බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

May 25, 2010
554
27
0
Bakery
ඔයයි මායි දෙන්නෙක් නේ... ඔයා හිතල එක එක ඒවා කියනවා, මම කරලා experiences වලින් කියනවා. අනික මම මේවා කලේ මේ ඔයාටවත් වෙනින් කාටවත් පෙන්නන්න නෙවෙයි. අද එද්දී නිකම් කල්පනා උනා මගේ අතීතය. '85 දී තමයි මට මුලින්ම electronic කෑලි ටිකකුයි wonder 30w soldering iron එකකුයි aiwa 4"/8ohms/4w speaker එකකුයි වගේ ටිකක් ගෙනත් දුන්නේ. අපේ අය එච්චර සල්ලිකාරයෝ නෙවෙයි අමාරුවෙන් තමයි ඕව කරලා දුන්නේ. වෙනින් හිතවත් අයිය කෙනෙක් තමයි මට හුඟක් ඒවාට උදව් කලේ. මේ කියන කාලේ computer තිය, direct coupled amplifiers, ICs වගේ මොකවත් අහන්න දකින්න වත් තිබුනේ නැහැ. මම මුලින්ම හදපු radio එක වැඩකලේ නැහැ. ඊළඟට ඒක ආයේ හදන්න ගිහින් 47k resistor එකක් නැතුව ගේ පෙරලගෙන හෙව්වා. පස්සේ දොරමුල්ලේ තිබිල අහුලා ගත්ත, ඊළඟට හැදුව... වැඩ! ඊට පස්සේ ඉතින් ආයේ මොනවද කොල්ල වැඩකාරයා!! (grade 6) පස්සේ ඉතින් rocket එක වගේ ගිය. අපිට setup මොකවත් තිබුනේ නැහැ. සින්දු පිස්සුව ඉස්කෝලෙන් ආව. පස්සේ තාත්ත interval එකට මොනවහරි කන්න කියල දෙන 10 ඒවයෙන් එකතු කරලා, kri amp kit එකකුයි jvc 8"/30w woofer එකක් එහෙම ගෙනාව. ඒ හැදුවත් හරියට වැඩකලේ නැහැ, cct එක upset. පස්සේ කෑලි නැතිහන්ද හදාගන්න බැරුව හිටපු pioneer 30+30w amp එකක් මට හම්බවෙලා, original එක, ගන්න තිබුණු කෑලිවලින් modify කරලා හදලත් දීල, ඒක එහෙමපිටින් trace කරලා හදාගත්තු, ගොඩාක් කල් පාවිච්චි කරපු amp එක තාම තියෙනවා. ඒකත් original එකට වඩා හොඳට දුවන්න modify කරලා තියෙන්නේ! අද ඊයේ නෙවෙයි, around '86. ටික කාලෙකින් මාගේ development එක හිතාගන්නවත් බැරිතරම් උනා. පස්සේ වැඩියෙන් සද්දේ අහන්න උවමනාවට ගියපු ගමන, අද මට මේ කරන දේට ලොකු උපකාරයක් උනා. direct coupled amp එක්ක වැඩ හරි risky. trial කාලේ jude කියල christian pen friend කෙනෙක් උදව් කරලයි මම මුලින්ම 100+100 buffal දෙකකට බඩු ගත්තේ. මේ නාමරූප විඥාණ case එක වගේම එකක් amp වල තියෙනවා. බලන් ඉන්දැද්දී හඳුන් කූරු පත්තුවෙනවා වගේ resistors දුන්දාළ පිච්චිලා යනවා, speakers කොළ එලියට පැනල roast වෙලා යනවා. මම අමාරුවෙන් ගත්තු ඒවා ඔයවිදියට වෙලා හූල්ල හූල්ල ඉඳල තියෙනවා අනන්තවත්. (දැන් නම් මට 2kw 5kw amps කියල ගණනක් වත් නැහැ. කාට බැරිඋනත් මම හදනවා) speaker protection circuit එකක් මමම design කරලා හදල දාගත්තේ එහෙම ඒවා දකින්නවත් කලින්! මුලින්ම standard OS දුවන DOS/win3.1 computer කියල දැක්කේ accmt එකේදී 286/386 machines. power on/off කරන්නත් බයයි ඒදවස් වල! ඒත් පස්සේ PCB designs එහෙමත් කලා ඒවායින්. win98 කාලේ internet explorer එකේ back button එක, ආපහු යන්නේ කොහොමද කියලවත් දන්නේ නැතුව හිටිය එකෙක් මම! පස්සේ කාලෙක මුලින්ම මගේම කියල පාවිච්චි කලෙත් අයින් කරලා දාපු 486/133MHz PC එකක් pavement එකේ විකුනන්න දාල තිබිච්ච motherboard එකකින් කෑලි අරන් repair කරගෙනයි. මට computer ගන්න සල්ලි තිබුනෙත් නැහැ. එකතු කරලා... එකතුකරලා මුලින්ම ගත්තේ se440bx-2 board එකක්. ඒක හැඩ බල බල ඉන්න උනා මාස ගණනක්. පස්සේ අම්ම retire වෙනකොට හම්බවෙච්ච compensation එකෙන් තමයි ඉතුරුවට සල්ලි හම්බ උනේ. එදා පටන් ගත්තු IT field එකේ ගමන කියල වැඩක් නැහැ. දැන් ගොඩක් ඒවා master කරලා... දැන් නම් ඉතින් හිතල බැලුවම මාර ගමනක් මම ඇවිල්ල තියෙන්නේ. කල්පනකලාම සතුටුයි. ඒත් ඔය ඔක්කොම මැරෙනකම් විතරයි!

