රාවනා_පූරාවෘත්තය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රාවනා_පූරාවෘත්තය

    රාම රාවනා පූරාවෘත්තය ලංකාවේ සිදුවූවක්‌ ද ?

    275px-Ravana.jpg

    රාවනා රජතුමා​
    ශත වර්ෂ විසිපහකටත් වඩා පැරණි ඉතිහාසයක්‌ සංස්‌කෘතියක්‌ ඇති ලොව සිංහලයන්ගේ එකම දේශය වන ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකේය සිංහල ජාතියත් පිළිබඳ වන අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ කතා පුවතත් සමගය.

    එහෙත් විජයාවතරණය පිළිබඳ මහා වංශගත කරුණු අනුව බලන විටදී විජය කුමරු සහ හත්සියයක්‌ පිරිස පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් ජීවත්ව සිටිය බවට පිළිගත හැකි සාධක වේ.

    අප මහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ තෙවරක්‌ම මේ පුණ්‍ය භූමියට වැඩම කිරීම පිළිබඳ පුරාවෘත්තයන් සැලකිල්ලට ගැනීමෙදීත් විජය කුමරුට කපු කටිමින් සිටි කුවේණි හමුවීමේ කතා පුවතින්ද මේ බව තව දුරටත් සහතික වේ.

    විජය කුමරු පැමිණීමට පෙර ලංකාවේ විවිධ ජන කොට්‌ඨාසයන් සිටි බවට තවත් සාධකයක්‌ වන්නේ තපස්‌සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් දෙදෙනා බුදුන්ගේ කේෂ ධාතූන් නිධන්කර ලංකාවේ ඉදිකළ ප්‍රථම චෛත්‍යය පමණක්‌ නොව ලෝකයේම ඉදිකළ ප්‍රථම චෛත්‍යය වන ත්‍රීකුණාමලය තිරියාය ගිරිහඬුසෑය බුදුන් ජීවමානව සිටි සමයේදී ඉදිකිරීමත් එදා ලංකාව පෙරදිග වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස කටයුතු කර තිබීමත් යන කරුණුය.

    එසේ ලංකාවේ සිටි ආදිතම ජන කොට්‌ඨාස යක්‌ෂ හා නාග යන නම් වලින් හැඳින්වූ බව නිගමනය කළ හැකිය. මොවුන් ඉතාමත් තද ගති පැවතුම් වලින් හා සැඩ පරුෂ බවින් යුක්‌ත වූ පිරිසක්‌ මෙන්ම උසස්‌ සංස්‌කෘතියක්‌ හිමිව සිටි පිරිසක්‌ බවද මහාවංශගත කරුණු වලින් අනාවරණය කරගත හැකිය.

    වර්තමාන සමාජයේ ඇතැම් පිරිස්‌ අතර මේ පිළිබඳ පවතින අදහස වන්නේ නාගයන් හා යක්‍ෂයන් ලංකාවේ සිටි බවයි. නමුත් එම ජන කොට්‌ඨාසයන් එම නම් වලින් හඳුන්වන ලද මනුෂ්‍යය ගෝත්‍ර වන අතර, ඔවුන් තුළ පැවැති අශිෂ්ඨ ගති පැවතුම් හා දැඩි රළු ස්‌භාවයන් නිසා එසේ හැඳින්වූවා විය හැකිය.

    මෙම ජන කොට්‌ඨාසයන් තරමක දියුණු වූ සංස්‌කෘතියක්‌ හිමි වූ ගෝත්‍රික කොට්‌ඨාස ලෙස සැලකීමද වරදක්‌ නොවේ. එය එසේ වන්නේ විජය කුමරුන් ලංකාවට පැමිණි දින "සිරිසවත්ථුපුරයෙහි තූර්යය වාදන ගීත ගායනා නර්තන ආදියෙන් සමන්විත උත්සවශ්‍රීයෙන් යුතුව යක්‌ෂයන්ගේ විවාහ මංගල උත්සවයක්‌ සිදු කිරීම පිළිබඳ මහාවංශය සඳහන් කරන නිසාය. සමාජයක්‌ දියුණු වීමේදී දැකිය හැකිවන ගායනය වාදනය නර්තනය ආදී සෞන්දර්ය අගයන සෞන්දර්යාත්මක කාර්යයන් පැවැත්වීම නිසා මෙම වැසියන් එක්‌තරා ආකාරයකට සකස්‌ වූ මිනිස්‌ කොට්‌ඨාසයක්‌ බව පැහැදිලිය.

