මැවුම්කාර දෙවියකු නොමැත
විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් මුළුමනින් බැහැර කරමින් ඔහු මේ මතය ඉදිරිපත් කොට ඇත්තේ මේ මාසයේ දී එළි දැක්වෙන ඔහුගේ නවතම කෘතිය වන "The Grand Design:" මඟිනි.
මෙහිදී ඉතාමත් පැහැදිලිව ඔහු ගොඩ නඟන තර්කය විශ්වයේ සම්භවය සඳහා දෙවියන් වහන්සේගේ බලපෑමක් අවශ්‍ය නොවූ බවයි. “මක්නිසාද යත්, ගුරුත්වාකර්ෂණය නමින් නියමයක් පැවැතුණා. විශ්වය නිර්මාණය වීමට එය ප්‍රමාණවත්, වෙනත් යමක් අවශ්‍ය නෑ” යනුවෙන් ඔහු ලියා තිබේ.
The Grand Design කෘතියේ ප්‍රකාශකයන් පවසන පරිදි මෙය හෝකින්ග් වසර 10 කට පසු සිදුකරන ප්‍රධානම බුද්ධිමය මැදිහත්වීමයි. තම කෘතිය මගින් ඔහු විශ්වයේ උපත පිළිබඳ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් තුළ වූ විශ්වාසයන්ට ද අභියෝග කර තිබේ. ගුරුත්වාකර්ෂණය ලෝකය හමුවේ තැබීම පිළිබඳ ගෞරවය නිව්ටන්ට හිමිවූවද ඔහු පවා මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස මෙපරිදි ප්‍රශ්න නොකළේය.
හෝකින්ග් පවසන අන්දමට විශ්වයේ උපත ගැන පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත්, පිළිතුරු සොයා ගැනීම අසීරු ප්‍රශ්න ගණනාවකටම තම කෘතිය මගින් පිළිතුරු දී ඇති බව ඔහු කියයි. එහිදී තමන්ට උපකාරි වූයේ භෞතික විද්‍යාව බව හෝකින්ග් පැහැදිලි කර ඇත. මෙවැනි අසීරු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීමට භෞතික විද්‍යාව සමත්ය
අමෙරිකානු භෞතික විද්‍යාඥයකු වන ලියොනාඩ් ම්ලොඩිනොව් The Grand Design කෘතියේ සම සංස්කාරවරයකු ලෙස හෝකින්ග් ට සහය වී ඇත. ඔහු ද තම පර්යේෂණ ඔස්සේ මේ මතයට එකඟ වෙයි. කලු කුහර (black hole) පිළිබඳ හෝකින්ග් කළ පර්යේෂණ නිසා ද ඔහු විශාල ලෙස අවධානයට ලක්විය. 1988 දී ඔහු ලියා පළ කළ ඒ A Brief History of Time කෘතිය ආදායම් වාර්තා තබමින් අලෙවි විණි. ඒ කෘතියේදී ඔහු මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස බැහැර කොට තිබුණේ නැත.
ඉකුත් ජූනි මස ABC නාලිකාවේ ඩියෑන් සෝයර් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී “ඔබ විසැඳීමට කැමැති වන විශාලම අභිරහස කුමක්ද?” යනුවෙන් ඔහු වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් විය. හෝකින්ග් ගේ පිළිතුර වූයේ, “විශ්වය ගැන එය ඇතිවීම ගැන... මොකවත්ම නැතිව තියෙනවාට වඩා තියෙන දේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලා මට දැනගන්න ඕන” යන්නයි.
ස්වභාවිකත්වයේ නියමයන් පිළිබඳ, දෙවියන් වහන්සේ විශ්වය මවන ලදැයි යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින විශ්වාසයන් පිළිබඳ එහිදී ඔහු තම අදහස් යම්දුරකට ඉදිරිපත් කළේය. මහා විශ්වයේ මනුෂ්‍ය ජීවයක් ඇතිවීම ගැන ඔහු විවිධ මත ඇසුරින් පැහැදිලි කළේය.
මේ සාකච්ඡාවේදී සෝයර්, ආගම සහ විද්‍යාව සැසඳීම සඳහා මාර්ගයක් තිබේද? යනුවෙන්ද ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.
“මේ දෙක අතර මූලික වෙනසක් තිබෙනවා. ආගම පදනම් වී ඇත්තේ යම් අධිකාරීමය බලයක් මත නමුත් විද්‍යාව පදනම්ව ඇත්තේ හේතුන් සහ නිරීක්ෂණ මත. මෙතැනදී විද්‍යාව දිනයි, මොකද එය සක්‍රීයයි” යන්න ඔහුගේ පිළිතුර විය.
ඉකුත් වසරේදී, හෝකින්ග් තමන් වසර 30 ක් තිස්සේ දැරූ කේම්බ්‍රිජ් සරසවියේ ගණිත අංශයේ ප්‍රධාන මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ලැබුවේය. මෙම තනතුර කළින් ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ද දරා ඇත.
රෝගී තත්ත්වය නිසා රෝද පුටුවක් මතට වීමට හෝකින්ග් ට සිදුවූවද ඔහුගේ බුද්ධිමය නිම්වළලු භෞතික විද්‍යා ක්ෂේත්රයේ විසිරී පැතිරී යාමට එය බාධාවක් වී නැත. ඔහු විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද අනාවරණයන්ටත් වඩා විශ්වයේ සම්භවය පිළිබඳ මේ අදහස ආන්දෝලනයට තුඩු දෙනු ඇති බව සිතිය හැකිය