ජරා_ගොඩ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජරා ගොඩ


    ‘හුටා... කටට මැස්සෙක් රිංගුවා.’ නාට්‍ය ශාලාවේ සිට තම මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යමින් සිටියදී දයා පසුපසට හැරී තම බිරිඳ ඈන්ට කීවේය.
    ‘ඕක ගණන් ගන්න එපා අනේ. මැස්සො කොහොමත් ජරා ගොඩවල්වලට රිංගනවා.’ ඈන් පිළිතුරු දුන්නාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම පෑලිස්

    මම පෑලිස්


    පසුගිය කලබල සමයෙක, එක් මෝඩ ගැමියකු වූ පෑලිස් කඩමණ්ඩිය බලා යමින් සිටියේය. හේ කඩ මණ්ඩියට ආසන්න වෙත් ම පොලිස් නිලධාරියකු තර්ජනාත්මක ව පෑලිස් ගෙන් මෙසේ ඇසීය.
    ‘කොහෙද බොල යන්නෙ?’
    ‘මම යන දිහා අහන්ඩ තමුසෙ කවුද?’ පොලිස් නිලධාරියාගේ රළු කථාවෙන් නොපහන් වූ පෑලිස් ඇසීය.
    ‘බූරුවා, තෝ දන්නෙ නැද්ද දැන් ඇඳිරි නීතිය කියලා? මම යකෝ, පොලිස්.’ නිලධාරියා පෑලිස් දෙස රවා බලමින් කීය.
    ‘හැබැද? මම පෑලිස්.’ කරේ තිබු සාලුව වහා අතට ගනිමින් පෑලිස් කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊට පස්සෙ ගත්තෙ නෑ

    ඊට පස්සෙ ගත්තෙ නෑ


    ‘ළඟදි එක්ස් රේ පින්තූරයක් හෙම ගත්තෙ නැද්ද?’ වෛද්‍ය ගුණසේකර සියදෝරිස් ගෙන් ඇසුවේ පපුවට නළාව තබා පරීක්ෂා කරන අතරතුරේදීය.
    ‘අනේ දොස්තර මහත්තයො, අපි කසාඳ බැඳපු දා හාමිනේ එක්ක පින්තූරයක් ගත්තට පස්සෙ තාම ගත්තෙ නැහැ.’ සියදෝරිස් කහට බැඳුණු දත් පෙන්නා සිනාසෙමින් කීවේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔළුව හිස්

    ඔළුව හිස්


    ‘අම්මා, මගෙ බඩ කැක්කුමයි.’ කුඩා දියණිය තරංගා වෙත දුව එමින් කීවාය.
    ‘ඒ ඔයාගෙ බඩ හිස් හින්දා. උදේ ඉඳලම මුකුත් කෑවේ නෑ නේ ද?’ තරංගා කීවේ තරවටුවක ස්වරයෙනි.
    එදා සවස ඇදේ ඇලවී සිටි තරංගා වෙත පැමිණි දියණිය විවිධ ප්‍රශ්න අසද්දී ඇය පසෙකට කළ තරංගා මෙසේ කීවාය.
    ‘කරදර කරන්ඩ එපා ළමයො. මගෙ ඔළුව කැක්කුමයි.’
    ‘ඒ අම්මගෙ ඔළුව හිස් හින්දා. ඔළුවේ මොනවා හරි තියෙනවා නං එහෙම වෙන්නෙ නෑ.’ කටකාර දියණිය කීවාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මදැ ඇන්ද කල්

    මදැ ඇන්ද කල්


    ‘ඇයි අනේ ඔයා මෙච්චර කල් සාරි ඇඳ ඇඳ ඉඳලා දැන් එකපාරටම කොටට කොටේ ගවුම් අඳින්න පටන් ගත්තෙ?’ මල්ලිකා තම අවිවාහක මිතුරි නන්දනීගෙන් ඇසුවේ ඇගේ ඇදුම දෙස පුදුමයෙන් බලමිනි.
    ‘මදැ අනේ, මමත් අවුරුදු දහ අටේ ඉඳලා අවුරුදු තිස් හයක් වෙනකම් ම සාරි ඇන්දා.’ නන්දනී කීවේ කුඩා කණ්ණාඩියකින් මුහුණ පිරික්සමිනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පවුල වගේමයි

    පවුල වගේමයි


    කොළඹින් බැහැර ප්‍රදේශයක සේවය කළ දයානන්ද මෙවර තම නිවෙසට පැමිණියේ මාස තුනක ඇවෑමෙනි. තම නිවෙස වෙත දිවෙන මාර්ගය වෙත හැරුණු ඔහුට තමාට තරමක් ඉදිරියෙන් තම බිරිඳ යමුනා යනවා පෙනුණි. මාස තුනකින් නොදුටු බිරිඳට තම ආදරය එක්වරම පළ කරන්නට සිතූ ඔහු වහා දුවගොස් පිටුපසින් ඈ බදා ගත්තේ ය. ඈ තිගැස්සී ආපසු හැරෙද්දී දයානන්දට තරු පෙනුණි. ඈ තම බිරිඳ යමුනා නොවේ. ඒ හා සමාන වෙනත් කාන්තාවකි.
    ‘අනේ නෝනා, මට සමා වෙන්ඩ. මට හිතුනේ නෝනා මගෙ පවුල කියල. පිටිපස්සට හැරිලා ඉන්න කොට නෝනා අපේ පවුල වගේමයි.’ දයානන්ද කිවේ තතනමිනි.
    ‘කිසිම වග විභාගයක් නැතුව මහ පාරක ඔහොම හැසිරෙනවද මිනිහො? තමුසෙට ඔළුවක් කියල දෙයක් නැද්ද, මී හරකා.’ ඈ කෝපයෙන් පුපුරමින් බැණ වැදුණාය.
    ‘අනේ ඇත්තමයි නෝනා, නෝනා කතා කරන්නෙත් අපේ පවුල වගේමයි’ දයානන්ද කීවේ විස්මයෙනි.





    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්

     
    • Like
    Reactions: twisted

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.