    වදුරා පරිණාමය වීමෙන් මිනිසා සෑදුණු බව ලොවට ප්‍රකාශ කළ මහා ජීව විද්‍යාඥ චාල්ස්‌ ඩාවින්ඩ්ගේ පරිණාමවාදය අනුවත් ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුකවාදය අනුවත් සමස්‌ත විශ්වයේම තැනුම් ඒකකය වන උප පරමාණු පරමාණු අණු හා සංයෝග යන සංකල්පය අනුව මෙන්ම සෛලය, පටකය, අවයවය, පද්ධතිය හා ජීවියා යන ජීවින්ගේ සම්භවය පිළිබඳව වන විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුවත් කිසිම විටෙකත් පෘථිවිතලය මත යක්‍ෂ මිනිසුන් හෝ නාග මිනිසුන් හෝ සිටි බවට විද්‍යාත්මක සාධකයන් මෙතෙක්‌ හමුවී නොමැත.

    නමුත් වනචාරි දිවිපෙවෙතක්‌ ගතකළ මිනිසා සතුන් මරා අමු මස්‌ අනූභව කළ යුගයක්‌ තිබුණු බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කරුණකි. මේ අනුව ලංකාවේ සිටි ආදිතම ජන කොට්‌ඨාසයද එවැනි දිවි පෙවෙතක්‌ ගත කළ පිsරිසක්‌ විය හැකිය. නමුත් ඔවුන්ට උසස්‌ සංස්‌කෘතියක්‌ හා ඔවුන්ටම ආවේණික වු ජීවන වටාපිටාවක්‌ මෙන්ම ඔවුන්ට සරිලන හිතකර පරිසරයක්‌ද එම ජන කොට්‌ඨාසය විසින්ම නිර්මාණය කර ගෙන තිබිණි. භාණ්‌ඩ හුවමාරුව මගින් ශක්‌තිමත් ආර්ථිකයක්‌ ගොඩනඟාගෙන සිටි එම ගෝත්‍රික ජන කොට්‌ඨාසයන් ස්‌වයංපෝෂිත පිරිසක්‌ බවට පත්ව සිටින්නට ඇත.

    ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ ශ්‍රී ලංකාද්වීපයේ ආදිතම පාලකයන් බවට පත්ව සිටින්නට ඇත්තේ "චුලෝදර - මහෝදර වැනි නා රජුන්ද කුවේණි වැනි යක්‍ෂ ප්‍රධානීහුද, සුමන සමන් වැනි දිව්‍යය රාජයන්ද බවයි.

    watermark

    රාමා

    එහෙත් මානව විද්‍යාඥායන්ගේ නිගමනයන්වලට අනුව ලංකාවේ මනුෂ්‍ය වාසය නව පාෂාණ යුගයේ පටන්ම පැවතින බව පිළිගත හැකිය. මනුෂ්‍ය සමාජයේ නව අරුණෝදය යම්තම් උදාවන කල ආරම්භ වූ නගරවාසය පිළිබඳව වූ සංස්‌කෘතිය හා සභ්‍යත්වය පහළ වූයේ ගංගාතීර හා විල් ඉවුරු මත බව ලාංකේය පුරා විද්‍යාත්මක ගවේෂණ වලදී අණාවරණය වේ. ඒ අනුව මෙරට බිහිවූ මුල්ම හා පැරණිතම නගරය වන්නේ කැලණියයි. දෙවැන්න බිම්තැන්නේ පිහිටි මහියංගණය වන අතර අනෙකුත් පෞරාණික බොහෝ නගරද එසේ බිහි වූ බව ඓතිහාසික තොරතුරු අනුව පැහැදිලිය.