පබ්ලික් ෆෝරම් එකක මේ මනස්ගාත දොඩවන එකාමයි නිවන් දැක්ක කියලා අඬ බෙර ගහන්නෙත්. :P:P

පිස්සුද, හැටිද නැත්තම් ඒ දෙකමද කියලා නුවණැත්තෝ නුවණින් විමසා බලත්වා! :rofl::rofl:

කොච්චර නම් හීනමානයක් තියෙන්න ඔනේද Grade 6 සෙටප් එකක් හැදුව එක මෙකේ කියවන්න?? පවු බං, Education සයිඩ් එකේ වෙන මොනවත් කියන්න තරම් දෙයක් නැතුව ඇති. :lol::lol::lol:
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුකෙනෙක් ආර්ය පර්යේෂණයේ යෙදිලා මේ ජීවිතේ කතන්දරේ ගැන හොයාගෙන හොයාගෙන ගිහිල්ල, අන්තිමට වැහිලා තියෙන මූලික හේතුව, root course එක අල්ලගන, ඒක නැතිකරගන්න ක්‍රමයක් අල්ලාගෙන, මුලින් තමන් ඒ විදියට නිදහස්වෙලා, ඊළඟට සියලු ලෝක සත්වයන් හට ඒ සියල්ල විස්තර කරලා දෙනබව දන්නවා නේද? යදිදං අවිජ්ජාය පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවන්තී, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස සමුදයෝ හොන්ති, වශයෙන් හෙළිකරලා දීපු උන්වහන්සේලාගේ ආර්ය පර්යේෂණය ගැන දන්නවද? ඒත් මේකේ කට්ටිය කියන ඒවා බැලුවම ගොඩක් දේවල් දන්නේ නැහැ වගේ...

    මේ සාමාන්‍ය මිනිස්සු ඕනේ කෙනෙක් ලෝකෙට ඉපදෙන්නේ 0 ඉඳල පටන් අරගෙන නේ. මොනවත්ම නොදැන අපි ලෝකේ උපදින්නේත් ලෝකේ අපට ඕනේ විදියට හදාගෙන නෙවෙයි නේ! ඊළඟට අපිට හැදෙන්න වෙන්නේ ලෝකේ තියන විදියට, ලෝකේ යන විදියට! computer එකකට එක එක ජාතිවල operating systems දානවා වගේ ඉපදිච්ච තැන අනුව අපිටත් ඔය මොකක් හරි OS එකක් වැටුනට ඕනේ වෙලාවක OS එක මාරු කරගන්න පුළුවන්! කිසිම upset එකක් වෙන්නේ නැහැ! bugs මොකවත් නැති, කාලෙන් කාලෙට වැරදි, අඩුපාඩු දැකල, වෙන එකකින් කෑලි අරගෙන දාල patch කරන්න අවශ්‍ය නොවෙන, perfect OS එකක් දාගත්තනම් කරදරයක් නැතුව වැඩකරන්න තිබුන.

    ඉතින්, දැන්මේ සාමාන්‍ය ජීවිත ගතකරන, සමාජ සම්මත විදියට ජීවත්වෙන, ඔය තියෙන තියෙන එක එක්කෙනා කියන, ලියන ඒවා විතරක් දන්නා, සාමාන්‍ය මිනිස්සු දන්නවද මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියල? ඒත් බුදු කෙනෙක් ඊට වඩා ගොඩක් වෙනස්. තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ධර්මය දේශනා කරද්දීත්, තමන්ට එම ධර්මය අවබෝධකරගෙන, ඒ අවස්ථාවේදීම සසරින් නිදහස් වීමට පුළුවන් බව ප්‍රත්‍යක්ෂ නමුත්, තනිවම සසරින් නිදහස් වීම තමන් වගේ කෙනෙකුට වටින්නේ නැහැ කියල කල්පනා කරන, ඉතාමත් බුද්ධිමත්, පරාර්ථකාමී, කාරුණික පුද්ගලයෙක් කල්පනා කරනවා, ධර්මයක්, සසර ගමනින් නිදහස් වීමට මාර්ගයක්, නැති කාලෙක ලෝකෙට පහලවෙලා, තමන් විසින්ම බුද්ධත්වය අවබෝධ කරගෙන, තවත් විශාල පිරිසකට සසරගමනින් නිදහස් වීමට උපකාර කරගෙනම, තමන් නිදහස් වෙන බව! අපේ බුදුරජාණන් වහන්සේ ගේත් ආරම්භය සිදුවුනේ එලෙසයි! උන් වහන්සේ මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර බුද්ධිමත්, ධෛර්යවන්ත, වීර්යවන්ත මනුෂ්‍යයෙක් හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා මතු දිනක ගෞතම නමින් බුද්ධත්වයට පත්වන බවට.

    බෝසතාණන් වහන්සේ එතැන් සිට ආරම්භ කල සසර ගමන මේ අපි ආව වගේ යන්නන් වාලේ ඔහේ යන එකක් නෙවෙයි. මීයෙකුට වඩා කුඩා සතෙක් නොවී, අලියෙකුට වඩා ලොකු සතෙකුද නොවී තිරිසන් ආත්ම වල, මනුෂ්‍ය ආත්ම වල, දිව්‍ය ආත්ම වල, බ්‍රහ්ම ආත්මවල උන්වහන්සේ සැරිසැරුවේ අවධානයෙන්ම, එකම අරමුණකට යන ගමනක්! ස්වයන්භු ඥාණයෙන් බුද්ධත්වයට පත්වීම සඳහා මාර බලවේග මැඩගෙන යාමට අවශ්‍ය හැකියාවල්, කුසල්, පින් රැස් කරගැනීම සඳහාම පාරමිතා සම්පූර්ණ කිරීම උදෙසා ගිය ගමනක් ඒක! පුරන ලද පරමිතාවන්ගේ බලයෙන්, දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත, පින් උතුරලා යන, ආශ්චර්යමත් සිරුරක් ඇතිවයි උන්වහන්සේ තුසිත දෙව්ලොවේ සිට, අවිද්‍යා අන්ධකාරයෙන් මුළු ලෝකයම වැසී තිබුණු කාලෙක, මිනිසුන් සත්‍ය සෙවීමේ උවමනාවකින් යුතුව සිටිය කාලෙක, චතුරාර්ය සත්‍ය අවබෝධකිරීම, බුද්ධත්වයට පත්වීම සඳහා මනුලොවට වැඩියේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඉන්න තරමක් උදවියට (මීට අවුරුද්දකට කලින් කරපු දෙයක් වත් මතක නැහැ කියලත් කිව්වේ!) වගේ 0 න් පටන්ගත්තු ගමනක් නෙවෙයි බෝසතාණන් වහන්සේගේ ඉපදීම. සත්වයන්ගේ සංසාර ගමන කියන එක ගැන හොඳ සිහිකල්පනාවෙන් බලා කියා ගෙනයි උන්වහන්සේ මැරෙන ඉපදෙන ගමනේ යෙදුනේ! උන්වහන්සේ සාමාන්‍ය මනුස්සයන් හැටියට ලක්ෂ කෝටි සංඛ්‍යාත වාර ගණනක් ඉපදුනා. දේව ඇදහිලි, යාගහෝම ඔය තියන විශ්වාස හැම එකක්ම ඇතුව අනන්ත වාර ගණනක් ඉපදිලා, ඒවායේ තියන මිත්‍යාව අත්දැකීමෙන්ම දැක්ක! මේ ඉපදෙන මැරෙන ස්වභාවයෙන් සත්වයාව නිදහස් කරන්න පුළුවන් කවුරුවත්ම මේ සක්වලේ කොහෙවත් නැතිබව උන්වහන්සේ අත්දැකීමෙන්ම අවබෝධකලා! සත්වයා කර්ම විපාක අනුව විඳව විඳවා නොනවතින සංසාර ගමනක දීල ඉන්න හැටි තමන්ගේ අත්දැකීමෙන්ම තේරුම් ගත්ත! කාලයක් ගතවන විට ඉබේටම සිදුවන ගැලවීමක් කවදාවත් ලැබෙන්නේ නැතිබවත් උන්වහන්සේ අත්දැකීමෙන්ම දැක්ක! මේ සංසාර ගමනේ නිසරු බවත්, එහිම ගැලී සිටීමෙන් විඳීමට සිදුවන දුක්කන්දරාව අත්දැක්ක හන්දයි උන්වහන්සේ අපටත් එයින් හැකි ඉක්මනින් නිදහස් වෙන්නයි කියල කිව්වේ.

