විධායකය.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නැතිකරනවමයි මේ විධායකය
    තුන් වරක්ම කඩ කල පොරොන්දුව
    නිදහසට කරුණ ගෙන නොමැති බව තුනෙන් දෙක.

    ලැබී ඇති විට විශ්මයක්ම වූ ඒ තුනෙන් දෙක
    ඉටුකර ඇත අපූරුවට නමුත් මාරුවී පොරොන්දුව
    වැඩි වෙලා තවත් බලතල විරාජමානයි විධායකම
    දෙපාරක් නෙවෙයි දැන් හැමදාටම.

    එහෙත් ඉතිරිව ඇත පොරොන්දුව ඊළඟ වතාවටත්
    නැතිකරලිය යුතුමයි මේ විධායකය.



    විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වූ දා පටන්ම විපක්ශ කණ්ඩායම් එයට විරුද්ධත්වය දැක් වුවත් එම මතයට ජන පදනම වැටුනේ 1994 දීය.චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිවරණයේදී දුන් ප්‍රදාන පොරොන්දුව විධායකය අහෝසි කිරීමය.
    එතැනින් පසු 1999 ඇය විසිනුත්,2005 දී මහින්ද රාජපක්ශ මැතිඳුන් විසිනුත් එම පොරොන්දුව ලබා දුනි.නමුත් ඒ හැම වතාවකම එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොමැතිව ඉටු කරලිය නොහැකි යැයි පවසමින් එම පොරොන්දුව කඩ වුනි.
    2010 දී ඒ ගැන කතා කලේ පොදු විපක්ශය වුවත් එම මතය පරාද වුනි.
    අවසන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබුණී. විධායකය අහෝසි වීම කෙසේ වෙතත් එහි බලතල වැඩිවී වාර ගණනට තිබූ සීමාවත් ඉවත් වී ඇත.
    සිදුවූ දෙය හරිද වැරදිද යැයි මතයක් මම නොදරමි.කෙසේ හෝ රටට සුභ අනාගතයක් උදා වේ නම් එපමණය.
     
    • Like
    Reactions: BLACK MONEY

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    විධායකය
    ව්‍යවස්ථා‍දායකය
    අධිකරණය
    තුනෙන්ම
    බැටකමි
    මම
    අහෝ
    කරුමෙට
    උනෙමි
    ඡන්දදායකයා
    ..!

    :lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මැක්සා මචන් ලස්සනයි...........
    ඇත්ත කතාව :(:(දැන් නම් නැති කරන්න ඔනේ කොහමහරි....
    +රෙප්
    :):):)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි.......:)

    බය වෙන්න එපා මීට පස්සෙ කවුරුත් විධායකය ගැන බොරු පොරොන්දු දෙන එකක් නැහැ....මොකද මීට පස්සෙ රජකමනෙ පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ......:P