    කුමන ආකාරයේ මිනිස්‌ වර්ගයක්‌ විසින් කවර යුගයකදී කැලණිය කේන්ද්‍රකර ගනිමින් ලංකාවේ මිනිස්‌ වාසය මුලින්ම ආරම්භ කරන ලද්දේද යන්නට නිශ්චිත සටහනක්‌ නොමැත. එහෙත් මානව විද්‍යාඥයන්ගේ පරික්‍ෂණවලින් හෙළිවන කරුණු වලට අනුව ආදිතම යුගයකදී මධ්‍ය ආසියා - යුරෝපා ප්‍රදේශයෙන් ප්‍රථම ආර්යය වර්ගයක මිනිසුන් ඉවත්ව ක්‍රමයෙන් විහිදී ගොස්‌ ලංකාවේද පැතිරි පෙරදිග හා ගිණිකොන දෙසට ගලා යැමෙන් මලය දූපත්වලටත් ඕස්‌ටේ්‍රලියාව හා නවසීලත්තය දක්‌වාත් ගමන් කළ බව සඳහන්ය.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    10.jpg.JPEG

    රාවනා රජතුමාගේ දඩුමොනරය ගොඩ බස්සන ලද ස්ථානය(රාවනා ගුහාව)

    ඔවුන් විසින් ලංකාවේ ජනාවාස ආරම්භ කරන්නට ඇතැයි මතයක්‌ පවතී. තවද ඈත අතීතයේදී ලංකාව දකුණු ඉන්දියාවට භූමියෙන් සම්බන්ධ වී බටහිර දෙසින් අප්‍රිකාව දක්‌වා පළල්ව පිහිටි බවටද ඇතැම් භූගර්භ විද්‍යාඥයෝ මත පල කරති. විටින් විට පොළොව මුහුදු ඛාදනයට ලක්‌වී වර්තමානයේ පවතින තත්ත්වයට ලංකාව කුඩා වී ඇත.

    ඉන්දියාවේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රයක්‌ වන "රාමායනය" නම් මහා කාව්‍යයෙහි සඳහන් වන පරිදි පෞරාණික යුගයේදී ඉන්දියාව, මෙසපොතේමියාව, ලංකාව යන රටවල අසුර, රාක්‌ෂ්‍ය යක්‍ෂ, නාග දස්‍යු යන නම් වලින් හඳුන්වන ලද මිනිස්‌ වර්ග බොහෝ ගණනක්‌ වාසය කළ බව සැලකේ.

    උතුරු ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ස්‌ථානවල පොළොව හාරා කැණීම් කටයුතු සිදුකළ පුරාවිද්‍යාඥයන්ට සොයා ගත හැකි වී ඇත්තේ සින්දු නදී තීරයේ මීට අවුරුදු පන්දහසකට හෝ හයදහසකට පමණ පෙර විශාල ජනගහනයකින් යුත් නගර නිර්මාණය කරගත් බල සම්පන්න මනූෂ්‍යය ජාතියක්‌ වාසය කළ බවයි. මෙම මනුෂ්‍යය ජාතිය තුළ පැවති ඇතැම් සිරිත් විරිත් හා ජීවන ක්‍රමවේදයන් තත්කාලීන මෙසපෝතේමියාවේ කැල්ඩියන් ජාතිකයන්ගේ හා ඊජිප්තුවේ මිෂර ජාතිකයන්ගේ ඇතැම් සිරිත් විරිත් වලට සමාන බව නිගමනය කර තිබේ. සින්දු නදී මිටියාවත හා මෙසපෝතේමියාව යන ප්‍රදේශවල මෙසේ ජීවත් වූයේ "අසුර" යන නාමයෙන් හඳුන්වන ලද මනුෂ්‍යයන් බවටද සැක පලකරයි. තවද මෙසපෝතේමියාවේ පැරණි බැසිලන් නම් අද්භූත නගරය ඉදි කර ගෙන වාසය කළ වන පාල හෙවත් බනිපාල් වැනි රජුන්ගෙන් යුත් අසුර යන නම් වලින් ප්‍රසිද්ධ වූ මනුෂ්‍යයන් සිටි බවද සඳහන් වේ.

