කතාවට කියනවා කේතලෙන් මල්ලක් ගන්නවා කියලා. එහෙම කියන්නේ මාතලෙන් කෙල්ලෙක් ගන්නකොට. මාතලේ කෙල්ලො ලස්සනද?

මාතලේ පැත්තේ ඉන්න අපේ සාමාජිකයෙක් උත්තර දෙමුකෝ බලන්න.
අද කියන්න යන්නේ මාතලේ ගෑණු ළමයි ගැන නම් නෙමෙයි. අද කියන්න යන්නේ මාතලේ තියන අතිශයින්ම වැදගත් ස්ථානයක් ගැන. බෞද්ධයෝ හැටියට ගොඩක් වැදගත් ස්ථානයක්.
මාතලේ අළු විහාරය
මාතලේ ඉඳලා දඹුල්ල පාරේ කිලෝමීටර තුනක් උතුරට ගියාම තමයි ඓතිහාසික පන්සල අපිට හම්බ වෙන්නේ.
අලුවිහාරය කියන්නේ ගල් ගුහා වලින් සෑදිච්ච ලෙන් විහාරයක්. මේ ලෙන් විහාර ගැන ගොඩාක් කතා ජනවහරේ තියනවා.
මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය වෙනකන් දිවෙනවා. සමහරු විශ්වාස කරනවා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කරවපු කුඩා විහාරයක් මෙහි පැවතුනා කියලා. ඒ විහාරයේ හිමිනමක් වාසය කළ බවත් ඒ හිමිනමට වාසයට සුදුසු ආකාරයට සක්‍ර දේවේන්ද්‍රයා විසින් ලෙන් විහාරය ආලෝක කළ බවත්. එහෙම කියන්නේ සාධක ඇතුවයි. මේ ලෙන් විහාරයේ ප්‍රධාන ලෙන විශාල පර්වතයකින් ආවරනය වෙලා තිබුනත් ලෙන තුල කිසිම කලුවරක් නෑ. ගොඩක් ආලෝකමත්. මේ නිසා මේ ගුහාව ආලෝක ලෙන කියලා හදූන්වලා තියෙනවා. අලෝක ලෙන, අලු ලෙන බවටත්. පසුව සඟ ආරාමය ඉදි වූ පසු අලු විහාරය වූ බවටත් තමයි කියවෙන්නේ.
ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම
ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් තමයි ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම. මේ උතුම් අවස්ථාවට මූලික උනේ මාතලේ අළුවිහාරයයි. මේ සිද්ධියට සෙවනක් උනේ අළු ලෙනයි. සංඟයා වහන්සේලා 500 නමක් මූලික වෙලා කරපු මේ පුන්‍යකර්මයට වසර 03යි මාස 03යි සති තුනක කාලයක් ගත වෙලා. හරියටම වෙසක් පින් පෝය දවසක තමයි නිම වෙලා තියෙන්නේ.
ඒ වෙනකොට රට පාලනය කරපු වලගම්බා රජතුමා විශාල උත්සවයක් සංවිධානය කරලා තියෙනවා මේ ප්‍රීතිය නිමිති කරගෙන.
වලගම්බා රජතුමා විසින් අති විශාල පහන් පූජාවක් සිදුකළ බවට තමයි ඉතිහාසයේ කියවෙන්නේ. මුලු මාතලේ ප්‍රදේශයම පහන් ආලෝකයෙන් එලිය වැටී තිබුනාලු. ඒ පූජාව ලංකාවේ සෑම විහාරයකල සිදු කරලා තියෙනවා.
අධිරාජ්‍යවාදී සමයේ මේ විහාරයට එල්ල වෙච්ච අතුරු ආන්තරා බොහොමයි.
ඒ උනත් කොහොම හරි ඒ සියල්ලකගෙන්ම ආරක්ශාවෙලා ගොඩාක් අයගේ උදව් ඇතිව විහාරය අද වෙනකොට මේ තත්වයෙන් තියෙනවා.
අපේ ඉදිරි පරපුර වෙනුවෙනුත් අපි මාතලේ අළු විහාරය ආරක්ශාකරගමු.
එලකිරි සංචාරකයා තුලින් ගෙනෙන පණිවිඩය එයයි.

keep up ur good works machan