    බුදුකෙනෙක් ලෝකෙට පහලවෙලා, චතුරාර්ය සත්‍ය හෙළිකරගෙන, ලෝකයාට දේශනා කලයින් පස්සේ, එම සත්‍ය අසා දැනගැනීමට අවස්ථාවක් ලැබුනොතින් තමයි කෙනෙකුට මේ සංසාර ගමන ගැන දැනගන්නවත් ලැබෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය හැමදාටම ලෝකෙට විවෘත වෙන්නේ නැහැ! සත්වයා සංසාරයට බැඳ තබාගන්න ගුරුත්වාකර්ෂණය වගේ ස්වභාවයක් සදාකාලිකවම මේකේ ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවය ක්‍රියාත්මක කරවන, ආයතනයක ප්‍රධානියෙක් වගේම පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ පුද්ගලයා හටත් අනිත්‍ය ධර්මතාවය පොදුයි. එම නිසා කාලෙන් කාලෙට ඒ තනතුරට පත්වෙන කෙනත් වෙනස් වෙනවා. බුදුන්වහන්සේ, සක්‍රදේවේන්ද්‍රය, මාරය මේ තනතුරු සියල්ලත් එසේමයි. කාලෙන් කාලෙට සම්මා සම්බුද්ධත්වයට පත්වන උත්තමයත්, උන්වහන්සේ අනුගමනය කරන පින්වත් පිරිසත්, පසේබුදුවරුනුත් විතරයි සසර ගමනින් නිදහස් වන්නේ. සත්‍ය ඒකයි! මාරය යනුවෙන් කෙනෙක් නැත, එය සංකල්පයක් පමණය කියන කියන එක පිරිසුදු බුද්ධ දේශනා අසා නැති හිස් පුද්ගලයෙකුගේ (චීවර ධාරියෙකුද, නැද්ද කියන එක අදාළ නැහැ) අසත්‍ය කතාවක් විතරයි! සත්වයා සංසාරයට බැඳ තබාගන්න ස්වභාවය නිසාම සත්‍ය වැසී ගොස්, වෙන වෙන දේවල් සත්‍ය හැටියට මතුවීම, පෙනී සිටීම අනිවාර්යයෙන් සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. 0 න් පටන්ගන්න උන නිසා අපිට ඇත්ත දැනගන්න නොලැබුනාට, අපි තනි තනි ගමනක් මේ යන්නේ! කිසි කෙනෙක් කැමති නැහැනේ තමන්ට දුක් වේදනා විඳින්න වෙනවට. ඒ හන්ද ඔයාල කවුරුවත් නිදහස් වීමට නම් මේ මාර්ගය ගැන දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට උත්සහ ගන්න!

    අපි කිසිදෙයක් දන්නේ නැතුව පටන්ගත්තට බුදු හාමුදුරුවෝ මේ සේරම හොඳට දන්නවා! මේ ජීවිත කාලය අපිට මහා ලොකුවට අවුරුදු ගණනක දිග එකක් වගේ පෙනුනට, අපි ගෙවල තියෙන සංසාරේ කාලයත් එක්ක බැලුවම මේක නොගිනියහැකි තරම් කුඩා කාලයක්! 0.00000000000000001ns විතරවත් කියන්න බැහැ. ඒත් සමහර පෙරේත ආත්මලබපු අයගේ ආයුෂ අවුරුදු 20,000 - 30,000 වෙනවා කියලයි කියන්නේ. සමහර දිව්‍ය ආත්මත් ඒවගේ අති දීර්ඝ බව ප්‍රකාශ කරලා තියනවා. ඕව දැනගන්න පුළුවන් පිරිසුදු බුද්ධ දේශනාම ඇහුවොත් විතරයි. අපිත් ඒවා අහල තමයි මේ සේරම දැනගත්තේ! ඒත් දැන් ඔයාලට මම ගේන මේක හරියට extract කරගත්තු වැදගත් කරුණු සේරම එකතුකරලා හදාපු පොඩි instruction manual එකක් වගේ දෙයක්. ගොඩාක් දේවල් අහල දැනගත්තත් හරය අහුවෙච්ච නැති, නැත්නම් මොකද්ද කරන්න ඕනේ, මොකද්ද වෙන්න ඕනේ කියල හිතාගන්න බැරුව ඉන්න අයට, ඊළඟට මේවා විශ්වාස නැති අයට කරුණු කියල, පෙන්වල දෙන්නයි මට උවමණා.

