ගැහැනුන්ට තහනම්
මධ්‍යම රාත්‍රියත් පහුවෙලා තිබුණෙ. මම හිටියේ උතුරු ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර ගම්මානයක පැවැත්වුණු මංගල සාදයක. මනමාලියවත් මනමාලයාවත් වෙනයම් ගැහැනු කෙනෙක්වත් පේන්න හිටියේ නෑ. පිරිමි විතරයි හිටියේ. සමහරෙක් ආයුධ සන්නද්ධව හිටියා. තවත් අය මත්ද්‍රව්‍ය ගනිමින් හිටියේ.
හැම කෙනෙකුගේ ම අවධානය යොමුවෙලා තිබුණේ අවුරුදු 15ක විතර කොල්ලෙක් දිහාවට. ඔහු නටමින් හිටියා. දිලිසෙන, දිග ගැහැනු ඇඳුමක් ඇඳගෙන හිටියේ. රතු පාට ස්කාෆ් එකකින් මුහුණ වහලා තිබුණා. බොරු පියයුරු යුවළක් පැළදගෙන හිටියා. වළලුකරවල ගිගිරි බැඳගෙන හිටියා. සමහරු ඔහුට ඩොලර් දුන්නා. ඔහු ඒවා ඩැහැ ගත්තේ ඔහුගේ දත්වලින්”
ඒ.බී.බී.සියේ රස්ටම් කෝබිල්ගේ අත්දැකීමකි. එය ඇෆ්ගනිස්ථානයේ පුරාණ කාලයේ පටන් පැවතගෙන එන සම්ප්‍රදායකි. බචා බාස් යනුවෙන් හැඳින්වෙන මෙහි අර්ථය “කොල්ලන් සමඟ සෙල්ම් කිරීම” යන්නයි’ ඇෆ්ගනිස්ථානයේ ගැහැනුන්ට ප්‍රසිද්ධියේ නටන්න අවසර නැති වුවත් ගැහැනු ඇඳුම් ඇඳගෙන කොල්ලන්ට මේ ආකාරයට නටන්න පුළුවන. එහෙත් මේ සාදයෙන් පසුව සිදුවන දේ අතිශයින් ශෝචනීයයි.
බොහෝවිට මේ පිරිමි ළමයින් හෝටල්වලට රැගෙන යන අතර ලිංගික අපයෝජනයට ලක් කෙරේ.
මේ ක්‍රියාවලිය පිටුපස සිටින්නේ ධනවත් හා බලවත් මිනිසුන්ය. සමහරෙක් බචාලා (කොල්ලන්) කිහිපදෙනෙක් තබාගෙන සිටිති. ඔවුහු මේ කොල්ලන් භාවිත කරන්නේ තමන්ගේ තත්ත්වයේ සංකේත ලෙසයි. එසේ ම එමඟින් ඔවුන්ගේ වත් පොහොසත්කම විදහා දක්වයි. අවුරුදු 12 තරම් බාල වයස්කාරයන් වන මේ දරුවන්, අනාථ දරුවන් හෝ අන්ත දිළිඳු පවුල්වල දරුවන්ය.
ඔමිඩ් (සත්‍ය නම නොවේ) වයස අවුරුදු 15ක පිරිමි ළමයෙකි. බිම් බෝම්බයකට හසුවීමෙන් ඔහුගේ පියා මිය ගොස්ය. ඒ නිසා මහ මඟ සිඟමන් යදින තම මවත් බාල සහෝදරයන් දෙදෙනාත් රැකබලා ගැනීම පවුලේ වැඩිමහල් දරුවා වූ ඔමිඩ්ගේ රාජකාරිය විය.
“තාත්තා නැති වෙන කොට මට වයස අවුරුදු 10 යි. ඉතින් මම මංගල උත්සවවල නටන්න පටන්ගත්තා.” ඔමිඩ් පවසන්නේය.
අපි බඩගින්නේ හිටියා. කරන්න දෙයක් තිබුණේ නෑ. සමහරවිට අපි නින්දට ගියේ හිස් කුසින්. උත්සවවල නටන්න පටන් ගත්තාම ඩොලර් 2 ක් හෝ බත් ටිකක් හොයා ගන්න මට පුළුවන් වුණා.” ඔමිඩ් ඔහුගේ කතාව දිගින් දිගටම පවසයි.
එහෙත් මිනිසුන් ඔහුව හෝටල්වලට රැගෙන ගොස් කුමක් කරන්නේ දැයි විමසූ කළ ඔහුගේ හිස පහතට නැඹුරුවෙයි. නැවත පිළිතුරු දෙන්නේ දිගු විරාමයකින් පසුවයි. රාත්‍රියක් සඳහා ඔහුට ඩොලර් දෙකක මුදලක් ලැබෙන බවත් සමහරවිට කණ්ඩායමක් විසින් ඔහුව දූෂණයට ලක් කරන බවත් ඔමිඩ් පවසන්නේය. උදවු ඉල්ලා පොලිසි නොයන්නේ ඇයි දැයි විමසූ කළ ඔහුගේ පිළිතුර මෙවැන්නකි.
“ඔවුන් බලවත් හා පෝසත් මිනිස්සු. ඔවුන්ට එරෙහිව කිසිම දෙයක් කරන්න පොලිසියට හැකියාවක් නෑ.”
ඔමිඩ්ගේ මව වයස අවුරුදු 30 ක තැනැත්තියකි. එහෙත් ඇගේ හිස කෙස් සුදු වී ඇත. මුහුණ රැළි වැටී ඇත. ඇගේ පෙනුම වයස අවුරුදු පනහක් තරම්ය. රාත්‍රී කෑමට තිබෙන්නේ හාල් කිලෝ භාගයක් හා ලූනුු ගෙඩි කීපයක් පමණක් බව ඈ පවසන්නීය. තම පුතා උත්සවවල නටන බව ඈ දනියි. එහෙත් ඇගේ වැඩි අවධානයක් යොමුවන්නේ හෙට ඔවුන් ආහාරයට ගන්නේ මොනවාද යන්න පිළිබඳවයි. තම දරුවා පීඩාකාරී ලෙස අපයෝජනයට ලක්වන බව ඇගේ මනසින් බොහෝ දුරක තිබෙන්නකි.
බචා බාස් සම්ප්‍රදාය නතර කිරීම සඳහා බලධාරීන් ගෙන තිබෙන්නේ උත්සාහයන් කීපයක් පමණි. ජොව්ස්ජාන් පළාතේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානි මුහම්මද් ඉබ්‍රහිම් බචා බාස් පැවැත්වනවාය යන්න ප්‍රතික්ෂේප කරයි