඒ පාර ගිහින් වෙන කුණුගොඩකට රැවටෙන්න වෙනවා මේ 'මම' කියල!! මුලාවේ හිටිය ඇතිනේද දැන්???
     

    lktable

    Member
    Sep 7, 2010
    10
    1
    0
    kottawa
    අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
    ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
    තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
    ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
    සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ
    නිධානයම දකියි.


    සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
    ඈදහීම
    කැමැත්ත
    ඈසූ විරෑ මාත්රය
    ආකාර පරිවිතර්කය
    දෂ්ටි වශයෙන් බැසගැනීම

    45800_1619955981740_1321626253_1683024_267107_s.jpg
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මේ වගේ විකාර කියවන මී හරකුන්ට කියන්න තියෙන්න මෙච්චරයි. මේ කෙලපු පිස්සුවෙන් බුද්ධ වචනය සරල වුනාද? නැත්තන් බුද්ධ වචනය ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික්,කොම්පීතර දැනුමත් ඔනේ වගේ දැනිලා අවුල් ජාලාවක් වුනාද:rofl::rofl:.

    මේ පිස්සා කියන අලුත් දෙයක් තියෙනවද? කියවන්න රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත්. එතකොට තේරෙයි මේ කියන ඒවා අලුත් දේවල් නෙවේ කියල. මු කරලා තියෙන්නෙ ඒ පරන දැනුම ඉලෙක්ට්‍රොනික්/කොම්පීතර් කෝවක දාලා ගන්න ගිහින් මල ඉලව්වක් කරගෙන. ඊටත් එහා තමන් නිවන් දැක්ක බව ප්‍රසිද්ධියේ අඬ බෙර ගහලා credibility එකත් නැතිකරගෙන. :no:

    මූ නිවන් දැකල නං කිරිබත්ගොඩය බුදු වෙලා වෙන්න ඇති. හි.. හි ..හික්ස්
    :lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොමද බුදුරජානන් වහන්සේ නමකගේ අවබෝධය??? මේ දැන් තියෙන scientific මොකවත් නැතුව කොහොමද දැකපු ඒවා! මෙතනත් කියවුනේ චූට්ටයි! උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින් මිටමොලවගත් ඇට්ටේරිය කොළ මිටක් වගේ, සත්වයාගේ සුබසිද්ධිය පිණිස, නොඇල්මෙන් නිරුද්ධ වීම පිණිස, සසර දුකින් එතෙර වීම පිණිස, පවතින සුළු ප්‍රමාණයක් තමයි අපට දේශනා කළා කිව්වෙත්. උන්වහන්සේට අවබෝධවුන සියල්ල මහා වනාන්තරයේම තියෙන ඇට්ටේරිය කොළ තරම් කිව්වා... ඒත් ඒ කිසිම දෙයක් සත්වයා සසර ගමනින් එතෙර කරවන්න උපකාරී වෙන්නේ නැති හන්ද දේශනා කලේ නැහැ කිව්වා!

    ඊළඟ එක, ඇයි මේ technical විදියකට 'බණ කියල' නැත්තේ? මේකෙදි සාකච්චා කෙරිච්ච දේවල් වලින්, ස්වභාව ධර්මයට අයිති දේවල් හැරෙන්න, අනික් මනුෂ්‍යා විසින් නිපදවන ලද දේවල් මෑත කාලේ ලෝකයට එකතුවෙච්ච, ලැබිච්ච, තාවකාලික, අනිත්‍යය දේවල්! තාවකාලික, අනිත්‍ය දේවල් වලින් ස්ථිර, සදාකාලික දෙයක් පෙන්වුවොත් ඒක හැමදාටම වලංගු නැතිවෙන්න පුළුවන්. 'අකාලික' ගුණය නැතුව යන්න පුළුවන්. ඊළඟට මෙහෙම ඉගෙනගන්නත් පුළුවන් වෙන්නේ, යමක් කමක් දන්න කෙනෙක් උනොතින් විතරයි. බුදුහාමුදුරුවෝ දේශනාකරපු පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහනවනම් ඕනේ කාලෙක, ඕනේ කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මේක හරියට, කරන්න ඕනේ දේ බුදුන්වහන්සේගෙන් අහගෙන, ඒක technical භාෂාවෙන් කියනවා වගේ එකක්. එතකොට ඒවා 'අල්ලලා යන', බණ 'අල්ලන්නේ නැති' අයටත් අවශ්‍ය දේ ඉගෙනගන්න ලැබෙනවා, හිතන්න පුළුවන් කම තිබුනොත්, මේක විතරක් follow කරත් අනිවාර්යයෙන් ඉවරයක්ම දකිනවා! මේක කෙළවරටම යනවා, ඒ හන්ද පිරිසුදු බුද්ධ දේශනා අහලත් වැටහුනේ නැති අයට උනත් ප්‍රයෝජනවත් වෙයි.

