^^^^^^^^ හෘදයාබාධ ^^^^^^^^^^^

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා ‍වේ.මෙම ද‍්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පස‍ට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.


    හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක



    * රුධිර පීඩනය
    * දියවැඩියාව
    * මේද අනුපාතය
    * ස්ථූලතාවය
    * දුම්බීම
    * මානසික අසහනය
    * කායිකවර්ධනය
    * ජන්ම ප්‍රවේණිය

    ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක.


    * රුධිරපීඩනය

    රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි.අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැල‍‍පෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි.


    ඇතිවීමට බලපාන සාධක

    1. වැඩිපුර ජලය හා ලුණු එකතුවීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට.

    1. හදවතේ සිට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයන් පටු වීම.
    2. හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට

    වැළදීමට හේතු

    * පරම්පරාවෙන්
    * වැඩිපුර ලුණු කෑමෙන්
    * පොටෑසියම් ලවණ අඩුවෙන් ගැනීමෙන්
    * තරබාරුකම
    * අධික ප්‍රෝටින් ආහාර අනුභවය
    * මානසික අසහනය

    රෝග ලක්ෂණ

    * උදෑසන බෙල්ල පිටුපස ඉහළ ප්‍රදේශයේ සහ හිස මුදුනේ ඇතිවන හිසරදය හා කරකැවිල්ල
    * හුස්ම ගැනීමේ අපහසුව
    * නාසයෙන් ලේ ගැලීම
    * අධික මුත්‍රා යාම
    * පෙනීමේ අපහැදිලි බව
    * අතපය පණ නැති කම

    ප්‍රතිඵල

    1. හදවතට බලපෑමෙන් -හෘදයාබාධ
    2. මොළයට බලපෑමෙන් -අංශභාගය
    3. ඇස්වලට බලපෑමෙන් -අන්ධභාවය
    4. වකුගඩුවලට බලපෑමෙන්-වකුගඩු අක්‍රීය වීම


    Heart-beat.gif
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රෝග ලක්ෂණ


    හෘදරෝගයක් ඇතැයි හගවන සුලභ රෝග ලක්ෂණ

    * සුළු කාර්යයක පවා නිරත වන විට ඇතිවන හතිය

    * කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව(වෙහෙස නිවෙන විට වේදනාවද නැති වී යයි)
    * කරන කාර්යයට අනුකූල නොවන වේදනාව(ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම)
    * කැස්ස(වියලි)
    * කකුල් ඉදිමීම
    * ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යාම (අධික වෙහෙස වීමකදී)
    * පපුවේ ගැස්ම
    * හිසරදය(හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන)

    හාදයාබාධයක් වැළදි ඇති බව හදුනා ගැනීමේ ලක්ෂණ

    * පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව
    * හුස්ම ගැනීමේ අපහසුව
    * හදිසි ක්ලාන්ත ගතිය
    * කරකැවිල්ල
    * හෘද ස්පන්දනය වේගවත් වීම.
    * කිසිදු හේතුවක් නොමැතිව ඇද වැටීම





    හෘදයාබාධයකින් පසු කාලය ගත කළ යුතු ආකාරය

    * මුල් පැය 48- පුරා රෝගියාට සම්පූර්ණ ඇද විවේකය ලබා දිය යුතු අතර දියරමය ආහාර පමණක් ලබා දිය යුතුය.කෝපි කෘත්‍රිම එළවලුසාර පාන මේද අඩංගු කිරි පිටි ‍මෙම කාලය තුළ නොදිය යුතුය.දත් මැදීම මුහුණ සේදීම තනිව නොකළ යුතුය.මළ මුත්‍රා බැහැර කිරීම සදහා ඇදෙන් බැස යාම සුදුසු නැත.

    * තෙවන දින-ප්‍රධාන ආහාර වේල් තුනටම ක්‍රීම් ක්‍රැකර්,කුරකක්කන් ක්‍රැකර් යන විස්කෝතු වලින් දෙක බැගින් ද බත් මිශ්‍ර කැද කෝප්ප 1/3 ක් සෑහේ.එම ආහාර ගැනිමට අකමැතිනම් පැපොල් වැනි පළතුරක් දිය හැක.එමෙන්ම මෙම දිනයේදි රෝගියාට ඇදමත වාඩිවීමට පුලුවන.නමුදු එය කළ යුතු වන්නේ ශරිරයට බර නොදැනෙන පරිදිය.