    බෝසතාණන් වහන්සේ ලෝකයට පහළවෙන විට පෙර බුදුවරුන්ගේ බුද්ධ දේශනා මොනවත්, කොහෙවත්ම නැහැ. ඉතින් අලුතෙන්ම තමයි සොයාගන සොයාගන යන්නට සිදුවෙන්නේ. උන් වහන්සේ බැලුවේ මේ නිමක් නැති ජරා, මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එකතුවීමට සිදුවීමේ දුක, ලෙඩ නොවී, වයසට නොයා සිටීමට කැමති උනාට එසේ නොවීමේ දුක ආදී වශයෙන් ඇති නානාප්‍රකාර දුක් වලට හේතුවයි. උපදින සියලු සත්වයන් හට මේ ධර්මතාවය පොදු දෙයක් බවත්, ඉපදුනොත් මේවායෙන් ගැලවීමට නොහැකි බවත් උන්වහන්සේ අවබෝධකරගත්තා. ඊළඟට, මේ සියලු දුක් විඳීමට සිදුවන්නේ ඉපදීම හන්ද බව තේරුම් ගත්ත උන්වහන්සේ ඉපදීමට හේතු හෙව්වා. එම ඉපදීමට හේතුව තුන් ආකාරයකට ඇතිවන විපාක දීම පිණිස කර්ම රැස්වීමක් බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. කාම, රූප, අරූප වශයෙන් භව 3 ක් ලෙස මේවා අඳුන්වා දුන්න. ඊළඟට ඇයි මෙහෙම භවයන් සකස්වෙන්නේ කියල සොයාගෙන යනවිට එයට හේතුවන්නේ දැඩිලෙස බැඳීයාම් කියල උන්වහන්සේ අවබෝධකරගත්ත. කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද වශයෙන් 4 ආකාරයක උපාදාන වශයෙන් ඒවා අඳුන්වල දුන්න. ඊළඟට එම උපාදාන වලට හේතුව කාම, භව හා විභව වශයෙන් ඇති 3 ආකාරයක තණ්හාවන් බව අවබෝධ උනා. එම තණ්හාවන්ට හේතු උනේ 6 ආකාරයක විඳීම් කියල අවබෝධ උනා. එම විඳීම් 6 ආකාර ඉස්පර්ෂයන් නිසා හටගත්ත කියල අවබෝධ උනා. ඉස්පර්ශයන්ට හේතු උනේ ආයතන 6 බව අවබෝධ උනා. ආයතන හටගත්තේ නාමරූප හන්ද බව අවබෝධ උනා. නාමරූප සකස්වීමට හේතුව විඥාණයේ ක්‍රියාකාරීත්වය බව අවබෝධ උනා. විඥාණය හටගත්තේ සංස්ඛාර හන්ද බවත්, සංස්ඛාර අවිද්‍යාව නිසා ඇතිවූ බවත් අවබෝධ උනා. මෙය තමා මේ සත්වයාගේ හටගැනීමට හේතුවූ ක්‍රියාකාරීත්වය, පටිච්චසමුප්පාදය.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් යම් අවස්ථාවක අවිද්‍යාව කිසිසේත් ඉතිරි නොවී සම්පූර්ණයෙන්ම නැතිව ගියොත්, විද්‍යාව පහල උනොත්, අපේ මුලික ප්‍රශ්නය එහෙම්පිටින්ම ඉවරයි. අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ, විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා නිරුජ්ජංති, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති. වශයෙන් දැක්වුයේ එයයි.

    මෙතන සංස්ඛාර ගැනනම් පැහැදිලි අවබෝධයක් තිබුනොත් හොඳයි කියල හිතෙනවා. බුදුහාමුදුරුවෝ, සංස්ඛාර හැඳින්වුයේ, 'සන්ඛතන් අභිසන්කරෝතින්ති සංඛාරං' කියලයි. ඒ කිව්වේ 'නැවත නැවතත් සන්කතයක්ම හදා දෙන' කියන අර්ථයෙනුයි. දන්නවද එතකොට සංකත කිව්වේ මොනවද කියල? සන්කතයක් කිව්වේ උප්පාදෝ පඥ්ඥායති (හටගැනීමක් දක්නට තිබෙනවා) වයෝ පඥ්ඥායති (නැසී වැනසී යාමක් දක්නට තිබෙනවා) ටිථස්ස අඥ්ඥතත්ථං පඥ්ඥායති (පවතින තත්වය තුල වෙනස් වීමක් දක්නට තිබෙනවා) කියන අර්ථයෙනුයි. ඒ කිව්වේ... අපි! මේ ජීවිත. ඉතින් අර අපේ model එකේදිත් ඒකම නේද උනේ? මෝහය හන්ද 'මම' කියල අල්ලාගෙන උන්න. රාගය හන්ද ඇලෙන්න ගිය, ද්වේශය හන්ද ගැටෙන්න ගියා. ඕවට නේ කෙලෙස් කිව්වේ, ඕවයින්ම නේ විඥාණය පැලවෙන්න ගත්තේ. ඉතින් සේරටම මුල් උනේ අවිද්‍යාව නේ... අවිද්‍යාව කියන්නේ නොදැන හිටිය එක! දැන් දන්නේ නැහැ කියන්න බැහැනේ! දැන් මේක කියවපු ඕනේ කෙනෙක්, අර කලින් අවධානයෙන් කියවන්න ඕනෙයි කියපු විදියට කියවගෙන ආවනම්, දැන් කතන්දරේ හරිනේ! නොදැන හිටිය දෙයක් කාගෙන් හරි, අහම්බෙන් හරි, වැරදිලා හරි දැනගන්න ලැබුනොත් ඒක හිතේ සටහන් වෙනවා, update වෙනවා! ඉතින් අවුලක් වෙන්න විදියක් නැහැ. දැන් ඕනේ නම් ඇත්තේ shock එකක්, බයයි, සැකයි වගේ එකක්! ඒක සාමාන්‍යයි, very normal! හේතුව අපි කල්ප කෝටිගනනක් පුරුදුවෙලා තිබුනේ, පුහුණුවෙලා තිබුනේ, අහල තිබුනේ, දැනගෙන තිබුනේ මීට වෙනස්, ප්‍රතිවිරුද්ධ කතාවක් නේ...