    මේ ආකාරයට ආර්යයන් මධ්‍ය යුරෝපා - ආසියාතික රටවලින් ඉවත්ව දකුණු දෙසට ගමන්කර වයඹ දිග සීමාවේ කඳු කපොලුවලින් ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. ක්‍රමාණුකූලව හින්දු නදී තිsරයේ පංච ශාඛා නදීන් ගලා බසින නිම්නයේ පදිංචිව සිට පසුව දකුණටත් නැඟෙනහිරටත් ව්‍යාප්ත වෙමින් ගංගා නම් ගංගාවේ නිම්න භූමියේ පැතිර යමින් ව්‍යාප්ත විය. කලින් කලට මෙම ප්‍රදේශවල පදිංචිව සිට නොයෙකුත් වර්ගවලට අයත් මිනිසුන් පරාජය කරමින් අවුරුදු පන්දහසකට පමණ පෙර ආර්යයන් ස්‌ථිර වාසයට පැමිණියේය. මෙම පිරිසට ඉන්දු ආර්යය යන නාමය භාවිත කරයි.

    උතුරින් හිමාලය කඳු වැටියත් නැඟෙනහිරින් මුහුදත් දකුණු දෙසින් වින්ධ්‍යා කඳු වැටියත් බටහිරින් හා වයඹින් කඳු ශිඛර ප්‍රාකාරයත් යන ඒවායින් වට වි තිබූ ප්‍රදේශය ආර්යවර්තය හෙවත් භාරතවර්තය ලෙස හඳුන්වා ඇත. මෙම ප්‍රදේශය පුරාම පැතිරි තිබූ භූමියේ වාසය කළ ආර්යයන් මර්දනය කළ නමුත් ඔවුන්ට විපක්‍ෂව සිටි බල සම්පන්න ජාතිය නම් රාක්‌ෂයෝයි. ඉන්දියාවේ බලවත්ම ජන කොට්‌ඨාසයක්‌ බවට පත්ව සිටි රාක්‌ෂයෝ ලංකාව පූරාම තම බලය පතුරවමින් රාජධානිය පිහිටුවාගෙන සිටියහ.

    මෙසේ ලංකාවේ ආධිපත්‍යය හා බල පරාක්‍රමය පතුරවමින් සිටි රාක්‌ෂයන්ගේ ක්‍රියාවන් පිළිබඳව ආර්යයන් තැතිගැන්මට පත්ව සිටියේය. මේ නිසාම රාක්‌ෂයන්ගේ බල මහිමය සුණු විසුණු කිරීම සඳහා ආර්යයන් විසින් වරින් වර සටන් කරන ලදී. පසුකාලීනව මෙම දෙපක්‍ෂය අතර ඇති වූ අවසාන මහා බිහිසුණු සංග්‍රාමය "රාමායනය" නම් සංස්‌කෘතික මහා කාව්‍යයෙහි විස්‌තරාත්මකව දක්‌වා ඇත.

    රාමායනයේ සඳහන් වන ආකාරයට මෙම මහා සටන සිදු වූයේ උතුරු දඹදිව අයෝධ්‍යය පුරයෙහි ආර්යය නරපතියා වූ "රාමා" සහ ලංකාවේ පාලකයාව සිටි රාක්‌ෂයය අධිපතියා වූ "රාවනා" ත් අතරය. පුලස්‌ති සෘෂින්ගේ මුණුබුරු වූ රාවනා ලංකාවේ "ත්‍රිකූට" හෙවත් "ත්‍රීමණ්‌ඩලේස්‌වරව" වී දශානන, දශග්‍රීව, දශ මෞලි, දශ ශීර්ෂ ආදි විරුදාවලින් ලබා බලයෙන් මෙන්ම කීර්තියෙන්ද යුක්‌තව රාජ්‍ය පාලනය සිදු කරමින් සිටියේය.

    Rama+Sita.jpg

    රාමා සහ සීතා

    එහෙත් "රාවනා" යනු ලංකාවේ පාලකයකු නොවන බවටද ඇතැම්හු මත ඉදිරිපත් කරති. ඉන්දියානු ඉතිහාසඥයන් දෙදෙනකු වන පරමශිව අයියර් හා එච්. ඩී. සන්කිලියා පවසන්නේ "රාවනා" ලංකාවේ අයෙක්‌ නොව ඉන්දියාවේම අර්ධද්වීපයක රජ කෙනෙකු ලෙස සිටි අයකු බවයි.

