බලන්ගොඩ ඉදන් බොගවන්තලාව හරහා Gartmore වලට යමු 😍

Danuva

Active member
  • Jan 27, 2018
    63
    134
    33
    අපි කලින් ගමනේදී ගියේ බලන්ගොඩ ඉදන් කල්තොටට පැත්තට ඒ කියන්නේ පහලට, මේ ගමනේදී යන්නේ බලන්ගොඩ ඉදන් උඩ පැත්තට බොගවන්තලාව. මේ ගමන පටන් ගන්නේ තයිපොංගල් දවසේ හොදටම වැස්සේ, කොලබින් පාන්දර 4ට වගේ පිටත් උනේ කෙලින්ම ගියේ අපි බලංගොඩටට එතැනින් කළා පිටත් උනේ බොගවන්තලාව කියන පුංචි ගමට.

    බොගවන්තලාව යද්දී ලස්සනම ලස්සන පාරක් තියෙන්නේ ෆයිනස් ගස් වලින්, වට උන, ඉස්සර සූරිය කන්දේ වංගු 10 වගේ පාරක් තමයි මේකත්, කැලැවෙන් වට වෙලා, මේ පාරේ යද්දී ලස්සන තේ වතු, එහමත් ගොඩක් හම්බෙනවා, බොගවන්තලාව කිව්වම ඉතින් මතක් වෙන්නේ හැමෝටම තේ නේ, බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 20ක් වගේ තමයි පලවෙනි දිය ඇල්ල හම්බෙන්නේ බොල්තුඹේ ඇල්ල (Bolthumbe Waterfall) පොඩි දිය ඇල්ලක් හැබැයි ගොඩක් ලස්සන නාන්න එහම පුළුවන් තැනක්.

    බොල්තුඹේ ඇල්ල බලන්න තැන් කියපයක්ම තියෙනවා, ටිකක් උඩට පයින් යන්න වෙනවා අල්ලේ ලස්සනම තැනට, බොල්තුඹේ ඇල්ලත් බලලා අපි කෙලින්ම ගියේ පිදලිගන්නවෙල ඇල්ලට (Pidaligannawela Waterfall) මේකට යද්දී මාරතැන්න කියලා ගම්මානයක් පහු කරගෙන යන්න තියෙන්නේ ඒ හරියෙත් මාරතන්න viewpoint එක කියලා එකකුත් තියෙනවා බලාගෙන යන්න. පිදලිගන්නවෙල ඇල්ල නම් පාර අයිනෙමයි තියෙන්නේ. එකත් හරිම පොඩි ඇල්ලක්.

    පිදලිගන්නවෙල ඇල්ලත් බලලා එතනින් කිලෝමීටරයක් වගේ යද්දී තමයි බලන්ගොඩ viewpoint එක තියෙන්නේ, මේ ටික ඔක්කම පහල ඉදන් බලාගෙන එද්දී තව ගොඩක් දිය ඇලි දුරින් බලාගන්න පුළුවන්, ඒවටත් යන්න පුළුවන් පාරවල් ඇති එත් දවසෙන් මේ ඔක්කමට යන්න වෙලාව මදි, අපි මේ ගමන ගියේ දවසෙන්.

    බලන්ගොඩ viewpoint එක කියන්නේ මාරම ලස්සන තැනක් බලන්ගොඩ ටවුන් එක දුරින් පේනවා, වෙනම වයිබ් එකක් එතන තියෙන්නේ, වැස්සයි මිදුමයි සීතලයි ඒ තැනයි අපි ගිය වෙලාවේ නම් කියන්න වචන නැ.

    බලන්ගොඩ viewpoint එකේ ඉදන් අපි ඊට පස්සේ ගියේ බොගවන්තලාව හරහා norwood කියන ගමට, ඒ පාරත් තේ වතු වලින් වට වෙලා තියෙන ලස්සන පාරක්,

    norwood කියන ගමේ ඉදන් අපි upcot කියන ගමේ තියෙන Fairlawn Fall දිය අල්ලා බලන්න ගියේ, මේ දිය අල්ලට බොගවන්තලාව ඉදන් කිලෝමීටර් 27ක් තියෙනවා, එත් බයික් එකක යනවා ලේසි පාරක් තියෙනවා බොගවන්තලාව ටවුන් එකේ ඉදන්, ඒ පාරේ කිලෝමීටර් 17ක් වගේ පෙන්වන්නේ එත්, මම ගූගල් මැප් එකේ බයික් එක නෙවෙයි select කරලා තිබ්බේ ඒ නිසා මම ගියේ දුර පාරෙන් නැත්තම්, කිලෝමීටර් 17 තියෙන පාරෙන් ගියා නම් norwood කියන ගමට යන්නේ නැතුව මේ ඇල්ලට යන්න පුළුවන්.

    norwood town ඉදන් upcot වලට කිලෝමීටර් 10ක් වගේ තියෙනවා, upcot town එකේ ඉදන් Fairlawn Fall ඇල්ලට 3KM වගේ, Fairlawn Fall දිය ඇල්ල කියන්නේ මම දැකපු ලස්සනම දීය ඇල්ලක්, Fairlawn Fall ඇල්ල වැටෙන තැන ඉදන් තව ටිකක් උඩට ගියාම Fairlawn ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන් ගල් තලාවක් තියෙන්නේ වෙනස්ම ලස්සනක් එතැන තියෙන්නේ, හොදටම වැස්ස නිසා මට ඇල්ල ලගට යන්න බැරි උනා ගල් හොදටම ලිස්සනවා.

