යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එය
යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම්
එය සමස්ත හමුදාවටම අගෞරවයක්
නිලධාරීන් 156කට , සෙසු නිල 5088කට ෆොන්සේකා දඬුවම් කළා
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටි කාලසීමාවේ දී නිලධාරීන් 156 කට හා සෙසු නිලයන් 5088 දෙනෙකු හට විවිධ චෝදනා එල්ල කර යුද අධිකරණය මගින් දඬුවම් ලබා දී තිබෙන බව තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඔවුන්ට ලබා දුන් තීන්දුවලට ද ජනාධිපතිවරයා ලෙස නොව සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අස්සන් තබා අනුමැතිය ලබා දී තිබෙන බව ද හෙතෙම කීවේය.
ඒ අයුරින්ම යුද අධිකරණයෙන් ෆොන්සේකා මහතා වරදකරු කර දඬුවම් නියම කළ පසු ද සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
සේනාධිනායකයා එසේ නොකළේ නම් සමස්ත හමුදාවටත්, යුද අධිකරණයටත් සිදුකරන අගෞරවයක් බව ද අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (5) පැවැති
මාධ්‍ය සාකච්ඡාවේදී යෞවන කටයුතු ඇමැතිවරයා එසේ පැවසීය. කිසිදු දේශපාලන පළිගැනීමේ චේතනාවක් මේ තීරණයේ නොමැති බවත්, හුදෙක් ඔහු හමුදාපතිවරයාව සිටියදී සිදුකළ අයථා ගනුදෙනුවලට වරදකරු වූ නිසා දඬුවම් ලබා දුන් බව ද ඒ මහතා කීවේය.
හමුදා සෙබළාටත්, යුද හමුදාපතිවරයාටත් හමුදා නීතිය එකක් මිස දෙකක් නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය මහතාට දඬුවම් ලබාදීමේ දී ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් එම යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස යෙදවීමට ෆොන්සේකා මහතා කටයුතු කළද, එතුමාට එරෙහිව තිබූ චෝදනා විභාග කිරීමට පත්කළ යුද අධිකරණය වත්මන් යුද හමුදාපතිවරයා නොව සේනාධිනායකයා පත්කිරීමට කටයුතු කළ බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
යුද අධිකරණය මගින් ලබා දුන් තීරණයක් කවුරුන් හෝ හෑල්ලු කරන්නේ නම්, ඒ සමස්ත හමුදාවම හෑල්ලු කිරීමක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.යුද අධිකරණයේ සිටි නිලධාරීන් හමුදා ඇඳුම් ඇඳගත් රූකඩයන් බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කර ඇති බව පවසන ඇමැතිවරයා, එදා මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය, නිමල් විජේසූරිය, මේජර් පලිහපාන මහත්වරුන්ට දඬුවම් ලබා දුන් පසුත් ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ද එසේ සිතන්නට ඇති බවත් ප්‍රකාශ කළේය.
එදා ෆොන්සේකා නිලධාරීන්, සෙසු නිලයන් සේවයෙන් පහකරද්දී දඬුවම් ලබා දෙද්දී විපක්ෂය මේ ගැන කතා නොකළේ ඇයිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කර සිටියේය. මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය මහතාට ෆොන්සේකා මහතාගේ යුද අධිකරණය මගින් දඬුවම් ලබා නොදුන්නේ නම් ජගත් ජයසූරිය මහතා නොව පරාක්‍රම පන්නිපිටිය මහතාට යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබුණ බව ද හෙතෙම කීවේය.
විපක්ෂය මේ තීන්දුව ඉත්තා කරගෙන සිය පක්ෂවල කඩාවැටීම වසාගැනීමට උත්සාහ කරයි. එහෙත් අපි ඔවුන්ට කියනවා උද්ඝෝෂණ, බෝධි පූජා නොකර නිදහස් කර ගැනීමට තිබෙන ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නැයි ද හෙතෙම කීවේය. මෙහිදී මැති ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා මහත්වරුන් අදහස් දැක්වූහ.

. 