    බුදුහාමුදුරුවෝ කිව්වා කරුණු කිහිපයක්. ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්න (කල්නොයව මේක දකින්න, අවබෝධ කරගන්න), සත්‍ය තියෙන්නේ රකින්න (මම, මට, මගේ කියල මොකවත් නැහැ, පිළිගන්න), ත්‍යාගය තියෙන්නේ අතහරින්න (මම කියල හිතන් හිටපු එකට, ඇලෙන්නට, ගැටෙන්නට හේතු උන කෙලෙස් අතහරින්න), සංහිඳීම තියෙන්නේ පුහුණු කරන්න (මේ අලුතෙන් ඇතිවෙච්ච වෙනස සාමාන්‍ය දෙයක් බවට පත්වෙනකන්ම පුහුණු කරන්න). මේ දේවල් හොඳටම තෙරුණානම් ඉතින් අනගාමියි තමයි. පුහුණු උනා කියන්නේ අරහත්, අර බැහැයි කියපු, පෙරුම්පුරන්න ඕනෙය කියපු එක! මම මේකට ගත්තු උදාහරණෙ තමයි driving පුරුදුවෙන එක. දැන් ඔයාලත් driving දන්නවා. එලවන්න පුළුවන්, ඒත් පුරුදු නැහැ! gear හොයල දාන්න ඕනේ, brakes හොයල පාගන්න ඕනේ, වාහනයක් එනවා දක්කගමන් බයවෙනවා, upset upset වගේ... ඒත් කාලයක් driving කරනකොට කොහොමද? මේකත් අන්න ඒවගේ තමයි!!

    හුඟාක් අය මේ වැඩේට මහා බරපතල විදියට කලබල වෙනවා අයියෝ සේරම ආසාවල් අතහරින්න වෙනවා, එතකොට මේ ගෙවල්, දොරවල්, ගෑනු, ළමයි සේරටම මොකද වෙන්නේ? පරම්පරාව ඉවරයි! ගම රට විනාසවෙයි! ජාතිය සංස්කෘතිය විනාසවෙයි! වස්තුව දේපල සේරම ඉවරයි... අනම් මනම් ගොඩක් කියව කියව. ඉතින් මේ විස්තර හොඳටම දැනගත්ත කියල එහෙම මොකවත් වුනාද? මේ තම තමන් අනාගෙන හිටපු කාරණාවක් පැහැදිලිකරලා තේරුම් කරගත්තහම, නොදැන හිටපු දෙයක් දැනගත්තහම කාටවත්, කොයිම විදියකින් වත් වරදක්, නරකක් වෙන්නේ නැහැනේ!! වෙන්නේ එකම දෙයයි. ආයේ උපදින එක නැතිවෙනවා, පිරිණිවන් පානවා! නරකයිද? ඇයි හිතාගෙන උන්නට ආයේ කොහොමටවත් මේ ඉන්න තැනටම එන්න ලැබෙන්නෙත් නැහැ, මේ ඉන්න කට්ටිය මේ විදියටම හම්බවෙන්නෙත් නැහැ, මේ තියන වස්තුව දේපල මොකවත්ම ආයේ ලැබෙන්නෙත් නැහැ! කොහොම හිතාගෙන ගියත් අන්තිමට වෙන්නේ අනිත්‍ය ධර්මතාවයට මුහුණ දෙන්න! 99.99% ම ගියොත් යන්නේ අපායට කියලත් දැක්කනේ... ඉතින් ආයේ මොනවද? දැන් තියෙන්නේ සැනසිල්ලේ කටකපල නිදාගත්ත වගේ cool එකේ දොයිය ගන්න!! ඒකට කලබල වෙන්න ඕනෙත් නැහැ. වෙන වෙලාවක වෙයි. අපිට එතකම් අබල් බබල් නැතුව තම තමන්ගේ පාඩුවේ, කාට කාටත් උදව් පදව් කරගෙන හොඳින් ඉන්නයි තියෙන්නේ...

     
    May 25, 2010
    554
    27
    0
    Bakery

    හුඟාක් අය මේ වැඩේට මහා බරපතල විදියට කලබල වෙනවා අයියෝ සේරම ආසාවල් අතහරින්න වෙනවා, එතකොට මේ ගෙවල්, දොරවල්, ගෑනු, ළමයි සේරටම මොකද වෙන්නේ? පරම්පරාව ඉවරයි! ගම රට විනාසවෙයි! ජාතිය සංස්කෘතිය විනාසවෙයි! වස්තුව දේපල සේරම ඉවරයි... අනම් මනම් ගොඩක් කියව කියව. ඉතින් මේ විස්තර හොඳටම දැනගත්ත කියල එහෙම මොකවත් වුනාද?

    අපරාදේ නේ බුදුහාමුදුරුවෝ සංඝ සමාජයක් හදල ඒක ගිහියන්ගෙන් වෙන් කලේ? දමිත පිස්ස හිටියනං බුදුහාමුදුරුවන්ටත් උගන්නනව. එල කොමඩි!:D:D

    මචං දැං බයිලෙ ඉවරද? මොකද අපේ එකෙක් උඹ ඔය ලියපුව ඔක්කෝම එකතු කරල පොතක් විදියට ගහල කීයක් හරි හම්බ කරගන්න යන්නේ? කමක් නෑ නේ, මෝඩයෝ පිස්සොන්ගෙන් බන අහන රටේ කීයක් හරි හම්බකරගත්තට? හික්ස්!
    :lol::lol:

    :lol:නික ඉතිං නිවන් දැකල සියලු ආසාවල් ප්‍රහීන කරල මහා කරුණා සමාපත්තියට සමවැදිල දත් කූරු කන උඹට සල්ලි, කීර්තිය වගේ එව්වලින් වැඩකුත් නැහැනේ.:D:D
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඉසුරුසිරි;8206111 said:
    ... ඇලුණු සිතින් විඳින කොට, හිත එකේ බැහැ ගන්නවා. ඒකෙන් වේදනා ගොඩක් විඳින්න වෙනවා සද්දය නිසා, නිවනෙන් දුර උණා වෙනවා) අදහස තේරෙනවා නේද? මෙහෙම ආයතන හැම එහෙකටම එන්න ඕනේ. ආයේ පටිඝ නිමිත්ත (ගැටීම සම්බන්ධයෙන්) වෙනමම complete set එකක් එන්න ඕනේ... ඉතින් බලන්න මේ දැන් ඉන්න අපේ බුද්ධිමතුන්ගේ තරම! එයාල හිතන් ඉන්නේ නිවන කියන්නේ වෙනින් මොකක් හරි, නැත්නම් වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක තියෙන මොකක් හරි වෙන්න ඇතිය කියල... ඔහොම යන්කෝ...
    penawada budu dahama-niwana mokadda kiyala?
    :D
    නිවන ඇඳල පෙන්නන්න පුලුවන් අයත් ඉන්නවනේ ඉසුරුසිරි අයියෙ. ඒ උඹම තමා කියල මට නං ෂුවර්.