    ඊළඟට, කලින් අහන්න ලැබුණු හොඳ කතාවකුත් තියෙනවා. විද්‍යාවේ දියුණුවෙන්, විද්‍යාඥයෙකුට සුදුලූනු ගෙඩියක් දුන්නම, ඒකෙ තියෙන රසායනික කොටස් එකින් එක, වෙන වෙනම වෙන්කලත්, ආයේ ඒ වෙන වෙනම තියෙන දේවල් ටික එකතුකරලා සුදුලූනු හදන්න පුලුවන්ද? මෙතැනදී බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් ටික විද්‍යාත්මකව දැක්ක, පෙන්නුවා මිසක්, කවදාවත් විද්‍යාව පැත්තෙන් ඇවිත් ජීවිතේ දකින්න, බුදුහාමුදුරුවෝ දකින්න බැහැ!! බුදුහාමුදුරුවෝ විඥාණය, පන්චුපාදානස්කධය, පටිච්චසමුප්පාදය වගේ දේවල් විග්‍රහ කරලා තියෙන්නේ, එක එක පැතිවලින් බැලුවම, එක එක අවස්ථාව අනුව, තියෙන තැන, යෙදෙන තැන ඕනේ විදියකට අනුව, ආයේ කවදාවත්, කිසිම කෙනෙකුට, නොතේරුණ නොකියන්න, අන්ශුවෙන් අංශුවට තෝරලා! ඒත් ඒ වටිනා ධර්මය අහන්නේ, ඉගෙනගන්නේ කීයෙන් කීදෙනාද? ඒත් හැබැයි මේ සත්වයාගේ දුක්ඛිත සංසාර ගමන, එක එක්කෙනා තනි තනිවම, බුදුරජානන් වහන්සේ නමකගේ උපදෙස් පිළිපැදල, ඒකෙන් එතරවෙනකන්ම, නිමාවක් නැතුව දිගින් දිගට යන කතාවක්! අපි වාසනාවන්තයි, දැන් ලෝකේ හරි දියුණුයි කියල හිතන් හිටියට, බුද්ධ කාලේ ලෝකයේ පහලවෙච්ච උදවිය තරම් අපි වාසනාවන්ත නැහැ! දකින්න, පෙනෙන්න නැති දුක්ඛිත සංසාරේ ගමනෙන් එතෙරවීම හැරෙන්න සත්වයෙකුට ලබන්න පුළුවන් වෙන වාසනාවක් ඇත්තෙත් නැහැ!

    නොදැන හිටියට, පිලිනොගත්තට, විශ්වාස නොකලට, මේ මනුස්ස ආත්ම ලබල තියෙන්නේ පෙර කරපු පින්වලින්! අහම්බෙන් වගේ, කොච්චර පරක්කුවෙලා හරි, අපි මේ ඇවිල්ල තියෙන්නෙත් බොහොම කලාතුරකින් ලැබෙන, උදාවෙන දුර්ලභ අවස්ථාවක! මේ සුළු කාලයකට හෝ ශ්‍රී සද්ධර්මය බබලන්න අරන් තියෙන වෙලාවක්! හුඟදෙනෙක් ශ්‍රී සද්ධර්මය හරියට දැනගත්තොත්, ප්‍රයෝජන ගත්තොත්, කතාබහ කරන්න ගත්තොත්, තව සෑහෙන කාලයකට මේ උතුම්ම දේ ලෝකයේ රැඳේවී! එහෙම උනොත් අනාගතයේ උපදින වාසනාවන්ත දරු පරපුරකටත් සසර දුකින් එතෙරවන්න අවස්ථාවකුත් තියේවි. මෙතනට ආගම්, ජාති කියල වෙනසක් නැහැ. හැමෝටම පොදුයි. උපතින් කොයි කොයි අහුමුලු වලට වැටුනත්, ධර්මය පැතිරුණොත් හුඟදෙනෙකුට අවස්ථාවකුත් ලැබෙයි! හැමදාම මෙහෙම අවස්ථාවල් එන්නෙත් නැහැ! ඒ හන්ද දන්න දන්න හැමෝටම කියන්න! අන්‍යාගමික බුද්ධිමත් අයටත් කියන්න! යාලුවෝ, ඥාති, හිතවත්තු ගොඩක් ඇතිනේ... තම තමන්ගේ අයවෙනුවෙන්, අනාගත ප්‍රජාව වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් කරන හැමදේම හොඳයි. ඒත් ඒවා විතරක් කරලා මෙතනින් හිස් අතින් ගියොත් අපරාදේ! ආයෙම මනුස්සයෙක් හැටියට මේ පුරුදු තැනම, නැත්නම් මීට හොඳ තැනක උපදිනවයි කියල කොහෙත්ම නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ කුහුඹියෙක් ගත්තත් එයත් යම් දවසක රජවෙච්ච, රටක් රාජ්‍යයක් පාලනය කල කෙනෙක් කියලයි. ඉතින් අපට ආයේ අමුතුවෙන් යන්න කියල තැනක් නැහැ! මෙතැනින්ම ඉවරයක් දකින්න පුළුවන් නම් ඒකමයි හොඳ!! මට පුළුවන් හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන තැනට guide කරන්න!!! මේ වෙනකොටත් සක්ඛායදිට්ඨි, විචිකිච්චා සේරම ගැන අවශ්‍ය කරුණු දන්නවනේ... සසරින් එතෙර වීමේ මාර්ගයට ආවයින් පස්සේ නම් කොයි වෙලේ මලත් කමක් නැහැ! ඒ අය කවදාවත් ආපස්සට වැටෙන්නේ නැහැ!!