    * සිව්වන දිනය-මෙදින රෝගියාට දෙන ආහාර මදක් වැඩි කල යුතුය.මදක් කායික වෙහෙසක් ද ලබා දිය යුතුය.එනම් ඇද අසල පුටුවක් තබා දුන් විට තනිවම ඇදෙන් බැස ඒ මත වාඩිවිය හැක.විනාඩි 15 ක් පමණ එසේ සිට යලිත් ඇදට යා යුතුය.දිනකට තෙවරක් මෙය කළ යුතුය.

    * පස් වන දින-මෙම දිනය වන විට හදිසි අවස්ථා බොහෝ දුරට මග හැරි තිබේ.ඇද අසලට ගෙන යන බේසමෙන් තනිව මුහුණ සේදීම යනාදිය කිරිමට හැකියාවක් ඇත.

    * සයවන දිනය-රෝගියා ගෙදර යැවිම සදහා හුරු කරවනු ඇත.තනිව වැසැකිළි යාම වාට්ටුට දෙපස සෙමෙන් දෙවරක් ඇවිදිම යනාදිය මෙදින සිදු කරනු ඇත.
    * සත්වන දින-සංකූලතා හෝ අමතර රෝග ලන්ෂණ නොමැති නම් රෝගියා ගෙදර යවයි.


    Heart-beat.gif
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ආහාර

    සුදුසු ආහාර හෘදයාබාධයකට පසු ආහාර පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත්ය.


    * නිවුඩු හාල් බත්
    සුදුසු ආහාර
    * කුරක්කන් පිටි ඉදිආප්ප රොටි ආදිය
    * එළවලු
    * අලිගැටපේර හැර කැමති පළතුරක්
    * පියලි ඇට වර්‍ග(පරිප්පු, කඩල, මුං)
    * හුරුල්ලන් වැනි කුඩා මාළු
    * බිත්තර සුදු මදය
    නුසුදුසු ආහාර
    * ලූණු,සුදු ලූණු


    සම්පූර්ණයෙන් නතර කළ යුතු ආහාර

    * මුදවපු කිරි,යෝගට්,මේද සහිත පිටි කිරි
    * මස් වර්‍ග
    * බිත්තර කහමදය
    * ක්‍රීම් සහිත බිස්කට්
    * ඉස්සො,දැල්ලො,පොකිරිස්සො


    සැලකිලිමත් විය යුතු ලක්ෂණ

    මෙම ලක්ෂණ ඇති වුවොත් පමා නොකර වෛද්‍යවරයා වෙත යා යුතුය.

    * පපුවේ මැද ඇතිවන වේදනාව
    * ව්‍යායාම කරන විට වේදනාව වැඩි වීම
    * විවේක ගන්නා විට වේදනාව අඩුය
    * උගුර දෙසට හෝ හකු දෙසට හෝ වම් අතේ ඇතුලු පැත්තට හෝ උරපතු දෙක අතරට විහිදි යන වේදනාව
    * පපුවේ තෙරපීමක් හිර විමක් බරකිරිමක් වැනි වේදනාවක් දැනිම
    * සුළු වෙහෙසකදි උදරයේ උඩු කොටසේ දැවිලි ගතියද සැලකිලිමත් විය යුතු ලක්ෂණය.එහිදි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

    ‍හෘදයාබාධය ඇතිවීමට බලපාන සාධක පාලනය කිරීමෙන් හෘදරෝග නිවාරණය කර ගත හැක.



    Heart-beat.gif
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පුදුමයි මේක මාව බයිට් කරේ නැහැ :P:rolleyes:
    thanx machoo :D

    මෙහෙම හරි නැ නේ.කට්ටිය ඔක්කොම සෙට් උනාම ගෘප් බයිට් එකක් දෙන්නම්.ඔක්කොම අල්ලලා.:rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙහෙම හරි නැ නේ.කට්ටිය ඔක්කොම සෙට් උනාම ගෘප් බයිට් එකක් දෙන්නම්.ඔක්කොම අල්ලලා.:rofl:

    හා හා :no::baffled:
    පගාව වෙනුවට rep ගන්නවද :rolleyes::
    P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම විස්තරයක් ම සවිස්තරාත්මක විදියට තේරුම් කරලා තියෙන
    ලිපියක්..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට
    රෙප් +
     
    • Like
    Reactions: sanddun