    ඇඳල පෙන්නන්න පුලුවං නම් මතයක්, ප්‍රවාදයක් වෙන්න ඔනනේ. ඒත් ඉතිං ඕ ලෙවෙල් පේල් වෙච්චි උඹට ප්‍රවාද වගේ එව්ව තේරෙන්නෙ නැහැනේ.:D ඇඳල පෙන්නන්න පුලුවං නං ග්‍රහ ලෝකයක් වගේ තැනක් වෙන්න ඇති.

    බුදු බනේ නං කියන්නේ නිවණ පරමාර්ත සත්‍යක්. ප්‍රවාද වලින් විස්තර කොරන්න බැරි, අවබෝධ වන යමක්. පරමාර්ත සත්‍ය ප්‍රවාද වගේ බර වචන උඹට තේරෙන්නේ නැති එකේ, කිරිබත්ගොඩය වගේ නිවන තැනක්, ග්‍රහලෝකයක් කියල හිත හදාගනින්. :lol:

    පවට පින දෙන්න බැහැනේ. එන භවයේදීවත් ඕ ලෙවෙල් පාස්වෙන්න පිං කරගනිං.
    :lol::lol::lol:
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    කිඹුලා බනිස්;8210741 said:
    පබ්ලික් ෆෝරම් එකක මේ මනස්ගාත දොඩවන එකාමයි නිවන් දැක්ක කියලා අඬ බෙර ගහන්නෙත්. :P:P

    පිස්සුද, හැටිද නැත්තම් ඒ දෙකමද කියලා නුවණැත්තෝ නුවණින් විමසා බලත්වා! :rofl::rofl:

    කොච්චර නම් හීනමානයක් තියෙන්න ඔනේද Grade 6 සෙටප් එකක් හැදුව එක මෙකේ කියවන්න?? පවු බං, Education සයිඩ් එකේ වෙන මොනවත් කියන්න තරම් දෙයක් නැතුව ඇති. :lol::lol::lol:

    Can anyone please explain what it meant by "හීනමානයක් " in english?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    thread එක පටන් ගත්තේ මම නේ. මම බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ! මම පටන්ගත්තේ, බුදුහාමුදුරුවෝ කියපු විදියට, අනික් අයටත් උපකාර වෙන යමක් කරන්න. ඒ ගොඩ යාම සඳහා! නිවන් අවබෝධකිරීම සඳහා!!

    දැන් 'කිඹුලා' ඉඳන් මම කියන කියන ඒවාට විරුද්ධව බයිලා කියෝනව, මට එකඟව අදහස් ප්‍රකාස කල අයට විරුද්ධවත් බයිලා කියෝනව! ඒ කියන්නේ බුදුන්ට විරුද්ධයි! බුදුන්ට විරුද්ධ කවුද? පැහැදිලිවම තේරුම් ගන්න මේකා මාරයාගේ කෙනෙක්! ඒකා කතාකරන්නේ එයාලගේ පැත්තට එන්න කියල. දිගින් දිගටම මැරි මැරී, ඉපදී ඉපදී සංසාර ගමනේ යන්න එන්න කියල!!

    ඉස්සෙල්ල, ඔය internet එකේ තියනවා හරක් මරණ, ඌරෝ මරණ, කුකුල්ලු මරණ video ගොඩක්. පොඩ්ඩක් බලන්න!
    බුදුහාමුදුරුවෝ අපට කියලදුන්නේ, ගෙවාගෙන ආපු සංසාර ගමනේදී,
    1) අපි එක්කෙනෙක් හරකෙක් හැටියට ඉපදිලා මැරුම් කාපු වාර ගණනේදී ගලපු ලේ එකතු කලානම්, හතර මහා සාගරයේ ජලයට වැඩියි කියලයි.
    2) ඊළඟට අපි එක්කෙනෙක් ඌරෙක් වෙලා ඉපදිලා මැරුම් කාපු වාර ගණනේදී ගලපු ලේ එකතු කලානම්, එත් හතර මහා සාගරයේ ජලයට වැඩියි කියල.
    3) ආයේ තව අපි එක්කෙනෙක් කුකුලෙක් හැටියට ඉපදිලා මැරුම් කාපු වාර ගණනේදී ගලපු ලේ එකතු කලානම්. එත් හතර මහා සාගරයේ ජලයට වැඩියි කියල.

    එතකොට බලන ඔයාලට තියෙන්නේ වෙන වෙනම මොළ ගෙඩි නේ. මේකාගේ එකෙන් නෙවෙයි නේ ඔයාල හිතන්නේ. ඉතින් ඔයාල තීරණය කරන්න කොහෙටද යන්නේ කියල. මොකද තනි තනියෙන් යන ගමනක් මේක! තෝරාගන්න, කරන, කියන දේවල් වලට විපාක විඳින්න වෙන්නේ තනි තනිව! ඉස්සරහට ගියොත් ආයෙත් යන්න වෙන්නේ ඔය ආපු විදියම ගමනක්. ඒ කියන්නේ ඉවරයක් නැතුව මැරෙන්න වෙනවා! ආයේ තව අවස්ථාවක් කවද එයිද දන්නෙත් නැහැ. මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ල, ධර්මය දේශනා කරලා, උන්වහන්සේගේ බුද්ධ සාසනයත් අතුරුදන් වෙනකම් ඔයාල අපායේ නැත්නම් තිරිසන් ලෝකෙක වගේ ඉපදිලා හිටියොත් ඒ අවස්ථාවත් miss වෙනවා. මේක තමයි ඇත්තම ඇත්ත! තීරණය ඔබ අතේ!


    ගොඩ යනවා නම්, යන්න ඕනේ නම්, කිඹුලා දාන මොනම post එකක් වත් කියවන්න බලන්න එපා! skip කරලා දාන්න. මේකා වෙන id එකකින් ආවොත් මම එකත් කියන්නම්!