    Fairlawn ඇල්ලත් බලලා අපි පිටත් උනේ Gartmore ඇල්ල බලන්න, upcot වල ඉදන් Gartmore වලට 10KM වගේ තියෙනවා, මේ පාර නම් ඔයාල ගොඩක් දෙනෙක් ගිහින් ඇති මම ලස්සන තේ වතු වලින් වට උන වෙනස්ම ලස්සනක් තියෙන පාරක්. හවස 2.30 වගේ වෙද්දී Gartmore ඇල්ලේ උඩ කොටසත් බලලා අපි පිටත් උනේ Gartmore අල්ලේ පහලට යන්න ඒ ලගින්ම තමයි යන්නේ තියෙන්නේ හැබැයි ඒ පාර නම් ගොඩක් අවුල්. කොහම හරි අල්ලේ පහළටත් ගියා, මේ හරියේ තමයි ගවරවිල ඇල්ලත් තියෙන්නේ, එත් එකට යන්න වෙලාව අපිට හොදටම මදි නිසා අපි හවසට 4ට විතර කොලබට එන්න පිටත් උනා.

    474875133_943797721277349_8417047080512777187_n.jpg

    බලන්ගොඩ view point එකේ ඉදන් බෝගවන්තලාවට යද්දී කැලාවෙන් වට උන ලස්සන පාර

    480774912_943801011277020_5404154973837873857_n.jpg

    Fairlawn Fall ඇල්ල, වෙනම ලස්සනක් තියෙන අල්ලක්, අනිවාර්යෙන්ම garmore යනවා නම් මෙතැනට ගිහින් යන්න

    481255457_943801007943687_5474596388390000142_n.jpg

    upcot town එක පුංචි town එකක් එත් අවශ්‍ය කරන හැමදෙයක්ම town එකේ තියෙනවා,

    476647371_943801027943685_8322636959518248152_n.jpg

    Gartmore ඇල්ලේ පහල කොටස, මෙතනට යද්දී නම් ටිකක් අමාරු පාරක් තියෙන්නේ වැස්ස දවසට නම් බයික් වල යන්න ගොඩක් අමාරුයි, butter උඩ වාහනේ පදිනවා වගේ

    480965099_943801121277009_8517897659170831334_n.jpg

    බලන්ගොඩ view point එක, පැය ගානක් උනත් ඉන්න හිතෙන තැනක්

    480074271_943801251276996_4890907477787798730_n.jpg

    Fairlawn Fall ඇල්ලේ උඩ කොටස, ගල් තලාව, මෙතන නම් වෙනස්ම ලස්සනක් තියෙන්නේ, අනිව්‍යෙන්ම උඩට ගිහින් බලන්න.

    480209904_943801254610329_4544263221675695834_n.jpg

    Gartmore view point එකේ සමපුර්ණ විව් එක

    480006203_943801347943653_3273589805325491405_n.jpg

    මස්කෙළිය ජලාශය, Gartmore ඇල්ලට යන ගමන්

    480060843_943801447943643_844967821751372445_n.jpg

    Gartmore ඇල්ලේ උඩ කොටස, infinity pool එක

    480709319_943801567943631_1133448223574158795_n.jpg

    බොල්තුඹේ ඇල්ල ලස්සනම තැන මෙතැන යන්න පුළුවන්, පලවෙනියනට හම්බෙන තැන ඉදන් උඩට ඇල්ල දිගේ නැගගෙන යන්න

    480964775_943801664610288_5399569717495758176_n.jpg

    පිදලිගන්නවෙල ඇල්ල

    480185157_943801697943618_5992756642990312348_n.jpg

    Norwood town එක

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන් නියමයි.. චැනල් එක උඹේද? එකත් සබ්ස්ක්‍රයිබ් කරා. විස්ටර ලියල මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම නිසාම..
     
    • Love
    Reactions: Danuva

    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33
    ubala ochchara gartmore gihin , eha paththe thiyena Moray Falls balanna giye nadda, ado upper gartmore road eken moray estate eka haraha moray yanna thibba, ethanath patta. gartmore idan 500m wath na
    nane, wessath ekka tikak amaru unaa eha paththata yanna, time eka madi una godakma

    පට්ට මචන් නියමයි.. චැනල් එක උඹේද? එකත් සබ්ස්ක්‍රයිබ් කරා. විස්ටර ලියල මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම නිසාම..
    thank you so much <3
    ------ Post added on Mar 11, 2025 at 8:49 PM

    lassanai kella :love:
    <3 thank you so much
    ------ Post added on Mar 11, 2025 at 8:49 PM

    එළකිරි 👍
    :love:
    ------ Post added on Mar 11, 2025 at 8:50 PM

    පට්ට 👍👍👍👍👍
    :love:
    ------ Post added on Mar 11, 2025 at 8:50 PM
     
    • Like
    Reactions: B.Chat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,627
    113
    nane, wessath ekka tikak amaru unaa eha paththata yanna, time eka madi una godakma


    thank you so much <3
    ------ Post added on Mar 11, 2025 at 8:49 PM


    <3 thank you so much
    ------ Post added on Mar 11, 2025 at 8:49 PM


    :love:
    ------ Post added on Mar 11, 2025 at 8:50 PM


    :love:
    ------ Post added on Mar 11, 2025 at 8:50 PM
    ඔය තැන් ටිකට කාර් එකක යන්න බැරිද බන් ? චැනල් එක උඹේද? එකත් සබ්ස්ක්‍රයිබ් කරා.
     
    • Love
    Reactions: Danuva

    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33
    ඔය තැන් ටිකට කාර් එකක යන්න බැරිද බන් ? චැනල් එක උඹේද? එකත් සබ්ස්ක්‍රයිබ් කරා.
    car eheka yanna tikak amarui paara hena awul bn :( suv ekak wage nam shape, channel eka mage machan

    නයිස්! 💛
    <3
    ------ Post added on Mar 11, 2025 at 9:44 PM