Historic Aluwihare Temple - Mathale

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාවට කියනවා කේතලෙන් මල්ලක් ගන්නවා කියලා. එහෙම කියන්නේ මාතලෙන් කෙල්ලෙක් ගන්නකොට. මාතලේ කෙල්ලො ලස්සනද?
    :P:P:P

    මාතලේ පැත්තේ ඉන්න අපේ සාමාජිකයෙක් උත්තර දෙමුකෝ බලන්න.

    අද කියන්න යන්නේ මාතලේ ගෑණු ළමයි ගැන නම් නෙමෙයි. අද කියන්න යන්නේ මාතලේ තියන අතිශයින්ම වැදගත් ස්ථානයක් ගැන. බෞද්ධයෝ හැටියට ගොඩක් වැදගත් ස්ථානයක්.

    මාතලේ අළු විහාරය

    74550_114923461903095_100001563261148_126197_4267_n.jpg



    මාතලේ ඉඳලා දඹුල්ල පාරේ කිලෝමීටර තුනක් උතුරට ගියාම තමයි ඓතිහාසික පන්සල අපිට හම්බ වෙන්නේ.

    අලුවිහාරය කියන්නේ ගල් ගුහා වලින් සෑදිච්ච ලෙන් විහාරයක්. මේ ලෙන් විහාර ගැන ගොඩාක් කතා ජනවහරේ තියනවා.

    මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය වෙනකන් දිවෙනවා. සමහරු විශ්වාස කරනවා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කරවපු කුඩා විහාරයක් මෙහි පැවතුනා කියලා. ඒ විහාරයේ හිමිනමක් වාසය කළ බවත් ඒ හිමිනමට වාසයට සුදුසු ආකාරයට සක්‍ර දේවේන්ද්‍රයා විසින් ලෙන් විහාරය ආලෝක කළ බවත්. එහෙම කියන්නේ සාධක ඇතුවයි. මේ ලෙන් විහාරයේ ප්‍රධාන ලෙන විශාල පර්වතයකින් ආවරනය වෙලා තිබුනත් ලෙන තුල කිසිම කලුවරක් නෑ. ගොඩක් ආලෝකමත්. මේ නිසා මේ ගුහාව ආලෝක ලෙන කියලා හදූන්වලා තියෙනවා. අලෝක ලෙන, අලු ලෙන බවටත්. පසුව සඟ ආරාමය ඉදි වූ පසු අලු විහාරය වූ බවටත් තමයි කියවෙන්නේ.

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම

    ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. මේ උතුම් අවස්ථාවට මූලික උනේ මාතලේ අළුවිහාරයයි. මේ සිද්ධියට සෙවනක් උනේ අළු ලෙනයි. සංඟයා වහන්සේලා 500 නමක් මූලික වෙලා කරපු මේ පුන්‍යකර්මයට වසර 03යි මාස 03යි සති තුනක කාලයක් ගත වෙලා. හරියටම වෙසක් පින් පෝය දවසක තමයි නිම වෙලා තියෙන්නේ.

    ඒ වෙනකොට රට පාලනය කරපු වලගම්බා රජතුමා විශාල උත්සවයක් සංවිධානය කරලා තියෙනවා මේ ප්‍රීතිය නිමිති කරගෙන.

    71646_114923568569751_100001563261148_126202_4248496_n.jpg


    වලගම්බා රජතුමා විසින් අති විශාල පහන් පූජාවක් සිදුකළ බවට තමයි ඉතිහාසයේ කියවෙන්නේ. මුලු මාතලේ ප්‍රදේශයම පහන් ආලෝකයෙන් එලිය වැටී තිබුනාලු. ඒ පූජාව ලංකාවේ සෑම විහාරයකල සිදු කරලා තියෙනවා.

