අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා වේ.මෙම ද්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.
හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක
* රුධිර පීඩනය
* දියවැඩියාව
* මේද අනුපාතය
* ස්ථූලතාවය
* දුම්බීම
* මානසික අසහනය
* කායිකවර්ධනය
* ජන්ම ප්‍රවේණිය
ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක.
* රුධිරපීඩනය
රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි.අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි.
ඇතිවීමට බලපාන සාධක
1. වැඩිපුර ජලය හා ලුණු එකතුවීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට.
1. හදවතේ සිට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයන් පටු වීම.
2. හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට
වැළදීමට හේතු
* පරම්පරාවෙන්
* වැඩිපුර ලුණු කෑමෙන්
* පොටෑසියම් ලවණ අඩුවෙන් ගැනීමෙන්
* තරබාරුකම
* අධික ප්‍රෝටින් ආහාර අනුභවය
* මානසික අසහනය
රෝග ලක්ෂණ
* උදෑසන බෙල්ල පිටුපස ඉහළ ප්‍රදේශයේ සහ හිස මුදුනේ ඇතිවන හිසරදය හා කරකැවිල්ල
* හුස්ම ගැනීමේ අපහසුව
* නාසයෙන් ලේ ගැලීම
* අධික මුත්‍රා යාම
* පෙනීමේ අපහැදිලි බව
* අතපය පණ නැති කම
ප්‍රතිඵල
1. හදවතට බලපෑමෙන් -හෘදයාබාධ
2. මොළයට බලපෑමෙන් -අංශභාගය
3. ඇස්වලට බලපෑමෙන් -අන්ධභාවය
4. වකුගඩුවලට බලපෑමෙන්-වකුගඩු අක්‍රීය වීම
Last edited:






