නැතිකරනවමයි මේ විධායකය
තුන් වරක්ම කඩ කල පොරොන්දුව
නිදහසට කරුණ ගෙන නොමැති බව තුනෙන් දෙක.
ලැබී ඇති විට විශ්මයක්ම වූ ඒ තුනෙන් දෙක
ඉටුකර ඇත අපූරුවට නමුත් මාරුවී පොරොන්දුව
වැඩි වෙලා තවත් බලතල විරාජමානයි විධායකම
දෙපාරක් නෙවෙයි දැන් හැමදාටම.
එහෙත් ඉතිරිව ඇත පොරොන්දුව ඊළඟ වතාවටත්
නැතිකරලිය යුතුමයි මේ විධායකය.
තුන් වරක්ම කඩ කල පොරොන්දුව
නිදහසට කරුණ ගෙන නොමැති බව තුනෙන් දෙක.
ලැබී ඇති විට විශ්මයක්ම වූ ඒ තුනෙන් දෙක
ඉටුකර ඇත අපූරුවට නමුත් මාරුවී පොරොන්දුව
වැඩි වෙලා තවත් බලතල විරාජමානයි විධායකම
දෙපාරක් නෙවෙයි දැන් හැමදාටම.
එහෙත් ඉතිරිව ඇත පොරොන්දුව ඊළඟ වතාවටත්
නැතිකරලිය යුතුමයි මේ විධායකය.
විධායක ජනාධිපති ක්රමය ආරම්භ වූ දා පටන්ම විපක්ශ කණ්ඩායම් එයට විරුද්ධත්වය දැක් වුවත් එම මතයට ජන පදනම වැටුනේ 1994 දීය.චන්ද්රිකා මැතිණිය ජනාධිපතිවරණයේදී දුන් ප්රදාන පොරොන්දුව විධායකය අහෝසි කිරීමය.
එතැනින් පසු 1999 ඇය විසිනුත්,2005 දී මහින්ද රාජපක්ශ මැතිඳුන් විසිනුත් එම පොරොන්දුව ලබා දුනි.නමුත් ඒ හැම වතාවකම එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොමැතිව ඉටු කරලිය නොහැකි යැයි පවසමින් එම පොරොන්දුව කඩ වුනි.
2010 දී ඒ ගැන කතා කලේ පොදු විපක්ශය වුවත් එම මතය පරාද වුනි.
අවසන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබුණී. විධායකය අහෝසි වීම කෙසේ වෙතත් එහි බලතල වැඩිවී වාර ගණනට තිබූ සීමාවත් ඉවත් වී ඇත.
සිදුවූ දෙය හරිද වැරදිද යැයි මතයක් මම නොදරමි.කෙසේ හෝ රටට සුභ අනාගතයක් උදා වේ නම් එපමණය.