    ඊළඟට සැක මොනවා හරි තියෙනවා නම් pm එකකින් හරි අහන්න. ආයේ, අපේ හාමුදුරුවෝ සුත්‍ර දේශනා ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටක පොත් වහන්සේලාගේ සඳහන් වෙන තැනත්, පසුබිම් කාරණාත් සේරම එක්ක. ඒ සුත්‍ර දේශනාත් අහල බලන්න. මේකේ තියන වැදගත් කම මේ, උපාධි ගන්න, කාගෙන්වත් certificates ගන්න කරන එකක් නෙවෙයි! ඔයාල ඕනේ කෙනෙක් අර මැරුම්කන හරක්, ඌරෝ, කුකුල්ලු, ඊළඟට ඔය cancer වගේ හැදිලා සදහටම විඳවන ලෙඩ්ඩු හැටියට ඉපදිලා වින්දවපු වින්දවිල්ල ආයේ නොවිඳින්න බේරෙන්න යන ගමනක්! කාටවත්ම බේරගන්න බැරි කරුණකදී, අන්තිම අසරණ අවස්ථාවකදී, පිළිසරණය සොයා යන ගමනක්! එකම පිළිසරණය බුදුන් වහන්සේ විතරයි!
    එත් උන් වහන්සේ ආගමික නායකයෙක් නෙවෙයි! සියලු ලෝක වාසී දෙවි, මිනිසුන්ට පිළිසරණය වීමට ඉන්න එකම එක්කෙනා! එක්කෙනෙක් කිව්වට එක්කෙනෙක් විතරකුත් නෙවෙයි. කාලෙන් කාලෙට බුදුවරු පහලවෙලා සීමිත පිරිසක් බැගින් සසරින් එතෙර වෙන්න අවස්ථාව හදල දෙනවා. ඒත් කල්ප 50-60 වෙනකම් බුදුවරු පහලනොවී තියෙනවා. පරක්කු උනොත්, ඊළඟ නැව කවද එයිද? ඒ ආවත් ඒකටත් නගින්න ලැබෙයිද දන්නේ නැහැ !!!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    thread එක පටන් ගත්තේ මම නේ. මම බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ!

    දැන් 'කිඹුලා' ඉඳන් මම කියන කියන ඒවාට විරුද්ධව බයිලා කියෝනව, මට එකඟව අදහස් ප්‍රකාස කල අයට විරුද්ධවත් බයිලා කියෝනව! ඒ කියන්නේ බුදුන්ට විරුද්ධයි! බුදුන්ට විරුද්ධ කවුද? පැහැදිලිවම තේරුම් ගන්න මේකා මාරයාගේ කෙනෙක්! ඒකා කතාකරන්නේ එයාලගේ පැත්තට එන්න කියල. දිගින් දිගටම මැරි මැරී, ඉපදී ඉපදී සංසාර ගමනේ යන්න එන්න කියල!!


    ගොඩ යනවා නම්, යන්න ඕනේ නම්, කිඹුලා දාන මොනම post එකක් වත් කියවන්න බලන්න එපා! skip කරලා දාන්න. මේකා වෙන id එකකින් ආවොත් මම එකත් කියන්නම්!

    :D:D:D

    මචෝ මේක නං හොඳටම චාටර් පෝස්ට් එකක් නේ.

    අර 1960 ගනන් වල කවුදෝ කිව්වලු "මගෙ පාට බුදුහාමුදුරුවන්ගෙ පාට, ඒ හින්ද මට චන්දෙ දීපල්ලා" කියලා. මම නං හිතුවේ නෑ උඹත් ඒ LEVEL එකට වැටෙයි කියලා.

    රිදුන නේ හොඳටම? ඇත්ත එලි වෙනකොට කාටත් රිදෙනවා, රතුපාටින් දැම්මා කියල බොරු ඇත්ත වෙන්නෙ නෑ.

    මගේ පෝස්ට් කියවන්න එපා, SKIP කරන්න කියන කොට නුවණැත්තෝ නුවණින් විමසා සිතා ගන්න ඇයි මේ කියලා.:D

    මතවාදීමය ප්‍රජාතන්ත්‍රවාදයටත් අකුල් හෙලන්නේ තමන් ගැන, තමන් කියන දේවල් ගැන අවිශ්වාෂයක් තියෙන නිසා නේද? හංගන්න දෙයක්, බොරුවක් එලිවෙයි කියන බයට නේද?:yes::yes:

    මම නං බය නැතුව කියන්නේ කියවන්න දමිතගේ මල විකාර, තේරුංගන්න පිස්සා මොකාද කියලා! :lol::lol::lol:

    බුදුහාමුදුරුවන්ගේ බණ නං මොන මාරයා( එහෙම එකෙක් නෑ, මාරයා කියන්නේ කෙලෙස්) ආවත් යට කොරන්න බැරි බව අපි දන්නවා.
    :yes:
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    Madura eke thiyenne හීනමානය kiyana ekata 'inferiority complex' kiyala. mata hithenawa thaman gana, thamange hakiyawal gana underestimate karanawa wage ekak kiyala.

    Hi Damitha,

    Thanks for reply. It seems කිඹුලා බනිස් has challenged you on your education credentials. Do you like to comment?

    Also please explain what is Nirvana for me. is it like heaven? a place?

    Thanks again, take care.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මේ කියන දේවල් computer/electronics උදාහරණ වලින් කියන එකෙන් වඩාත් හොඳට තේරෙනවා කියලා හිතෙනවාද? එහෙම නැත්නම් ඒ උදාහරණ පාවිච්චි කිරීමට වෙන හේතුවක් තියෙනවාද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Hi Damitha,

    Thanks for reply. It seems කිඹුලා බනිස් has challenged you on your education credentials. Do you like to comment?

    Also please explain what is Nirvana for me. is it like heaven? a place?

    Thanks again, take care.

    No need to comment, I know who I am & that's all
    I'll explain everything in detail... kit with this.
    If you can understand Sinhala well, there's no issue, otherwise I'm not competent enough to explain all the stuff in English. You’ll have to wait till I get some support in translating this. But it’s better if you can have support from trusted Sinhala speaking person.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කියන දේවල් computer/electronics උදාහරණ වලින් කියන එකෙන් වඩාත් හොඳට තේරෙනවා කියලා හිතෙනවාද? එහෙම නැත්නම් ඒ උදාහරණ පාවිච්චි කිරීමට වෙන හේතුවක් තියෙනවාද?

    thawa tika dawasak yanko... kalinuth kiyala athi, mama kasanawata aawa neweyi. wade iwarayakma karamu. aaye mokatada 'passe balagamu' katha. nadda?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    thawa tika dawasak yanko... kalinuth kiyala athi, mama kasanawata aawa neweyi. wade iwarayakma karamu. aaye mokatada 'passe balagamu' katha. nadda?

