රාවණා ඇල්ල
රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් උසයි. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය අසලම තමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා දුර හරියටම කිලෝ මීටර 5යි. ආසන්නතම දුම්රිය ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයයි.
රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා.
ඇල්ල අසලම පාලමක් පිහිටලා තියෙනවා. පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් වගේම කෑම බීමත් මේ ස්ථානයේ තියෙනවා.
සමහර සංචාරකයන් ඇල්ල තරණය කරන්නත් උත්සහ කරනවා. එසේ කිරීමට යාමෙන් අනතුරු කිහිපයක්ම සිද්ධවෙලා තියනවා. ඒ වගේ දේවල් නොකර ඇල්ලේ සුන්දරත්වය නරඹලා එන්න කියලාත් කියන්න කැමතියි.
ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.
වලගම්බා රජතුමා විසින් තමයි මේ ලෙන් විහාර දෙකම කරවලා තියෙන්නේ. රාවණා ඇල්ලට උඩින් කුඩා රාවණා ඇල්ල කියලා තවත් දිය ඇල්ලක් තියෙනවා.
ඒ වගේම රාවණා ඇල්ල බඹරගම ඇල්ල කියලාත් හඳුන්වනවා.