    ඉන්දියාවේ ජබල්පුර්හි ගොන්ඩි ගෝත්‍රික නායකයකු ලෙස රාවනා හඳුන්වා දීමට අයියර් මහතා ක්‍රියා කරන අතර, සන්කිලියා මහතා පවසන්නේ රාක්‌ෂයයන් වාසය කළ "ලංකා" නමින් හඳුන්වන ලද ප්‍රදේශයක්‌ ජබල්පුර්හි පැවති බවයි. එම කරුණු සනාථ කිරීම සඳහා ඔහු පෙන්වා දෙන්නේ "ඔරිස්‌සා" ප්‍රදේශයේ හනුමන්තාගේ රූපයක්‌ ගිනිබත් කරන වාර්ෂික උත්සවයක්‌ පවත්වන බවත් ලංකා නමැති ස්‌ථානයේ ඇති රාවනා දේවාලයේ ගොන්ඩි ගෝත්‍රිකයන් ප්‍රශස්‌ති ගීත ගායනා කරමින් රාවනාට පුද පූජා පවත්වන බවත්ය.

    රාමායනයට අනුව "රාවනා" පැවත එන්නේ බ්‍රහ්ම වංශයෙනි. රාවනාගේ සීයා පුලස්‌ති වන අතර පියා වන්නේ විස්‌රාවෝය. කෛක්‍ෂි මව වන අතර, විභීෂණ හා කුම්භකර්ණ යන සහෝදරයන් දෙදෙනකුද සුපර්ණකා නම් සහෝදරියක්‌ද විය. රාවනාගේ බිරිඳ වුයේ "මන්දෝදාරිය" රාවනාට ඉන්ද්‍රජිත් නමැති පුතකු සිටි බවත් රාමාගේ පක්‍ෂය ගැනීම පිළිබඳව විභීෂණට දොස්‌ කියමින් සටනේදී මිය ගිය බවත් සඳහන් වේ.

    HANUMA~4_ja.JPG

    හනුමන්තා

    වින්ධ්‍යා කඳු වැටිය පටන් දකුණු ප්‍රදේශයට විහිදී ගොස්‌ ලංකාවද අයත්ව ඉන්දියාවේ අර්ධද්වීපයක අධිරාජ්‍යයක්‌ රාවනාට අයත්ව තිබුණු අතර, ඒ ඒ පලාත් පාලනය කිරීම සඳහා රාක්‌ෂයා ස්‌ත්‍රි පුරුෂයන් ප්‍රතිරාජ පදවි වලට පත්කර සිටි බවත් සූපර්ණිකා ඉන් එක්‌ පදවියක්‌ දරමින් ඉන්දියාවේ උතුරු දෙස පාලනය කරමින් සිටි බවත් සඳහන්ව ඇත.

    මෙම කාලයේදී ආර්යයන්ගේ අයෝධ්‍යපුර දශරථ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රාමාට තමාගේ බිරිය වූ සීතාත් සහෝදරයා වූ ලක්‍ෂ්මණත් සමග තම රාජධානිය අතහැර දක්‍ෂිණ දේශාරණ්‍යයට පැමිණ එහි වාසය කිරීමට සිදුව ඇත. එයට හේතුව වී ඇත්තේ දශරථ රජුගේ දෙවන බිසවගේ දැඩි ඉල්ලීම මත ඇගේ පුත්‍රයා වන භරත කුමාරයාට රාජ්‍යය පවරා දීමට සිදු වූ නිසා බව කියවේ.