    ඔබතුමා මොකට ආවද නැද්ද කියන එක මට නම් අදාල නැහැ. මම මෙච්චර වෙලා බලාගෙන හිටියා, ආයේ කාලේ නාස්ති කරන්නේ නැහැ. මොකද අර අහපු සරල ප්‍රශ්නයට වත් ඔබතුමාට උත්තරයක් දෙන්ඩ බැහැ නේ. තව බලාගෙන හිටියත් ඔච්චර තමා වෙන්ඩ ඉඩ තියෙනවා.

    Good luck.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Also please explain what is Nirvana for me. is it like heaven? a place?

    නිර්වාණය යනු සදාකාලික දිව්‍යලෝක හෝ අපායක් නොවේ.එය සරල සත්‍යයක්.
    බුදු දහම දේශනා කරනවා පුනර්භව චක්‍රයක් ගැන.ඔබ මිය ගියහොත් මේ විශ්වයේ කිසියම් තැනක යලි හට ගන්න පුලුවන්.මෙම පුනර්භව චක්‍රයෙන් ඉවත්වීම නිවනයි.
    Budhism says about non ending re-birth cycle.If some one can stop rebirth ,it is the Nirvanaya.

    eternal life in heavens & hells are great myths.If some one decide to have a eternal life, it is indeed a hell.what is the meaning of eternal life? nothing but just existing without any goals.
    Even in USA 40% of american belive in rebirth cycle.
    80% americans say they will have a after life
    40% of americans believe they had a before life as well.
    This means they have rejected eternal heaven.
    Islam or christianity do not talk about before life.
    But now americans do.
    After hell of arguments we have changed them.
    Most people sense they lived before. they sense they will be reborn.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිර්වාණය යනු සදාකාලික දිව්‍යලෝක හෝ අපායක් නොවේ.එය සරල සත්‍යයක්.
    බුදු දහම දේශනා කරනවා පුනර්භව චක්‍රයක් ගැන.ඔබ මිය ගියහොත් මේ විශ්වයේ කිසියම් තැනක යලි හට ගන්න පුලුවන්.මෙම පුනර්භව චක්‍රයෙන් ඉවත්වීම නිවනයි.
    Budhism says about non ending re-birth cycle.If some one can stop rebirth ,it is the Nirvanaya.

    eternal life in heavens & hells are great myths.If some one decide to have a eternal life, it is indeed a hell.what is the meaning of eternal life? nothing but just existing without any goals.
    Even in USA 40% of american belive in rebirth cycle.
    80% americans say they will have a after life
    40% of americans believe they had a before life as well.
    This means they have rejected eternal heaven.
    Islam or christianity do not talk about before life.
    But now americans do.
    After hell of arguments we have changed them.
    Most people sense they lived before. they sense they will be reborn.


    humanoid කරලා තියෙන විග්‍රහය හරියටම හරි. මම පෙන්වනවා ඕක technically! ආත්මය කියල රැවටිලා තියෙන්නේ මොහොකටද, මොකද්ද මේ පුනරුප්පත්තිය කියල සිදුවුණ සිදුවීම, කොහොමද ඒක උනේ, අයි නවත්වගන්න බැරි උනේ, කොහොමද නවත්තන්න තියෙන්නේ සේරම. අද ඉඳල මම ඒක පටන් ගන්නවා! වැඩේ තියෙන්නේ බුදු කෙනෙකුගේ අවබෝධය අදහගෙන, ඒ මත පිහිටලා මිස විද්‍යාවෙන් මෙහෙම දෙයකට එන්න කවදාවත් බැහැ! ඊළඟට නිවන පෙන්වන්න පුළුවන් දෙයක් නොවන හන්ද තමන් එය නොදැක්ක, අත්නොවින්ද කෙනෙකුට මේක කොහොමටවත් කරන්නත් බැහැ! නිවන අවබෝධවුනයින් පස්සේ තමයි 'හිත' ගැන බලන් ඉන්න, මේ කතන්දරේ ගොඩනගන්න හැකියාව ලැබුනෙත්. ඊට කලින්, කොච්චර කලත්, ඒක නිකම් කැළඹිලි ස්වභාවයෙන් තිබුනේ. මහා පළාතක දේවල් එක සැරේ පෙනෙන, තේරෙන ගතිය කලින් මට තිබුනේ නැහැ. අනික නිවනයි, technical knowledge එකයි දෙකම confirmed නැත්නම් මෙහෙම comparison එකකට යන්න තිය හිතන්න වත් බැහැ!! මම ඒ part එක කරලා දෙන්න තමයි ආවේ!!! ඔයාල හැමෝටම තියෙන්නේ ඉස්සෙල්ල තම තමන් ගොඩ යන්න! ඊළඟට අනික් අයටත් ඒකට උදව් කරන්න! මට නම් කොහොමත් එකයි, මේක පරක්කු කලෙත් ජීවිතේ ඇත්ත තේරුන ගමන් බයවෙනවා... කලින් කරන්න ඕනේ දේවල් මොකද්ද වත් කියල දන්නේ නැති කෙනෙකුට එහෙම උනොත් එහෙමපිටින් upset වෙනවා. බුද්ධ කලෙත් එහෙම දේවල් සිදුවෙලා තියනවා. මට ඕනේ majic පෙන්වන්න නෙවෙයි, මම ගොඩ ගියා... තව ගොඩක් දෙනෙක්, ආගම්, ජාති බේධ නැතුව ගොඩට ගන්න!! එච්චරයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබතුමා මොකට ආවද නැද්ද කියන එක මට නම් අදාල නැහැ. මම මෙච්චර වෙලා බලාගෙන හිටියා, ආයේ කාලේ නාස්ති කරන්නේ නැහැ. මොකද අර අහපු සරල ප්‍රශ්නයට වත් ඔබතුමාට උත්තරයක් දෙන්ඩ බැහැ නේ. තව බලාගෙන හිටියත් ඔච්චර තමා වෙන්ඩ ඉඩ තියෙනවා.

    Good luck.

    ඕක නම් ඔයාගේ ප්‍රශ්නයක්! බුදු හාමුදුරුවෝ ජීවමානව හිටපු කලෙත් ඔහොම යමක් කමක් කරගන්න පුළුවන් කම තිබිච්ච බුද්ධිමත් ඇත්තෝ නිකම්ම නිකම් යන්න ගියා... තාම යනවා ඇති!