    67280_114923491903092_100001563261148_126198_3124990_n.jpg


    අධිරාජ්‍යවාදී සමයේ මේ විහාරයට එල්ල වෙච්ච අතුරු ආන්තරා බොහොමයි.
    ඒ උනත් කොහොම හරි ඒ සියල්ලකගෙන්ම ආරක්ශාවෙලා ගොඩාක් අයගේ උදව් ඇතිව විහාරය අද වෙනකොට මේ තත්වයෙන් තියෙනවා.

    66685_114923538569754_100001563261148_126201_5483964_n.jpg


    67576_114923511903090_100001563261148_126199_5046646_n.jpg


    39550_114923378569770_100001563261148_126194_4762523_n.jpg


    74075_114923428569765_100001563261148_126196_4866576_n.jpg



    අපේ ඉදිරි පරපුර වෙනුවෙනුත් අපි මාතලේ අළු විහාරය ආරක්ශාකරගමු.
    එලකිරි සංචාරකයා තුලින් ගෙනෙන පණිවිඩය එයයි.

    picture.php





     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    කොයි කෙල්ලත් එකයි.... පට්ට මචන් වැදගත් Thread එකක්.. එල
    :D:D:D:D
    රෙප් නම් බැහැල්ලු.. :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෞද්ධයන්ට ඉතා වැදගත් වෙන ස්ථානයක් වගේ ම ඉතිහාසය පිළිබඳ හැඟීමක් ඇතිකරගන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේ ම බලන්න දේවලුත් තියනව. බොහොමත් ම ස්තූතියි මේ පිළිබඳව කට්ටියව දැනුවත් කළාට.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මාතලේ කෙල්ලොන්ට වඩා මහනුවර කෙල්ලෝ තමා ලස්සන(උඩරට මැණිකෙලා) :P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් පෙරේරා බැරිද රට පුරා කරක්ගහන වෙලාවක මාවත් එක්කගෙන යන්න? :rolleyes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :lol::lol:
    ඕකට ලයිසන් නෑ, උඹත් එක්ක ගියොත් තැන් දෙකක නයිට් ගහන්න එන්න අමාරුනේ:lol:

    පව් බන් මඩ ගහන්න එපා. මොනවා උනත් හිත හොද එකා :lol::P:oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    wooooowwww...pattai bro...
    rep dunna...

    ඔය කියන තරම් මාතලේ කෙල්ලෝ ලස්සන නෑ බන්,
    ත්‍රෙඩ් එක නම් එලතමයි....

    කොයි කෙල්ලත් එකයි.... පට්ට මචන් වැදගත් Thread එකක්.. එල
    :D:D:D:D
    රෙප් නම් බැහැල්ලු.. :(:(

    nice one machan..mamath jaffna yaddi gattu 4tos dala tread ekk hadanna one :yes: keep up ur good works machan :yes:

    බෞද්ධයන්ට ඉතා වැදගත් වෙන ස්ථානයක් වගේ ම ඉතිහාසය පිළිබඳ හැඟීමක් ඇතිකරගන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේ ම බලන්න දේවලුත් තියනව. බොහොමත් ම ස්තූතියි මේ පිළිබඳව කට්ටියව දැනුවත් කළාට.

    මාතලේ කෙල්ලොන්ට වඩා මහනුවර කෙල්ලෝ තමා ලස්සන(උඩරට මැණිකෙලා) :P

    ela westhara tika machan :D

    greatest pic's

    Good Post mcn! :) :)
    Thankz for Sharing With Us ;)

    elamakiri perera ayyandi :D

    ත්‍රෙඩ් එක නම් මැක්සා...:);)
    Rep++

    ඔය කොයි කෙල්ල ගැනත් කියන්න තියෙන්නේ මෙච්චරයි ----> Click Here

    Nice Thread bro
    REP+5!

    Thanks Guys
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් පෙරේරා බැරිද රට පුරා කරක්ගහන වෙලාවක මාවත් එක්කගෙන යන්න? :rolleyes:

    හිටහන්කො පොඩි සිද්ධියක් තියනවා. PM එකක් දාන්නම්.