    එසේ රාජ්‍යය පවරාදුන් පසුව රාම කුමරුන් සීතා දේවිය හා ලක්‍ෂ්මණත් සමග වන ගතව වාසය කරන අතර රකුසන්ට විරුද්ධව සටනක්‌ කිරීමට සිදුවිය. මේ කාලයේදී රාක්‌ෂ්‍ය බලය අඩු වී තිබූ කාලයක්‌ වූ අතර, වැඩි මහන්සියකින් තොරව බලයෙන් පිරිහි සිටි රාක්‍ෂයන් සේනාවද වෙනත් වර්ගවලට අයත් මනුෂ්‍ය ජනතාවද රාමාගේ පක්‍ෂයට එකතු කර ගැනීමට හැකි විය. තැනින් තැනදී රකුසන්ට විරුද්ධව සටන් කරමින් දකුණේ ජනස්‌ථානයකට පැමිණි පසුව ඇති වූ මහා සටනේදී රාවනාගේ ඥාති සහෝදරයකු වූ රාක්‌ෂ්‍ය සේනාධිපති "ඛර" නම් රාක්‌ෂ්‍යයා රාම අතින් මරණයට පත්විය. එම කාලයේදීම "සුපර්ණනාගේ" මුහුණ හා ශරීරය කඩුවලින් පහර දී තුවාල කිරීමද රාම විසින් සිදු කළේය.
     
    • Like
    Reactions: samila224

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    sri_lanka_2005.1110468600.seetha_amman_temple.jpg

    රාවනා රජතුමා සිතා දේවිය පැහැරගෙන ලංකාවට ගෙනගොස් රදවා තබාගත් ස්ථානය (සිතා අම්මාන් කෝවිල)

    සුපර්ණකා දඹදිවින් පලා ඇවිත් ලංකාවේ පාලකයාව සිටි තම සහෝදරයා වූ රාවනා හමුවට ගොස්‌ රාම විසින් සිදු කළ අපරාධය පැවසුවාය. මෙයින් බලවත් ලෙස කෝපාවිෂ්ඨ වූ රාවනා දඹදිවට ගොස්‌ රාමාගේ පිරිස සමග සටන්වැදී "සීතාදේවිය" පැහැරගෙන තම පුෂ්ප රථය හෙවත් ලාංකේය ජන සමාජයේ "රාවණාගේ දඬු මොණරය" ලෙස ප්‍රසිද්ධව ඇති ගුවන් යානයෙන් ලක්‌බිමට පැමිණියේය.

    ඇතැම් ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පෙන්වා දෙනු ලබන්නේ "රාවනා" යනු ඝෝෂා කිරීම හෝ ඝෝෂා කරන්නා යන අර්ථය බවත්, සීතා යනු හීමිට නැතහොත් හී හෑම යන අර්ථය දෙන බවත්, රාවනා විසින් සීතා පැහැරගෙන ඒම යනු උත්තරීතර භාරතීය ගොවිතැන පිළිබඳව වූ දැනුම ලංකාවට ලබාගැනීම සංකේතවත් කරන බවත්ය.

    එහෙත් රාමා-සීතා, රාම-රාවනා, රාවනා සීතා යන පුරාවෘත්තයන් පිළිබඳ ලාංකේය ජන සමාජයේ පවතින පුරාවෘත්ත වලට අනුව රාවන සත්‍යය වශයෙන්ම සීතා දේවිය පැහැරගෙන ආ බවත් එසේ පැහැරගෙන එන අතරමගදී ලංකාවේ සමනළ කඳු ශිඛරයේ දිය උල්පතකින් දියනෑම සිදුකර ඇති බවත් වර්තමානයේ එම ස්‌ථානය සීත ගඟුල ලෙස ප්‍රසිද්ධව ඇති බවත් සඳහන් වන අතර රාවනා විසින් සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ ස්‌ථානය ලංකාවේ නැගෙනහිර පළාතේ ගෝකණ්‌ණ හෙවත් ගෝණතොට යන නම්වලින් හඳුන්වනු ලබන ඓතිහාසික ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල් භූමියේ පවතින බවත් සඳහන්ව ඇත.

    රාවනා විසින් දඹදිවට ගොස්‌ මෙසේ රාමා හා සටන්වැදී සීතාදේවියද පැහැරගෙන ඒම පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වූ රාමා තම සහෝදර ලක්‌ෂ්මන්ද දඹදිව ආර්යය සේනාවද වානර වලස්‌ ආදි නම් වලින් පෙනී සිටි නොයෙක්‌ වර්ගවලට අයත් මහා යුද සේනාවක්‌ද රැස්‌කර ගනිමින් රාක්‌ෂයන්ට පහරදීම සඳහා ලංකාව දෙසට පැමිණියේය. මෙම රාමාගේ යුද සේනාව සමඟ "හනුමන්තා" නම් මහත් යුද දස්‌කම් හා වීරකම් පෑ ආදී දේශීය සේනාධිපතියාද එක්‌ව සිටියේය.

    HanumanFootPrint.gif

    සිතා අම්මාන් කෝවිල අසල පර්වතයක් මත ඇති හනුමාගේ පා සටහන් යැයි විශ්වාසකරන පා සටහන්

    රාම ප්‍රමුඛ බළඇණිය දකුණු ඉන්දියාවේ රාමේෂ්වරයට පැමිණ යුද කඳවුරු බැඳගෙන ලංකාවට පහරදීම සඳහා හෙළදිව විනාශ කිරීම සඳහා වසර දහයකට අධික කාලයක්‌ සටනේ නිරතව සිටියේය. රාවනාද රාCෂ්‍ය මධ්‍ය භවන වූ ලංකාවට කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි වන පරිදි ආරක්‍ෂක විධිවිධාන යොදවා සුරක්‍ෂිත කර තිබුණේය.

    මෙසේ දෙපාර්ශ්වය අතර සටන් පවතිද්දී රාමා විසින් උපක්‍රමශීලීව රාවනාගේ සහෝදරයකු වූ "විභීෂණ" හා මිත්‍රවී රාවනා පිළිබඳව දොස්‌ පවසමින් රාවනා පරාජය කොට ලංකාව යටත්කර ගැනීමට සහය ඉල්ලා සිටියේය. විභීෂණ ද ලංකා රාජ්‍යයේ පාලනය ලබා ගැනීමේ යටි අරමුණින් සිටි අයකු බැවින් රාමාට පක්‌ෂව කටයුතු කිරීමටත් රාවනා පරාජය කළ පසුව ලාංකේය පාලනය ලබාදීමේ පොරොන්දුවත් ඇතිව රාමා හා එක්‌වී රාවනාට විරුද්ධව යුද වැදුනේය.

    ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට මුහුද තරණය කර ලංකාවට පැමිණීම සඳහා ගල් යොදා මාවතක්‌ ඉදිකළ අතර විභීෂණගේ උදව් උපකාර ඇතිව රාවනා සමඟ යුද්ධ කොට මීමැසි පොදියක්‌ මෙන් විශාල වූ සේනාවක්‌ ලංකාව ආක්‍රමණය කළෝය. කිසිදු ආකාරයකට විනාශ කළ නොහැකි වූ තේජෝබල පරාක්‍රමයන්ගේ යුක්‌තව සිටි රාවනා රජු රාමා විසින් පරාජය කිරීමෙන් යුද්ධ භූමියේදීම මරණයට පත්වූ අතර, රාවනා රජුගේ පුත්‍ර වූ පියාට පමණක්‌ යුදමය අතින් දෙවනි වූ ඉන්ද්‍රජිත් ද යුද්ධ පිටියේදීම මියගිය බව සඳහන්ය.

    Map2.png

    රාමා විසින් ඉන්දියාවේ රාමේෂ්වරයේ සිට මුහුද තරණය කර ලංකාවට පැමිණීම සඳහා ගල් යොදා සෑදු මාවත

    මෙසේ රාවනා පරාජය කළ රාමා සීතාව යලි බේරා ගැනීමට ලැබීම පිළිබඳව දැඩි ලෙස සතුටට පත්වූ අතර වසර දොළහක්‌ තිස්‌සේ පැවති මෙම රාම - රාවනා යුද්ධයේදී ලංකාව මහත් ලෙස විනාශයට පත්වූ බව සඳහන්ව ඇත.

    තවද රාවනා මරා දමා ලද යුද ජයග්‍රහණයට හේතු වූ පරිදිම රාමා විසින් විභීෂණට කැලණිය කේන්ද්‍රකර ගනිමින් ලංකා රාජ්‍යය ලබාදී ඔහු සිංහාසනාරූඩ කොට ලංකේශ්වරයාණන් හෙවත් ලංකාවේ නරපතියා ලෙස අභිෂේක කරවන ලදී.

    අනතුරුව ලංකාව පුරාම විභීෂණගෙන් පැවත ආ පිරිස ජනාවාස පිහිටුවා ගත් බවද පැවසේ.

    තවද රාවන කාලයේදී මෙන්ම ඊටත් ඈත අතීතයේදී පවා ලංකාව ජනාවාසව පැවති බව රාමායනය නම් මහා කාව්‍යය සඳහන් කරයි.

    මේ වනවිට ඉතිහාසඥයන් අතර මහත් ආන්දොaලනයකට හා දැඩි කතා බහට ලක්‌ව තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ සිංහල වංශ කතාව ආරම්භ වන්නේ විජයාවතරණයෙන් පසුව නොව ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී සිදුවූ මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසුව බවද පිළිගත හැකි කරුණකි.

    එය එසේ වන්නේ දෙවන පෑතිස්‌ රජ සමයේදී ලංකාවේ ඉතිහාසය පිළිබඳව වන ප්‍රධාන මූලාශ්‍රය හෙවත් මහා වංශය මුල් කතුවරයා වූ දික්‌සද සෙනවියා පිරිවෙන්හි වැඩ විසූ මහානාම මහ තෙරුන් වහන්සේ විසින් ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේදී පාලි භාෂාවෙන් එය රචනා කිරීම නිසාය.

    පියා මරා ආනන්තරිය අකුශල කර්මයන් සිදුකරගනී සිංහබාහු තම එකුස උපන් සහෝදරියව අඹුව කරගනිමින් ජාතක කළා වූ දරු පරපුරෙන් පැවත එන විජයගෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සිංහල ජාතිය මහින්දා ගමනයෙන් පසුව එතෙක්‌ ලංකාවේ පැවති ඇඳහිලි ක්‍රම හා බලි පූජා සත්ත්ව හිංසා ආදිය ඉවත්ව ගොස්‌ අශිෂ්ඨ අශිලාචාර ජාතිකත්වය වෙනුවට පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා දැහැමි ජීවිතයක්‌ ගතකරන රට වැසියන් පිරිසක්‌ බිහිවීමත් වටිනාකලා සාහිත්‍යය සංස්‌කෘතික හා අධ්‍යාපනික පුනරුදයක්‌ ඇතිවීමත් සිදුවිය.

    මේ අනුව සිංහල ජාතිය මූලාරම්භය ක්‍රිස්‌තු පූර්ව 543 දී හෙවත් ශ්‍රී සම්බුද්ධ වර්ෂ එකේදී සිදු වූ බවත් දැහැමි ශිෂ්ඨ සම්පන්න බෞද්ධ සිරිත් විරිත් හා දියුණු සංස්‌කෘතයකට පිවිසුණු සිංහල බෞද්ධයාගේ වංශ කතාව ආරම්භය මහින්දාගමනයෙන් පසුව සිදුවූ බවත් පිළිගැනීම වරදක්‌ නොවේ.

    Buddhist_Flag.jpg

    සිංහල ජාතියේ මූලාරම්භය පිළිබඳව මතභේදය කුමක්‌ වුවද මහා වංශය අනුව බලන විටදීත්, රාමායනය අනුව බලන විටදීත් විජයාවතරණයට පෙර යක්‌ෂ නාග හා දේව ආදි ජන කොට්‌ඨාසයකගේ පාලනය යටතේද, විජය කමරුගේ පැමිණීමෙන් පසුව හෙළදිව රාජ පරම්පරාවේ අවසාන පුරුක සේ සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්‌වා 180 කට අධික රජවරුන් පිරිසකගේද පාලනය යටතේ ශත වර්ෂ විසිපහකටත් අධික කාලයක්‌ තිස්‌සේ ලොව පැරණිතම ජාතිය ලෙස විරාජමානව බැබලීමට අපට හැකියාව ලැබී ඇත.

    ce-lgflag.gif

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south

    :D:D:D:D:D:D:D